රාගය_අවුස්සන අලි පේර !

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රාගය_අවුස්සන අලි පේර !

    රාගය අවුස්සන අලි පේර !




    avocado-cut.jpg
    '



    මානව ඉතිහාය පුරාම ගැහැනු පිරිමි බේදයකින් තොරව අතිශයින්ම අගය කළ රසවත්ම පලතුරකි අලි ගැට පේර.

    අලි ගැට පේර සම්බන්ධයෙන් පවතින කැමැත්ත හා එහි ඇති සුවිශේෂිත්වයන් ගැන පරීක්ෂණයක් කළ ස්වභාවික ආහාර පිළිබඳ විශේෂඥ වරියක වන අමෙරිකානු ජාතික මාර්තා හොප්කින්ස්, ඇය විසින් සම සංස්කාරකත්වය දැරූ the new intercourses: an aphodisiac cookbook කෘතියෙහි අලි ගැට පේර ලිංගික පෙළඹුමක් ඇති කරන වාජිකරන ඖෂධීය ගුණයකින් යුතු මහාර්ඝ පලතුරක් බව සඳහන් කොට ඇත.

    විශේෂයෙන්ම පුද්ගල හැගීම් වඩාත් සංවේදී වී ආදරණීය හැගීම් පහලවීම කෙරෙහි වැඩි බලපෑමක් සිදු කිරීමට අලිගැට පේර වලට හැකි බව ඇය පෙන්වා දෙයි.

    එමෙන්ම අලිගැට පේර ක්‍රීම්කර ශරීරයේ ගැල්වීමෙන් සම සංවේදී හා සුමුදු වීම රූපලාවන්‍ය ගැන උන්නදු වන කවුරුත් දන්නා දෙයකි. හොප්කින්ස් පෙන්වා දෙන්නේ අලි පේර වලින් නියම ගුණය ලැබීමට නම් එය ආහාරයට ගැනීමේදී රට කජු, කිතුල් පැණි ආදී වාජිකරන ගුණයන්ගෙන් යුත් වෙනත් දෑ සමග සලාදයක් ලෙස සකසා ගැනීම වැදගත් බවය.

    ආයුර්වේදයට අනුව අලිගැට පේර කෙට්‍ටු අය මහත් කරන්නට සමත් පලතුරකි.

    ඇඟ සිසිල් කරවන්නකි.බඩ දැවිල්ල නසන්නකි. ලේ වඩවන්නකි.සමේ රෝග වලට ගුණ දායකය. හිසකේ වඩවයි. අධික තෙල් සහිත ආහාරයක් වූවද කොලෙස්ට්‍රෝල් වැඩිවීම කෙරහි බලපෑමක් නැත.

    ශ්‍රි ලංකාව වෙත මෙම බෝගය හදුන්වා දුන් වකවානුව කවදාද යන්න නිශ්චිතව පැවසිය නොහැකි වුවත් අලිගැට පේර මෙරටට හදුන්වා දීමේ අවස්ථාවක් පිළිබදව පළමුවරට වාර්තා කර ඇත්තේ 1927 වසරේදීය.

    කෙසේ වුවද වසර 250කට වඩා පෙර යුගයේදී ලන්දේසීන් සමග මෙරටට අලිගැට පේර පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.




    සුජය

    SLM






    :cool::cool::cool:;););)