Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මට මේ හෝටලේ කාමරයක් ගන්න පුළුවන්ද අද රෑට නවතින්න...??"

"පුලුවන් සර්.. A/C කාමරයක්ද ? නෝමල් කාමරයක්ද?"

හෝටලයේ පිළිගැනීමේ නිළධාරි මහත්මා ඇසුවේය.

"A/C කාමරයක්. කොහොමද ගණන් එහෙම??"

"දවසකට රුපියල් 2500 යි. කෑම වලට වෙනම. සර් ට ආපහු යද්දි ගෙවන්න පුලුවන්."

"නෑ. ප්‍රශ්නයක් නෑ. මෙන්න සල්ලි. කෑම නං ඕනි නෑ..මට පුලුවන් නං අඩි දෙකක තංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට 5 කුයි, අඩියක ඉරටු කෑලි දෙකකුයි ගන්න පුලුවන්ද??"

හදිසියේ පැමිණි මෙම අමුත්තාගෙ කථාවෙන් පිළිගැනීමේ නිළධාරියා පමණක් නොව එම කථාව අසා සිටි හෝටලයේ කළමනාකාර මහතාද පුදුම විය. "මේ මනුස්සයට මොකටද මේවා...??" යැයි සිතුනද ඔහු මුදල් සියල්ල ගෙවා අවසන් කල ගනුදෙනුකරුවෙකි. මෙම ද්‍රව්‍ය ද සොයා ගැනීමට අපහසු දේවල් ද නොවේ.. ඔහු ළඟ සිටි සේවකයෙකුට මෙම ද්‍රව්‍ය සපයා දෙන් ලෙස පවසා එතනින් පිටව ගියේය. එදින රාත්‍රියේ නැවත පැමිණි කළමනාකාර තුමා මෙම අමුත්තාගෙ කාමරයේ විදුලි පහන් දල්වා තිබෙනු දැක ඔහු අවදිව ඇතැයි සිතා ඔහුට සුභ රාත්‍රියක් පැතීමට කාමරයට පිවිසියේය. දොර අගුලු ලා නොතිබුනද දොරට තට්ටු කල විට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. 'මහත්තයා' යැයි කියමින් කාමරයට ඇතුලු වූ ඔහුට දැක ගත හැකි වූයේ තම ගනුදෙනුකරු අතුරුදන්ව ඇති බවයි. වහාම පිළිගැනීමේ නිළධාරියා කැඳවූ හෙතෙම මේ පිළිබඳව විමසා සිටියේය. "සර් ඒ මහත්තයා කාමරේට ගියාට පස්සෙ ආයෙ එලියට ආවෙම නෑ. " කොරිඩෝවෙ තිබූ cctv කැමරා පරීක්ශා කළද ඔහු කාමරයට ඇතුල් වූ පසු පිට වූ බවක් පෙනෙන්නට නොවීය. එම කාමරය තිබුනේද තෙවන මහලේය. ජනේලයෙන් පිටවීම සිතීමට වත් නොහැකිය. වහාම හෝටලයේ සේප්පුව පරීක්ශා කල කළමනාකාර තුමා මුදල් සොරකමක් ද වී නැති බව වටහා ගත්තේය. එසේනම් මෙම අමුත්තා ට සිදුවූයෙ කුමක්ද?? ඔහු අතුරුදන් වුනේ කෙසේද??

"අයිසේ ලොග් පොතේ බලනව ඒ මනුස්සයගෙ නම කොහොමද ති යෙන්නෙ කියල "

"මේකයි සර්.. ඒ මහත්තය ආව ගමන්ම කරදර නොකර සල්ලි දුන්න හින්ද මාත් ඒ වෙලාව විස්තර ඇහුවෙ නෑ. යනකොට අහල පුරවගන්න හිටියෙ."

"ඕකනෙ තමුසෙල එක්ක වැඩක් කරන්න බැරි. බලනවකො අයිසෙ."

කෝපයට පත් කළමනාකාර තුමා පිළිගැනීමේ නිළධාරියට බැන වදිමින් එතනින් පිට වුනේය.

කාලය මෙසේ ගතවිය.දින සති බවටත් සති මාස බවටත් පත් විය. එම ආගන්තුකයා ද කළමනාකරුට අමතකව ගියේය .

