රාජපක්ෂලාගේ කෝටි 1250ක චෙක්පත් ගැන HNB යට අධිකර&#349

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    රාජපක්ෂලාගේ කෝටි 1250ක චෙක්පත් ගැන HNB යට අධිකර&#349

    රාජපක්ෂලාගේ කෝටි 1250ක චෙක්පත් ගැන HNB යට අධිකරණ නියෝගයක් !

    ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන අය ඇතුළු නිලධාරීන් කීපදෙනකු බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් හා තවත් පුද්ගලයන් කිහිපදෙනකු භාරයට පත් කිරීමේ සිද්ධියට අදාළව බැංකු ගිණුම් වාර්තා වහා ලබා දෙන ලෙසට පෞද්ගලික බැංකුවක සභාපතිවරයාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (23) නියෝග කළේය.

    අදාළ බැංකුව මෙම ගිණුම් වාර්තා ලබාදීම ප්‍රතික්ෂ්‍රේප කරමින් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂ්‍රේප කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව විමර්ශනවලට සහායවීම සඳහා සුදුසු ආඥා නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා බැඳි සිටින බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසිය වෙත අදාළ තොරතුරු ලබාදීම සඳහා ඉකුත් 2වන දින බැංකු ආඥා පනත අනුව නියෝග නිකුත් කර ඇති බවත් එය අවලංගු කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ බැංකුවේ සභාපතිවරයාට මෙම ‍නි‍යෝගය නොපමාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළේය.

    වර්ෂ 2014 දෙසැම්බර් මස සිට 2015 ජනවාරි දක්වා කාලයේ දී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් හා තවත් කිහිපදෙනකු භාරයට පත්කිරීම මඟින් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ‍යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධව විමර්ශන සඳහා බැංකු ලේඛන පරීක්ෂාව සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට විශේෂ පොලිස් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

    නො. 118/2 , විර උදිත මාවත, හැඩිගම, පිළියන්දල පදිංචි දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක යන අය 2016/5/9 දින පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

    වර්ෂ 2014 දෙසැම්බර් කාලයේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් යන අය අරලියගහ මන්දිරයෙන් ලබා දුන් මුදල් යොදවා FAW වර්ගයේ කෲ කැබ් රථ 18ක් සුගත් රොහාන් ලොකුමුදලි විසින් මිල දී ගෙන ඇති අතර ඔහු විසින් පවත්වාගෙන යන ලද ව්‍යාපාර මඟින් මෙම වාහන මිළ දී ගත් බව ඇඟවීම සඳහා සැලසුම් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය.

    ඒ අනුව 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව කැබ් රථ 18න් 17ක්ම විකුණා මුදල් කර ගැනීමට කටයුතු කර බවට ද පැමිණිල්ලේ සඳහන්ය.

    තවද හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් ලබා දුන් චෙක්පත් පැමිණිලිකරු හා රොහාන් ලොකුමුදලි විසින් මාරු කර රුපියල් කෝටි 20ක් ලබා ගත් බවත් ලංකා බැංකුවෙන් චෙක්පත් 5ක් , එච්.එස්.බී.සී බැංකුව චෙක්පත් 4ක්, කොමාර්ෂල් බැංකුව චෙක්පත් 3, සම්පත් බැංකුව චෙක්පත් 4ක් , හැටන් නැෂනල් බැංකුව චෙක්පත් 4ක් හා මහජන බැංකුව චෙක්පත් 5ක් මාරු කර බවට පැමිණිලි කරු සඳහන් කර සිටී.

    මෙසේ මාරු කළ කෝටි 1250ක් රොහාන් ලොකුමුදලිට අයත් කේ.ජේ 6434 දරණ වාහනයේ රැගෙන ගොස් අරලිය ගහ මන්දිරයේ බණ්ඩාරට භාර දුන් බවත් තුෂාර යන අය ද එම ස්ථානයේ සිටි බවට පැමිණිලිකරු පවසා සිටි.

    මෙසේ ගෙන ගිය කෝටි 2 1/2 මුදලක් අරලිය ගහ මන්දිරයට භාර නොදී එම මුදල පැමිණිලිකරු ලවා සුගත් රෝහණ ලොකු මුදලි පවත්වාගෙන ගිය නිම්සර එන්ට්‍රප්‍රයිසස් නමින් වු ගිණුමට එදිනම තැන්පත් කළ බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. :lol:

    වර්ෂ 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් දින කිහිප‍යකට පසු රොහාන් ලොකුමුදලි යන අයගේ උපදෙස් මත අරලිය ගහ මන්දිරයට ගොස් එහි සිටි අමිල නමින් හඳුන්වන පුද්ගලයකු හරහා ඡායා පිටපත් යන්ත්‍ර දෙකක් පී.ඊ. 1134 දරණ වෑන් රථයේ දමාගෙන ලොකු මුදලි පවත්වාගෙන ගිය කොස්වත්ත බත්තරමුල්ල පිහිටි ප්‍රෙස්කෝ ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙත භාර දුන් බවට ද පැමිණිල්ලේ සඳහන්ය.

    මිට අමතරව ලක්ෂ 500 බැගින් වු චෙක්පත් දෙකක් හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ට හා රොහාන් ලොකු මුදලි වෙත ලබා දුන් බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

    මෙය 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 හා 389 යටතේ වරදවල් බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

    සිද්ධියට අදාළව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්, සුගත් රොහණ ලොකු මුදලි , ඒ.එම්.එම්.බී. අබේසිංහ,එම්.කේ .ධනුෂ්ක ලක්ෂාන්, කොළඹහේවගේ තුෂාර හා වී.කේ‍.විජේසිංහ යන අයගේ විදේශ ගමන් ද 2016/5/17 වන දින අධිකරණය මඟින් තහනම් කර තිබේ.

    සිද්ධියට අදාළව සී.ආර්. 2/89/2016 යටතේ උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නීතිපති උපදෙස් අනුව චෙක්පත් සම්බන්ධව තවදුරටත් විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.

    මේ අනුව වර්ෂ 2014 /11/20 සිට 2015/1/8 දක්වා කාලයේ දී මිලියන 10කට අධික වටිනාකමින් යුතු චෙක්පත් සම්බන්ධ ගනුදෙනුවලට අදාළ තොරතුරු රහස් පොලිසිය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් 2වන දින බැංකු හා සමාගම් 39 වෙත නියෝගයක් නිකුත් කර තිබිණි.

    එම නියෝගය අවලංගු කරන ලෙසට හැටන් නැෂනල් බැංකුව කළ ඉල්ලීම මත නඩුව යළි ඊයේ කැඳවනු ලැබිණි.

    මෙම නියෝගයට අනුව බැංකු ගිණුම් සම්බන්ධ විස්තර ලබාදීම ගනුදෙනුකරුවන්ගේ රාහස්‍යභාවය සම්බන්ධ ගැටලුවක් මතු වන බවත් අවශ්‍ය පුද්ගලයන් නම් කරන්නේ නම් ‍එම විස්තර ලබාදීමට කටයුතු කරන බවට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙහිදි රහස් පොලිසිය කරුණු දක්වමින් පවසා සිටියේ චෙක්පත් 82ක් මගින් විවිධ පුද්ගලයන්ට රුපියල් කෝටි 1378ක මුදලක් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවත් එහි සුලමුල සම්බන්ධ විමර්ශන කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති හෙයින් මෙම විමර්ශනය පුළුල්ව සිදු කරන බවයි.

    මහෙස්ත්‍රාත්වරයා - බැංකුවට මෙම තොරතුරු ලබා දිය නොහැකි වන්නේ ඇයි ?

    නීතිඥවරයා - මෙය ජාත්‍යන්තර මට්ටමේ පවතින බැංකුවක් විදේශිකයන් පවා ගනුදෙනු කර තිබෙනවා. ඔහුන්ගේ රාහස්‍යභාවය සම්බන්ධ ගැට්ලු මතු වෙන්න පුළුවන්.

