රාජපක්ෂ අනුගාමික ලිං මැඩියන් ගේ එන්.ජී.ඕ. භීතිකාව...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දියුණු රටවල් කාර්මිකකරණය පිනිස අවශ්‍ය බලශක්ති උත්පාදනය පදනම්ව බලගැන්වුනු පරිසර විනාශය තුළින් ලෝකයට අත්වන විපත තේරුම් ගනිමින් පුනර්ජනනීය බලශක්ති භාවිතය ඇතුළු තිරසර සංවර්ධන උපයාමාර්ග වෙත යොමු වෙමින් සිටී.

    අන්තර්ජාලය , නවීන දියුණු තාක්ෂණය, සමගින් ලෝකයම එකම ගම්මානයක් බවට පත්වෙත්දී, තම රටේ පරිසර පද්ධතිය මෙන්ම ලෝකයේම සංවේදී පරිසරය රැකීම සඳහා දියුණු රටවල් යොමුව සිටින්නේ ලෝකයේම පරිසර පද්ධති අතර පවත්නා අඛණ්ඩ සබදතාවද සැලකිල්ලට ගෙනය. ඒ නිසාම පරිසරය සම්බන්ධ විද්‍යාත්මක කථිකාවන් සමගින් ⁣ජාත්‍යන්තර සම්මූතින් ගොඩ නගා ගෙන තිබේ.

    ආත්මාර්ථකාමීබවින් යුතුව, ස්වකීය දූෂිත අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කරන රාජපක්ෂලා සහ අනුගාමිකයන් විසින් සිංහරාජ වනාන්තරය හා සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීමෙන් නොනැවතී පරිසරය වෙනුවෙන් කැපවී කටයුතු කරන ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරකයන් ද නිර්දය ලෙස විවේචනය කරනු ලංකාගමදී දක්නට ලැබුනි.

    සිංහරාජය වනසා තේ වගාකරන කැලෑ පාලුවකු වන 'සුමිත් චමින්ද' නැමැත්තා අද වන විට මහා පරිසර හිතකාමීයකු වී ඇත්තේ කැලෑවේ ඉබේ වැඩෙන්නට තිබෙන පැල ගලවාගෙන විත් ඉටි බෑග් ගත කිරිමෙනි. ඒ ඔවුන්ගේ ද ඔවුන්ගේ නායකයන්ගේ ද බුද්ධියේ තරම ද එලිදක්වමිනි.

    රාජපක්ෂ අනුගාමිකයන්ගේ ව්‍යාජ ජනමතයන් සමාජගත වීම, ඒවාට ආකර්ෂණය වීම සහ දූෂිත දේශපාලුවන්ට අනුගතව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලාංකීය ජනතාවගේ බුද්ධිමට්ටම කුමක්ද යන්න පෙන්නුම් කෙරේ. ලෝක දර්ශකයේ අප 135 ස්ථානයේ සිටීම මේ සඳහා වන එක් උදාහරණයකි. මෙවැනි ජනතාවකගේ අපේක්ෂාව පාදඩයන් නායකයන් ලෙස පිලිගැනීම වන විට මේ රට මිනීමරුවන් සහ පරිසර විනාශකාරීන් ගේ දේශයක් වීම නොවැලැක්විය හැකිය.

    පාදඩයන් නායකයන් බවට පත්කරගන්නා පාදඩ ජනතාවක් පෝෂණය කිරීම සඳහා දිගු කාලීන යහපත් සමාජ ආර්ථික වැඩපිළිවෙළ යොදාගත නොහැක. ඔවුන් ට අවශ්‍ය බල්ලන් මරා හෝ සල්ලිය. ඒ අනුව, ගත්කල රාජපක්ෂලාට යහපත් රටක් වෙනුවෙන් සමාජ ආර්ථික වැඩපිළිවෙළක් නැතුවා මෙන්ම එය අපේක්ෂා කරන අනුගාමිකයන් ද නැත.

    ආර්ථික ඝාතකයකු ලෙස ඔවුන්ම හංවඩු ගැසුනු පුද්ගලයකු ජනපති ලේකම් බවට පත්වීම, තවත් ආර්ථික ඝාතකයකු වන කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු බවට පත්කිරීම තුල ඔවුන්ගේ ආර්ථික වැඩ පිළිවෙලේ තරම තේරුම් ගත හැකිය. රටේ ආර්ථික දැක්ම හුදෙක් ප්‍රායෝගික නොවන ජනප්‍රිය වාගාලාප මගින් ජනතාව ඇන්දවීම පිනිස නිර්මාණය කළ ඒවා වන අතර, රාජ්‍ය ඇමති පත්කිරීම ද ඒවැනිම ව්‍යාජයකි. මැටි ඇමති හා මැටි වැඩ වලින් රටට සෞභාග්‍යය කැන්දාගැනීමට හැකි යයි ප්‍රචාරය කිරීම ⁣ආණ්ඩුවේ කූට ක්‍රියා පිලිවෙතට උදාහරණයක් පමනි
     
    • Like
    Reactions: Smartm