රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂ&#354

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂ&#354

    යුද හමුදා කැඳවීම ලණුවක්..! රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2)

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්‍රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින් පලා යාමට සියල්ල සූදානම් කර ඇති බව ‘ලංකා ඊ නිව්ස්‘ අභ්‍යන්තර තොරතුරු සේවය සහතික වශයෙන් තහවුරු කරගෙන තිබේ.

    රාජපක්ෂ පවුල් නඩය පමණක් නොව හෙංචයියන්ද පැන යෑමට සියල්ල සූදානම් කර තිබේ. ( සජින් වාස් ගුණවර්ධන සහ පවුලද, ඩලස් ගේ පවුල, ශෂීන්ද්‍රගේ පවුල පමණක් නොව ගෝඨාගේ දකුණු අත වන් ඔහු සමග නැව් වලට සිකියුරිටි ගාඩ්ලා සපයන ව්‍යාපාරය කරන ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාපතිගේ මුළු පවුලමද මේ වන විට රටින් පැන ගොස් තිබේ.)

    රාජපක්ෂලා යුද හමුදාව යොදවා බලයේ සිටීමට තැත් කරන බව පෙන්වීමට අද වන විට නාවික හමුදාව සහ යුද හමුදාව තැන් තැන් වලට යෙදවීම විපාක්ෂික ජනතාවගේ චිත්ත ධෛර්යය බිඳ හෙලීමට කරන ක්‍රමෝපායක් බවද තහවුරු වී තිබේ.

    රාජපක්ෂලාගේ පලා යෑම තහවුරු කරන එක් සාධයක් නම් අද පාන්දර ඔවුන් සතු වටිනා දෑ පටවා සීෂෙල්ස් දූපතට අද දහවල් යැවූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයයි. අද(06) දහවල් කටුනායක ගුවන් තොටුපොලින් 13.43 පැයට පිටත්ව ගිය මිහින් ලංකා ගුවන් සේවයට අයත් MJ 707 දරණ ගුවන් යානයෙන් රාජපක්ෂලාට අයත් වටිනා බඩු භාණ්ඩ මහා විශාල තොගයක් සීෂෙල්ස් දූපතට යවා තිබේ. මෙම රාජකාරිය ඉටු කිරීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොලේ cargo අංශයට අයත් කොටසට යාබදව පිහිටා ඇති මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයට පැමිණ පාන්දර 2 පමණ වන තුරු රහසිගත සාකච්ඡාවක යෙදුනෝය.

    මාර්ක්ෆෙඩ් වත්ත නමැති කොටසේ වෙසෙන්නේ සිවිල් ගුවන් සේවා සමාගම් සහ කටුනායක ගුවන් තොටුපොලට අනුයුක්ත ඉහල නිලධාරීන් ය. රාජපක්ෂලාගේ ඥාතියෙක් වන ගුවන් තොටුපොල සහ ගුවන් සේවා ආයතනයේ සභාපති, හිටපු හමුදා නිලධාරී, ප්‍රසන්න වික්‍රමසූරියද (ඇමරිකාවේ තානාපතිව සිටි ජාලිය වික්‍රමසූරියගේ සොයුරා - මහින්ද රාජපක්ෂ පවුලේ පළමු ඥාති සොයුරන් ) එහි වෙසේ. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇමරිකාවේ හූස්ටන්හි පදිංචිව සිටින මහින්ද රාජපක්ෂගේ මල්ලී කෙනෙක් වන ඩඩ්ලි රාජපක්ෂද සැඟවී වෙසෙන්නේ මෙම මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයේ ය.