    මුලික විමර්ශනයේ දී චෙක්පත් 14ක් හැටන් නැෂනල් බැංකුව හරහා මාරු වී ඇති බවට කරුණු අනාවරණය වන බව පැවසු රහස් පොලිසිය විදේශ සමාගම් මඟින් මෙන්ම විදේශ ගිනුම් මඟින් මුදල් හුවමාරු වී ඇති බවට කරුණු අනාවරණය වන බව පැවසීය. මුදල් මාරු කරගත් පුද්ගලයන් 8දෙනෙකු සම්බන්ධ කරුණු සඳහන් වුවත් අපට ස්ථිරව තොරතුරු අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධව දැනුම් දුන්නහොත් ඊට ක්‍රියා කරන බවට නිතිඥවරයා සඳහන් කෙළේය.

    2006 මුදල් විශුද්ධිකරණ පනතේ 16 වන වගන්ති ප්‍රකාරව රාහස්‍යභාවයට හා වෙනත් බැඳීම්වලට සිමාවන් නැති බව සඳහන් වන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට සහාය දෙන නිලධාරිවරයා වශයෙන් තමා මෙම නි‍යෝගය අවලංගු කිරීම ප්‍රතික්ෂ්‍රේප කරමින් අවශ්‍ය තොරතුරු රහස් පොලිසිය වෙත වහා ලබා දෙන ලෙසට හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා වෙත නියෝග කළේය.

    - https://sinhala.srilankamirror.com/news/13374-hnb

    - http://www.dinamina.lk/2018/07/24/පුවත්/57398/මූල්‍ය-වංචාවේ-ගිණුම්-වාර්තා-වහාම-ලබා-දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: bestdivx

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    උබත් අර රන්ජන් වගේ.:rofl:හොරකම් ගැන කියෝනවා කියෝනවා ෆයිල් අරන් FCID යනවා.ඒත් තාම උන් එළියේ:rofl:.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබත් අර රන්ජන් වගේ.:rofl:හොරකම් ගැන කියෝනවා කියෝනවා ෆයිල් අරන් FCID යනවා.ඒත් තාම උන් එළියේ:rofl:.

    ඔව්. ඒක හරි. මුන්ට් කෙල උනෙත් ඒකයි.
    කරපු හොරකම් මහ බැංකු කේස් එක වගේ පිළිවෙලට යන්නේ නෑ... මහබැංකු කේස් එක වගේ උණු උණුවෙන්ම මේකුන්ගේ හොරා කෑම් ගේම් ඩීල් හෙළි වෙන්න ඕනේ... ඒවා නැවත අයකරගන්න තැනට එනකන් පරීක්ෂණ මෙහෙයවෙන්නේ නැතුව හරියන්නෙත් නෑ
     
    Jul 17, 2018
    610
    31
    0
    එතකොට රාජපක්ෂ ගොතයත් දෂ්පොරා බැංකුවේද සල්ලි දාලා තියෙන්නේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    එකෙක් හිරේ යන්නේ නෑ. අපේ උන් උන්ටම ජන්දේ දාල හූල්ල හූල්ල ඉදි ඉස්සරට. හෑදෙන රටක් නෙමේයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබත් අර රන්ජන් වගේ.:rofl:හොරකම් ගැන කියෝනවා කියෝනවා ෆයිල් අරන් FCID යනවා.ඒත් තාම උන් එළියේ:rofl:.

    මට හිතෙන්නේ වික්කමසිංහ හොරු අල්ලන්නේ 2020 චන්දෙ දවසේ වගේ. 2014 හේ කියපු බොරු ටිකම ආයිත් මොඩ් කරන් එනවා 2020 ට. බලන් ඉදපන් මිනිස්සු ඇඳෙයි අලයක් :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට හිතෙන්නේ වික්කමසිංහ හොරු අල්ලන්නේ 2020 චන්දෙ දවසේ වගේ. 2014 හේ කියපු බොරු ටිකම ආයිත් මොඩ් කරන් එනවා 2020 ට. බලන් ඉදපන් මිනිස්සු ඇඳෙයි අලයක් :lol:
    ow dan mara hora wada thogayak ahu wela tiyenne anduwata,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තව අවුරුද්දක් විතර තියෙන්නේ ඉක්මනට ඔය ටික හොයල ඉවරන්ඩ තවත් කිය කිය ඉඳල වැඩක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිතෙන්නේ වික්කමසිංහ හොරු අල්ලන්නේ 2020 චන්දෙ දවසේ වගේ. 2014 හේ කියපු බොරු ටිකම ආයිත් මොඩ් කරන් එනවා 2020 ට. බලන් ඉදපන් මිනිස්සු ඇඳෙයි අලයක් :lol:

    පේන විදියට නම් වික්කාමසිංහලා මෛතේලා පච කෙළලා තියෙන්නේ උන් දූෂණයට විරුද්ධයි, උන් හරියට කරනවාය, නීතිය නවන්නේ නැතය, යහපාලනයක් මූල්‍ය විනයක් වෙනුවෙන් ක්‍රියා කරනවාය කියපු එක...
    එහෙම නැතුව මෝඩ මීහරක් වගේ 2015 ට කලින් පට්ට හොඳට රට පාලනය උනාය කියන තර්කෙන් කියන උන්ට කියන්න තියෙන්නේ මහින්ද මරා බවට පත් උනේ මහින්දගේම වරදක් නිසයි.
    ෆයිල් තියාගෙන බලය වෙනුවෙන් ගේම් ගහන්න උවමනාවක් ආවේ නැත්නම් මිනිස්සු කවදාවත් මහින්දව පරද්දන්නේ නෑ...

    වටේ හිටිය පාහරයින්ට ඕන විදියට පාලනය කරන්න දීලා උන් මිනිස්සු ඉවසන සීමාව ඉක්මවා බෙටි දැම්මා. ගූ ගඳ ඉවසන්න බැරිව මිනිස්සු මහින්දට මරා කියන්න ගත්තා...

    ආයෙත් මහින්දගේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයෙකුට චන්දයකින් දිනන්න පුලුවන් වෙන්නේ 2015 මහින්දව ප්‍රතික්ෂේප කරපු අයගේ චන්දේ ලැබුනොත් විතරයි...

    මරා ව එක්ස්පෝස් වෙලා ඉවරයි. 2009 වෙනකොට මහින්දව එක්ස්පෝස් උනා... සිරාගේ එක්ස්පෝස් වෙන්න දෙයක් නෑ... රනිල් ගේ ඉතුරුවෙලා තිබ්බ මිස්ටර් ක්ලීන් රෙද්දත් ඉවරයි.

    මේ ඔක්කොමලා වර්තමාන බලය සඳහා ඉන්න සටනේ ප්‍රධාන තරඟකරුවන්.
    මරාගේ එක්ස්පෝස් වීම් දකින කොට බයියෝ කිපෙනවා... රනිලාගේ එක්ස්පෝස් වීම් දකින කොට සමහරු හැංගෙනවා...
    දේශපාලු හෙංචයියෝ😂😂😂
     
    මහින්දව ගෙදර යවලා වෙනසක් බලාපොරොත්තු වෙච්ච මිනිස්සුන්ට වික්කාමසිංහ ගේ වෙනස හොදටම පෙනුනා මට හිතෙන්නේ. හොරු අල්ලන්න ආපු අයම ලොකුම හොරකම කලාම මොන කතාද? ආයිත් නම් දන්නා කාලෙක වික්කාමසින්හට දිනන්න හම්බෙන්නේ නෑ. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දව ගෙදර යවලා වෙනසක් බලාපොරොත්තු වෙච්ච මිනිස්සුන්ට වික්කාමසිංහ ගේ වෙනස හොදටම පෙනුනා මට හිතෙන්නේ. හොරු අල්ලන්න ආපු අයම ලොකුම හොරකම කලාම මොන කතාද? ආයිත් නම් දන්නා කාලෙක වික්කාමසින්හට දිනන්න හම්බෙන්නේ නෑ. :no:

