රාජපක්‍ෂ_පන්නලා වුනේ ඉගුරු දී මිරිස් ගැන&#3539

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    රාජපක්‍ෂ_පන්නලා වුනේ ඉගුරු දී මිරිස් ගැන&#3539

    රාජපක්‍ෂ පන්නලා වුනේ ඉගුරු දී මිරිස් ගැනීමක්.. රාජපක්‍ෂ එලවූ ලෙසම යහපාලනයත් එලවනවා..- වෙබ් මාධ්‍යවේදීන් අනතුරු අගවති..




    සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් තවදුරටත් එම තහනම ඉවත් කිරිමට කටයුතු නොකරන්නේ නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද සදහන් කර තිබේ.

    සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

    රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

    එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු.

    එසේ තිබියදි රටේ සියළුම දෙනාට බලපාන ලෙස මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් එය රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාංග වශයෙන් අහිමි කිරීමක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

    මෙතෙක් රටේ පැවති සියළුම ආණ්ඩු පාහේ තම නොහැකියාව වසා ගැනීමට විකල්ප මාධ්‍ය වාරණය සක්‍රියව ක්‍රියාත්මක කළ අකාරය පිළිබඳව අත්දැකිම් අප සතුව ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විරුද්ධ හා විකල්ප මත දැරූ වෙබ් අඩවි තහනම් කිරීම හා එම මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම හරහා තම නොහැකියාව වසා ගැනීමට කටයුතු කළ ආකාරය සුලභ විය. නමුත් මෙහිදි හාස්‍යජනකම සිදුවීම වන්නේ රාජපක්ෂ පාලනය තුළ සිදුවු එවැනි ක්‍රියාකාරකම් නැවත සිදුනොවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන මෛත්‍රි – රනිල් පාලනය මෙලෙස වෙබ් අඩවි පමණක් නොව සමස්ථ සමාජ මාධ්‍ය ජාලාවම අවහිර කිරීමයි. එය ඉගුරු දී මිරිස් ගත්තා වැනි ය යන ප්‍රස්ථා පිරුල සාක්ෂාත් කරනු ලබයි.

    එසේම මෙයින් මුළු මහත් රටේත්, රටින් පිටත ජීවත් වන අපේම ජනතාව මුහුණදෙන සන්නිවේදන දුෂ්කරතාවය අතිවිශාල වන අතර එයින් සිදුවන සමාජීය බලපෑම ගණනය කළ නොහැකි එකකි. තවද ව්‍යාපාර ඇතුළු රටේ ආර්ථිකයට මෙමඟින් සිදුවී ඇති හානිය මෙතෙක් යැයි රජය විසින් ගණනය කිරීමට අපොහොසත්ව ඇත.

    මෙහිදි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසට අපට හැගි යන්නේ ආණ්ඩුව තම මර්දනකාරී වැඩපිළිවෙළට අවශ්‍ය පූර්වාදර්ශය මෙම තහනම තුළින් පරිපූර්ණ කිරීමට උත්සහ ගන්නා බවයි. යම්හෙයකින් ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදි ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය විකල්ප මතධාරාවක් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා නිර්මාණය වන අවස්ථාවකදි එය මැඩපැවැත්වීමට මෙම වාරණය උපයෝගී කරගත හැකිදැයි අත්හදා බලනු ලබන පෙර පරීක්ෂණයක් ලෙසට මෙම දින කිහිපය යොදා ගන්නා බවට අපගේ මතය වේ.

    තවදුරටත් ආණ්ඩුව මෙලෙස ඉදිරියට කටයුතු කරනවා නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන්නෙමු. එහෙයින් මෙලෙස ව්‍යංගකාරි විසඳුම් සෙවීමට නොගොස් සමාජය තුළ පැන නැගි ඇති සැබෑ ගැටළුව හදුනාගෙන එයට අවශ්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

    සුවින් වගාරච්චිගේ,
    කැදවුම්කරු
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙබ් මාධ්‍යවේදීන්ගේ කිව්වේ "අසහන හා ලයික් ශෙයාර් කරන අයද 😂😂😂😂
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    වෙබ් මාධ්‍යවේදීන්ගේ කිව්වේ "අසහන හා ලයික් ශෙයාර් කරන අයද 😂😂😂😂

    Ehema kiyanna epa bung ..mae karapu dae waradhi...ppl should have freedom to access information tht is a basic principle of good governance n we all knw tht this gov was elected on de manifesto of good governance
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ehema kiyanna epa bung ..mae karapu dae waradhi...ppl should have freedom to access information tht is a basic principle of good governance n we all knw tht this gov was elected on de manifesto of good governance

    මම කියන්නේ මේ බෑන් එක දැන් ලිෆ්ට් ඕෆ් කරන්න ඕනේ කියන එක තමා... හැබැයි වෙබ් මාධ්‍යවේදීන් කියලා කට්ටියක් ඉන්නවනම් උන් මහ අසමජ්ජාති අසහනකාරී උන්මත්තකයො ටිකක්...
    මම කිව්වේ බිස්නස් කාරයො ගැන නෙවෙයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    chrome_2018-03-12_08-06-13.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ට්‍රැෆික් නැතිවෙලා වෙන්ඩ ඇති වෙබ් මාධ්‍යවේදීන්ට :D
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොහෙද බන් උන් ඔච්චර කල් හිටියේ ඇහුවෙත් අද
    මොන වෙබ්සියිට් කරන උනද අපේ ඇඩ්මින් එහෙමත් ඉන්නවද
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    wadak na ban social media kattiya represent karanna sangam ekamuthuwak thiya pawichchi karana unuth ekathu na, vpn walin ena unta ganak na, anik unta joke ekak. ara yathurupadi karuwan sangamayat jineewa HR ekata paminili karala. den pena widyt ithin awrudu dekak kuna kanna wenawa.
    Immigrate wenna puluwan aya immigrate weyalla me rata wala pallata gihin anatha wela yayi
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22957865 said:
    වෙබ් මාධ්‍යවේදීයෝ.. :eek: මොක්කුද ඒ ? :confused:

    දන්නේ නෑ... උන් මේකේ ඉන්නවා කවුරු උනත්...
    පවු ඉතින්.. උන්ට වගේ මටත් අද කන්න බොන්න වෙන්නේ නෑ... රෙප් කැපුව නිසා 😂😂😂😂😂
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දන්නේ නෑ... උන් මේකේ ඉන්නවා කවුරු උනත්...
    පවු ඉතින්.. උන්ට වගේ මටත් අද කන්න බොන්න වෙන්නේ නෑ... රෙප් කැපුව නිසා 😂😂😂😂😂

    බෙට්ටක් දාලද කපලා තියෙන්නේ මේකේ ඉන්නවා ගූ කන සෙට් එකක් උන් කන ගමන් රෙනවා ඕවා ගණන් ගන්න එපා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෙට්ටක් දාලද කපලා තියෙන්නේ මේකේ ඉන්නවා ගූ කන සෙට් එකක් උන් කන ගමන් රෙනවා ඕවා ගණන් ගන්න එපා
    :)
    දෙපැත්තෙම ඉන්න වෙබ් මාධ්‍යවේදීන්ට රිදිලා 😂😂😂
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    දන්නේ නෑ... උන් මේකේ ඉන්නවා කවුරු උනත්...
    පවු ඉතින්.. උන්ට වගේ මටත් අද කන්න බොන්න වෙන්නේ නෑ... රෙප් කැපුව නිසා 😂😂😂😂😂


    :baffled::baffled:
     

    Similar threads