රහස් කේතය

chanaka

Well-known member
  • May 4, 2006
    3,225
    801
    113
    යථාර්ථයේ රහස් කේතය සොයාගත් විද්‍යාඥයා
    ​
    අපිට පෙනෙන, දැනෙන මේ භෞතික ලෝකය ඇත්තටම මායාවක්ද?
    අපි මේ ජීවත් වන්නේ Matrix එකක් වැනි තොරතුරු ජාලයකද?


    1990 ගණන්වලදී මෙක්සිකෝවේ හිටපු සුප්‍රසිද්ධ ස්නායු විද්‍යාඥයෙකු වුණු ඩොක්ටර් "ජාකොබෝ ග්‍රින්බර්ග්" සෙව්වේ අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරයි ඔහු සාමාන්‍ය විද්‍යාඥයන්ගෙන් වෙනස් වුණේ, ක්වොන්ටම් භෞතික විද්‍යාව, මානව මොළයේ ක්‍රියාකාරීත්වය සහ පැරණි අධ්‍යාත්මික සුවකිරීම් ක්‍රම එකට එකතු කරලා පර්යේෂණ කරපු නිසයි.


    Screenshot 2026-10-14 160021.jpg
    ​

    ග්‍රින්බර්ග්ට අනුව, අපේ විශ්වය පුරාම පැතිරුණු මූලික ශක්ති ජාලයක් පවතිනවා. ඔහු මේකට කිව්වේ 'The Lattice' (විශ්වීය දැල) කියලා.
    අපේ මොළය කියන්නේ විඥානය සාදන යන්ත්‍රයක් නෙවෙයි, එය විශ්වයේ තියෙන මේ ශක්ති ජාලයෙන් ලැබෙන තොරතුරු ග්‍රහණය කරගන්නා ඇන්ටෙනා එකක් විතරයි එතකොට අපේ මනස සන්සුන් කරලා, මොළයේ සංඛ්‍යාතය දියුණු කරගත්තොත්... අපිට පුළුවන් මේ 'Lattice' එක සමඟ කෙළින්ම සම්බන්ධ වෙන්න ඒ කියන්නේ අපේ සිතුවිලිවලින් භෞතික යථාර්ථය වෙනස් කරන්න, දුර ඉන්න කෙනෙක්ගේ සිතුවිලි කියවන්න, සහ භෞතික විද්‍යා නීතිවලට පවා අභියෝග කරන්න.

    1994 අගභාගය වන විට ග්‍රින්බර්ග්ගේ පර්යේෂණ ඉතාම භයානක මෙන්ම ආන්දෝලනාත්මක මානයකට පැමිණ තිබුණා. කටකතා සහ වාර්තා සඳහන් කරන විදියට, 1994 දෙසැම්බර් 8 වනදා ඔහු තම පර්යේෂණාගාරයේදී "මම "යථාර්ථයේ රහස් කේතය" (Code of Reality) සම්පූර්ණයෙන්ම සොයාගත්තා!" යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත්... ඒ ප්‍රකාශය කරලා පැය 12ක් යන්න කලින්, ඔහු කිසිම හෝඩුවාවක් නොමැතිව සදහටම අතුරුදහන් වුණා! ඔහුගේ 48 වන උපන්දින සාදය වෙනුවෙන් පවුලේ අය සහ මිතුරන් එකතු වුණත්,ජාකොබෝ ආවේ නැහැ. ඔහු ගිය තැනක්, ඔහුට වුණු දෙයක් අදටත් කවුරුත්ම දන්නේ නැහැ


    ඔහුගේ පර්යේෂණ මගින් මනසින් තොරතුරු ලබාගැනීම සහ සිත් පාලනය කිරීම පිළිබඳ ලොකු රහස් හෙළිවෙමින් තිබූ නිසා, ඇමරිකානු බුද්ධි අංශ විසින් ඔහුව රහසිගත ව්‍යාපෘති සඳහා පැහැරගත් බවට දැඩි මතයක් පවතිනවා.සමහර මතවලින් කියැවෙන්නේ, යථාර්ථයේ කේතය සොයාගැනීමෙන් පසු ඔහු තම මනස මගින් වෙනත් මානයකට ප්‍රවේශ වූ බවයි! විශ්වයේ රහසක් වුන යථාර්ථයේ කේතයට ඔහු අභියෝග කළ නිසා විශ්වය විසින්ම ඔහුව අතුරුදන් කළ බවටද විශ්වාස කෙරෙනවා. අවුරුදු 30කට වඩා කාලයක් ගතවෙලත්, ඩොක්ටර් ජාකොබෝ ග්‍රින්බර්ග්ගේ අතුරුදහන් වීම අදටත් විද්‍යා ලෝකයේ නොවිසඳුණු විශාලතම අභිරහසක්!

    මේ සිදුවීමත් එක්ක, "අපට පෙනෙන මේ ලෝකය ඇත්තටම අපි නොදකින කේත ජාලයකින් හැදිලා තියෙන ගොඩක් සංකීර්ණ තැනක්ද?" යන ප්‍රශ්නය නැවතත් මතුවෙනවා

    ​
     

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    77
    48
    18
    ඩිප්රෙෂන් හැදුනම ඔහොම ඒව හොයන්න හිතෙන්නෙ
    ඒක වැඩිවෙලා වසබීල කැලේ රිංගන්න ඇති
     
    • Wow
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,514
    718
    113
    United States
    මේක හරිම කුතුහලය දනවන මාතෘකාවක්. ග්‍රින්බර්ග් අතුරුදන් වීම අදටත් නොවිසඳුණු අබිරහසක්. ඇත්තටම යථාර්ථය ගැන අපි දන්නෙ හරිම ටිකයි කියලා හිතෙනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,514
    718
    113
    United States
    සරලව කිව්වොත් අපි ඇත්ත ලෝකයම නෙවෙයි දකින්නෙ, මොළය signals ටිකක් අර්ථ දාලා හදන version එකක්. Grinberg කියපු lattice එකත් ඔය අදහස ලඟින්ම යනවා