    මේ සියලු දෙනා එක්ව අද(06) පාන්දර වනතුරු සියල්ල සූදානම් කරමින් මෙම භාණ්ඩ තොගය සීෂෙල්ස් වෙත ඉහත කී ගුවන් යානයෙන් යවා තිබේ. රාජපක්ෂවරුන් තමන් සොරකම් කරගන්නා කොමිස් මුදල් සීෂෙල්ස්හි බැංකුවල තැන්පත් කරන බවත් ලෝකයේ දුර්ලභ කළු ගිරවුන් වෙසෙන සීෂෙල්ස්හි දූපතක් රාජපක්ෂලා විසින් මිලදී ගත් බවත් පළමු වරට හෙළි කරන ලද්දේ ‘ලංකා ඊ නිව්ස්‘ විසිනි.

    මේ වන විට මැදමූලන මරා සහ රාජපක්ෂ පවුල් රෙජීමය එක් එක් කණ්ඩායම් වෙන වෙනම පැන යෑමට සැලසුම් කර තිබේ. නායකයා වන මහින්ද රාජපක්ෂ ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව එම ඡායාරූපයද ප්‍රසිද්ධ කරවා පැන යනු ඇති අතර පැන යෑමෙන් පසු පැන ගිය බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුවහොත් ‘‘නෑ බොරු, එය එසේ නොවේ, මෙන්න මහින්ද රාජපක්ෂ සමග මේ දැන් කරන ලද සම්මුඛ සාකච්ඡාව“ කියා ප්‍රචාරය කිරීමට අවශ්‍ය වීඩියෝ කිහිපයක් ද දැනටමත් පටිගත කර තිබේ. ජාතික රූපවාහිනිය හමුදාව සහ සට්ටැඹියන් යටතට පත් කර ගැනීම සිදු කරන්නේද එවැනි කුමන්ත්‍රණ ප්‍රචාරය කිරීමට ය.

    මහින්ද රාජපක්ෂ මේ වන විට නියම මානසික තත්ත්වයකින් නොමැත. වරෙක පැන යෑම ගැන කතා කරන අතර තවත් විටෙක ‘නෑ මං පැනලා යන්නේ නෑ වෙඩි තියාගන්නවා‘ යයි කියා දොඩවයි. මේ නිසා අරලියගහ මන්දිරයේ පාලනය දැන් සම්පූර්ණයෙන් බාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඊයේ රජයේ මාධ්‍ය වලට දුන් අධිකරණ වාරණ නියෝගය පවා ගණන් නොගෙන ‘‘මේවා වැඩක් නෑ තමුසෙලාට මා කී දේ කරනවා“ යැයි රජයේ මාධ්‍ය ආයතන වලට නියෝග දුන්නේ ද ගෝඨාභය වේ.

    ගෝඨාභයගේ සැලසුම වී ඇත්තේ අවසානය දක්වා පැන යන්නේ නැති බව කියමින් තමන්ගේ යුද හමුදා සට්ටැඹියන් චූන් කර තබා ගනිමින් පැන යෑම දක්වා ආරක්ෂාව ලබා ගැනීමයි. ගෝඨාභයගේ තියරිය වී ඇත්තේ සියල්ලෝම වෙන වෙනම පැන යන නමුත් සියල්ලෝම එකවර පැන යා යුතු බවයි. නැතහොත් පමා වෙන පුද්ගලයන් මරා දමාවි යැයි ඔහු බිය වී ඇත.

    කවුරු නොදන්නවා වුවත් හමුදාවේ පහළ නිලධාරීන් කිසිවෙක් රාජපක්ෂලා සමග නැති බව ගෝඨාභය දනී. කොළඹ වැටලීමට පවා පැන්ෂන් ගිය ගජබා ගෝලයෙක් වන මානවඩු යොදවා ඇත්තේ එබැවිනි. සත්‍ය වශයෙන් කොළඹ අණ දෙන නිලධාරියා වෙනත් නිලධාරියෙකි. (ඔහුගේ නම අනවශ්‍යය) ඔහු නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්නෙක් නොවේ. එබැවින් ඔහු මගහැර මානවඩු ලවා නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට ගෝඨා උත්සුක වෙයි.

    පැන්ෂන් නොගිය නිත්‍ය යුද හමුදාවේ ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට කැමැති නිලධාරීන් ඉන්නේ ඉතා ස්වල්ප පිරිසකි. ඔවුන් නියෝග දුන්නද එම නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පහල ශ්‍රේනි වල නිලධාරීන් කිසිවෙක් නැත.

    හඳුනා ගෙන ඇති පරිදි අද වන විට ගෝඨාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට කැමැති පුද්ගලයන් අතලොස්ස මෙසේය.

    යුද හමුදාපති - ලුතිනන් ජෙනරාල් දයා රත්නායක
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය
    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී - මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
    ස්වේච්ඡා බලකා ප්‍රධානී - මේජර් ජෙනරාල් දවුලුගල
    හිටපු යාපනය අණ දෙන නිලධාරී - මේජර් ජෙනරාල් උදය පෙරේරා
    වත්මන් යාපනය අණ දෙන නිලධාරී සහ මරාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී - මේජර් ජෙනරාල් ජගත් අල්විස් (සුදු වෑන් පැහැරගැනීම් බාරව සිටි)
    ඇමරිකාවේ සිට මෑතකදී ලංකාවට ආ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ( සුදු කොඩි රැගෙන යටත් වූ අය ඝාතනය කළ පුද්ගලයා)
    මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ - යුද කාලයේ ගෝඨාට අවශ්‍ය කොළඹ මිනීමැරුම් කළ පුද්ගලයා
    කොමාන්ඩෝ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා (යුද්ධය තිබියදී කොළඹට වී රගර් මැච් බලමින් සිටි නිසා වැඩ තහනමට ලක්වූ )
    බ්‍රිගේඩියර් නිල්මාල් ධර්මරත්න (පුහුණු පාඨමාලාවකට ඇමරිකාවට ගොස් සිටියදී මස්සිනාට පිහියෙන් ඇන සිරගතව සිටි අය)
    විශේෂ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා (ගජබා රෙජිමන්ට්)

    මීට අමතරව යුද කොළඹ හමුදා බුද්ධි අංශයේ බච්චන් කිහිප දෙනෙකුද ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට සූදානමින් සිටිති. ඒ අය නම්,

    ලෙෆ්ටිනන්ට් කර්නල් - ෂම්මි කුමාරරත්න
    ලෙෆ්ටිනන්ට් කර්නල් - චන්සික මහතන්තිල
    ලෙෆ්ටිනන්ට් කර්නල් - ශිරාන් අමිත්
    මේජර් -රිෂාන් හම්සා යන අය වේ.

    මේ අය හැර ලක්ෂ ගණනක් වන යුද හමුදාවේ කිසිවෙක් රාජපක්ෂලාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට සූදානම් නැත.

    රාජපක්ෂලා රටින් පැන යද්දී නිකම් බෙල්ල දී තම තනතුරු සහ රැකියාව නැති කර ගැනීමට කිසිදු හමුදා නිලධාරියෙක් කැමැති නැත. සොල්දාදුවන් පවසන්නේද රාජපක්ෂලාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට ගොස්, හයිටි ලෙබනන් කොංගෝ වැනි රටක එක්සත් ජාතීන්ගේ හමුදාවේ වැඩ කර ගානක් හොයා ගැනීමට තිබෙන අවස්ථාවත් නැති කර ගැනීමට සිදුවන බවයි. මන්ද යත් නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් හෝ සෙබලුන් කිසිවෙක් එක්සත් ජාතීන්ගේ හමුදාවේ සේවයට ගන්නේ නැති නිසාය.

