රාජපක්ෂ මානසිකත්වය හා ලන්ඩන් සවුත්තුවීම
ජුබිලි උත්සවවලට සහභාගි වන ලෙසට සියලූම පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන්ට ඇරයුම් කර තිබිණ. රාජපක්ෂගේ ප්‍රචාරකයන් කියන ලෙස එය ඔහුට කළ විශේෂ සැලකීමක් නොවේ. බොහෝ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් තමන්ගේ රටවල ඇති කටයුතු නිසාත් රාජකීය මහෝත්සව දැකීමට ඇති අකමැත්ත නිසාත් ජුබිලි උත්සවයට ආවේ නැත. අඩු ගණනේ බ්‍රිතාන්‍යයෙ වැදගත් නායකයන් හෝ හමුවීමට ලැබුණේ නම් ලන්ඩන් සංචාරයට කිසියම් වටිනාකමක් ලැබෙන්නට තිබුණි. එහෙත් රාජපක්ෂ මහතාට හමුවීමට ලැබුණේ වැඩකට නැති සාමි මන්ත්‍රි මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු පමණි.
බ්‍රිතාන්‍යය පුවත්පත් පෙන්වා දෙන ආකාරයට ඔවුන්ගේ රැජිනිය ජනාධිපති රාජපක්ෂ සමඟ සිටියේ අමුත්තන් පිළිගනිමින් ඇවිදින අතර සුළු මොහොතක් පමණි. රැජිනට අතට අත දෙන්නට ලැබුණු මේ සුළු මොහොත දේශනය අවලංගු කිරීමෙන් හා අනෙකුත් මදිපුංචිකම්වලින් වූ අපහාසයට වඩා ඉතා සුළුය. එහි දී රසමසවුලූ සහිත කෑම වේලක් ලැබුණත් රැජින හා ආදිපාදවරුන් ජුබිලිය නිමිත්තෙන් කිරීමට යන සංචාරයට කොළඹ ඇතුළත් නොවීම කනගාටුවට කරුණකි. උත්සවයට සහභාගිවීමට ඉන්දීය ජනපති හෝ අගමැති ලන්ඩන් නොගියත් රාජකීයයෝ දිල්ලියට පැමිණෙති. ජනාධිපති ඇමති වීරවංශ වැනි කනිෂ්ඨයන් මීට සහභාගිවීමට යැව්වා නම් මදිද?
ලන්ඩනයෙන් මේ මදිපුංචිකම් විඳින්නට වූයේ ලොකුකම්වලට ළැදි රාජපක්ෂ මානසිකත්වය හේතුවෙනි. එක පැත්තකින් රාජපක්ෂලාට තමන්ගේ පවුල් ජාලය රැුකගැනීම පිණිස දකුණේ ජාතිද්‍රෝහීන් කෙරෙහි සැකයෙන් බියෙන් හා වෛරයෙන් සිටීමට සිදුව ඇත. අනික් පැත්තෙන් තමන් ජාතික සතුරන් ලෙස සලකන බටහිර රටවල් අතර සුහදව සිටීමටද ඔවුන්ට වුවමනාය. පසුගිය සතියේ ඇමති විමල් වීරවංස බෙදුම්වාදීන්ට රට අස්ථාවර කර අල්ලා ගැනීමට උදව්වෙතැ’යි එක්සත් ජනපදයට චෝදනා කළේය. කොටින් නැවත පණගැන්වීමෙන් එක්සත් ජනපදයට හා එක්සත් රාජධානියට ඉන්දීය සාගර කලාපයට පිවිසීමට ඉඩ ලැබෙන බවද ඔහු සඳහන් කළේය. (කලම්බු ජේජ් 4.6.2012)
ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු මෙසේ බැරැරුම් චෝදනා නගද්දී ජනාධිපති ලන්ඩන් සංචාරය කරමින්ද ඔහුගේ සහෝදර ආරක්ෂක ලේකම් වොෂින්ටනයේ හමුදා සහාය ඉල්ලමින්ද සිටියි. ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් මත එක්සත් ජනපදයද රාජපක්ෂ නුරුස්සන ඉන්දියාවද නාවික නිලධාරින්දට පුහුණුවීම් අවස්ථා සැපයීමට එකඟවී සිටිති. (ඩෙනාන් ක්‍රොනිකල්ස් (7.6.2012)
බොරු කතාගෙතීම පැත්තෙන් ගත් කළ ෂෙහෙර්හාඬේගේ රාජපක්ෂ සහෝදරයන්ට දෙවැනි තැන බොරුකතා නිර්මාණයේ අතිදක්ෂ පාලකයන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නේ බොරුවක් තුළිනි. ඕනෑම අර්බුදයක් සඳහා ද කරන්නේ රැවටිල්ලකි. ප්‍රශ්ණය විසඳන්නේ ප්‍රතික්ෂේප කිරීම් තුළිනි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම ගැන 2011 නොවැම්බර් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුවේ දී විමසූ විට හිටපු නීතිපති මොහාන් පීරිස් පිළිතුරු දුන්නේ ‘අප සතු අලූත්ම තොරතුරුවලට අනුව එක්නැළිගොඩ විදේශ රටක රැුකවරණ ලබා සිටි. එය අප සහතික වශයෙන් දන්නා කරුණක් යනුවෙනි. (බිබිසී 25.11.2011)
මේ ගැන එක්නැලිගොඩ මහතාගේ බිරිඳ නීතිමය පියවර නොගන්නට මේ කතාව එසේම පිළිගැනීම තිබෙනු ඇත. මේ ගැන උසාවි නොගොස් සිටීමට ඔහු හැකිතරම් උපා යෙදුවේය. ඔහු ජිනීවාහි කළ කතාවේ පිටපත ප්‍රතික්ශෙප කර සිටියේය. ප්රගීත් එක්නැළිගොඩ ගැන තොරතුරු ලැබුණු මූලාශ්‍රය තමාට අමතකයැ’යිද පැවසුවේය. (සිලෝන් ටුඬේ 6.6.2012) ප්‍රගීත් එක්නැළිගොඩ කොහේදැයි දන්නේ දෙවියන් පමණකැ’යි ඔහු කීවේය. (ඔහුගේ දෙවියන් යනු මහරජම විය යුතුය) මෙලෙස විකාර කරන නීතිපති මොහාන් පීරිස් පමණක් නොව, වර්තමාන නීතිපතිද හය මසකට පෙර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් වී තිබුණද, තමාට එය කිරීමට අවස්ථාවක් නොමැති බව පැවසුවාය. (ශ‍්‍රී ලංකා මිරර් 5.6.2.12) මේ තර්කය අනුව ගියහොත් නීතිපතිනිය හෝ පතිතුමා ස්වේච්ඡාවෙන් පවසන තුරු කිසිම සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිය. දුමින්ද සිල්වා තම ආරක්ෂකයන්ගේ රටට පැමිණි විට තත්ත්වය කොහොමට හිටීද?
ජාතියට බොරු කීමේදී එය තදබල ලෙස පැවසීමෙන් ජනතාවගේ විශ්වාසයට හේතුවන බව රාජපක්ෂවරු දනිති. පාලකයන් තවත් ලෝක බැංකු ණයක් ඉල්ලා සිටින ගමන් රටේ ආර්ථික ආශ්චර්යය ගැන මහඝෝෂා නගති. ලෝක බැංකුව කියන්නේ සාමාජික රටක් ණය ඉල්ලූම් කළයුත්තේ වෙළෙඳ ශේෂ අවශ්‍යතා මත බවය. එනම් තමන් කළයුතු ජාත්‍යන්තර ගෙවීම් කිරීමට මූල්‍ය හැකියාවක් නොමැති විටදී බවය.
තමන්ගේ මුල් ණය නිම කිරීමටත් පළමු තවත් ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින්නේ රටක ආර්ථිකය යහපත් මට්ටමක නොපවතින විටය. මහ බැංකුව ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විවේචනය කරමින් රටේ ආර්ථිකය අස්ථාවර කිරීමට උත්සාහ කරතැ’යි පාලකයෝ විපක්ෂයට චෝදනා කරති. රුපියල අද බාල්ලූද වී ඇති ප්‍රමාණය මහ බැංකුවේ දුර්වලතාව පෙන්නුම් කරයි. මාධ්‍ය වාර්තාවලට අනුව සේඅඅ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමට යොදාගෙන ඇත. රාජපක්ෂලාට අනුව මේවා හෙළිකිරීම දේශද්‍රෝහී ක්‍රියාය. පාරදෘශ්‍යභාවය හා වගවීම දේශද්‍රෝහී කටයුතු වන අතර කරුණු සැඟවීම හා මුක්තිය යොදාගැනීම දේශපේ‍්‍රමි කටයුතු වේ. 4 ඊලාම් යුද්ධයේදී රාජපක්ෂලා ඉල්ලා සිටි මුක්තිය යොදාගැනීම හා වගවීම ප්‍රතික්ෂේප කිරීම ආර්ථික ක්ෂෙත්‍රයට යොදාගනිමින් තිබේ.
විරුද්ධ මත හා විවේචන නොඉවසීම රාජපක්ෂ මානසිකත්වයේ ලක්ෂණයක් බැවින් මින් නවතින්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදි විරෝධය ඔවුන්ගේ හදවතේ ගැඹුරේම තිබෙන්නෙකි.