රාජපක්ෂ පවුලේ ආර්ථික අපරාධ වලට දඬුවම්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
රාජපක්ෂ පවුලේ ආර්ථික අපරාධ වලට දඬුවම්



රාජපක්ෂ පවුල රටට කළ ආර්ථික අපරාධ රටට හෙළි කරන බවත් රටින් පැන ගිය ආර්ථීක අපරාධකරුවන් මෙරටදී හෝ පිටරටදී හෝ නීතීය හමුවට පමුණුවන බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියයි.
‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට එන බව කියනවා. ඔහුට ඒ සඳහා අයිතියක් තියෙනවා.නමුත් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවට කළ ආර්ථික විනාශය අප රටට හෙළි කරනවා.එය හෙළි කළ යුතුයි. නිල් බළකාය රටේ භිෂණය වපුරවමින් කළ කී දෑ කවුරුත් දන්නවා.ඔවුන් කළ අකටයුතුකම් ගැන තොරතුරු එක් රැස් කරනවා.බය නැතිව එම තොරතුරු අපට ලබා දෙන්න.කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා.‘
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
1545547_776170769131463_9098862981704707689_n.jpg
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කරුණා මෛත්‍රී පිළට... එජාපය තුළ විරෝධයක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සංදේශයට වාර්තා වෙයි.
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.
    අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.


    BBC
     

    RamboR

    Member
    May 12, 2010
    13
    0
    0
    Machanla MY3 ge "100 DINAK ATHULATHA KRIYAWATA NANWANA KSHANIKA SAHANA WADASATAHANA" pdf ekak thiyanawanam dapan
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    එළ එළ... හොරු ටික පස්සෙ ඇල්ලුවත් කමක් නෑ, කරපු හොරකම්, දුෂණ ටික ලංකාවෙ මිනිස්සුන්ට සාක්ෂි ඇතුව ඔප්පු කරල පෙන්නල. :yes: