රාජකීය කුපාඩියෝ
ඉස්කෝලේ කොඩියෙන් අදුන ගන්න.
මහා ක්‍රිකට් තරගවල ප්‍රචාරක කටයුතුවලට යෑයි කියමින් ප්‍රධාන පෙළේ බාලිකා පාසල් තුනකට කඩා වැදී ශිෂ්‍යාවන්ට හිරිහැර කරමින් අශෝභන ආකාරයට හැසිරුණු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යයන් තිස්‌දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ (29 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන පසුව දෙමව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසු මුදා හැර ඇත.
අශෝභන ආකාරයට හැසිරෙමින් බාලිකා පාසල්වලට කඩා වැදීමෙන් වළකින ලෙස මේ පිරිමි විද්‍යාලවලට පොලිසිය පසුගිය දින කීපය තිස්‌සේම මාධ්‍ය හරහා දැඩි ලෙස අවවාද කර සිටියේය.
එහෙත් එම අවවාද කිසිදු ගණනකට නොගත් මෙම ශිෂ්‍යයන් බාලිකා පාසල්වලට කඩා වැදී ඉතාම අශෝභන ආකාරයට හැසිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පැවසීය.
ඊයේ (29 දා) පෙරවරුවේ මෙම ශිෂ්‍යයන් බාලිකා පාසල්වල තාප්ප මතින් ඇතුළුවී පාසල් කොඩි රැගෙන ශිෂ්‍යාවන්ට හිරිහැර වන අන්දමට හැසිරී ඇත. පසුව එම බාලිකා පාසල්වල විදුහල්පතිවරුන් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම ශිෂ්‍යයන් පොලිස් භාරයට ගෙන තිබිණි.