රාජ්සෝමදේවගේ කෑනීමෙන් හමු වූ විස්මිත වස්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාජ්සෝමදේවගේ කෑනීමෙන් හමු වූ විස්මිත වස්

    රාජ් සෝමදේවගේ කෑනීමෙන් හමු වූ විස්මිත වස්තුව

    47388827_1979257052375428_2108358059301535744_n.jpg

    පසුව ලියමි - මෙම සොයාගෑනීමෙන් වැඩි දොහක් යන්නට ප්‍රතමව වික්ටොරියානු වහල් කලු සුද්දන්ගේ සහ බුද්දගෝෂ බෞද්දයන්ගේ බලවත් ඉල්ලීම පරිදි ,ඈමරිකාව සහ බටහිර විසින් මෙහෙයවන රනිල් ආණ්ඩුව විසින් මෙතුමාගේ කැනීම් බලපත්‍රය අහෝසි කරල ලදී .:cool::cool::cool:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    රාජ් කැණීම් කරලා මතු උන දේවල් පුරා විද්‍යා එකට බාර නොදී තැන් තැන් වල බයිලා ගහපු නිසයි පොරගේ කැණීම් බලපත්රේ කැන්සල් කලේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඔය හම්බ උන වස්තුව ගැන කියනවා නං ඒක රාවණාගේ අතේ තිබ්බ එකක්. අපේ ගෙවල් වලත් තීනවා පුළුවන් නං කියපල්ලා
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    Ow mchan, Ohoma case ekak una kiyala ahala tiyanawa. meeta kalin owa keneem karanna patan aran tibbe meya tama. eyage balapathraya cancel karala. Heetuwa hariyatama danne nee habei.

    Kohomat ravana athiithaya hoyana ekata sehenna wideeshiya balapeem tiyanawa godak . ekai eththa:yes::yes:
    ehema unot wisheshayenma UK museum wala tiyana lanakawata aithi dewal (ravana kale idan tibba puskola poth wage godak watina dewal) apahu dennat wenawa unta
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රාජ් කැණීම් කරලා මතු උන දේවල් පුරා විද්‍යා එකට බාර නොදී තැන් තැන් වල බයිලා ගහපු නිසයි පොරගේ කැණීම් බලපත්රේ කැන්සල් කලේ

    :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    මූ හින්දි ෆිල්ම් බලන පොන්නයෙක්ද කොහෙද. ආතල් එකට බිම හාරලා පුරා වස්තු හම්බුනා නම් දෙපාර්තමේන්තුවට දන්වලා බඩු බාර දෙන්න ඔනෙ පත්තර වල පච ලිය ලිය ඉන්නෙ නැතුව. කෝ පෙන්නපන්කො ඔකගෙ ඔය ලබ්බ අපිටත් බලාගන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රාජ් සෝමදේවගේ කෑනීමෙන් හමු වූ විස්මිත වස්තුව

    47388827_1979257052375428_2108358059301535744_n.jpg

    පසුව ලියමි - මෙම සොයාගෑනීමෙන් වැඩි දොහක් යන්නට ප්‍රතමව වික්ටොරියානු වහල් කලු සුද්දන්ගේ සහ බුද්දගෝෂ බෞද්දයන්ගේ බලවත් ඉල්ලීම පරිදි ,ඈමරිකාව සහ බටහිර විසින් මෙහෙයවන රනිල් ආණ්ඩුව විසින් මෙතුමාගේ කැනීම් බලපත්‍රය අහෝසි කරල ලදී .:cool::cool::cool:
    මොකක්ද යකෝ හම්බවෙලා තියෙන්නේ??? උබලට පේන මට නොපෙනන මොනවහරිද??:dull::dull::dull:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    රාජ් සෝමදේව කියන්නේ වැඩකාරයෙක් තමා එකේ සැකයක් නැ .බුවාගේ ලයිසන් එක කැන්සල් කලේ රාවණ ගැන හොයන හින්ද නෙමේ එය කරපු කැනීම් වල ප්රෝග්රස් රිපෝර්ට් අව්රුදු ගානකින් පුරාවිද්‍යා එකට නොදුන්නු නිසා .නිතිය කාටත් එක වෙන්න ඕන .එහෙම නැතුව ඕන තැනක කැනීම් කරන්න අවසර දුන්නොත් වෙන්නේ ඕවගේ තැන වල තියන වටිනා පුරාවස්තු ඔක්කොම හොරෙන් පන්න ගන්න එක .
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    රාජ් සෝමදේව කියන්නේ වැඩකාරයෙක් තමා එකේ සැකයක් නැ .බුවාගේ ලයිසන් එක කැන්සල් කලේ රාවණ ගැන හොයන හින්ද නෙමේ එය කරපු කැනීම් වල ප්රෝග්රස් රිපෝර්ට් අව්රුදු ගානකින් පුරාවිද්‍යා එකට නොදුන්නු නිසා .නිතිය කාටත් එක වෙන්න ඕන .එහෙම නැතුව ඕන තැනක කැනීම් කරන්න අවසර දුන්නොත් වෙන්නේ ඕවගේ තැන වල තියන වටිනා පුරාවස්තු ඔක්කොම හොරෙන් පන්න ගන්න එක .

    • කැණීම් බලපත්‍ර 143ක් නිකුත් කරලා තියනවා
    • කිසිම කෙනෙකු කැණීම් වාර්තා හෝ හමුවූ පුරාවස්තු දෙපාර්තමේන්තුවට භාර දීලා නෑ
    පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර නිකුත් කිරීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්හිටුවා තිබේ. මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය ද අත්හිටුවා ඇත. දැන් ඒ සම්බන්ධව සමාජ

    කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. මේ පෙළ ගැසෙන්නේ එම සංවාදය පාදක කරගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත බී. මණ්ඩාවල මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

    “පුරාවිද්‍යා කැණීමක්” කියන්නෙ කුමක් ද?‍

    පුරාවිද්‍යාත්මක කැණීමක් කියන්නේ පිළිගත් පුරාවිද්‍යාත්මක ක්‍රමවේද භාවිත කර පුරාවිද්‍යාව පිළිබඳ යම් දත්ත මතුකරගැනීම සඳහා විශේෂඥයන් විසින් කරනු ලබන ක්‍රියාවලියක්. කැණීමක් කරන්නෙ අපේ යටගියාව ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයා ගන්න. නැත්නම් අපේ ලිඛිතව තිබෙන ඉතිහාසය සාධක තහවුරු කරගන්න. එවැනි සාධක නිවැරදි කරගන්න. එවැනි ජාතික අරමුණක් සහිතවයි පුරාවිද්‍යා කැණීමක් කරන්නෙ. ඒ වගේම ලිඛිත ඉතිහාසයට එහා ගිය ඓතිහාසික තොරතුරු සොයා ගන්න පුරාවිද්‍යා කැණීම් ඉවහල් වෙනවා. කැණීමකදී හමුවන පුරාවිද්‍යාත්මක සාධකත්, ඒ හා බැඳුණු අවශේෂ පරිසරයත් මතුකරගෙන විශ්ලේෂණය කරලා අපේ ඉතිහාසය ගොඩනඟා ගැනීම කරනු ලබන විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙසත් පුරාවිද්‍යා කැණීමක් හඳුන්වා දෙන්න පුළුවන්...

    පුරාවිද්‍යා කැණීමක් කරන පුරාවිද්‍යාඥයෙක් කැණීම කරන භූමිය පරිහරණය කිරීමේ දී ඔහුට පැවරෙන විශේෂ වගකීමක් තියෙනවා ද?

    ඉතාම පැහැදිලිව ඔව්. යම් භූමියක පුරාවිද්‍යා කැණීමක් කරද්දි විශාල දත්ත ප්‍රමාණයක් තියනවා. මේ දත්ත ප්‍රමාණය අපි දන්නෙ නෑ. ඒ දත්ත ප්‍රමාණය මතුපිට සිට සමහර විට මවු පාෂාණය දක්වාම ස්ථරයෙන් ස්ථරය ඉතාම විද්‍යානුකූලව මතු කරගැනීමේ නියත වගකීම පුරාවිද්‍යාඥයාට තියනවා. ඉතාම කුඩාම පබළු ඇටයේ සිට විශාල ස්මාරකයක් දක්වා මේ දත්ත එක සේ වැදගත්. ඒවා ක්‍රමානුකූලව මතුකරගන්න ඕන. වැදගත්ම දේ... මේ සෑම දත්තයක්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ වාර්තා කිරීම අනිවාර්යයි.

    මෙය තේරුම් ගත යුතුයි. පුරාවිද්‍යා කැණීමක් කියලා කියන්නෙ ඒ භූමිය තුළ, ඒ ස්මාරක ආශ්‍රිතව, සියවස් ගාණක් ජීවත් වෙච්චි අපේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන කියන නිශ්චිත දත්ත විනාශ කරගැනීමේ ක්‍රියාවලියක්. දත්ත විනාශ කරමින් තමයි අපි ඒ ඉතිහාසය ස්පර්ශ කරන්නෙ. තමන් කරන පර්යේෂණ කාර්යයේදී භූමියේ තැන්පත් වෙලා තියන ඉතිහාසය, නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි සේ විනාශ වෙනවා නම් ඒ හැම කුඩා දත්තයක්ම වගකීමකින් යුතුව පරිහරණය කිරීමට පුරාවිද්‍යාඥයෙක් බැඳිලා ඉන්නවා. ඒ නිසයි ඒ දත්ත ක්‍රමානුකූලව මතු කරගත යුත්තෙ. ඒවා විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ ලේඛන ගත කළ යුත්තෙ. අනතුරුව ඒ පුරාවස්තු විශ්ලේෂණය කරමින් ඉතිහාසය ගොඩනැඟිය යුත්තෙ.

    පුරාවිද්‍යා කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමේ නිර්නායකය කුමක් ද?

    කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමේ නිර්ණායක හා ක්‍රමවේද දක්වලා තියෙන්නෙ පුරාවස්තු ආඥා පනතෙ. පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල්වරයා වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වෘත්තිකයන් කරන කැණීමකදි හැර, යම්කිසි පුද්ගලයෙක් පුරාවස්තුවක් සොයා ගැනීම අරමුණින් කැණීමක් කරනවා නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත බලපත්‍රයක් මත පමණයි එම කැණීම කළ යුත්තෙ. එවැනි කැණීමක් කරන්න සැලසුම් කරන ඕනෑම කෙනෙක් පුරාවිද්‍යා ආඥාපනතේ නීති රීති අනුව ගැසට් කළ ආකෘති පත්‍රයකින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනෑ. එය විය යුතුමයි. බලපත්‍රයක් නිකුත් කරන්නේ කොන්දේසි ගණනාවක් සහිතවයි. ඊට පුරාවිද්‍යා ආඥාපනතින් පැවරෙන කොන්දේසි තිබෙනවා. ඊට අමතරව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොන්දේසි ඉදිරිපත් කරනවා. ඒ යටතෙයි කැණීම් සිද්ධ විය යුත්තෙ.

    වර්ෂ 2006 ගනිමු. එදා ඉඳලා මේ වනතුරු කැණීම් බලපත්‍ර කීයක් නිකුත් කරලා තියනවා ද? පුද්ගලයන් කී දෙනෙකුටද ඒ කැණීම් බලපත්‍ර නිකුත් කරලා තිබෙන්නෙ?.

    දැනට ලැබිලා තියන වාර්තා සියල්ලම අනුව 2006 සිට 2018 දක්වා කැණීම් බලපත්‍ර 143ක් නිකුත් කරලා තියෙනවා. ඒ පුද්ගලයන් 23 දෙනෙකුට.

    සමහර පුද්ගලයන්ගේ නම් ගත්තොත් ඒ පුද්ගලයන්ට බලපත්‍ර නිකුත් කරලා තියෙන්නෙ ඒ ගොල්ලන් වැඩ කරන ආයතනයට අනුව. කැණීම් බලපත්‍රයක් ආයතනයකට නිකුත් කරන්න බෑ. එය නිකුත් කළ හැක්කේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත විද්වතෙකුට පමණයි. උදාහරණයක් හැටියට මධ්‍යම සංස්කෘතික අරමුදලට කැණීම් බලපත්‍රයක් දෙනකොට අපි එය නිකුත් කරලා තියෙන්නෙ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනට. ඔහුට අපි 2017 අවුරුද්දෙ කැණීම් බලපත්‍ර 35 නිකුත් කරලා තියනවා.

    2018 අවුරුද්දෙ 20ක් නිකුත් කරලා තියනවා. පශ්චාත් පුරාවිද්‍යා ආයතනය වෙනුවෙන් මහාචාර්ය නිමල් සිල්වා මහත්තයාට කැණීම් බලපත්‍ර නිකුත් කර තියෙනවා. ඒවත් එක්ක තමයි 143ක් තියෙන්නෙ.

    මහාචාර්ය රාජ්සෝමදේවගේ කැණීම් බලපත්‍ර සිද්ධියක් සම්බන්ධව දැන් විශාල ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙනවා. ඔහුට කැණීම් බලපත්‍ර කීයක් නිකුත් කරලා තියනවද?

    දැනට තියන ලේඛන අනුව 2010 සිට 2017 දක්වා රාජ් සෝමදේව මහත්තයට කැණීම් බලපත්‍ර 19 නිකුත් කරලා තියනවා.

    මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය ඔබ විසින් නවත්තලා තියනවා. ඇයි ඔබ එහෙම දෙයක් කරන්නෙ. මෙය පෞද්ගලික කොන්තරයක් හෝ දේශපාලන අවශ්‍යතා මත සිදුවන්නක් ද?

    ඔබට ඉතාම පැහැදිලිව කියන්නම්. මේ සිදුවීම පටලවා ගන්න එපා. සාවධානව ඇහුම්කන් දෙන්න. මා මගේ වෘත්තීය ජීවිතයේ කිසිම අවස්ථාවක පුද්ගලික අභිමතාර්ථ සාධනය කරගන්න කිසිම අගතිගාමී තීන්දුවක් අරගෙන නෑ. ඒ වගේම මේ තීන්දුව සම්බන්ධව මොනම ආකාරයක දේශපාලන බලපෑමකුත් නෑ. මෙය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට මා ගත යුතුව තිබූ අතිශයින්ම නීත්‍යානුකූල තීන්දුවක්. අනෙක මේ තීන්දුව රාජ් සෝමදේව මහත්තයා ඉලක්ක කරගෙන කරපු එකක් නොවෙයි. මේ තීන්දුව ගත්තෙ මෙච්චර කල් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කැණීම් බලපත්‍ර නිකුත් කරලා තිබුණ පුද්ගලයන් 24 දෙනාම සම්බන්ධයෙන්.

    රාජ් සෝමදේව මහත්තයා ගැන කියනවා නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල්වරයා ලෙස මා පත්වීමෙන් අනතුරුවත් රාජ් සොමදේව මහත්තයට මා කැණීම් බලපත්‍රයක් නිකුත් කළා. ඒත් 2017 අවුරුද්ද අවසානයෙදි හා 2018 වර්ෂය මුලදි පුරාවිද්‍යා දෙප­ාර්තමේන්තුවෙ කැණීම් අංශය භාරව ඉන්න සහකාර අධ්‍යක්ෂවරයා හා දැනට ඒ පිළිබඳව උපදේශක හැටියට කටයුතු කරන ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු විද්වත් කණ්ඩායමක් මට කිව්වා මේ වනවිට කැණීම් බලපත්‍ර විශාල සංඛ්‍යාවක් නිකුත් කරලා තියනවා. ඒත් මේ වනතුරු මේ බලපත්‍ර ලාභී කිසිම කෙනෙක් කැණීම් වාර්තා භාරදීලත් නෑ. පුරාවස්තු භාරදීලත් නෑ කියලා. එය මොනතරම් බරපතළ දෙයක්ද කියලා ඔබට වැටහෙන්න ඕන. මේ විද්වත් කණ්ඩායම තමයි මට යෝජනා කළේ හැමදාම මේ විදිහට යන්න බෑ. මේ සඳහා පියවරක් ගන්න කියලා.

    මෙය විද්වත් වෘත්තිකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයක්. පුරාවිද්‍යා ආඥාපනත යටතේ මේ තත්ත්වයට අවසානයෙදි උත්තර දෙන්න වෙන්නෙ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මට. මේ පුටුවේ ඉන්නකම් මා කැමති නෑ ඒ වගේ ප්‍රශ්නයකට මැදිවෙන්න. ඊට පස්සෙ මා තීන්දුවක් ගත්තා මින් ඉදිරියට කැණීම් වෙනවා නම් පරණ දුන්න බලපත්‍රවලට වාර්තා දීලා පුරාවස්තු අපට භාරදෙන්න කියලා. එහෙම දුන්නට පස්සෙ නව කැණීම් බලපත්‍රයක් ලබාදෙන්න කියලා මා නිර්දේශ කළා.

    ඔබ මුලින්ම අත්හිටවනු ලැබුවෙ මහාචාර්ය රාජ් සෝමදේවගෙ කැණීම් බලපත්‍රය නේද?

    මේ ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තෙ ජනවාරි මාසයෙ. අවාසනාවකට වාගේ ජනවාරි මාසෙ ඉස්සරවෙලාම කැණීම් බලපත්‍රය ඉල්ලා සිටියෙ රාජ් සෝමදේව මහත්තයා. එතුමා කැණීම් බලත්‍රයක් ලිඛිතව ඉල්ලුවා. ලියුම ලියලා තිබුණෙ ජනවාරි 15 දා. ලියුම කාර්යාලයට ලැබුණෙ ජනවාරි 24 දා. ඒ ලියුමේ මා කැණීම් අංශයෙ සහකාර අධ්‍යක්ෂකට මිනිට් එකක් දැම්මා “පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද ආකෘතියට අනුව ඉල්ලීම කරන සේ දන්වන්න. මීට පෙර කරන ලද කැණීම්වල වාර්තා හා විශ්ලෙෂණ අවසන් කර භාරදෙන තෙක් අවසර දිය නොහැකි බව දන්වන්න කියලා” කියලා. අනතුරුව රාජ් සොමදේව මහත්තයාටත් ලිඛිතව දැන්නුවා නිකුත් කරලා තියන බලපත්‍රවලට අදාළ අවසන් කැණීම් වාර්තා හා කැණීම් මඟින් ලද පුරාවස්තු විශ්ලේෂණ අවසන් කර එම පුරාවස්තු ද විධිමත් අයුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදෙන්න කියලා.

    ඒ වෙනතුරු මහාචාර්ය රාජ් සෝමදේව ඔහු කළ කැණීම්වල වාර්තා සහ පුරාවස්තු විධිමත් අයුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීලා තිබුණේ නැද්ද?

    ඔහු භාර දීලා තිබුණෙ නෑ. ඔහු විතරක් නොවෙයි අනෙක් බලපත්‍ර ලාභීනුත් ඒ පුරාවස්තු සහ කැණීම් වාර්තා භාර දීලා තිබුණෙ නෑ.

    එහෙත් මහාචාර්ය රාජ් සෝමදේව වෙබ් රේඩියෝවකට කියලා තිබුණා ඔහු සිය කැණීම් වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිසි අයුරින් භාරදුන්නා කියලා...

    කෙනෙක් යම් කැණීමක් කරනවා නම් ඊට අදාළව නිශ්චිත කැණීම් වාර්තාවක් තිබිය යුතුයි. ඒක තමයි නීත්‍යානුකූල බලපත්‍ර කොන්දේසිය. ඔහු එහෙම කළේ නෑ. “ මෙතැන තියනවා 2000 සිට 2008 දක්වා කළ කැණීම්වල ප්‍රකාශයට පත්කරන ලද කැණීම් වාර්තා 8ක්... ඒ සඳහා මෙන්න මේ වාර්තාව පාවිච්චි කරන්න කියලා” එක වාර්තාවක් දෙනවා. ඊළඟට “ 2007 ඉඳලා 2009 වෙනකම් කළ තවත් කැණීම් කීපයකට මේ දෙක ගළපා ගන්න” කියලා ලේඛන දෙකක් දෙනවා. පස්සෙ 2013 සිට 2017 දක්වා ඩ්‍රාෆ්ට් එකක් දෙනවා කැණීම් 6 කට. වර්ෂ 2010 කියලා ආයෙත් කැණීම් දෙකකට ගළපාගන්න කියලා ලේඛනයක් දෙනවා.

    ඒත් ඒ වෙලාවෙ මා බැලුවා මේක කොහොම හරි ගළපා ගන්න පුළුවන්ද කියලා. ඒ අනුව මා පුරාවිද්‍යා කැණීම් පිළිබඳ ලංකාවේ ඉන්න ප්‍රමාණිකයන් වුණු ආචාර්ය ශිරාන් දැරණියගල මහත්තයටත් ආචාර්ය නිමල් පෙරේරා මහත්තයටත් මේ වාර්තා ඉදිරිපත් කළා. දැරණියගල මහත්තයා මට ලිඛිතව දැන්නුවා මේ ලේඛනවල විශාල අඩුපාඩු සංඛ්‍යාවක් තියනවා කියලා. ඉන් අනතුරුව මා පෙරවාරි මාසෙ 27 වැනිදා රාජ් සෝමදේව මහත්තයට දැන්නුවා මේ අඩුපාඩු නිවැරදි කරලා එක් කැණීමට අදාළව එක් කැණීම් වාර්තාවක් බැගින් ඉදිරිපත් කරන්න; පුරාවස්තු විශ්ලේෂණ වාර්තාවක් සමඟ පුරාවස්තු ඉදිරිපත් කරන්න; එසේ ඉදිරිපත් කරන තුරු කැණීම් බලපත්‍ර ලබාදෙන්න බෑ කියලා.

    මේ අත්හිටුවීම ගැන දැන්නුවෙ මහාචාර්ය රාජ් සෝමදේවට විතරද?

    නැහැ. පෙබරවාරි 28 වැනිදා එතුමා ඇතුළු කැණීම් බලපත්‍ර නිකුත් කළ 23 දෙනාටම ලිඛිතව දැන්නුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ස්ථාවර නියෝග 22 අනුව සකස් කළ අවසන් කැණීම් වාර්තා හා හමුවූ පුරාවස්තු ලේඛනගතකර පිළිගත් නිර්නායකයන්ට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීම කළ යුතුයි කියලා. අවසන් කැණීම් වාර්තාව හා කැණීමෙන් ලද පුරාවස්තු මා වෙත භාර දෙනතෙක් නව කැණීම් බලපත්‍ර නිකුත් නොකරන බවත් ඒ ලියුමෙන් අවධාරණය කළා. ඔවුන් 23 දෙනාගෙම කැණීම් බලපත්‍ර අත්හිටෙව්වා...

    ඔබ කියන ආකාරයට පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ගත්ත 23 දෙනාම මේ අවසන් ලේඛන හා කැණීමෙන් සොයා ගත්තු පුරාවස්තු භාර දීලා නෑ?

    ඔව්.. ඔවුන් 23 දෙනාම භාර දීලා නෑ...

    එහෙනම් ලංකාවෙ ඉන්න මේ ප්‍රධානම පුරාවිද්‍යා වෘත්තීයවේදීන් 23 දෙනාම පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය කරලා ?.

    ඔව්... ඔවුන් පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය කරලා. ඇත්ත... මා එය පිළිගන්නවා. සාමාන්‍ය මනුෂ්‍යයෙක් පුරාවස්තුවක් හොයලා හෑරුවොත් ඔවුන් සම්බන්ධව ඉතාම බරපතළ විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ පිරිස වෘත්තීයවේදීන්. ඔවුන් මගෙන් බලපත්‍රයක් ලබාගෙන තමයි මේ කැණීම් කරලා තියෙන්නෙ. ඔවුන් පුරාවිද්‍යාවට උදව්වක් කරන්නයි පුරාවිද්‍යා කැණීමක් කරන්නෙ.

    පිදුරංගල තරුණයන්ට පුරාවිද්‍යා ආඥාපනතින් දඬුවම් කරනකොට මේ රටේ ඉන්න පුරාවිද්‍යාව පිළිබඳ ඉහළම වෘත්තීයවේදීන් 23 දෙනා පුරාවිද්‍යා ආඥාපනත අමු අමුවෙ උල්ංඝනය කරලා තියනවා.

    ඔබ එහෙම කියන එක සම්බන්ධව මට කියන්න දෙයක් නෑ. මේ අය විවිධ ශාස්ත්‍රීය අරමුණු මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් උදව් වෙමින් තමයි මේ කැණීම් කළේ කියන එක මා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම මේ අය පුරාවිද්‍යා ආඥාපනතේ යම් යම් වගන්ති උල්ලංඝනය කරලා තියනවා. එවැනි අවස්ථාවක කළ යුතු දේ පුරාවිද්‍යා ආඥාපනතෙම සඳහන් වෙලා තියනවා. එහෙත් මේ පිරිස වෘත්තීයවේදීන් ලෙස සලකා මා ඔවුන්ට බලපත්‍ර කොන්දේසි සම්පූර්ණ කරන්න අවස්ථාවක් ලබා දුන්නා.

    මේ කොන්දේසි සම්බන්ධ බලපත්‍ර ලාභීන් සමස්ථයක් ලෙස දැක්වූ ප්‍රතිචාරය කොයිවගේ ද?

    ඒ අය කිසිම විරොධයක් නැතිව එකඟ වුණා ඒවා සම්පූර්ණ කරන්න. මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සෑම නිලධාරියකුම ඒකමතිකව මේ තීන්දුව අනුමත කළා. රාජ් සෝමදේව මහත්තයාත් මේ ලියුම නිකුත් කළාට පස්සෙ පුද්ගලිකව මාව හමුවෙන්න ආවා. ඇවිත් මට කිව්වා ඔබතුමා ගත්ත තීරණයට මං අත්දෙකම උස්සලා සහයෝගය දක්වනවා කියලා. ඔහු කිව්වා මේ තීරණය මීට කලින් හිටපු කිසිම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ගත්තෙ නෑ, ඒත් ඔබ මේ තීරණය ගත්තා කියලා. මං මගේ වාර්තා සියල්ල ලැබෙන්න සලස්වනවා කියලා කිව්වා. ඊට පස්සෙ එතුමා වෙනත් කාරණයකට මේ කාර්යාලයට කැඳෙව්වා...යම් ගවේෂණයකට අදාළ සාකච්ඡාවකට... ඇවිත් යනකොට එතුමා කියලා ගියා අන්න ඔබතුමා ඉල්ලපු වාර්තා ටික සකස් වෙමින් තියනවා. ඒ ටික ලැබෙන්න සලස්වනවා කියලා.

    එ්ත් අයෙක් එළියට බැහැලා මේ වන විට බරපතළ සමාජ විරෝධයක් ගොඩනඟමින් ඉන්නවා මේ සිද්ධිය මුල් කරගෙන

    ඔව්... මා එය දකිනවා. ඒ සම්බන්ධව අතිශයින් කනගාටු වෙනවා. වෘත්තීයවේදීන් ලෙස ඔවුන් එසේ නොකළ යුතුයි. මං කළේ පුරාවිද්‍යා ආඥාපනත ප්‍රකාරව කැණීමක මූලිකම පරමාර්ථයවත් ඉටුනොවන අවස්ථාවක එය යථාවත් කිරීම සඳහා නීත්‍යනුකූලව කටයුතු කිරීම විතරයි. සිදුවෙමින් පැවති බරපතළ ජාතික ව්‍යසනයක් වැළැක්වීම විතරයි.
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0

    Professor Raj somadewa e wartha denne naththe ai kiyala poddak hoyala balanna.... Ape history eka godak wenas karanna puluwan saadaka kaneem walin hamba wela thiyei...ewaye wartha asthana gatha wei kiyana de nisa thama ewa deela naththe...mokada me hoya gaththa dewal yata gahann ihalinma balapaam awith nisa
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අහිංසක නුගත් මිනිස්සුන්ට පොත් පත්තර විකුණලා ආදාර එකතුකරලා ජීවත් වෙන ජාවාරම් කාරයෙක්

    ඔය වගේ එවුන් හරියට ඉන්නවා පිටරට වල

    5d03fef1f4a49113f9eff52baddff53c.jpg