හරියටම වසරක් ගත විය. ඊළඟ වසරේද එම දිනයේම නැවත වතාවක් එම ආගන්තුකයා එම හෝටලයටම ආවේය.ඒ වන විට පිළිගැනීමේ නිළධාරියා රැකියාවෙන් අස් වී වෙනත් අයෙක් එම රැකියාවෙ නිරතව සිටියේය. මෙදින කළමනාකාර තුමා හෝටලයේ සිටියේ නැත.රාජකාරී කටයුත්තක් සඳහා පිටව ගොස් තිබුණි. එදින රාත්‍රියේ හෝටලයට පැමිණි කළමනාකර තුමා පිළිගැනීමේ නිළධාරියා හමුවූයේ එදින තත්ත්වය විමසීමටයි.

"සර් අද ආව කස්ටමර් කෙනෙක් මාර ම දෙයක් කිව්වනෙ. මිනිහ 4 රූම් එකට ෆුල් පේමන්ට් එක කරල මේ ත්ංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට...

කළමනාකාර තුමාට දෙලොව රත් විය. අවුරුද්දකට පෙර මුහුණ දුන් ඒ අද්භූත සිදුවීම නැවතත් සිදුවී ඇත. කලබලයෙන් එම කාමරය ට දුව ගිය ඔහුට දක්නට ලැබුනේ ඔහු නැවත වතාවක් අතුරුදන් වී ඇති බවය.

"අයිසේ..ඉක්මනට ලොග් පොත අරන් එනව.කව්ද මේ මනුස්සය ..."

"ඒත් සර්... ඒ මහත්තය....."

"සල්ලි ඔක්කොම දුන්න හින්ද නම ලියාගත්තෙත් නෑ..යනකොට ලියාගන්න හිටිය. මොනවද මිනිහො මේ විකාර වැඩ ....!"

කෝපයෙන් හා අපේක්ශා භංගත්වයෙන් තම කාර්යාලයට ගිය කළමනාකාර තුමා කොරිඩෝවෙ cctv දර්ශන නැරඹීය.නමුත් ඵලක් නොවීය. එය පසුගිය අවුරුද්දේ ම පිටපතක් මෙනි. ඔහු ගෙ පෙනුම මදක් හෝ වෙනස් වී නැත. සැකයක් නොමැති වුවද හෙතෙම සේප්පුව පරීක්ශා කළේය . සොරකමක් සිදුවී නැත. මෙවර නම් කළමනාකරුට මෙම සිද්ධිය අමතක කිරීමට නොහැකි විය. "මේ මිනිහ කව්ද?? , කොහොමද අවුරුද්දකට සැරයක් මෙතෙන්ට ඇවිත් එකපාරම අතුරුදන් වෙන්නෙ?, මොකටද අර තංගුස් නූල්...." දහසකුත් එකක් ගැටලු ඔහුගේ හිතට ඇතුල් විය. ඔහුට මෙහි සුලමුල සොයා ගැනීමට අවශ්‍ය වුවද ඒ සඳහා ඔහුට එම පුද්ගලයා හමුවිය යුතුමය."බලමුකො මිනිහා අවුරුදු දෙකක එකම දවසෙ ආවනං ඊළඟ අවුරුද්දෙත් මේ දවසෙත් එයිනෙ. " ඔහු සිතා ගත්තේය. ඊළඟ අවුරුද්දෙ නං මිනිහව අල්ල ගන්නවමයි.

මේ කතාවට මා සම්බන්ධ වන්නෙ මේ සිදුවීමෙන් යම් කාලයකට පසුවය.මේ කළමනාකාර තුමා මා අදුනන්නේ කුඩා කාලයේ සිටය. පාසල් වියේ සිටම ඉතා කුලුපගව සිටි අප දෙදෙනා විවාහ වන තුරුම ඉතා සමීප මිතුරන් විය. ඔහුගේ විවාහයේ දෙවන මනාලයා වූයේද මා ය.දිනක් මගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ මාගේ අතිජාත මිත්‍රයාගෙනි.

"මචං . උඹට ඊළඟ 15 මොකක් හරි කලින් දාගත්ත තියේද?"

"දැනට නං නෑ මචං. මොකෝ සීන් එක?"

"නෑ බං. අපේ හොටෙල් එකට ආවැහැකිද උඹට එදාට. පොඩි වැඩක් තියෙනව"

"මොකෝ බං හදිස්සියේම.? උඹට යාලුවන්ට සළකනව මදි වගේ හිතුනද?"

"නෑ නෑ බං. ටිකක් දිග කතාවක් තියෙනව. ෆෝන් එකෙන් කියන්න අමාරුයි. අනික මේ වැඩේට මට ඕනි විශ්වාසවන්ත එකෙක්ව.උඹ එහෙනං එනවනෙ..??"

"හරි මචං..එහෙනං 15 උදේ මං ඔතන ඇති.උඹලව දකින්නත් ආසයි බං."

එලෙස කියූ පරිදි මා එම දිනයේ ඉදිරියට සිදුවීමට නියමිත ත්‍රාසජනක සිදුවීම ගැන අංශුමාත්‍රයක හෝ අවබෝධයක් නොමැතිව එම හෝටලයට ගියේය.

ඉතා සුහදව මා පිළිගත් මගේ මිතුරා ඔහු පසුගිය වසර දෙක තුළ මුහුණ දුන් ඒ අද්භුත සිදුවීම මට පැවසීය.ඒ පිළිබඳව සිතමින්දෝ ඔහුගේ මුහුණින් ඉතා වෙහෙසකර ආකාරයක් දිස්විය. මා හොල්මන් අවතාර කිසිදිනක විශ්වාස නොකළ අයෙක් වුවද එම කතාව මා තුළ සියුම් භීතියක් ඇති කළේය. කතාව අවසන් කල මිතුරා ඔහුගේ ඉදිරි සැලැස්ම මට විස්තර කළේය.

"පහුගිය අවුරුදු දෙකේම ඒ මනුස්සය හෝටලේට ආවෙ එකම දවසක එකම වෙලාවක එකම වගේ ඇඳුමක් ඇඳන්". අද තමා ඒ දවස. මට ලොකු විශ්වාසයක් තියෙනව අදත් මිනිහ එයි කියල. මං අපේ රිසෙප්ශනිස්ට් ව හවස පැය දෙකකට විතර එලියට යවනව. උඹ ඉන්න ඕනි එතන. වෙන කවුරුහරි ආවොත් මං කෙනෙක් ව දාන්නං එයාව හැන්ඩ්ල් කරන්න. අර මෑන්ස් එන වෙලාවට උඹ රිසෙප්ශන් එකේ ඉන්න ඕනි. මිනිහට අපි අවදානෙන් ඉන්නව කියල දැනෙන්න දෙන්න හොඳ නෑ. මිනිහා අර බඩු ටික ඉල්ලයි. උඹ ඒ ටික කොලේක ලියාගෙන ඒවා එවන්නන් කියල කියපන්. ඊට පස්සෙ

උඹ 4 කාමරේ යතුර මිනිහට දීපන්. . නම විස්තර ලියන්න එපා. සල්ලි ටික අරගන්න. මිනිහ රිසිට් ඉල්ලන්නෙ නෑ.. මිනිහ අරන් එන්නෙ එක බෑග් එකයි. ඒක උඹ අරන් ඒ මිනිහව එක්කං එන්න කාමරේට. ඉතුරුහරිය මං බලා ගන්නන්. උඹට තේරෙනවනෙ බං. මේක අපේ ස්ටාෆ් එකේ උන් දාල කරන්න බෑ.. උන් මං ගැන වැරදියට හිතන්න පුලුවන්. ඒකයි උඹටම මේක කරන්න කිව්වෙ. මේක අවුරුදු දෙකක් තිස්සෙ මට විසඳගන්න බැරි උන ප්‍රශ්නයක්. අද වත් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි." එම දීර්ඝ විස්තරයෙන් පසු මට එම කාර්ය්ය ගැන අවබෝධයක් ලැබිනි. පසුගිය cctv දර්ශන ද ඔහු මට පෙන්වූ නිසා එම පුද්ගලයා ද අඳුනා ගැනීම අපහසු නොවනු ඇත. ඉන්පසු එදින සවස් වන තුරු ආගිය තොරතුරු කතා කරමින් අප දෙදෙනා කාලය ගත කරේ මෙම සැලැස්ම ද වැඩිදියුණු කරමිනි.

වෙලාව සවස 3 පසු විය. මා මට පැවරුනු රාජකාරිය ඉටු කිරීමට කාර්යාලයට වී සිටියෙමි. "එක දිගට තුන් පාරක්ම මේ මනුස්සය එයිද?? කොයි වගේ භයානක මිනිහෙක්ද දන්නෙ නෑ " වැනි නොයෙකුත් සිතිවිලි මගේ මනසට ආවේය. තුනයි දහය පමණ වන විට මා ඉදිරිපස දොරටුව විවෘත විය. එයින් මතු වූයේ වයස අවුරුදු 40 ක් පමණ විය හැකි සිහින් උස ශරීරයකට හිමිකම් කී මිනිසෙකි. ඔහුගෙ දෙනෙත් ඉතා දීප්තිමත් විය. ඒ ඔහුමය. කැමරා දර්ශන දැක තිබූ මට ඔහුව හදුනාගැනීමට අපහසු නොවීය. ඔහුගේ ඇඳුම පවා වෙනස් වී නැත. කුඩා බියක් හිත තුළ වැඩුණද ඒ බව සඟවා මම ඔහුට ආමන්ත්‍රණය කළෙමි."ගුඩ් ආෆ්ටනූන් සර්."

"ගුඩ් ආෆ්ටනූන් . මට කාමරයක් ගන්න පුලුවන් ද" ඔහුගේ කටහඬද ඉතා පැහැදිලිය.

"පුලුවන් සර්..A/C කාමරයක්ද? නෝමල් කාමරයක්ද?"

" ,A/C කාමරයක්. ඒ වගේම මට තව පුංචි බඩු ටිකක් ඕනි..."

ඔහු විසින් ගෙන ආ කුඩා ගමන් බෑගය අතට ගත් ඉස්සර වූයෙ මාගෙ මිතුරා සඳහන් කල කාමරයේ යතුරත් සමඟය. ඔහු ද මා පසුපසින් ආවේය. 4 කාමරය විවෘත කරගෙන මා ඇතුළු වූ පසු ඔහුද ඇතුල් විය. ක්ශණයකින් කාමරයට ඇතුළු වූ මාගේ මිතුරා කාමරයේ දොර වසා අගුළු දැමුවේ අප තිදෙනාම එහි සිරකරුවන් කරමිනි. මීළඟට කුමකින් කුමක් සිදු වේ දැයි හරි හැටි නොදත් මා ඕනෑම දේකට මුහුණ දීමට සූදානමින් සිටියෙමි. නමුත් එම අද්භූත මිනිසාගෙ හැසිරීමේ කිසිදු වෙනසක් දක්නට නොලැබිනි. මෙය ඔහු බලාපොරොත්තුව සිටියාක් මෙනි. අප අතර තිබූ කෙටි නිහැඬියාව බින්දේ මාගෙ මිතුරා ය.

"සර්..ඉස්සල්ලම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මගේ යාලුවයි මේ වැඩේ කරේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ඕනි නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි.නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල"

"හොඳමයි. මේ මහත්තුරු එහෙනං මගේ රහස දැනගන්න කිට්ටුවටම ආවා.මං මේ හැමදෙයක්ම කියන්නං.මං අතුරුදන් උනේ කොහොමද? අර ඉල්ල ගත්ත බඩු වලින් මොනවද කරේ..මේ හැමදේම මං කියන්නං. නමුත් ඊට කලින් මට කියන්න මේ මහත්තුරු කාටහරි හෘදයාබාධ එහෙම තියෙනවද?? මේ කතාව ටිකක් භයානකයි."

අප දෙදෙනාම කුතුහලයෙන් හිස දෙපැත්තට වැනුවේය. ඉන්පසු පැය 3 ක් පමණ ගත වන්නට ඇත. ඔහු ඔහුගේ සම්පූර්ණ කතාවම අපට පැවසුවේය . එය මා මාගෙ ජීවිතය තුළ ඇසූ විශ්මය ජනකම අද්භූතම ආ බිහිසුණුම කතාව බව මා පැවසිය යුතුමය. කතාව අවසානයේ ඔහු අප දෙදෙනාට මෙසේ පැවසීය. "මං දන්නව මහත්තුරු මේක ඇත්ත කියල විශ්වාස කරන එකක් නෑ.. හැබැයි එක ඉල්ලීමක් තියෙනව. මේ කතාව කාටවත් කියන්න එපා. මේ රහස රහසක් විදියට තියෙන එක ගොඩක් අයට හොඳයි.මහත්තුරු දෙන්නම මට ඒක පොරොන්දු වෙන්න ඕනි" අප දෙදෙනාම ඒ බවට ඔහුට පොරොන්දු විය. ඒ නිසා ඒ කතාව ඔබට පැවසීමට මට නොහැකිය. ඒ පිළිබඳව සමා වුව මැනවි.....!!!!

[QUOTE="kadda, post: 24984994, member: 35964"] [COLOR="DarkRed"][SIZE="5"]"මට මේ හෝටලේ කාමරයක් ගන්න පුළුවන්ද අද රෑට නවතින්න...??" "පුලුවන් සර්.. A/C කාමරයක්ද ? නෝමල් කාමරයක්ද?" හෝටලයේ පිළිගැනීමේ නිළධාරි මහත්මා ඇසුවේය. "A/C කාමරයක්. කොහොමද ගණන් එහෙම??" "දවසකට රුපියල් 2500 යි. කෑම වලට වෙනම. සර් ට ආපහු යද්දි ගෙවන්න පුලුවන්." "නෑ. ප්‍රශ්නයක් නෑ. මෙන්න සල්ලි. කෑම නං ඕනි නෑ..මට පුලුවන් නං අඩි දෙකක තංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට 5 කුයි, අඩියක ඉරටු කෑලි දෙකකුයි ගන්න පුලුවන්ද??" හදිසියේ පැමිණි මෙම අමුත්තාගෙ කථාවෙන් පිළිගැනීමේ නිළධාරියා පමණක් නොව එම කථාව අසා සිටි හෝටලයේ කළමනාකාර මහතාද පුදුම විය. "මේ මනුස්සයට මොකටද මේවා...??" යැයි සිතුනද ඔහු මුදල් සියල්ල ගෙවා අවසන් කල ගනුදෙනුකරුවෙකි. මෙම ද්‍රව්‍ය ද සොයා ගැනීමට අපහසු දේවල් ද නොවේ.. ඔහු ළඟ සිටි සේවකයෙකුට මෙම ද්‍රව්‍ය සපයා දෙන් ලෙස පවසා එතනින් පිටව ගියේය. එදින රාත්‍රියේ නැවත පැමිණි කළමනාකාර තුමා මෙම අමුත්තාගෙ කාමරයේ විදුලි පහන් දල්වා තිබෙනු දැක ඔහු අවදිව ඇතැයි සිතා ඔහුට සුභ රාත්‍රියක් පැතීමට කාමරයට පිවිසියේය. දොර අගුලු ලා නොතිබුනද දොරට තට්ටු කල විට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. 'මහත්තයා' යැයි කියමින් කාමරයට ඇතුලු වූ ඔහුට දැක ගත හැකි වූයේ තම ගනුදෙනුකරු අතුරුදන්ව ඇති බවයි. වහාම පිළිගැනීමේ නිළධාරියා කැඳවූ හෙතෙම මේ පිළිබඳව විමසා සිටියේය. "සර් ඒ මහත්තයා කාමරේට ගියාට පස්සෙ ආයෙ එලියට ආවෙම නෑ. " කොරිඩෝවෙ තිබූ cctv කැමරා පරීක්ශා කළද ඔහු කාමරයට ඇතුල් වූ පසු පිට වූ බවක් පෙනෙන්නට නොවීය. එම කාමරය තිබුනේද තෙවන මහලේය. ජනේලයෙන් පිටවීම සිතීමට වත් නොහැකිය. වහාම හෝටලයේ සේප්පුව පරීක්ශා කල කළමනාකාර තුමා මුදල් සොරකමක් ද වී නැති බව වටහා ගත්තේය. එසේනම් මෙම අමුත්තා ට සිදුවූයෙ කුමක්ද?? ඔහු අතුරුදන් වුනේ කෙසේද?? "අයිසේ ලොග් පොතේ බලනව ඒ මනුස්සයගෙ නම කොහොමද ති යෙන්නෙ කියල " "මේකයි සර්.. ඒ මහත්තය ආව ගමන්ම කරදර නොකර සල්ලි දුන්න හින්ද මාත් ඒ වෙලාව විස්තර ඇහුවෙ නෑ. යනකොට අහල පුරවගන්න හිටියෙ." "ඕකනෙ තමුසෙල එක්ක වැඩක් කරන්න බැරි. බලනවකො අයිසෙ." කෝපයට පත් කළමනාකාර තුමා පිළිගැනීමේ නිළධාරියට බැන වදිමින් එතනින් පිට වුනේය. කාලය මෙසේ ගතවිය.දින සති බවටත් සති මාස බවටත් පත් විය. එම ආගන්තුකයා ද කළමනාකරුට අමතකව ගියේය . හරියටම වසරක් ගත විය. ඊළඟ වසරේද එම දිනයේම නැවත වතාවක් එම ආගන්තුකයා එම හෝටලයටම ආවේය.