    කිසිදු නීති විරෝධී නියෝගයකට ඉඩ නොදී තම ඡන්ද අයතිය රැක ගැනීමටත් වසර ගණනක් මුළුල්ලේ රටේ මහජන මුදල් කොල්ල කමින් වතුර පොදක් ඉල්ලූ දරුවන්ට පවා වෙඩි තැබීමට නියෝග දුන් මෘග චෞර රාජපක්ෂලාට පැන යෑමට ඉඩ නොදී 8 වෙනිදා ඡන්දය දීමෙන් පසු පාරට බැසීමටත් සියළු දේශප්‍රේමී සුධීමතුන් ලක ලැහැස්ති විය යුතුය.
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    10915181_574187602682527_6729961335547023364_n.png
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    යුද හමුදා කැඳවීම ලණුවක්..! රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2)


    Buuuru Gembo, Panala yanda Mahinda Paradinne naa harak patiyo. Chandrika ganii, maithree nam ticket aran panala yanna.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    paba wath eh plane eka tama da gatta nam kattiyata athathiyak nathuwa yanna puluwan :)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පබාල උබල අපිට කැලි උනාට බේබිල පඩේකට ගණන් ගන්නෙ නැහැ
    wenda athi machan man dakka rocket rohithaya "who brke my virginity" (කව්ද මගේ පතිවත නැති කළේ)kiyala shirt ekak adan innawa.........
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මේවා නම ඇත්තද බොරුද දන්නෙ නෑ.. හැබැයි මහින්ද පැරදීලා ඉවරයි දැනටමත් confirmed
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මරා පරාජය තහවුරු වීමත් සමග ඩලස්ගේ පවුල සහ ශෂීන්ද්‍රගේ පවුල රටින් පලා යති: අවසන් රැලි වලට පැමිණි මහජනතාව දැක රාජපක්ෂලා තක්බීර්..!

    Dallus_Leksika_Family.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.3.00) මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයේ පරාජය සහතික වීමත් සමග එහි ප්‍රධාන සට්ටැඹියෙක් වූ ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ දරුවන් ඇතුළු මුළු පවුලම අද පාන්දර රටින් පලා ගොස් තිබේ.
    මේ අතර රාජපක්ෂ පවුලේ ප්‍රධානියෙක් වූ ශෂීන්ද්‍ර රාජපක්ෂගේ බිරිඳ ලෙක්සිකාද රටින් පලා ගොස් ඇත. ඇය චීනය බලා යන ගුවන් යානයකින් පලා ගොස් ඇතැයි වාර්තා තහවුරු කරයි.
    මේ වන විටත් රාජපක්ෂ රෙජීමයේ බොහෝ දූෂිත නිලධාරීන් රටින පලා ගොස් ඇති අතර රෙජීමයේ ප්‍රබලයන්ගේ පවුල් රටින් පිට කර ඇත.
    රාජපක්ෂ පරාජය තහවුරු වූ ප්‍රබල සිදුවීමක් වී ඇත්තේ ඊයේ අවසන් දිනයේ දෙපාර්ශවයේ ප්‍රචාරක රැස්වීම් සලකා බලද්දී ය. ශ්‍රීලනිපයට වඩාත්ම වාසි දායක ආසනයක් වූ කැස්බෑවේ පැවැති රාජපක්ෂගේ අවසන් රැලියට පවා ලංගම බස් රථ වලින් ජනතාව ඇදීමට සිදුවිය. නමුත් මෛත්‍රීපාල පොදු අපේක්ෂකයාගේ අවසන් රැලිය වූ මරදානේ රැලියට 50,000 කට අධික වාර්තාගත ජනතාවක් සහභාගී වී සිටියහ. ගාල්ල කළුතර ආදී ප්‍රදේශවල පැවැති අවසන් රැලි වලටද එවැනිම වාර්තාගත ජනතාවක් පැමිණ සිටියහ. එය ගාල්ලේ 30,000 කට අධික වූ අතර කළුතර 25,000 කට අධික වූ බව පොලිස් වාර්තා වල සඳහන් වේ.
    මෙම මහජන ගඟ පිලිබඳ වාර්තා ලැබීමත් සමග රාජපක්ෂ රෙජීමය තක්බීර් වී ඇති අතර හමුදාව කැඳවා කරන්නට ගිය යම් ක්‍රියා මාර්ගද අත් හැර දැමීම හෝ කල් දැමීමට සිදුව ඇත.
     

    Similar threads