    ඒක හරි.. ආයෙත් රනිල්ගේ සෙට් එකට චන්දයක් ලැබෙන එකක් නෑ රෝගේ දරුණුම සෙටාර් එක හැරුණාම...
    ඒ වගේම පුටේ ඔය සත්ගුණවත් මූණ පෙන්න පෙන්න රජ ගේම් දීපු උන්දැලා මිනිස්සුන්ගේ පාදඩ කමට චන්දේ ගත්තට හිත යටින් විඳවන තැනට එනවා.. ස්වභාව ධර්මේ හැටි.. හෙංචයියො වෙලා ඉන්න ඔය කාගේ කාගේත් හිවල්ලු ටිකට මස් කටු රහ ලොකු උනාට උන්ටත් දැනෙයි මහජන මුදල් අයුතු විදියට ගත්තානම් ඒවායේ රඟ
    ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක හරි.. ආයෙත් රනිල්ගේ සෙට් එකට චන්දයක් ලැබෙන එකක් නෑ රෝගේ දරුණුම සෙටාර් එක හැරුණාම...
    ඒ වගේම පුටේ ඔය සත්ගුණවත් මූණ පෙන්න පෙන්න රජ ගේම් දීපු උන්දැලා මිනිස්සුන්ගේ පාදඩ කමට චන්දේ ගත්තට හිත යටින් විඳවන තැනට එනවා.. ස්වභාව ධර්මේ හැටි.. හෙංචයියො වෙලා ඉන්න ඔය කාගේ කාගේත් හිවල්ලු ටිකට මස් කටු රහ ලොකු උනාට උන්ටත් දැනෙයි මහජන මුදල් අයුතු විදියට ගත්තානම් ඒවායේ රඟ
    ...

    ඔතන තනිකරම බලය අරන් හොරකන්න ගේමක් නේ යන්නේ. වික්කමසින්හය පැරදිච්ච අවරුදු ගානට හරියන්න හොරා කාලා, හෙන්චයියෝන්ටත් හොරාකන්න දුන්න.. වික්කාමසිංහ කල වැඩෙන් ආයිත් මිනිස්සු නොදන්නා එකෙක්ට චන්දෙ දෙන එක නැති වෙනවා. එතකොට හොද කෙනෙක් ආවත් ඒ මනුස්සයට තැනක් නෑ :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන තනිකරම බලය අරන් හොරකන්න ගේමක් නේ යන්නේ. වික්කමසින්හය පැරදිච්ච අවරුදු ගානට හරියන්න හොරා කාලා, හෙන්චයියෝන්ටත් හොරාකන්න දුන්න.. වික්කාමසිංහ කල වැඩෙන් ආයිත් මිනිස්සු නොදන්නා එකෙක්ට චන්දෙ දෙන එක නැති වෙනවා. එතකොට හොද කෙනෙක් ආවත් ඒ මනුස්සයට තැනක් නෑ :angry:

    මහින්ද "මරා"වෙලා ගේම් ගහනකොට උඹලා දැන් කරනවා වගේ සෙට් එකක් මරාගේ රෙදි ගැලෙව්වා.. දැන් උඹලා රෙදි ඉරනවා යහපාලන නාමයෙන් ආ බොරු කාරයින්ගේ... රනිලයි සිරායි රෙදි ගල්වගෙන ඉන්නවා..එදා මරා සිස්ටම් එක අනුමත කරපු ගොබ්බයො හිටියා,... අද වික්කාම+සිරා කරන ගොං වැඩ අනුමත කරන ගොබ්බයො ඉන්නවා....

    එදත් ගොබ්බයො නොවී අදත් ගොබ්බයො නොවී ඉන්න කුලකෙ අයට දෙපැත්තෙම ගොබ්බයො රිදවගෙන ගහනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අල්ලස් ගත්තෙ නැත්තං ජනාධිපතිවණය අස්සේ මාරු කළ කෝටි 1250 ක චෙක්පත් මොනවාද ?

    පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පිරිසක් විසින් රුපියල් කෝටි 1250 කට අධික මුදල් ප්‍රමාණයක් බැංකුවලින් බැහැර කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිණි. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරිපිටදීය.
    මෙම මුදල් බැහැර කිරීම්වලට අදාල බැංකුවල ගිණුම් වාර්තා ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන පෙළේ බැංකුවක සභාපතිවරයාට මීට පෙර නියෝග කර තිබිණි. අදාල බැංකුව ගිණුම් වාර්තා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර එම නියෝගය අවලංගු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 124 වැනි වගන්තිය ප්‍රකාරව විමර්ශනවලට සහයෝගය ලබාදීම සඳහා සුදුසු ආඥා නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා බැඳී සිටින බවයි. එම නියෝග ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, අදාල ගිණුම් වාර්තා රහස් පොලීසිය වෙත නොපමාව ලබාදීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා ඊයේ අදාල බැංකුව නියෝග කර තිබේ.

