රාජපක්ෂවරැනි..දැන් ඉතින් කොට්ට, පැදුරැ අක&#354

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රාජපක්ෂවරැනි..දැන් ඉතින් කොට්ට, පැදුරැ අක&#354

    ඌව ඡන්දය අවසන් ය. සංඛ්‍යාලේඛනවලට අනුව රාජපක්ෂ ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නමුත් රාජපක්ෂලා ඇතුලු එක්සත් ජනතා නිදහස් සංධානය මහපොළවේ දී පරාජය වී තිබේ. එය, රාජපක්ෂලාගේ ‘තග දේශපාලනයේ‘ අන්ත පරාජය කි.
    රාජපක්ෂලා ඇතුලු මේ දේශපාලකයන් ඌවේදී අත්කර ගත් පරාජය අන්ත පරාජයක් වන්නේ ඌව මැතිවරණය ආරම්භ කරන ලද්දේම ‘තග‘ දමමින් එතෙක් පැවති ආසන මට්ටම වෙනස් කරමිනි. ඉන් පසු ආණ්ඩුවේ සියලු සම්පත් මැතිවරණයට යොදා ගත්තේ ය. ආණ්ඩුවේ නිළ සහ නොනිළ සියලු මැර කණ්ඩායම් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකට ලිහා දැම්මේ ය. ආණ්ඩුවට හිතවත් නොවන සියලු පක්ෂ, කණ්ඩායම් උපරිම ලෙස විවිධ ආකාරයෙන් මර්දනය කරන්නට පසුබට වූයේ නැත. සිල් රෙද්දේ සිට ට්‍රැක්ටරය දක්වාත් අරක්කු බෝතලයේ සිට මුදල් බහා ලූ ලියුම් කවර දක්වා ත් අල්ලස් දුන්නේය. එයින් නොනැවතී, විරැද්ධ දේශපාලන කණ්ඩායම්වලට පහර දුන්නේ ය. කාර්යාල ගිනි තිබ්බේය. සියලු මැර වැඩ පොලීසියත් බලා සිටිය දී සිදු කලේ ය.
    අවසන ඡන්දය ප්‍රකාශ කරන දිනයේ එනම් ඊයේ ද බණ්ඩාරවෙල පොලිස් ස්ථානය තුළ දී නගරාධිපති චමින්ද විජේසේකරට නොසෑහෙන්න පහර දුන්නේ ත් රාජපක්ෂ ආණ්ඩුව විසින් යොදවා සිටි ඇමති ලා සහ මැතිවරැය. එපමණක් ද නොවේ, ඊයේ රාත්‍රී ජනාධිපති රාජපක්ෂ බදුල්ලේ සිටි බව බදුල්ලේ ආරංචි මාර්ග පවසා සිටියේ ය. ඔහුගේ එම හදිසි බදුලු ගමන මේ පරාජයන් හමුවේ කිසියම් වෙනත් වැඩක් සදහාවත්දැයි ඊයේ රාත්‍රී ඇතැම් පිරිස් සැක පහළ කළේය. මේ සියලු දේ එක් තැනකට ගොනු කරමින් මැතිවරණය සිදුකළ රජාපක්ෂලාට අත් වූ සංඛ්‍යාත්මක ජයග්‍රහණය, අන්ත පරාජයක් වන්නේ ඒ නිසාය.
    එය සංඛ්‍යාත්මකව මෙසේය. 2009 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී එජනිස ලබාගත් ඡන්ද ප්‍රතිශතය 72.39%කි. මෙවර(2014) 51.25%කි. මෙම සංඛ්‍යා දත්ත වලින්ම නිරෑපනය වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට 2009 දී යුද ජයග්‍රහණය ප්‍රදර්ශනය කරමින් වීරයා චරිතය රග පෑ නලුවා ට අද අත් වී ඇති ඉරණමය. එය වෙනත් අතකට කිවහොත් දැන් රාජපක්ෂලා ඇද වැටෙමින් ඇති බවය.
    ජනතා විමුක්ති පෙරමුණ ද 2009 දී රාජපක්ෂ ලා සමග එක්ව උතුරේ දෙමළා මර්දනය කරමින් ඒ ඊනියා වීරත්වය ඌවෙදී ද අළෙවි කරමින් 2009 දී ලබා ගත්තේ 2.53%කි.මෙවර(2014) 5.36%ක් ලබා ගනිමින් යම් ප්‍රමාණයක ඡන්ද ප්‍රතිශතයක් ඉහළ දමා ගෙන තිබුණත් මැතිවරණ කාලයේදී කියූ දෑ වලට ජනතාව ඔවුන්ව ඒ තරම් දුරකට ඔසවා තබා නැත. එබැවින් ඒ පිළිබදව සාකච්ඡා කරන්නට ඥාණසාරත් යන එන මල්වතු, අස්ගිරි පැත්තට ගිය හැකිය.
    රාජපක්ෂලාට අමතරව යුද්ධය අමුතු අකාරයකට නැවතත් අලෙවි කරමින්, බෝම්බ පිපුරැනු කාරයක් සමග ඌවේ ගමන් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මෙවර ලබා ගත හැකි වූයේ 0.89%ක ඡන්ද ප්‍රතිශතයකි. ය ඡන්ද වලින් නම් 6076කි. එයින් කියැවෙන්නේ ද රාජපක්ෂ සමග 2009 මැයි 20ට පෙර ‘උතුරේ ඝාතක බිම‘ මෙහෙය වූ එදා ‘වීරයා‘ යැයි දකුණේ ජාතීවාදින් නම් කරමින් සිටි ෆොන්සේකාට අද අත් වී ඇති ඉරණමය. එය රාජපක්ෂ වීරයාට දෙවැනි නැති පරාජයකි.
    කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය 2009 දී ලබා ගත් 22.32% ඡන්ද ප්‍රතිශතය,මෙවර(2014) 40.24% දක්වා වැඩි කර ගනිමින් ලංකාවේ තනි පක්ෂයක් ලෙස නැවත වරක් නැගී සිටීමේ ගතිකයන් පෙන්වා ඇත. එජාප යේ ප්‍රතිපත්ති වලට එකග වුවත් නැතත්, වර්තමාන දේශපාලන තත්ත්වය තුළ මෙන්ම එම පක්ෂයේ අභ්‍යන්තර වියවුල් තත්වයක් තුළ ද ඌවේ ජනයා එජාපය නැවත වරක් 2009 ඡන්ද ප්‍රතිශතයට වඩා 50% ඡන්ද ප්‍රතිශතයකින් ඉහලට ඔසවා තබා ඇත.
    ආණ්ඩුව විසින් මෙහෙය වන ලද ප්‍රභල තර්ජනයන්, බාධා කිරීම් මෙන්ම එජාපය තුළ ප්‍රතිගාමී බලවේග වල කකුලෙන් ඇදීම් ද සමගින් එජාප ය ට ලැබූ මෙම 40.24% වන ඡන්ද ප්‍රතිශතය ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව ජයග්‍රහණයකි.
    එක් කකුලක් රාජපක්ෂ ළගත්, අනික් කකුල තමන්ගේ ම ඔලුව උඩත් තියා ගනිමින් මෙවර ඌව පළාත් සභාවට ඉදිරිපත් වූ විමල් වීරවංශ ඇතුලු ජාතික නිදහස් පෙරමුණ ඌවේ ජනයා විසින් බුත්තලින් ගලා බසින කුඹුක්කන් ඔයේ පතුලටම කිදා බස්සවා ඇත. සිය ප්‍රගතිශීලීත්වය පෙන්වීමට මොණරාගලට පමණක් විමල් වීරවංශ ඇමතිවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ තරග කළ අතර ඔවුන්ට ලැබුනේ 0.71% ඡන්ද ප්‍රතිශතයක් හෙවත් ඡන්ද 4835කි. ඒ ඌවේ ජනයා, විමල්ලා ගේ ඊනියා දේශප්‍රේමීත්වය ට දුන් අලුත්ම කනේ පහරය.
    දැන්, ඌව පළාත් සභාවේ පිහිටුවන පළාත් ආණ්ඩුව ඉතාමත් දුර්වල පළාත් ආණ්ඩුකි. පාලක එජනිස වැඩි වන්නේ ආසන 4ක් පමණි. සියලු නීතිවිරෝධි ක්‍රියාවනුත් සමග මැතිවරණය මෙහෙය වූ ශෂේන්ද්‍ර රාජපක්ෂ නම් රජාපක්ෂ පවුලේ ‘දේවාල පුත්‍රයා‘ මෙහෙය වන ලද මැතිවරණය විසින් නැවත වරක් රාජපක්ෂලාට මතක් කර දී ඇත්තේ රාජපක්ෂලාගේ සාඨකයේ පාට දියවන්නට පටන් ගත් බවය. යුද්ධයේ සිට වරායවල්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ගයන්… දක්වා යටිමඩි ගැසූ, ගසා කිමින් සිටින මුදල්, සම්පත් ගිල දැමීම නතර කිරීමට කාලය එළඹ ඇති බවය.
    වෙනත් ආකාරයකට කියන්නේ නම් කොට්ටා පැදුරැ ලැහැස්ති කොර ගන්නා ලෙසය..!
    නමුත්, ඌවේ ජනයා එජාපයට දුන් වටිනාකමත්, දේශපාලන පණිවිඩයත්, පක්ෂයේ ප්‍රතිගාමීන්ගේ කකුල් අස්සේ සහ පක්ෂයේ අභ්‍යන්තර ගැටලු තුළ දියකර හරිමින්, ලැබුනු ජයග්‍රහණය ඉදිරියට ගෙන නොගියොත්, මනාප සටනින් රාජපක්ෂලා පැරදූ හරීන් ඇතුලු තරැණ දේශපාලකයන්(හරීන්, ශෂේන්ද්‍ර රාජපක්ෂට වඩා මනාප ලබා ගනිමින්) ඌවේ දී කළ වටිනා කාර්යයත් අපතේ යනු ඇති. එයින් නැවතත් වාසිය අත් වෙන්නේ අන් කිසිවෙකුටවත් නොව වත්මන් රෙජීමයට ය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    මට නම් මාර හැපී සොන්නවංශයට අත් වූ ඉරණම ගැන. ඕකව මකබැවිලම පල
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට නම් මාර හැපී සොන්නවංශයට අත් වූ ඉරණම ගැන. ඕකව මකබැවිලම පල

    2014.09.24car.jpg


    dasa11.jpg


    :rofl::rofl::rofl:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    meka nam sinhala jathiya gana wairayakin inna ekek dapu thread ekaki
    ඔයා නේද අර සොන්නකාලිට රෙදි නැතුව කඩේ ගියේ,අනික ඔය මගෙ මතය නෙවෙයි උපුටා ගත්තු තැනත් එක්කම දලා තියෙන්නේ මේ ලිපියේ කියවෙන ප්‍රධාන කරුණට මම එකඟ නිසා
     
    Last edited: