රහස

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    "මට මේ හෝටලේ කාමරයක් ගන්න පුළුවන්ද අද රෑට නවතින්න...??"

    "පුලුවන් සර්.. A/C කාමරයක්ද ? නෝමල් කාමරයක්ද?"

    හෝටලයේ පිළිගැනීමේ නිළධාරි මහත්මා ඇසුවේය.

    "A/C කාමරයක්. කොහොමද ගණන් එහෙම??"

    "දවසකට රුපියල් 2500 යි. කෑම වලට වෙනම. සර් ට ආපහු යද්දි ගෙවන්න පුලුවන්."

    "නෑ. ප්‍රශ්නයක් නෑ. මෙන්න සල්ලි. කෑම නං ඕනි නෑ..මට පුලුවන් නං අඩි දෙකක තංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට 5 කුයි, අඩියක ඉරටු කෑලි දෙකකුයි ගන්න පුලුවන්ද??"

    හදිසියේ පැමිණි මෙම අමුත්තාගෙ කථාවෙන් පිළිගැනීමේ නිළධාරියා පමණක් නොව එම කථාව අසා සිටි හෝටලයේ කළමනාකාර මහතාද පුදුම විය. "මේ මනුස්සයට මොකටද මේවා...??" යැයි සිතුනද ඔහු මුදල් සියල්ල ගෙවා අවසන් කල ගනුදෙනුකරුවෙකි. මෙම ද්‍රව්‍ය ද සොයා ගැනීමට අපහසු දේවල් ද නොවේ.. ඔහු ළඟ සිටි සේවකයෙකුට මෙම ද්‍රව්‍ය සපයා දෙන් ලෙස පවසා එතනින් පිටව ගියේය. එදින රාත්‍රියේ නැවත පැමිණි කළමනාකාර තුමා මෙම අමුත්තාගෙ කාමරයේ විදුලි පහන් දල්වා තිබෙනු දැක ඔහු අවදිව ඇතැයි සිතා ඔහුට සුභ රාත්‍රියක් පැතීමට කාමරයට පිවිසියේය. දොර අගුලු ලා නොතිබුනද දොරට තට්ටු කල විට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. 'මහත්තයා' යැයි කියමින් කාමරයට ඇතුලු වූ ඔහුට දැක ගත හැකි වූයේ තම ගනුදෙනුකරු අතුරුදන්ව ඇති බවයි. වහාම පිළිගැනීමේ නිළධාරියා කැඳවූ හෙතෙම මේ පිළිබඳව විමසා සිටියේය. "සර් ඒ මහත්තයා කාමරේට ගියාට පස්සෙ ආයෙ එලියට ආවෙම නෑ. " කොරිඩෝවෙ තිබූ cctv කැමරා පරීක්ශා කළද ඔහු කාමරයට ඇතුල් වූ පසු පිට වූ බවක් පෙනෙන්නට නොවීය. එම කාමරය තිබුනේද තෙවන මහලේය. ජනේලයෙන් පිටවීම සිතීමට වත් නොහැකිය. වහාම හෝටලයේ සේප්පුව පරීක්ශා කල කළමනාකාර තුමා මුදල් සොරකමක් ද වී නැති බව වටහා ගත්තේය. එසේනම් මෙම අමුත්තා ට සිදුවූයෙ කුමක්ද?? ඔහු අතුරුදන් වුනේ කෙසේද??

    "අයිසේ ලොග් පොතේ බලනව ඒ මනුස්සයගෙ නම කොහොමද ති යෙන්නෙ කියල "

    "මේකයි සර්.. ඒ මහත්තය ආව ගමන්ම කරදර නොකර සල්ලි දුන්න හින්ද මාත් ඒ වෙලාව විස්තර ඇහුවෙ නෑ. යනකොට අහල පුරවගන්න හිටියෙ."
    "ඕකනෙ තමුසෙල එක්ක වැඩක් කරන්න බැරි. බලනවකො අයිසෙ."
    කෝපයට පත් කළමනාකාර තුමා පිළිගැනීමේ නිළධාරියට බැන වදිමින් එතනින් පිට වුනේය.
    කාලය මෙසේ ගතවිය.දින සති බවටත් සති මාස බවටත් පත් විය. එම ආගන්තුකයා ද කළමනාකරුට අමතකව ගියේය .
    හරියටම වසරක් ගත විය. ඊළඟ වසරේද එම දිනයේම නැවත වතාවක් එම ආගන්තුකයා එම හෝටලයටම ආවේය.ඒ වන විට පිළිගැනීමේ නිළධාරියා රැකියාවෙන් අස් වී වෙනත් අයෙක් එම රැකියාවෙ නිරතව සිටියේය. මෙදින කළමනාකාර තුමා හෝටලයේ සිටියේ නැත.රාජකාරී කටයුත්තක් සඳහා පිටව ගොස් තිබුණි. එදින රාත්‍රියේ හෝටලයට පැමිණි කළමනාකර තුමා පිළිගැනීමේ නිළධාරියා හමුවූයේ එදින තත්ත්වය විමසීමටයි.
    "සර් අද ආව කස්ටමර් කෙනෙක් මාර ම දෙයක් කිව්වනෙ. මිනිහ 4 රූම් එකට ෆුල් පේමන්ට් එක කරල මේ ත්ංගුස් නූල් කෑල්ලකුයි, දොඩම් ඇට...
    ......"
    කළමනාකාර තුමාට දෙලොව රත් විය. අවුරුද්දකට පෙර මුහුණ දුන් ඒ අද්භූත සිදුවීම නැවතත් සිදුවී ඇත. කලබලයෙන් එම කාමරය ට දුව ගිය ඔහුට දක්නට ලැබුනේ ඔහු නැවත වතාවක් අතුරුදන් වී ඇති බවය.
    "අයිසේ..ඉක්මනට ලොග් පොත අරන් එනව.කව්ද මේ මනුස්සය ..."
    "ඒත් සර්... ඒ මහත්තය....."
    "සල්ලි ඔක්කොම දුන්න හින්ද නම ලියාගත්තෙත් නෑ..යනකොට ලියාගන්න හිටිය. මොනවද මිනිහො මේ විකාර වැඩ ....!"
    කෝපයෙන් හා අපේක්ශා භංගත්වයෙන් තම කාර්‍යාලයට ගිය කළමනාකාර තුමා කොරිඩෝවෙ cctv දර්ශන නැරඹීය.නමුත් ඵලක් නොවීය. එය පසුගිය අවුරුද්දේ ම පිටපතක් මෙනි. ඔහු ගෙ පෙනුම මදක් හෝ වෙනස් වී නැත. සැකයක් නොමැති වුවද හෙතෙම සේප්පුව පරීක්ශා කළේය . සොරකමක් සිදුවී නැත. මෙවර නම් කළමනාකරුට මෙම සිද්ධිය අමතක කිරීමට නොහැකි විය. "මේ මිනිහ කව්ද?? , කොහොමද අවුරුද්දකට සැරයක් මෙතෙන්ට ඇවිත් එකපාරම අතුරුදන් වෙන්නෙ?, මොකටද අර තංගුස් නූල්...." දහසකුත් එකක් ගැටලු ඔහුගේ හිතට ඇතුල් විය. ඔහුට මෙහි සුලමුල සොයා ගැනීමට අවශ්‍ය වුවද ඒ සඳහා ඔහුට එම පුද්ගලයා හමුවිය යුතුමය."බලමුකො මිනිහා අවුරුදු දෙකක එකම දවසෙ ආවනං ඊළඟ අවුරුද්දෙත් මේ දවසෙත් එයිනෙ. " ඔහු සිතා ගත්තේය. ඊළ‍ඟ අවුරුද්දෙ නං මිනිහව අල්ල ගන්නවමයි.

    * * ** * *******

    මේ කතාවට මා සම්බන්ධ වන්නෙ මේ සිදුවීමෙන් යම් කාලයකට පසුවය.මේ කළමනාකාර තුමා මා අදුනන්නේ කුඩා කාලයේ සිටය. පාසල් වියේ සිටම ඉතා කුලුපගව සිටි අප දෙදෙනා විවාහ වන තුරුම ඉතා සමීප මිතුරන් විය. ඔහුගේ විවාහයේ දෙවන මනාලයා වූයේද මා ය.දිනක් මගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ මාගේ අතිජාත මිත්‍රයාගෙනි.

    "මචං . උඹට ඊළඟ 15 මොකක් හරි කලින් දාගත්ත තියේද?"

    "දැනට නං නෑ මචං. මොකෝ සීන් එක?"

    "නෑ බං. අපේ හොටෙල් එකට ආවැහැකිද උඹට එදාට. පොඩි වැඩක් තියෙනව"

    "මොකෝ බං හදිස්සියේම.? උඹට යාලුවන්ට සළකනව මදි වගේ හිතුනද?"

    "නෑ නෑ බං. ටිකක් දිග කතාවක් තියෙනව. ෆෝන් එකෙන් කියන්න අමාරුයි. අනික මේ වැඩේට මට ඕනි විශ්වාසවන්ත එකෙක්ව.උඹ එහෙනං එනවනෙ..??"

    "හරි මචං..එහෙනං 15 උදේ මං ඔතන ඇති.උඹලව දකින්නත් ආසයි බං."
    එලෙස කියූ පරිදි මා එම දිනයේ ඉදිරියට සිදුවීමට නියමිත ත්‍රාසජනක සිදුවීම ගැන අංශුමාත්‍රයක හෝ අවබෝධයක් නොමැතිව එම හෝටලයට ගියේය.
    ඉතා සුහදව මා පිළිගත් මගේ මිතුරා ඔහු පසුගිය වසර දෙක තුළ මුහුණ දුන් ඒ අද්භුත සිදුවීම මට පැවසීය.ඒ පිළිබඳව සිතමින්දෝ ඔහුගේ මුහුණින් ඉතා වෙහෙසකර ආකාරයක් දිස්විය. මා හොල්මන් අවතාර කිසිදිනක විශ්වාස නොකළ අයෙක් වුවද එම කතාව මා තුළ සියුම් භීතියක් ඇති කළේය. කතාව අවසන් කල මිතුරා ඔහුගේ ඉදිරි සැලැස්ම මට විස්තර කළේය.
    "පහුගිය අවුරුදු දෙකේම ඒ මනුස්සය හෝටලේට ආවෙ එකම දවසක එකම වෙලාවක එකම වගේ ඇ‍‍ඳුමක් ඇඳන්". අද තමා ඒ දවස. මට ලොකු විශ්වාසයක් තියෙනව අදත් මිනිහ එයි කියල. මං අපේ රිසෙප්ශනිස්ට් ව හවස පැය දෙකකට විතර එලියට යවනව. උඹ ඉන්න ඕනි එතන. වෙන කවුරුහරි ආවොත් මං කෙනෙක් ව දාන්නං එයාව හැන්ඩ්ල් කරන්න. අර මෑන්ස් එන වෙලාවට උඹ රිසෙප්ශන් එකේ ඉන්න ඕනි. මිනිහට අපි අවදානෙන් ඉන්නව කියල දැනෙන්න දෙන්න හොඳ නෑ. මිනිහා අර බඩු ටික ඉල්ලයි. උඹ ඒ ටික කොලේක ලියාගෙන ඒවා එවන්නන් කියල කියපන්. ඊට පස්සෙ
    උඹ 4 කාමරේ යතුර මිනිහට දීපන්. . නම විස්තර ලියන්න එපා. සල්ලි ටික අරගන්න. මිනිහ රිසිට් ඉල්ලන්නෙ නෑ.. මිනිහ අරන් එන්නෙ එක බෑග් එකයි. ඒක උඹ අරන් ඒ මිනිහව එක්කං එන්න කාමරේට. ඉතුරුහරිය මං බලා ගන්නන්. උඹට තේරෙනවනෙ බං. මේක අපේ ස්ටාෆ් එකේ උන් දාල කරන්න බෑ.. උන් මං ගැන වැරදියට හිතන්න පුලුවන්. ඒකයි උඹටම මේක කරන්න කිව්වෙ. මේක අවුරුදු දෙකක් තිස්සෙ මට විසඳගන්න බැරි උන ප්‍රශ්නයක්. අද වත් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි." එම දීර්ඝ විස්තරයෙන් පසු මට එම කාර්‍ය්‍ය ගැන අවබෝධයක් ලැබිනි. පසුගිය cctv දර්ශන ද ඔහු මට පෙන්වූ නිසා එම පුද්ගලයා ද අඳුනා ගැනීම අපහසු නොවනු ඇත. ඉන්පසු එදින සවස් වන තුරු ආගිය තොරතුරු කතා කරමින් අප දෙදෙනා කාලය ගත කරේ මෙම සැලැස්ම ද වැඩිදියුණු කරමිනි.
    වෙලාව සවස 3 පසු විය. මා මට පැවරුනු රාජකාරිය ඉටු කිරීමට කාර්‍යාලයට වී සිටියෙමි. "එක දිගට තුන් පාරක්ම මේ මනුස්සය එයිද?? කොයි වගේ භයානක මිනිහෙක්ද දන්නෙ නෑ " වැනි නොයෙකුත් සිතිවිලි මගේ මනසට ආවේය. තුනයි දහය පමණ වන විට මා ඉදිරිපස දොරටුව විවෘත විය. එයින් මතු වූයේ වයස අවුරුදු 40 ක් පමණ විය හැකි සිහින් උස ශරීරයකට හිමිකම් කී මිනිසෙකි. ඔහුගෙ දෙනෙත් ඉතා දීප්තිමත් විය. ඒ ඔහුමය. කැමරා දර්ශන දැක තිබූ මට ඔහුව හදුනාගැනීමට අපහසු නොවීය. ඔහුගේ ඇඳුම පවා වෙනස් වී නැත. කුඩා බියක් හිත තුළ වැඩුණද ඒ බව සඟවා මම ඔහුට ආමන්ත්‍රණය කළෙමි."ගුඩ් ආෆ්ටනූන් සර්."
    "ගුඩ් ආෆ්ටනූන් . මට කාමරයක් ගන්න පුලුවන් ද" ඔහුගේ කටහඬද ඉතා පැහැදිලිය.
    "පුලුවන් සර්..A/C කාමරයක්ද? නෝමල් කාමරයක්ද?"
    " ,A/C කාමරයක්. ඒ වගේම මට තව පුංචි බඩු ටිකක් ඕනි..."
    * * * * * * * * * * *
    ඔහු විසින් ගෙන ආ කුඩා ගමන් බෑගය අතට ගත් ඉස්සර වූයෙ මාගෙ මිතුරා සඳහන් කල කාමරයේ යතුරත් සමඟය. ඔහු ද මා පසුපසින් ආවේය. 4 කාමරය විවෘත කරගෙන මා ඇතුළු වූ පසු ඔහුද ඇතුල් විය. ක්ශණයකින් කාමරයට ඇතුළු වූ මාගේ මිතුරා කාමරයේ දොර වසා අගුළු දැමුවේ අප තිදෙනාම එහි සිරකරුවන් කරමිනි. මීළඟට කුමකින් කුමක් සිදු වේ දැයි හරි හැටි නොදත් මා ඕනෑම දේකට මුහුණ දීමට සූදානමින් සිටියෙමි. නමුත් එම අද්භූත මිනිසාගෙ හැසිරීමේ කිසිදු වෙනසක් දක්නට නොලැබිනි. මෙය ඔහු බලාපොරොත්තුව සිටියාක් මෙනි. අප අතර තිබූ කෙටි නිහැඬියාව බින්දේ මාගෙ මිතුරා ය.
    "සර්..ඉස්සල්ලම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මගේ යාලුවයි මේ වැඩේ කරේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න ඕනි නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි.නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල"
    "හොඳමයි. මේ මහත්තුරු එහෙනං මගේ රහස දැනගන්න කිට්ටුවටම ආවා.මං මේ හැමදෙයක්ම කියන්නං.මං අතුරුදන් උනේ කොහොමද? අර ඉල්ල ගත්ත බඩු වලින් මොනවද කරේ..මේ හැමදේම මං කියන්නං. නමුත් ඊට කලින් මට කියන්න මේ මහත්තුරු කාටහරි හෘදයාබාධ එහෙම තියෙනවද?? මේ කතාව ටිකක් භයානකයි."
    අප දෙදෙනාම කුතුහලයෙන් හිස දෙපැත්තට වැනුවේය. ඉන්පසු පැය 3 ක් පමණ ගත වන්නට ඇත. ඔහු ඔහුගේ සම්පූර්ණ කතාවම අපට පැවසුවේය . එය මා මාගෙ ජීවිතය තුළ ඇසූ විශ්මය ජනකම අද්භූතම ආ බිහිසුණුම කතාව බව මා පැවසිය යුතුමය. කතාව අවසානයේ ඔහු අප දෙදෙනාට මෙසේ පැවසීය. "මං දන්නව මහත්‍තුරු මේක ඇත්ත කියල විශ්වාස කරන එකක් නෑ.. හැබැයි එක ඉල්ලීමක් තියෙනව. මේ කතාව කාටවත් කියන්න එපා. මේ රහස රහසක් විදියට තියෙන එක ගොඩක් අයට හොඳයි.මහත්තුරු දෙන්නම මට ඒක පොරොන්දු වෙන්න ඕනි" අප දෙදෙනාම ඒ බවට ඔහුට පොරොන්දු විය. ඒ නිසා ඒ කතාව ඔබට පැවසීමට මට නොහැකිය. ඒ පිළිබඳව සමා වුව මැනවි.....!!!!
     
    • Like
    Reactions: HSW and powersport

    sanjihi

    Active member
  • Oct 2, 2008
    117
    57
    28
    47
    kandy
    3.gif
    3.gif
    3.gif
    3.gif
    :lol::lol::lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරි ඉතින් අරූ කතාව කියලා ඉවර උනාට පස්සෙ ආපහු ඌ අතුරුදහන් උනාද? :D
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    ඒක ජාතික ප්‍රශ්නයක් වෙලානෙ තිබුනෙ.

    === ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලයි, අඩියෙ ඉරටු කෑලි දෙකයි ඉල්ලාගෙන A/C කාමරයට පැමිණි අමුත්තාගේ අභිරහස ===
    ____________

    එය ලන්ඩනය ඛණ්ඩනය වන තුරු අඛණ්ඩව වැසි වැටුණු දිනක් බව මට මතක ඇත. ඉතා දිගු කලෙකින් විසදීමට අභිරහසක් නොලැබුනු නිසා මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් සිටියේ, ශර්මි කුමාර් අත්අඩංගුවට ගත් බව දැනගත් පහළට කවි ලියන බුකී කවියෙකු මෙන් හැඬූ කදුළෙනි. ඒ අවස්ථාවේ දී නිවසේ උඩු මහළට වී මම මගේ මිත්‍ර හෝම්ස් සමඟ හඩ්සන් මහත්මිය ඉරිදා පොලෙන් ගෙනැවිත් දුන් විස්කිරිඤ්ඤා සමග කලු කෝපි බොමින් සිටියෙමි. එක්වරම අපට ඇසුණේ තරප්පු පෙළ දිගේ වේගයෙන් ඉහළට දිව එන පුද්ගලයෙකුගේ අඩි ශබ්දයයි. අඩි ශබ්දය අනුව මේ නම් අනුග්‍රාහකයෙකු විය යුතුයැයි සැණින් අනුමාන කළ හෝම්ස් ගෝටා ස සාමාන්‍ය මගී පර්‍යන්තයෙන් විදේශ ගත වූ බව ප්‍රවෘත්තිවලට කියන හිරු ටීවී නිවේදකයෙකු මෙන් උද්දාමයට පත් විය.

    "හෝම්ස් මගේ මිත්‍රයා, අඩි ශබ්දය අනුව ඔබ හිතන්නෙ මේ එන්නෙ කවුරු වෙන්න ඇතිද ?" මා හෝම්ස්ගෙන් විමසුවේ අඩි ශබ්දය අනුව පැමිණෙන පුද්ගලයාව අනුමාන කිරීමට හෝම්ස් සතු වූ විස්මිත හැකියාව ගැන සිහිපත් වූ නිසාය. නමුත් හෝම්ස් සිනාසී ඊට පිළිතුරු ලබාදුන්නේ මගේ සියලු අපේක්ෂාවන් බිඳ දමමිනි.

    "නමක් ගමක්නම් කියන්ඩ බෑ වොට්සන්... හැබැයි මනුස්සයෙක්..."

    එවිටම කාමරයේ දොර විවෘත වූ අතර ඉන් ඇතුළු වූයේ හොඳින් හැද පැළදගත් මැදි වයසේ පුද්ගලයෙකි. තමන් නිවසේ නැති අතරේ කවුරුන් හෝ ඇවිදින් අලුතෙන් තීන්ත ගාපු තාප්පයේ චිත්‍ර අදීවියැයි බිය වූ තාප්ප හිමියෙකුගේ වැනි චකිතයට පත් මුහුණක් ඔහුට තිබූ අතර ඔහු කිසියම් ගැටළුවකින් පීඩනයට පත් වී සිටින බව මම නිරීක්ෂණය කළෙමි.

    "ඔබ දෙදෙනාගෙන් හෝම්ස් මහතා කව්ද ?" ඔහු විමසූ අතර ඒ තමා බව අතින් සන්කළ හෝම්ස් ඔහුට වාඩිවීමට පුටුවක් පෙන්වා දුන්නේ ය. ඉන්පසුව තමාගේ අතේ වූ භාගෙට කෑ විස්කිරිඤ්ඤාව හෝම්ස් අමුත්තා වෙත පෑ නමුත් එහි ගෑවි තිබූ හෝම්ස්ගේ කෙළ නිසාදෝ ඔහු එක කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. පුටුවේ හරි බරි ගැසී වාඩි වූ අමුත්තා තම කතාව ආරම්භ කළේ කහ ඉරෙන් පාර පැනීමට පෙර දකුණ බලා වම බලා ආයෙත් දකුණම බලන පහ වසර කෙල්ලෙකු මෙන් හෝම්ස් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

    "මහත්වරුනි, මගේ නම සුමුදු ගල්මල්. මම හෝටලයක කළමනාකාරවරයෙක්. ඇත්තෙන්ම මගේ ගැටලුව ඔබ භාරගනියිද කියලා මං දන්නෙ නෑ. ඒක කිසිවෙකුට හානිදායක සිදුවීමක් නෙමේ. ඒත් මට ඒක පැහැදිලි කරගන්න ඕනෙ..."

    රාජිත සේනාරත්න සමඟ මාධ්‍ය හමුවකට සහභාගී වූ සුදුවෑන් රියදුරෙක් මෙන් ඔහු කලබලයෙන් වචන පටලවමින් කතාකරන ආකාරය දුටු හෝම්ස් ඔහුව සනසන අරමුණෙන් මෙසේ කීවේ ය.

    "කලබල වෙන්න එපා මහත්මයා... කරුණාකරලා මේ කෝපි එකෙන් උගුරක් බීලා ඔබේ කතාව අපිට කියන්න..."

    එසේ පවසමින් හෝම්ස් තමන් භාගෙට බොමින් සිටි කෝපි කෝප්පය ගල්මල් මහතා වෙත පෑවේ, බඩු මිළ ඉහළ යාම නිසා අමුත්තන්ට කෝපි සැපයීම හඩ්සන් මහත්මිය විසින් තාවකාලිකව අත්හිටුවා තිබීම නිසාවෙනි. හඩ්සන් මහත්මියගේ සීනි නැති කෝපි කෝප්පයෙන් උගුරක් බී මස් කෑල්ලක් කියා සිතා ගොරකා කෑල්ලක් හැපූ කලෙක මෙන් අප්පිරියාවෙන් මුහුණ ඇදක‍රගත් අමුත්තා නැවතත් තම කතාව ආරම්භ කළේ ය.

    "මේකයි හෝම්ස් මහත්තයා කතාව... මීට අවුරුදු දෙකකට කලින් මගෙ හෝටලයට ආවා අමුත්තෙක්. ඔහු ඇවිත් ඇහුවා ඔහුට රෑට නවතින්න කාමරයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට පිළිගැනීමේ නිළධාරියා ඇහුවා ඔහුව අවශ්‍ය සාමාන්‍ය කාමරයක් ද ඒසී කාමරයක් ද කියලා. ඔහු ඉල්ලුවෙ ඒසී කාමරයක්. ඉතින් අපි ඔහුට කිව්වා අංක 04 කාමරය ඔහුට දෙන්න පුළුවන් කියලා. ඔහු එවලෙම කාමරයට මුදල් ගෙව්වා. ඒවගේම ඔහු කිව්වා ඔහුට රෑ කෑම අවශ්‍ය නෑ කියලා....

    ඊටපස්සෙ තමයි අමුතු සිදුවීම උනේ... ඔහු ඇහුවා ඔහුට ගෙනත් දෙන්න පුළුවන්ද කියලා දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි.... විස්වාස කරන්න මහත්වරුනි, මේ වෙලාවෙ ඔබ පුදුම වුන ආකාරයටමයි ඒ වෙලාවෙ මාත් පුදුම උනේ. නමුත් මං වහාම සේවකයෙකු යවලා ඔහු ඉල්ලපු දේවල් ඔහුට සපයලා දුන්නා....

    දැන් තමයි මහත්වරුනි කතාවෙ හොදම හරිය... එදා රාත්‍රියෙ මං දැක්කා ඔහුගෙ කාමරයෙ විදුලි බුබුල දල්වලා තියෙන හැටි. ඉතින් මං හිතුවා ඔහුට කතාකරලා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කලොත් හොදයි කියලා. එහෙම හිතලා මං ගිහින් ඔහුගෙ කාමරයෙ දොරට තට්ටු කළා. කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. දොර අගුළු දාලා නොතිබුනු හින්දා ඊළඟට මං දොර ඇරගෙන කාමරයට ඇතුළු උනා. එතකොට මං දැකපු දේ ඔබ විස්වාස කරන්නැතිවෙයි හෝම්ස් මහත්මයා... ඔහු කාමරයෙ ඇතුළෙ හිටියෙ නෑ... හෝටලයෙ කොහෙවත් ඔහු හිටියෙ නෑ... මං සේවකයන්ට එන්න කියලා හැමතැනම සෝදිසි කළා. ඒත් ඔහු ගැන කිසිම තොරතුරක් තිබුන්නෑ. ඊළඟට මං cctv කැමරා පරික්ෂා කරලා බැලුවා.... දෙවියනේ මේ මනුස්සයා කාමරයට ඇතුලු උනාට පස්සෙ කිසිම වෙලාවක කාමරයෙන් පිටතට ඇවිත් නෑ. ඒ කාමරය තියෙන්නෙ හෝටලයෙ තුන්වැනි තට්ටුවෙ. ඔහුට පිටවෙන්න කිසිම ක්‍රමයක් නෑ. ඔහු කාමරේ ඇතුලෙ වාශ්ප වෙලා ගිහින්, හරියට නිකන් දුමක් වගේ...."

    සුමුදු ගල්මල් මහතා ඇස් ලොකු කරගෙන අප දෙස බලාසිටියේ අටපට්ටමට නැවතත් ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස තේරී පත් වූ බව දැනගත් කලෙක මෙනි. නමුත් කිසිදු අමුත්තක් නොපෙන් වූ හෝම්ස් සුමුදු මහතාගෙන් මෙසේ විමසුවේ ය.

    "මං හිතන්නෙ සුමුදු මහත්තය, ඔබේ හෝටලයෙ ලොග් පොත්වල මේ අමුත්තගෙ නම සටහන් වෙලා ඇති." එවිට සුමුදු මහතා ඊට පිළිතුරු දුන්නේ කණස්සල්ලෙනි.

    "කණගාටුයි හෝම්ස් මහත්මයා ඔහු එක්වරම මුදල් සියල්ල ගෙවපු නිසා පිලිගැනීමේ නිළධාරියා ඔහුගේ විස්තර සටහන් කරගැනීමට උනන්දු වෙලා නෑ. ඔහු ඒක අමුත්තා යද්දි කරන්නයි හිතලා තියෙන්නෙ. ඒ වගේම මං ඔබලාට කියන්න ඕනෙ ඔහුගෙ අතුරුදන් වීමෙන් පස්සෙ මං හෝටලයෙ සේප්පු පරික්ෂා කරලා බැලුවා. නමුත් මුදල් හෝ වෙන කිසිම දෙයක් අතුරුදන් වෙලා නෑ. ඉතින් මං ඔහු ගැන වැඩිදුර හොයන්න උනන්දු උනෙත් නෑ. කොහොමහරි ඔය සිදුවීම කාලයක් යද්දි මටත් අමතක වෙලා ගියා."

    ඒ ඇසූ හෝම්ස් දෑස් අඩවන් කරගෙන කල්පනාවට වැටුණු අතර සුමුදු මහතා නැවතත් තම කතාව ආරම්භ කළේ ය.

    "මේක තමයි හෝම්ස් මහත්තයා කතාවෙ වැදගත්ම කොටස. ගිය අවුරුද්දෙ.. ඒ කියන්නෙ ඔය සිදුවීම උන දවසට හරියටම අවුරුද්දකට පස්සෙ... එක දවසක්වත් කලින්වත්, පස්සෙවත් නෙමෙයි... හරියටම ඒ දවසෙ... එදා මං මගෙ පෞද්ගලික කටයුත්තකට හෝටලයෙන් පිටට ගිහින් හිටියෙ. ඒවගෙම කලින් අවුරුද්දෙ හිටපු පිලිගැනීමේ නිළධාරියා ඒ වෙද්දි සේවයෙන් ඉවත් වෙලා. එදා හවස මං නැවත හෝටලයට ආවහම අලුත් පිළිගැනීමේ නිළධාරියා ආවා මං ළඟට...

    ඔහු ඇවිත් මට කිව්වා 'සර් අද මාර මනුස්සයෙක් ආවනෙ... මිනිහා අංක 04 කාමරයට සම්පූර්ණයෙන්ම සල්ලි ගෙව්වා... රෑට කෑම එපා කිව්වා... ඒක නෙමේ මරු සිද්ධිය... මිනිහා මගෙන් ඉල්ලුවා දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි.......'

    ඔහු කතාව ඉවරකරනකම්වත් මං හිටියෙ නෑ හෝම්ස් මහත්තයා. මං කෙලින්ම දිව්වා අංක 04 කාමරයට. ඒත් කිසිම වැඩක් නෑ. හැමදෙයක්ම කලින් විදිහමයි. දෙවෙනි පාරටත් ඒ මනුස්සයා අතුරුදන් වෙලා... හරියට හොල්මනක් වගේ. කිසිම හොරකමක් වෙලා නෑ. cctv කැමරාවල කිසිම දෙයක් නෑ. කලින් වගේම පිළිගැනීමේ නිළධාරියා ඔහුගෙ විස්තර ලියාගෙනත් නෑ. ඒත් ඔහු අතුරුදන් වෙලා... කලින් වගේම. හැමදෙයක්ම ඒ විදිහමයි. cctv කැමරාවල සටහන් වෙලා තිබ්බ ඔහුගෙ පෙනුමවත් චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. ඒ ඇදුම්මයි. ඒ සූට්කේස් එකමයි. ඒත්... ඒත් ඒ මිනිහා අතුරුදන් වෙලා. හරියට අපායට ඇදන් ගියා වගේ..."

    සුමුදු මහතා තම කතාව අවසන් කරන තුරු අවධානයෙන් බලා සිටි හෝම්ස් අනතුරුව කතා කරන්නට පටන් ගත්තේය. "මට බොහොම කණගාටුයි ගල්මල් මහත්මයා ඔබට මුහුණ දීමට සිදුවුනු සිදුවීම පිළිබඳව. මට තේරුම් ගන්න පුළුවන් ඔබ ඉන්න තත්වය. ඒත් මං දැනගන්න කැමතියි ඒ ගැටලුවෙදි මං ඔබට උදව් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා..."

    "මේකයි හෝම්ස් මහත්තයා. මේ මනුස්සයා වාර්ෂිකව මේ වැඩේ කරනවනම්, මේ අවුරුද්දෙ හෙට තමයි ඔහු මගේ හෝටලයට පැමිණිය යුතු දවස. ඔහු කලින් අවුරුදු දෙකේම ආවනම්, හෙටත් එයි කියලා මං හිතනවා..."

    සුමුදු මහතා කී දෙය අවබෝධ කොටගත් ඔබ හිස සළා ඉඟිකළ හෝම්ස් ඉන්පසුව මෙසේ පැවසුවේ ය.

    "හරි මහත්තයා, හෙට උදේම මමයි මගේ මිත්‍ර වොට්සනුයි ඔබේ හෝටලයට එනවා. මං මගේ සැළසුම එතනදි ඔබට කියන්නම්. මං හිතන්නෙ මං මේ ගැන තවත් ගැඹුරට කල්පනා කළ යුතුයි..."

    හෝම්ස්ගේ වදන් ඇසූ සුමුදු මහතා ගල්වැලි ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කළ බව දැනගත් වැලි ජාවාරම්කරුවෙකු මෙන් සැනසුම් සුසුමක් හෙළූ අතර ඔහුගේ හෝටලයේ ලිපිනය ලබා දී, අපට ස්තූති කර පිටත්ව ගියේ ය. සුමුදු ගල්මල් මහතා පිටව යාමෙන් පසුව කල්පනා ලොව මල් වනේ මල් පැළවලට පොහොර දමන්නට ගිය කලක මෙන් කල්පනාබරිත වූ හෝම්ස් නැවත් පියවි සිහියට පැමිණියේ රෑ කෑමෙන් අනතුරුව අප සංගීතේ නරඹමින් සිටින විටදී ය.

    මෙම සිදුවීම පිළිබඳව මගේ නිගමනය හෝම්ස්ට පැවසීමට මම එය අවස්ථාව කොට ගතිමි. "මං හිතන විදිහට හෝම්ස් මේ මනුස්සයා ගාව හැරී පොටර්ගෙ අදිසි කබාය තියෙනවා. මිනිහා ඒක පෙරවගෙන නොපෙනී යනවා ඇති. එහෙමත් නැත්තන් බිල්බො බැගින්ස්ගෙ බල මුද්ද දාගෙන නොපෙනි යනවා වෙන්ඩත් පුළුවන්. ඒත් නැත්තන් මේ මනුස්සයා නිව්ට් ස්කැමැන්ඩර් වගේ සූට්කේස් එක ඇතුලෙ තියෙන ලෝකෙකට යනවා ඇති."

    "ඕවා මහ විකාර කතා වොට්සන්... ඕවා ඇත්තටම වෙන්ඩ පුළුවන් දේවල් නෙමේ. මං නම් හිතන්නෙ මේ මනුස්සයා මෙට්‍රික්ස් එකේ වගේ දුරකථනය හරහා ගමන් කරනවා ඇති." එසේ පැවසූ හෝම්ස් නැවතත් කල්පනාවට වැටුණු අතර මම ඔහුට කල්පනා කරන්නට ඉඩ දී දෙවෙනි ඉනිම බලන්නට පටන් ගත්තෙමි.

    * * * * * * * * * * * * *

    පසුදින උදෑසනම හෝම්ස් සහ මම රෝද තුනේ ලොකු පියාජියෝ ත්‍රීවිල් රථයක නැගී සුමුදු ගල්මල් මහතාගේ හෝටලය වෙතට ගමන් කළේමු. එය ඉපැරණි මන්දිරයක් ප්‍රතිසංස්කරණය කොට ගොඩනැංවූ හෝටලයක් බව ගොඩනැගිල්ල දෙස හෙළූ එක බැල්මකින්ම අපට වටහාගත හැකිවිය. අපව සාදරයෙන් පිළිගත් සුමුදු මහතා අපට කෝපිවලින් සංග්‍රහ කළ අතර, ඒවාට සීනි දමා නොතිබූ බැවින් මේ ඊයේ හඩ්සන් මහත්මියගේ සීනි නැති කෝපි බොන්නට දීම වෙනුවෙන් දුන් රිටන් එකක් බව හෝම්ස් සහ මම වටහාගත්තෙමු.

    කෙසේවෙතත් අද්භූත අමුත්තාගේ cctv දර්ශන පරික්ෂා කළ හෝම්ස් ඉන් අනතුරුව ඔහුගේ සැලැස්ම අප හමුවේ හෙළි කළේ ය. ඔහුගේ සැලසුම අනුව අද්භූත අමුත්තා එන විට හෝටලයේ පිළිගැනීමේ නිළධාරියා ලෙස සිටිය යුත්තේ මාය. මා අමුත්තා ඉල්ලන දේ සපයා දී ඔහුව අංක හතර කාමරයට කැඳවාගෙන යා යුතුය. ඉන්පසුව ඉතිරි වැඩ කටයුතු හෝම්ස් සහ සුමුදු මහතා බලාගන්නවා ඇත.

    හෝම්ස්ගේ සැලසුම අනුව සියළු දේ සූදානම් කර මම පිළිගැනීමේ කාර්‍යාලයට වී සිටියෙමි. සවස තුන පමණ වන විට හෝටලයට ඇතුළු වූයේ සිහින් උස ශරීරයක් ඇති වයස හතළිහක පමණ පුද්ගලයෙකි. ඔහු හැද සිටියේ කළු පැහැති කලිසමක් හා කබායකි. ඔහුගේ සපත්තු යුගලයද දීප්තිමත් කළු පැහැයෙන් ඔප දමා තිබුණි

    කිසිදු චකිතයකින් තොරව මා වෙත පැමිණි අමුත්තා මෙසේ විමසා සිටියේ ය.

    "මට මේ හෝටලයෙන් කාමරයක් ගන්න පුළුවන්ද ?"

    සියල්ල සුමුදු මහතා පැවසූ ආකාරයෙන්ම සිදු විය. අංක 04 කාමරය වෙනුවෙන් සම්පුර්ණ මුදලම ගෙවූ අමුත්තා දොඩම් ඇට පහද, තංගුස් නූල් කැබැල්ලද, ඉරටු කෑලි දෙකද ඉල්ලා සිටියේ ය. ඒවා කාමරයට ගෙනැවිත් දෙන පොරොන්දුව මත මම අමුත්තා කැඳවාගෙන අංක 04 කාමරය වෙත පිය නැඟුවෙමි.

    මගේ පිටුපසින් අමුත්තා කාමරයට ඇතුළු වූ සැනින්ම ක්ෂණිකයකින් නැවත පිටුපසට පිනූ මා කාමරයේ දොර ඇතුළතින් අඟුළු ලා යතුර සාක්කුවේ දමා ගත්තේ අමුත්තාට සිදුවන්නේ කුමක්දැයි සිතීමට හෝ අවකාශයක් ලබා නොදෙමිනි. එවිටම කාමරය තුළ තමා සැඟවී සිටි තැන්වලින් හෝම්ස් සහ සුමුදු මහතා එළියට පැමිණියේ ඔහු සෑම පැත්තෙන්ම කොටු වී ඇති බව අමුත්තාට තේරුම් ගැනීමට ඉඩ හරිමිනි. නමුත් කිසිදු චකිතයක් හෝ අමුත්තක් නොපෙන්වූ අමුත්තා කිසිවක් සිදු නොවුනාක් මෙන් තම සූට්කේසය මේසය මත තබා ඒ අසළ වූ පුටුවේ වාඩි වී අපදෙස බලා සිටියේ ය. මීළඟට ඉදිරියට අඩියක් තැබූ සුමුදු මහතා ආචාරශීලී ලෙස මෙසේ විමසා සිටියේය.

    "මහත්මයා... මුලින්ම කියන්න ඕනි මේ වැඩේට සමාවෙන්න ඕනි. මමයි මේ හොම්ස් මහත්තයයි මේ වැඩේ කළේ අවුරුදු දෙකක් තිස්සෙ මගේ හිතේ තිබ්බ විසඳගන්න බැරි ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න වුවමනා නිසා. අපිට ඔබතුමා ගැන සැකයක් අවිශ්වාසයක් නෑ...ඔබතුමා හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි. නමුත් මේ හිටි හැටියේම අතුරුදන් වන විදිය, ඇයි හැම අවුරුද්දෙම එකම දවසෙ ඔබතුමා එන්නෙ කියන දේවල් මං හිතනව මේ හෝටලේ කළමනාකාර තුමා විදියට මං දැනුවත් වෙන්න ඕනි කියල"

    සුමුදු මහතා දෙස බලා සිනාවක් පෑ අමුත්තා කිසිවක් නොපවසා තම සූට්කේසය විවෘත කළේ ය. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ සූදානමින් මම සාක්කුවේ වූ මගේ හමුදා රිවෝල්වරය වෙතට අත පෙව්වෙමි. හෝම්ස්ද දමා ගැසීමට සූදානමින් අසළ තිබූ පුටුවක් වෙතට තම දෑත් යවනු මම ඇස් කොණකින් මෙන් දුටුවෙමි. නමුත් කිසිදු කළබලයක් නොකළ අමුත්තා තම සූට්කේසය තුළින් පිටතට ගත්තේ කෑලි පහේ ලොකු ටෝච් එකක් සහ තරමක් විශාල ඉටිපන්දමකි. ඉනපසුවය ඔහු තම කතාව ආරම්භ කළේ.

    "හොඳමයි මහත්වරුනි. ඔබලා මගෙ රහස ආසන්නයටම ආවා. ඇත්තෙන්ම ඔබලා මගෙ රහස දැනගත්තා කියා කාටවත් හානියක් සිදුවන්නේ නැහැ. ඉතින් මං සියළුම දේවල් ඔබට හෙළිකරන්නම්...

    මගේ නම බොරළුගොඩ. එතකොට මහත්වරුනි අපි දැන් මේ ඉන්නේ මගේ පවුලට අයිති බොරළුගොඩ මන්දිරයෙ. මං කුඩා කාලයෙ ඇති දැඩි උනේ මේ මන්දිරයෙ. මේ හැම කාමරයක්ම පඩි පේළියක්ම මං අඳුරනවා. මං කුඩා කාලයෙදි මගෙ පියා මේ ගරාවැටුණු මන්දිරය විකුණලා අපිවත් අරන් විදේශගත උනා. ඉන්පසුව තමයි මේ මන්දිරය අලුත්වැඩියා කරලා හෝටලයක් ආරම්භ කළේ..."

    මීළඟට හිඳ සිටි තැනින් නැඟිට ගත් අමුත්තා කාමරයේ එක කොණක වූ බිත්තියක් වෙත ඇවිද ගියේ ය. බිත්තියේ නිශ්චිත ස්ථාන දෙකක් සොයාගත් ඔහු ඒවාට දෑත් තමා වැරෙන් තල්ලු කළ අතර එතැනින් බිත්තිය විවර වී කුඩා දොරක් මතු වූයේ අප තිදෙනා විස්මයෙන් බලා සිටිද්දී ය. අප තිදෙනාම ඒ දොර වෙතට ගමන් කළ අතර අමුත්තා තම අතේ වූ කෑලි පහේ ටෝච් එක ඒ තුළට එල්ල කළ අතර ඒ තුළින් පහළට දිවෙන පඩි පේලියක් අපට දැකගත හැකි විය.

    "ඉතින් මහත්වරුනි, මේ තියෙන්නෙ මං හැමදාම මේ කාමරයෙන් පිටවෙන රහස් දොරටුව. මේ රහස් මාර්ගය දෙවෙනි තට්ටුවට හා පළවෙනි තට්ටුවටත් සම්බන්ධ වෙනවා. නමුත් මං හිතන විදිහට මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරද්දි ඒ දොරටු දැන් වැහිලා ගිහිල්ලා. මේ රහස් මාර්ගය දිගේ පහළටම ගිහාම හම්බෙනවා උමගක්. ඒ උමගෙ එකතැනක තමා තියෙන්නෙ මගෙ සීයගෙ සොහොන. මං දන්නෑ ඒ සොහොන උමගක් ඇතලෙ තියෙන්නෙ ඇයි කියලා. ඒත් අද තමයි මගෙ සීයා මියගිය දවස. මං විදේශගතව ඉදලා ආපහු ලන්ඩනයට ආවට පස්සෙ හැම අවුරුද්දෙම මේ දවසෙ ගිහින් සීයගෙ සොහොන ළඟ ඉටිපන්දම් පත්තු කරනවා." ඔහු පැවසූයේ මේසය මත වූ විශාල ඉටිපන්දම පෙන්වමිනි.

    "ඒ උමග නගරයේ කෙළවරකට යනකම්ම දිවෙනවා. ඉතින් මං ඒක හරහා ගිහින් මෙතනින් පිටවෙනවා. ඔන්න ඕකයි මහත්වරුනි මගෙ කතාව. ඇත්තෙන්ම මට කණගාටුයි මගේ වැඩ නිසා ඔබ අපහසුතාවට පත් වුනාට."

    "එහෙනම් ඇයි ඔබ උමගෙන් පිටවෙන මාර්ගයෙන්ම ඒකට ඇතුළු වෙන්නැත්තෙ. ඇයි හෝටලය හරහම එන්නෙ..." ඒ ප්‍රශ්නය නැඟුවේ සුමුදු මහතා ය.

    අමුත්තා එයට පිළිතුරු දුන්නේ මද සිනාවක් සමඟිනි. "මට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ... ඒක මගෙ ආසාව... මගෙ පොඩිකාලෙ මතක මේ හෝටලයෙ තියෙනවා. ඉතින් මං කැමතියි අවුරුද්දකට දවසක් හරි මේ හෝටලයට, මේ කාමරයට එන්න..."

    මෙතෙක් වේලාවක් නිහඬව සියල්ලම අසා සිටි හෝම්ස් තම කටහඬ අවදි කළේ ඒ මොහොතේ ය.

    "හරි බොරළුගොඩ මහත්මයා, ඔබ අතුරුදන් වුන විදිහ දැන් අපිට පැහැදිලියි. ඒත් ඇයි ඔබ දොඩම් ඇට පහකුයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලකුයි, අඩියෙ ඉරටු කෑලි දෙකකුයි ඉල්ලුවෙ..."

    අමුත්තා එයට පිළිතුරු දුන්නේ නැවතත් සිනාසෙමිනි.

    "ඔය අවුරුදු දෙහෙකට කලින්නෙ. එතකොට අපේ පොඩි එකා හිටියෙ එක වසරෙ. ඉතින් එයාගෙ ඉස්කෝලෙ ටීච කියලා සදුදා එනකොට මදටිය ඇට පහකුයි, ඉරටු මිටි බදින්න ඉරටු කෑලියි, නූලුයි ගේන්න කියලා... මට මඟදි ඒවා ගන්න අමතක උනා. හෝටලේට ආවට පස්සෙයි මතක් උනේ. ඉතින් මේ ටවුමෙ මදටිය ඇට හොයාගන්න නැති නිසා මං කළමනාකාරතුමාගෙන් ඉල්ලුවා දොඩම් ඇට පහකුයි, ඉරටු කෑලි ටිකකුයි, නූල් කෑල්ලකුයි ගෙනත් දෙන්න කියලා... ඔන්න ඕකයි උනේ"

    "හරි මහත්තයා. ඒ පළවෙනි වතාවෙනෙ... එතකොට අනිත් අවුරුදු දෙකෙත් ඔබ ඇයි ඒ බඩු ටිකම ඉල්ලුවෙ..."

    හෝම්ස්ගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර අමුත්තා ලැජ්ජාවෙන් බිම බලාගෙන සිනාසුණේ ය. මීළඟට කටහඬ අවදි කළ ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය.

    "දන්නැද්ද මහත්මයා, මේ දවස්වල වියදම්වල හැටියට හෝටලේකට මෙහෙම වියදම් කරන්නත් අමාරුයිනෙ... ඉතින් මං හිතුවෙ මං හැම අවුරුද්දෙම මේ හෝටලේට එන හින්දා මට ඩිස්කවුන්ට් එකක්වත් දාලා දෙයි කියලා...

    ඒක හින්දාමයි මං ගිය අවුරුද්දෙ ඇදන් ආපු ඇදුමම ඇදන් ආවෙ එතකොටවත් මාව අඳුනගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් අර පිළිගැනීමේ නිළධාරියා මාව අඳුනගත්තෙ නෑ. ඊටපස්සෙ මම අර දොඩම් ඇටවලයි ඉරටු කෑලිවලයි කතාව කියලා බැලුවා එතකොටවත් මාව මතක් වෙයි කියලා හිතලා. කොහෙද මේ යකාට ඒත් මාව මතක් උන්නෑනෙ...."

    -නිමි-

    උපුටාගැනීමකි.
     
    • Like
    Reactions: Dishta Didin

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :cool::cool::cool::cool:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    ඒක ජාතික ප්‍රශ්නයක් වෙලානෙ තිබුනෙ.
    ....
    කොහෙද මේ යකාට ඒත් මාව මතක් උන්නෑනෙ...."

    -නිමි-

    උපුටාගැනීමකි.

    :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    === ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලයි, අඩියෙ ඉරටු කෑලි දෙකයි ඉල්ලාගෙන A/C කාමරයට පැමිණි අමුත්තාගේ අභිරහස ===
    ____________

    .....................

    :lol: