ගොඩක් තැන් වල ඔය සීන් එක තියෙනවා.. ගොඩක් උන් ළග හයර් (රු. 100 ට අඩු) යන්නෙ නැහැ. බැහැ කියල කියනවා. හදිස්සියකට වුනත් යන්නෙ නැහැ. මම දවසක් ත්‍රීවීල් එකකට නැගලත් අහවල් තැන කිව්වම යන්නෙ නැහැ බහින්න කිව්වා ඒ රියදුරු මහතා... ඒ මහත්තුරු හරිම ලොකු සීන් එකෙන් ඉන්නෙ. ඒ වගේ වෙලාවට පාරෙ යන මීටර් ටැක්සියක් නතර කරාම ඒ මීටර් ඩයල් එකට අර මහත්තුරු කුනුහරපෙන් බනිනවා.. ඒ කියන්නේ මීටර් ටැක්සි වලින් හයර් යෑම නරක වැඩක්... අසභ්‍ය වැඩක් වගේ.. අර මහත්තුරු හන්දියෙ ත්‍රීවීල් එක තියන් ඉන්නෙ හයර් යන්න නෙමෙයි.. හයර් යෑම ඒ මහත්තුරුන්ගෙ තත්ත්වෙට හොද මදි. විශේෂයෙන්ම පොඩි පොඩි හයර් යෑම..
මට හැමදාම කොහෙ හරි ගිහින් කොට්ටාවෙන් බැහැල බංගලාවත්තට යන්න ඒ ක්ි.මී. 2 පයින් යන්නම වෙනවා.. මේ කොට්ටාවෙ ත්‍රීවිල් මහත්තුරු ඒ හයර් යන්නෙ නැහැ. රු. 80 ක හයර් එකක් යෑම ඒ මහත්තුරුන්ට මදි කමක්. ඉතින් ඒ මහත්තුරුන්ගේ මෑණියන් සිහි කරගෙන මම පයින් යනවා...