    2014 දෙසැම්බර් මාසයේදී සහ 2015 ජනවාරි මස මුල් දින කිහිපය තුළ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම රුපියල් කෝටි 1250 කට අධික මුදල බැංකුවලින් නිදහස් කරගෙන ඇති අතර ඉන්පසු එම මුදල් අරලියගහ මන්දිරය වෙත ගෙනගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ යමින් ප්‍රකාශ කරන්නේ තමන් ජනතා මුදල් තඹ සතයකදු වංචා කර නොමැති බවයි, හොරකම් කර නොමැති බවයි, අල්ලස් ලබාගෙන නොමැති බවයි. එසේ නම් ජනාධිපතිවරණ අල්ලපනල්ලේ බැංකුවලින් නිදහස් කරගත් මේ මුදල් කාගේද ? මහින්ද රාජපක්ෂගේ නොවේ නම් ඒවා අරලිය ගහ මන්දිරයට ගෙනගියේ ඇයි.

    නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා අනාවරණය කළේ හම්බන්තොට වරායේ ඉදිකිරීම් සිදුකළ චයිනා හාබර් සමාගමෙන් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණය ප්‍රචාරක කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් සන්තෝසම් වශයෙන් ලබාදී ඇති බවයි. මේ සම්බන්ධයෙන් රාජපක්ෂලා තැන තැන ප්‍රකාශ කරමින් යන්නේ එම පුවත් වාර්තා පිළිගත නොහැකි බවයි. කෙසේ වෙතත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව පිළිබඳ පැවති පාර්ලිමේන්තු විවාදයට මහින්ද රාජපක්ෂ සහභාගි වූයේ නැත. එපමණක් නොව රාජපක්ෂලා කිසිවෙකුත් සහභාගි වූයේ නැත.

    මීට අමතරව Standard Charted බැංකුව හරහා රාජපක්ෂලාට චයිනා හාබර් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 100 ක් පිළිබඳව ද හෙලිදරව් වූ අතර ඒ අදාල චෙක්පත්වල ඡායාරූප ද සමගයි. මීට අමරතව චීන සමාගමකට කොටස් අයිතිය හිමි කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම බැසිල් රාජපක්ෂට ඇමරිකානු ඩොලර් 150,000 ක මුදලක් ලබාදී ඇති අතර අදාල සමාගම එය පිළිගෙන තිබේ.

    මීට අමතරව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් සිදුකළ චීන සමාගම වන CMEC සමාගම රාජපක්ෂ රජයේ ප්‍රබලයන් තිදෙනෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 80 බැගින් ලබා දී තිබේ.

    නාමල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පුතුන් ක්‍රිෂ් ගනුදෙනුව හරහා ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 70 කි. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද ක්‍රියාත්මක වේ.

    මේ පසුගිය රජය සමයේ රාජපක්ෂලා හා සම්බන්ධ, මෙතෙක් අනාවරණය වී ඇති අල්ලස් ගනුදෙනු කිහිපයක් පමණි. චීන සමාගම් විසින් මෙරට ඉදිකිරීම් සිදුකළ සියලු ව්‍යාපෘතිවලදී රාජපක්ෂලා කොමිස් මුදල් ලබාගෙන ඇති අතර ඊට අමතරව අධිවේගී මාර්ග ඇතුලු ව්‍යාපෘති හරහා ද රුපියල් මිලියන ගණනින් කොමිස් මුදල්, සන්තෝසම් ලබාගෙන තිබේ.

    තමන් පිරිසිදු යැයි, හොරකම් නොකලේ යැයි දිවා රෑ මොරදෙන රාජපක්ෂලා ජනාධිපතිවරණය පරාජයට පත්වන බව ඉව වැටීමෙන් පසු බැංකුවලින් එළියට ඇද්දේ මේ මුදල්ය. ඒවා දුක් මහන්සියෙන් හරි හම්බකර ගත් මුදල් නොව රටේ මහජනයා සතු මුදල්ය.

    - https://lankanewsweb.net/sinhala/පු...ිවණය-අස්සේ-මාරු-කළ-කෝටි-1250-ක-චෙක්පත්-මොනවාද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751

    yako meka court eka nemeyi.:lol:
     
    Similar threads