රහස් වාර්තාවකින් ආණ්ඩුව කැළඹේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රහස් වාර්තාවකින් ආණ්ඩුව කැළඹේ

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බලවත් නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මෙයට හේතු වී ඇත්තේ එම මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් කරනු ලැබූ රහසිගත සමීක්ෂණයක් මත පදනම්ව සැකසූ වාර්තාවක් බවද පැවසේ. මෙම වාර්තාවට අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි පහසු ජයග්‍රහණයක් අත් නොවන බවත්, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පිරිහී තිබෙන බවත් දැනගැනීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී මහනගර සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක් ආණ්ඩුවට අහිමි විය හැකි බවද එමඟින් අනතුරු අඟවා තිබේ.

    දිනෙන් දින ජීවන වියදම උග්‍ර වීමත්, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳවැටීමත්, ප්‍රාදේශීය දේශපාලඥයන් අතර පවතින ගැටළු ආදිය මෙයට හේතු ලෙස එම වාර්තාවේ සඳහන් බවද පැවසේ. එමෙන්ම මෙම මැතිවරණයේදී ආණ්ඩුවේ බොහෝ ඡන්දදායකයන් ඡන්දය පාවිචිචි කිරිමෙන් වැලකී සිටිය හැකි අතර පසුගිය කාලය තුළ යලිත් ජ.වි.පෙ. වෙත යම් පමණකින් සිය බලවේගයන් ආකර්ශණය වෙමින් පවතින බවත්මෙම වාර්තාව විසින් පෙන්වා දී තිබේ. එමෙන්ම එ.ජා.ප අර්බුදය යම් පමණකට හෝ සමනය වුවහොත් එයද එජාප ඡන්ද දායකයන් දිරිමත් කිරීමට හේතු විය හැකි බවද මෙම වාර්තාව මඟින් පෙන්වා දී තිබිණි.

    ලෝක කුසලාන තරඟාවලිය නිසා බව පවසමින් පසුගියදා පළාත් පාලන ආයතන ගණනාවක මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ මේ නිසා බවද, ආණ්ඩුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

    එමෙන්ම ආණ්ඩුව විසින් පසුගියදා සම්මත කිරීමට සූදානමින් සිටි පළාත් පාලන මැතිවරණ සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම හදිසියේ කල් තැබීමටද මෙම රහස්‍ය වාර්තාවෙන් අනාවරණය වූ කරුණු බලපෑ බවද එම ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ආණ්ඩුව විසින් කඩි මුඩියේ සම්මත කිරීමට උත්සාහ දරමින් සිටි අතර පහසු ජයග්‍රහණයක් මඟින් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරවීමට ආණ්ඩුව අපේක්ෂා කර තිබිණි. එම සංශෝධනයට අනුව ජයග්‍රහණය කරන පක්ෂයට දැවැන්ත මහජන නියෝජනයක් හිමිවීමට නියමිතව තිබිණි. කෙසේ වුවද මෙම රහසිගත වාර්තාවත් සමඟ නව ක්‍රමය යටතේ තරඟ වැදී පරාජය වුවහොත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන බවට ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡා වී තිබේ. ඒ අනුව එම පනතට අදාල විවාදය පමණක් පවත්වා ඡන්ද විමසීම කල් තැබීමට අවසාන මොහොතේ තීරණය වී තිබෙන බවද තතුදත් ආරංචි මාර්ග පවසයි.