රාජපක්ෂ සංවර්ධනය - මෙන්න ගණන් හිලවු

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    රාජපක්ෂ සංවර්ධනය - මෙන්න ගණන් හිලවු

    හම්බන්තොටට කිරි; රටට කැකිරි

    ඒක පාක්ෂික රාජපක්ෂ සංවර්ධනය - මුලින් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු.

    බස්නාහිර පළාත හැරුණහම ව ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසා තමයි කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) . ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණහම වැඩිම ආදායමක් එක් කරන්නේ වයඹ පළාත. තෙවැනි තැන ගන්නා දකුණු පළාතේ මාතර සහ ගාලූ දිසා හම්බන්තොට පරදවා පෙරමුණ ගන්නවා. කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය අතින් බස්නාහිර ළඟට ඉන්නේ ද වයඹ . සත්ව පාලනය අතින් මුල් තැන වයඹට හිමියි. වී නිපැයුම අතින් පිළිවෙලින් උතුරු මැද, නැගෙනහිර සහ වයඹ ඉදිරියෙන් සිටිනවා. තේ නිශ්පාදනය ඌවෙන් සහ මධ්‍යමින්.

    ඒත් රාජපක්ෂවරු රට උගස් තබා ලෝකෙන් ගන්නා ණය කන්දරාව හරවා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණයි. ඒත් හම්බන්තොට සාමාන්‍ය ජනයාට ඉන් ඇති වෙච්ච සුගතියකුත් නැහැ. රාජපක්ෂ සංවර්ධනය කියන්නේ කොමිස් ගැහිල්ලට වෙනත් නමක්. රටට ඕන ද නැත්ද කියන එක නොවෙයි මේ සංවර්ධනයේ මිනුම් දන්ඩ. කොච්චර කොමිස් ගහන්න පුලුවන්ද කියන එකයි.

    හම්බන්තොට කියන දිස්ත්‍රික්කයට රාජපක්ෂ පාලනය වක් කරපු ධනස්න්ධය ඔබට හිතා ගන්නවත් බැරි තරම්. පසුගිය නොවැ 30 දා සන්ඩේ ටයිම්ස් පුවත් පත ග‍‍‍‍ණන් හදා පෙන්වා තිබුනා මහා පරිමාණ යෝජනා ක්‍රම සඳහා පමණක් රුපියල් බිලියන 676, 353ක් බව. ඒ කියන්නේ රුපියක් කෝටි 676, 353, 000. නමුත් පුවත් පත කියන්නේ සැබෑ මුදල මීට වඩා බොහෝ සෙයින් වැඩි බවයි!

    නැව් නොඑන වරාය, ගුවන් යානා නොඑන ගුවන් තොටුපල වගේම තවත් අපූරු යෝජනා ක්‍රම:

    මෙන්න ඒ ලැයිස්තුව:
    හම්බන්තොට ධිවර වරාය නවීකරනය රු. මිලියන 373
    හම්බන්තොට වරාය පළමු අදියර රු. මිලියන 47,380
    බැංකු පසුකම් සහ තෙල් ටැංකි රු. මිලියන 9,900
    වරාය සහ ගුවන් තොටුපළ අතර අධිවේගී මාර්ගය රු. මිලියන 54,000
    සිරිබෝපුර අන්තර් ජාතික සම්මන්තුණ ශාලාව රු. මිලියන 2,000
    වියළි කලාපීය උද්හිද උද්‍යානය රු. මිලියන 500
    ගුවන් තොටුපල සඳහා වූ අමතර වැය රු. මිලියන 16,000
    කාර්යාල 42කින් යුතු පරිපාලන ගොඩනැගිල්ල රු. මිලියන 2,938
    හම්බන්තොට මහ රෝහල රු. මිලියන 70,000
    මහ්න්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය රු. මිලියන 600
    කිමි27 ක මාතර බෙලිඅත්ත දුම්ර්ය මාර්ගය රු. මිලියන 36,500
    සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය රු. මිලියන 700
    හිරු එළියෙන් විදුලි ජනක උද්‍යානය රු. මිලියන 1,300
    මත්ත්ල ගුවන් තොටුපලට මගී ගුවන් පාළම රු. මිලියන 3,090
    සිරිබෝපුර මගී ගුවන් පාලම රු. මිලියන2,675
    හම්බන්තොට අන්තර් ජාතික කේන්ද්‍ර සංවර්ධනය රු. මිලියන 33,200
    විදුලි සංදේශ නියාමන වෙළධ මධස්ථානය රු. මිලියන 3,500
    මත්තල ගුවන් තොටුපල රු. මිලියන 27,500
    බෙලිඅත්ත නගර සහ වැව සංවර්ධනය රු. මිලියන 300
    මත්තල ගුවන් තොටුපලෙහි ඉන්ධන පර්යන්තය රු. මිලියන 5,100
    හම්බන්තොට වරාය දෙවන අදියර රු. මිලියන 106.000
    මාතර හම්බන්තොට කි.මි.90ක අධිවේග මාර්ගය රු. මිලියන 253,000

    මෙයින් සමහර දේ හම්බන්තොටට අවශය බව ඇත්ත. ඒත් රු මිලියන 2,675 ක වියදමින් සිරිබෝපුර මගී ගුවන් පාලම අහවල් එකට ද?

    ලංකාවේ අන් පළාත්වල ජීවත් වන ජනයාට මෙවැනි අත පල්ලෙන් වැටුන සැළකීමක් කරන වෙනත් රාජ්‍ය නායකයෙක් ලංකාවේ ඉදළ නෑ.

    දිර්ඝ කාලයක් රට පාලනය කළ බන්ඩරනායකවරු ගම්පහ දිසිවට හෝ අතත්නගල්ලට මේ විදිහට බෙදා ගත්තා ද? ජනාධිපති ප්‍රේමදාස රට පුරාම අඟළුම් කම්හල් පිහිටෙව්වා නේද? ජේ.ආර්. නිදහස් වෙළඳ කලාපය ඇති ක‍ළේ සුදුසුම තැන වූ කටුනායක ගුවන් තොටුපළ අවට‍.

    හම්බන්තොටින් ක්‍රිකට් ක්‍රිඩාවට පැමිණි ජාතික ක්‍රිඩකයෙක් අහල තියෙනව ද? ඉතිං මේ ක්‍රිකට් ක්‍රීඩාංගනය අවශ්‍යම එකක්ද නැත්නම් වෙන වඩා යෝග්‍ය නගරයක් නැත් ද?
    මේ හම්බන්තොට රාජපක්ෂ ක‍්‍රීඩාංගනය සඳහා ආගමික ස්ථානයන්ට ලබා දෙන විදුලි වැය සහනය ලබා දී තිබෙනවා. එහෙම තිබියදීත් ජනාධිපති රාජපක්ෂ විසින් මෙම ක‍්‍රීඩාංගනය විවෘත කරනු ලැබූ 2010 ජනවාරි 21 වන දින සිට කිසිදු විදුලි බිලක් එය විසින් ගෙවා නැතැයි 2013 වාර්තාවකින් කියැවුණා. ලංකා විදුලි බල මණ්ඩලයට ඒ වන විට මෙම ක‍්‍රිඩාංගනයෙන් අය විය යුතු මුදල රුපියල්
    63,45,303.68 ක් වුනා.

    කෝ වයඹට, මධ්‍යමට, ඌවට සහ උතුරු මැද පළාත්වලට සංවර්ධනයක්? උතුරු නැගෙනහිරට ලබා දී ඇත්තේ

    අතපල්ලෙන් වැටන දෙයක්වත් හරියට නැහැ. අගමැති හිටිය කියළ නුවරට ලැබුණු දෙයක් තියෙනව ද?

    තමන්ගේ උපන් ගමට මේ විදිහට ධනස්කන්දයක් වියදම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් ද? තමන් රජෙක් යැයි හිතගෙන ඉන්න අඥාදායකයෙක් ද? කල්පනා කරල බලන්න‍.

    හම්බන්තොට මහා පරාවල් හැදුවට ඒවා පාලුයි. නොවැ 30 ද සන්ඩේ ටයිම්ස් පත්තරයෙම තිබුණ හම්බන්තොට අලුතින් හදන පාරක කිලෝමීටරයක වියදම කෝටි 180ක් කියළ‍. මේ සහ ගහන කොමිස් ගැහිලි නොවෙයි ද?

    අද නූතන ලෝකයේ නගර ගොඩ නැගෙන්නේ රාජ්‍ය පාලකයා උපදින ලක්ෂය වටා නොවෙයි. රටේ සමාජ ආර්ථික හා දේශපාලන අවශ්‍යතා අනුව .

    හරි නම් ගාලූ වරාය සංවර්ධනය නතර කරල තමයි කෝටි ප‍්‍රකෝටි ගණනාවක වියදමින් හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කරේ. ඒ වගේම ආසියාවේ හොදම ස්වභාවික ත‍්‍රිකුණාමළ වරාය වැඩි දියුණූ කිරීමට පියවරක් අරගෙනත් නැහැ. දීර්ඝ කාලහරි හමන් ගේට්ටුවක් නැති දුම්රිය හරස් පාරවල් කොච්චර තියෙනව ද? මේ මුදල් ඒ වට වියදම් කරන්න තිබුනේ නැත් ද? අධ්‍යපනයට අඩුම මුදල වියදම් කරන රටක් ලංකාව. ඉතිං මේ මුදල් අපේ දු පුතුන්ගේ අධ්‍යාපනයට වියදම් කරේ නැත්තේ ඇයි? සරසවි සිසු සිසුවියන්ට නේවාසිකාගාර හදන්න සල්ලි නෑ. හම්බන්තොට සපාරි සත්තු වත්තක් දාන්න සල්ලි තියෙනවා. යාලයි උඩවලවයි තියෙද්දී මොකටද හම්බන්තොටට තවත් සත්තු වත්තක්? තියෙන වනෝද්‍යාන දියුණු කරන එක නෙවෙයි ද කරන්න තියෙන්නේ?

    එකොමත් එක කාලෙක නම් නගර ගොඩ නැගුනේ රජතුමා උපන් හෝ වාසයට තොරා ගත් ප‍්‍රදේශය වටා . එක් එක් රාජ සමයන්ගෙන් පසු සමහරක් රාජකීය නගර සෝදා පාලූ වී ගියා. ( දෙවියනි හම්බන්තොටට එසේ නොවේවා!) යක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය වූයේ එය යි. අද තවමත් මාගම්පුර වරාය පවතින්නේ පාලූවට ය. වසරකට රුපියල් මිලියන 6,000ක් බැගින් චීනයට ණය ගෙවීමට නම් මෙම වරාය වසරකට රුපියල් මිලියන 8,000 ක ආදායමක් ලබා ගන්න ඕනෙ. ඒ නිසා දැන් වරාය දිර්ඝ කාලට චීනයට ලියල දෙන්න යනවා. කරන්න තිබුණෙ කිලිනොච්චියට දඹුල්ල වගේ කෘෂිකාර්මිත ආර්ථික මධ්‍යස්ථානයක් දෙන එක. යාපනයට අන්තර් ජාතික ක්‍රිකට් පිටියක් දෙන එක.

    රාජපක්ෂ සංවර්ධනය කියන්නේ ව්‍යාජයක්. හම්බන්තොට තවමත් පවතින දුප්පත්කමෙන්ම ඒක පේනවා.
    අපි විරුද්ධ නැහැ හම්බන්තොට දියුණු කරනවට. මේ කරන්නේ දියුණූ කිරීමේ නාමයෙන් ගසා කෑම. රාජකිය උෂ්ණය නිසා කරන සැලැස්මත් නැති අදූර දර්ශී කොන්ක්‍රීට් වනාන්තර හදන එක. විධායක බලයෙන් සම්පත් තමන්ටම බෙදා ගැනීම.

    පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයක් තිබුණ නම් මේ ඒක පාර්ශවික ධනායෝජනාවලට ඉඩ ලැබෙන්නේ නෑ, එහෙම උනා නම් මේ කරුණු වඩා සාකච්ජාවට ලක් වෙනවා.
    ඔන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු තවත් කාරණයක්. රටපුරා සම්පත්බෙදී යන සැළසුම් සහගත සංවර්ධනයක්.

    රාජපක්ෂ පරාජය තහවුරු කරමු.

    Mattala_Rajapaksa_International_Airport_Check-in_counters.jpg

    (ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොලේ හිස් කවුන්ටර)


    Source: http://sinhala.lankanewsweb.net/news/15033-2014-12-24-17-13-48
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ATHTHA MACHO... OOOWA THITHTHA RAJAGE PASSEN YANA GON RALATA TAMAY.. MEKA TAMAY YATAARTAYA.. BUMP..
     
    Feb 3, 2014
    860
    125
    0
    තව දීපල්ලා... මෛත්‍රිරීයක්ම වෙයි...:( යුද්ධය වවාගෙන කාපු, යුද්දේ කරන අවස්ථාවේ යුද්ධය හාලු කරන අය අද එකතු වී තිබෙන්නේ කුමකටද??? යහපලනයටද? එහෙමත් නැත්තම් යහපාලනය වේශයෙන් එන බෙදුම් වාදයේ බිල්ලා ජයග්‍රහනයටද???

    10428639_561953023905985_4560502708739193535_n.jpg


    10553609_566137536820867_8821549033953066398_n.jpg

    එතකොට මේවා???
    අපු ගමනුත් රනිල්ට බලය දෙනවා කිව්වේ මේකටනේ... අයිත් මොකටද TNA ගිවිසුම් බලන්නේ.. මේ තියෙන්නේ පරයාගේ වැඩ ටික:angry::angry::angry::angry::angry::angry::angry:
    10884973_310697359137238_2081671889_n.jpg

    දැන් කියයි එහෙම ගිවිසුම් ගහෙව්වේ නෑ.. මොකද මට මොලේ අමාරුව ඇයි හිටං කියලා.. :no:
    නංගියේ මල්ලියේ අතීතය අමතකද??? අම්මා ගෙන් තාත්තාගෙන් අහන්න!!!
    අතීතයෙන් බිදක්
    10847898_566502583451029_2475730518416868815_n.jpg


    10401998_566502400117714_6325990799045337448_n.jpg

    11086_566502026784418_1724017721303066938_n.jpg

    TNA සහයත් මෛත්‍රීටලු...:no: කොන්දේසි විරහිතව සහය දෙන්නේ කුමක් නිසාද??? TNA ගිවිසුම හෙළ නොකරන්නේ කුමක් නිසාද???:no:
    1891264_566501206784500_5233837984261362796_n.jpg

    මේවා දැන්මම කටින් පිටවෙන්න අරන් :no: :no: :no:
    10882171_566432793458008_8476779144353154819_n.jpg

    10858539_566426376791983_1926402323054665309_n.jpg

    රට ජාතිය ආගමට එරෙහිව මතුවෙන්න යන්නේ අපේ රටට හැමදාම වින කරන්න බලන්න ඉන්න පහර හැත්තයි.. මේ යට එරහිව නැගී සිටීම උබ දේශයට කරන උත්තමාචාරයක්... අපි වෙනුවෙන් ජිවිත කැපකරලා, අත්පා නැති කරගත්ත රණවිරුවන්ට කාලගුණ සලකමු...:(
    නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......
    මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!
    දෙමළ සන්ධානය...
    මනෝ ගනේෂන්..
    දෙමළ ඩයස්පෝරාව..
    ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්... .

    10868237_566157323485555_2912177587235180588_n.jpg


    වටිනා ජන්දය රටේ හෙට දිනය වෙනුවෙන්.. රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ජයග්‍රණය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන්, වෙදුම්වදයට එරෙහිව, පාවිච්චි කරමු..:(
    රටේ සංවර්ධනය මේ හවුල හරිම පිළිකුල් ආකාරයකින් හාලු කරනවා.. එදා යුද්දේ හාලු කරපු කටවල් අද සංවර්ධනය හෑල්ලු කරන්න පටන් අරන්..අද මහවැලි ව්‍යාපෘතිය වර්ණනා කරන ඔවුන් එදා මහවැලිය ව්‍යාපෘතියට කර දුන් ගාමිණි දිසානායකට කිව්වෙත් අද මහින්ද රාජපක්ෂයන්ට කියන කථා ටිකමයි.. ගමින් දිසානායකට එදා හොරා, කොමිස් පප්පා වගේ අපුරු නම් මේගොල්ලෝ පට බැන්දා.. එදා වගේම අදත් මේ වන විට අප රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හෑල්ලු කරමින් මහින්ද රාජපක්ෂයන්ට හොරා , කොමිස් ගහනවා යනුවෙන්, නොයකුත් මඩ ගසයි...:(
    10452292_565415823559705_1034427671907014892_n.jpg


    10441941_565415683559719_5181797919494825389_n.jpg

    10801602_565415406893080_7215875537985353873_n.jpg


    10393852_564078997026721_1584136276768571742_n.jpg

    1380458_558158384285449_7406935029096795853_n.jpg

    16681_557701880997766_3999058741653327941_n.jpg


    10639465_557000287734592_3807644302225051460_n.jpg

    10544779_555805507854070_4972233340488670710_n.jpg


    10451680_555728877861733_6994288838754365007_n.jpg




    1533925_555703641197590_4302513087779214206_n.jpg





    10412001_555526994548588_1268716621931814007_n.jpg

    10325367_555532431214711_6106955931537726789_n.jpg

    10671327_565415966893024_2732643898978998515_n.jpg

    10405452_564089367025684_6879085285780073230_n.jpg

    25ujvco.jpg

    n16w7b.jpg

    1zm09wi.jpg

    mt40g4.jpg

    k3xdfc.jpg

    308bokm.jpg

    25ujvco.jpg

    29ctjk5.jpg

    2lu45zo.jpg

    18ygig.jpg

    2mc6ku8.jpg

    2qn0208.jpg

    ek0tud.jpg

    2qsrn9y.jpg

    2lnj19x.jpg

    21oqwxw.jpg

    මේ හැමදෙයක්ම ප්‍රයෝජනයට ගනිමින් ඒ පහස විඳිමින් මොවුන් ඉතා පහත් ලෙස සංවර්ධනය හෑල්ලු කරයි... අද මිනිසුන්ට මේවා අමතක කරව යහපාලන නමැති රෙදි කඩකින් වැසීමට උත්සහ කරයි.. යහපාලන බිල්ලට නොරැවටෙන්න. සංවර්ධනය හෑල්ලු කරමින්, මහින්ද රාජපක්ෂයන්ට හා පවුලට මඩගසමින් පැමිණෙන්නේ කුමකටද?? අපට අවශ්‍යවන්නේ නිදහස් නිවහල් රටක් නොවේද???:(
    10665802_565070730260881_8313890092818181821_n.jpg

    ඔබේ වටිනා ජන්දය ඒකීය රටක්, සාමකාමී නිවහල් රටක් වෙනුවෙන් භාවිතා කරන්න...
    10500585_558114124289875_4244429287748038642_n.jpg


    10418856_564582950309659_1022974581040074967_n.jpg
    මෙන්න ඇත්ත...............
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කිව්වා ITN නිව්ස් බලන්න එපා කියල.:lol:.එහෙම වෙන්නේ නැ බන්.:lol:.බය නොවී හිටපං.:lol:. MY3 ට චන්දෙ දියන්:P