ඒ වන විට පිළිගැනීමේ නිළධාරියා රැකියාවෙන් අස් වී වෙනත් අයෙක් එම රැකියාවෙ නිරතව සිටියේය. මෙදින කළමනාකාර තුමා හෝටලයේ සිටියේ නැත.රාජකාරී කටයුත්තක් සඳහා පිටව ගොස් තිබුණි. එදින රාත්‍රියේ හෝටලයට පැමිණි කළමනාකර තුමා පිළිගැනීමේ නිළධාරියා හමුවූයේ එදින තත්ත්වය විමසීමටයි. "සර් අද ආව කස්ටමර් කෙනෙක් මාර ම දෙයක් කිව්වනෙ. මිනිහ 4 රූම් එකට ෆුල් පේමන්ට් එක කරල මේ ත්ංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට... ......" කළමනාකාර තුමාට දෙලොව රත් විය. අවුරුද්දකට පෙර මුහුණ දුන් ඒ අද්භූත සිදුවීම නැවතත් සිදුවී ඇත. කලබලයෙන් එම කාමරය ට දුව ගිය ඔහුට දක්නට ලැබුනේ ඔහු නැවත වතාවක් අතුරුදන් වී ඇති බවය. "අයිසේ..ඉක්මනට ලොග් පොත අරන් එනව.කව්ද මේ මනුස්සය ..." "ඒත් සර්... ඒ මහත්තය....." "සල්ලි ඔක්කොම දුන්න හින්ද නම ලියාගත්තෙත් නෑ..යනකොට ලියාගන්න හිටිය. මොනවද මිනිහො මේ විකාර වැඩ ....!" කෝපයෙන් හා අපේක්ශා භංගත්වයෙන් තම කාර්යාලයට ගිය කළමනාකාර තුමා කොරිඩෝවෙ cctv දර්ශන නැරඹීය.නමුත් ඵලක් නොවීය. එය පසුගිය අවුරුද්දේ ම පිටපතක් මෙනි. ඔහු ගෙ පෙනුම මදක් හෝ වෙනස් වී නැත. සැකයක් නොමැති වුවද හෙතෙම සේප්පුව පරීක්ශා කළේය . සොරකමක් සිදුවී නැත. මෙවර නම් කළමනාකරුට මෙම සිද්ධිය අමතක කිරීමට නොහැකි විය. "මේ මිනිහ කව්ද?? , කොහොමද අවුරුද්දකට සැරයක් මෙතෙන්ට ඇවිත් එකපාරම අතුරුදන් වෙන්නෙ?, මොකටද අර තංගුස් නූල්...." දහසකුත් එකක් ගැටලු ඔහුගේ හිතට ඇතුල් විය. ඔහුට මෙහි සුලමුල සොයා ගැනීමට අවශ්‍ය වුවද ඒ සඳහා ඔහුට එම පුද්ගලයා හමුවිය යුතුමය."බලමුකො මිනිහා අවුරුදු දෙකක එකම දවසෙ ආවනං ඊළඟ අවුරුද්දෙත් මේ දවසෙත් එයිනෙ. " ඔහු සිතා ගත්තේය. ඊළඟ අවුරුද්දෙ නං මිනිහව අල්ල ගන්නවමයි. * * ** * ******* මේ කතාවට මා සම්බන්ධ වන්නෙ මේ සිදුවීමෙන් යම් කාලයකට පසුවය.මේ කළමනාකාර තුමා මා අදුනන්නේ කුඩා කාලයේ සිටය. පාසල් වියේ සිටම ඉතා කුලුපගව සිටි අප දෙදෙනා විවාහ වන තුරුම ඉතා සමීප මිතුරන් විය. ඔහුගේ විවාහයේ දෙවන මනාලයා වූයේද මා ය.දිනක් මගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ මාගේ අතිජාත මිත්‍රයාගෙනි. "මචං . උඹට ඊළඟ 15 මොකක් හරි කලින් දාගත්ත තියේද?" "දැනට නං නෑ මචං. මොකෝ සීන් එක?" "නෑ බං. අපේ හොටෙල් එකට ආවැහැකිද උඹට එදාට. පොඩි වැඩක් තියෙනව" "මොකෝ බං හදිස්සියේම.? උඹට යාලුවන්ට සළකනව මදි වගේ හිතුනද?" "නෑ නෑ බං. ටිකක් දිග කතාවක් තියෙනව. ෆෝන් එකෙන් කියන්න අමාරුයි. අනික මේ වැඩේට මට ඕනි විශ්වාසවන්ත එකෙක්ව.උඹ එහෙනං එනවනෙ..??" "හරි මචං..එහෙනං 15 උදේ මං ඔතන ඇති.උඹලව දකින්නත් ආසයි බං." එලෙස කියූ පරිදි මා එම දිනයේ ඉදිරියට සිදුවීමට නියමිත ත්‍රාසජනක සිදුවීම ගැන අංශුමාත්‍රයක හෝ අවබෝධයක් නොමැතිව එම හෝටලයට ගියේය. ඉතා සුහදව මා පිළිගත් මගේ මිතුරා ඔහු පසුගිය වසර දෙක තුළ මුහුණ දුන් ඒ අද්භුත සිදුවීම මට පැවසීය.ඒ පිළිබඳව සිතමින්දෝ ඔහුගේ මුහුණින් ඉතා වෙහෙසකර ආකාරයක් දිස්විය. මා හොල්මන් අවතාර කිසිදිනක විශ්වාස නොකළ අයෙක් වුවද එම කතාව මා තුළ සියුම් භීතියක් ඇති කළේය. කතාව අවසන් කල මිතුරා ඔහුගේ ඉදිරි සැලැස්ම මට විස්තර කළේය. "පහුගිය අවුරුදු දෙකේම ඒ මනුස්සය හෝටලේට ආවෙ එකම දවසක එකම වෙලාවක එකම වගේ ඇඳුමක් ඇඳන්". අද තමා ඒ දවස. මට ලොකු විශ්වාසයක් තියෙනව අදත් මිනිහ එයි කියල. මං අපේ රිසෙප්ශනිස්ට් ව හවස පැය දෙකකට විතර එලියට යවනව. උඹ ඉන්න ඕනි එතන. වෙන කවුරුහරි ආවොත් මං කෙනෙක් ව දාන්නං එයාව හැන්ඩ්ල් කරන්න. අර මෑන්ස් එන වෙලාවට උඹ රිසෙප්ශන් එකේ ඉන්න ඕනි. මිනිහට අපි අවදානෙන් ඉන්නව කියල දැනෙන්න දෙන්න හොඳ නෑ. මිනිහා අර බඩු ටික ඉල්ලයි. උඹ ඒ ටික කොලේක ලියාගෙන ඒවා එවන්නන් කියල කියපන්. ඊට පස්සෙ උඹ 4 කාමරේ යතුර මිනිහට දීපන්. . නම විස්තර ලියන්න එපා. සල්ලි ටික අරගන්න. මිනිහ රිසිට් ඉල්ලන්නෙ නෑ.. මිනිහ අරන් එන්නෙ එක බෑග් එකයි. ඒක උඹ අරන් ඒ මිනිහව එක්කං එන්න කාමරේට. ඉතුරුහරිය මං බලා ගන්නන්. උඹට තේරෙනවනෙ බං. මේක අපේ ස්ටාෆ් එකේ උන් දාල කරන්න බෑ.. උන් මං ගැන වැරදියට හිතන්න පුලුවන්. ඒකයි උඹටම මේක කරන්න කිව්වෙ. මේක අවුරුදු දෙකක් තිස්සෙ මට විසඳගන්න බැරි උන ප්‍රශ්නයක්. අද වත් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි." එම දීර්ඝ විස්තරයෙන් පසු මට එම කාර්ය්ය ගැන අවබෝධයක් ලැබිනි. පසුගිය cctv දර්ශන ද ඔහු මට පෙන්වූ නිසා එම පුද්ගලයා ද අඳුනා ගැනීම අපහසු නොවනු ඇත. ඉන්පසු එදින සවස් වන තුරු ආගිය තොරතුරු කතා කරමින් අප දෙදෙනා කාලය ගත කරේ මෙම සැලැස්ම ද වැඩිදියුණු කරමිනි. වෙලාව සවස 3 පසු විය. මා මට පැවරුනු රාජකාරිය ඉටු කිරීමට කාර්යාලයට වී සිටියෙමි. "එක දිගට තුන් පාරක්ම මේ මනුස්සය එයිද?? කොයි වගේ භයානක මිනිහෙක්ද දන්නෙ නෑ " වැනි නොයෙකුත් සිතිවිලි මගේ මනසට ආවේය. තුනයි දහය පමණ වන විට මා ඉදිරිපස දොරටුව විවෘත විය. එයින් මතු වූයේ වයස අවුරුදු 40 ක් පමණ විය හැකි සිහින් උස ශරීරයකට හිමිකම් කී මිනිසෙකි. ඔහුගෙ දෙනෙත් ඉතා දීප්තිමත් විය. ඒ ඔහුමය. කැමරා දර්ශන දැක තිබූ මට ඔහුව හදුනාගැනීමට අපහසු නොවීය. ඔහුගේ ඇඳුම පවා වෙනස් වී නැත. කුඩා බියක් හිත තුළ වැඩුණද ඒ බව සඟවා මම ඔහුට ආමන්ත්‍රණය කළෙමි."ගුඩ් ආෆ්ටනූන් සර්." "ගුඩ් ආෆ්ටනූන් . මට කාමරයක් ගන්න පුලුවන් ද" ඔහුගේ කටහඬද ඉතා පැහැදිලිය. "පුලුවන් සර්..A/C කාමරයක්ද? නෝමල් කාමරයක්ද?" " ,A/C කාමරයක්. ඒ වගේම මට තව පුංචි බඩු ටිකක් ඕනි..." * * * * * * * * * * * ඔහු විසින් ගෙන ආ කුඩා ගමන් බෑගය අතට ගත් ඉස්සර වූයෙ මාගෙ මිතුරා සඳහන් කල කාමරයේ යතුරත් සමඟය. ඔහු ද මා පසුපසින් ආවේය. 4 කාමරය විවෘත කරගෙන මා ඇතුළු වූ පසු ඔහුද ඇතුල් විය. ක්ශණයකින් කාමරයට ඇතුළු වූ මාගේ මිතුරා කාමරයේ දොර වසා අගුළු දැමුවේ අප තිදෙනාම එහි සිරකරුවන් කරමිනි. මීළඟට කුමකින් කුමක් සිදු වේ දැයි හරි හැටි නොදත් මා ඕනෑම දේකට මුහුණ දීමට සූදානමින් සිටියෙමි. නමුත් එම අද්භූත මිනිසාගෙ හැසිරීමේ කිසිදු වෙනසක් දක්නට නොලැබිනි. මෙය ඔහු බලාපොරොත්තුව සිටියාක් මෙනි. අප අතර තිබූ කෙටි නිහැඬියාව බින්දේ මාගෙ මිතුරා ය. "සර්..ඉස්සල්ලම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මගේ යාලුවයි මේ වැඩේ කරේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ඕනි නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි.නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල" "හොඳමයි. මේ මහත්තුරු එහෙනං මගේ රහස දැනගන්න කිට්ටුවටම ආවා.මං මේ හැමදෙයක්ම කියන්නං.මං අතුරුදන් උනේ කොහොමද? අර ඉල්ල ගත්ත බඩු වලින් මොනවද කරේ..මේ හැමදේම මං කියන්නං. නමුත් ඊට කලින් මට කියන්න මේ මහත්තුරු කාටහරි හෘදයාබාධ එහෙම තියෙනවද?? මේ කතාව ටිකක් භයානකයි." අප දෙදෙනාම කුතුහලයෙන් හිස දෙපැත්තට වැනුවේය. ඉන්පසු පැය 3 ක් පමණ ගත වන්නට ඇත. ඔහු ඔහුගේ සම්පූර්ණ කතාවම අපට පැවසුවේය . එය මා මාගෙ ජීවිතය තුළ ඇසූ විශ්මය ජනකම අද්භූතම ආ බිහිසුණුම කතාව බව මා පැවසිය යුතුමය. කතාව අවසානයේ ඔහු අප දෙදෙනාට මෙසේ පැවසීය. "මං දන්නව මහත්තුරු මේක ඇත්ත කියල විශ්වාස කරන එකක් නෑ.. හැබැයි එක ඉල්ලීමක් තියෙනව. මේ කතාව කාටවත් කියන්න එපා. මේ රහස රහසක් විදියට තියෙන එක ගොඩක් අයට හොඳයි.මහත්තුරු දෙන්නම මට ඒක පොරොන්දු වෙන්න ඕනි" අප දෙදෙනාම ඒ බවට ඔහුට පොරොන්දු විය. ඒ නිසා ඒ කතාව ඔබට පැවසීමට මට නොහැකිය. ඒ පිළිබඳව සමා වුව මැනවි.....!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom