රාජපක්ෂ පවුලේ ගැටුම සම්බන්දයෙන් මහින්ද ප
රාජපක්ෂ පවුලේ මතුව තිබෙන බල අරගලය පාලනය කළ නොහැකි ආකාරයට ඔඩුදුවමින් ඇති කක්වයක්තුල ඒ සම්බන්ධව කලකිරී සිටින මහින්ද පිල නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් දේශපාලන තීන්දුවක් ගැනීම වෙනුවෙන් රහස් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. බැසිල් රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂය යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීම පමණක් සිදු කිරීමත් එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ නොතකා හැරීම දිගින් දිගටම සිදුවීමත් මෙම තීන්දුව ගැනීමට හේතුවූ බවද ඔහු පවසයි.
මහින්ද පිල නියෝජනය කරන පක්ෂ නියෝජිතයකු සඳහන් කර සිටින ආකාරයට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ඇතුළුව තවත් බලවේග එක්වූ වෙනම ව්‍යාපාරයක් බිහිකිරීම කෙරෙහී ඔවුන්ගේ අවධානය යොමුව ඇත.
තමන්ට මහින්ද පිල තුල කේවල් කිරීමට නොව අවම වශයෙන් ආණ්ඩුවට එරෙහි සටන් පාඨයක් හෝ ක්‍රියාවට නැගීමට ඉඩක් නොමැති නම් විකල්ප බලවේගයක් නිර්මාණය කර තම බලය පෙන්වීම මහින්ද පිලේ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේ අපේක්ෂාව වී ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.