රාජ්‍යයේ_පැවැත්ම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රාජ්‍යයේ_පැවැත්ම

    ශ‍්‍රී ලංකාවේ බෙදුම්වාදය කවර මිලක් ගෙවා හෝ පරාජය නොකළහොත් එය අවසානයක් නැති මරාගැනිල්ලක් වේවි



    ‘යහපාලනයෙන් රට බෙදෙන හැටි’ නම් වූ විද්වත් සම්මන්ත‍්‍රණයේදී සිදු කළ එම දේශනය ‘නොලියැවෙන ඇත්තක්’ සේ ඉතිහාසයට එක්විය. එහෙයින් ප‍්‍රමාද වී හෝ අපගේ ‘නොලියැවෙන -ඇත්ත’ තීරයට එම දේශනයෙහි ලිඛිත සටහන එක් කිරීමට අපි කටයුතු කළෙමු.

    මෙතැනදී අපි අත තියන්නේ ඉතාමත් සංකීර්ණ, මහා බරපතල අපවාදයකට, චෝදනාවකට ලක්විය හැකි මාතෘකාවකට. මන්ද, බෙදුම්වාදය ගැන කෙනෙක් කතා කරන වහාම ඔහුට යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ සිවිල් සමාජය කියලා තමන්ව හඳුන්වා ගන්න කණ්ඩායම විසින් ජාතිවාදියා, වර්ගවාදියා කියන ලේබලය අලවන නිසයි. රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඒ නිසා මේ විෂය ගැන කතා කරන්න වෙන්නේ, ‘ජාතිවාදියා’ නැමති ලේබලය අලවනු ලැබීමේ අවදානමට මුහුණ දෙමිනුයි.

    එය මොනතරම් බරපතල ද කියනවා නම්, පුවත්පතක ආරක්‍ෂක තොරතුරු විශ්ලේෂකයකු ලෙස සේවය කරන මගේ මිත‍්‍රයකු මට කිව්වා, මේ වගේ රැස්වීම්වලදී ආචාර්ය දයාන් ජයතිලක හෝ මා වැනි අයකු ජාතිවාදය අවුලූවනසුලූ ප‍්‍රකාශ සිදුකරනවාද, කියා බලන්න දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව. පුදුමය තමයි, එම කණ්ඩායම මෙහෙයවන්නේ, යහපාලන ඡන්ද ව්‍යාපාරයේ පෙරමුණේ සිටි, ‘නිදහස් මාධ්‍යකරුවෝ’ කියා තමන්ව හඳුන්වාගන්නා කණ්ඩායම වීම. ‘නිදහස් මාධ්‍ය’ කියන එකේ අදහස ‘ ඕනෑම මතයක් දැරීමට අයිතිය තිබෙනවා’ කියන එකනේ. ඒ අය තමයි අද මේ දඩයමට එකතුවෙලා ඉන්නේ. මේ ‘නිදහස් මාධ්‍යයේ’ හිටපු සමහරු අද ජනාධිපති උපදේශකයෝ. තවත් අය ලේක්හවුස් ආයතනයේ. ඒ නිසා ඔබට පැහැදිලි ඇති මෙතැන පවත්නා බරපතලකම. ඒ අවදානම භාර ගනිමින් ‘මේ රට බෙදී වෙන්වීයාමේ බරපතළ අන්තරායක පවතිනවාය’ කියන බවට මා දන්නා සාක්‍ෂි ඔබ හමුවේ තැබීමට තමයි මා සූදානම් වන්නේ.

    මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් තිබේද?

    ඊට කලින් ‘මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් තියෙනවා. ඊට විසදුම් ලබාදී නැති නිසා තමයි මේ ප‍්‍රවණතාවය හටගෙන තියෙන්නේ’ කියන මතයක් මේ සමාජය තුළ තිබෙන නිසා ඒ ගැටළුව පිළිබඳ මගේ ස්ථාවරය ඉතාම කෙටියෙන් පැහැදිලි කිරීමට ඉඩ දෙන්න. මම විශ්වාස කරනවා, අපට පැහැදිලි සාක්‍ෂි තිබෙනවා, අපේ රට විවිධ භාෂා කථා කරන, විවිධ ආගම් අදහන මිනිස්සුන්ගෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කියන එකට. ඒක තමයි ලෝක ස්වභාවය. අද ලෝක ජනගහනය කෝටි 700ක්. ඒ මිනිස් පවුලේ සාමාජිකයන් අතර සමානකම් තියෙනවා. එක උදාහරණයක් තමයි, අපි සියලූ දෙනා උපදින්නේ එකම ආකාරයකට. ඒ වගේම කතා කරන භාෂාවන් අනුව, අදහන ආගම අනුව, හමේ පාට අනුව, සංස්කෘතික චර්යාවන් අනුව මේ මිනිස් පවුලේ සාමාජිකයන් අතර වෙනස්කම් පවතිනවා. එය හදුන්වන්නේ වාර්ගික විවිධත්වය කියා. අපේ සමාජයත් වාර්ගික විවිධත්වයෙන් යුත් සමාජයක්. ඇතැම් රටක වාර්ගික විවිධත්වය ඉතාමත් තූනී එකක්. ඒක දකින්නත් බැරි තරම්. මාලදිවයිනේ ජනගහනය ලක්‍ෂ 04ක් පමණ. ඔවුන් 100%ක්ම පාහේ සුන්නි මුස්ලිම් ආගම අදහන්නේ. 100%ක්ම පාහේ කතා කරන්නේ ‘දිවෙහි’ කියන සිංහලයට බොහෝ සමීපකම් ඇති භාෂාවක්. එවැනි රටක් දෙකක් හැරුණාම අන් සෑම රටකම වාර්ගික විවිධත්වයක් දැකිය හැකියි. එවැනි රටක සියලූ ජනකොටස්වලට ‘මෙය මගේ රටයි’ කියන්නට හැකි පාලන ක‍්‍රමයක්, සියලූ දෙනාට සම ඉඩප‍්‍රස්ථාව ලැබෙන සමාජ රටාවක්, සාධාරණ සමාජයක් නිර්මාණය කළ යුතුයි. ඒක තමයි මම විශ්වාස කරන්නේ.

    නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ අපි එවැනි සමාජයක් ගැන කතා කළාට එවැන්නක් නිර්මාණය කරන්න සමත් වුණේ නැහැ. එය කළ යුතුව තිබෙන කාර්යයක්. නමුත් එකී ආගමික, සමාජීය හා සංස්කෘතික වශයෙන් පවත්නා විවිධත්වය රටවල් දෙකඩ කිරීමට, කැබලි කිරීමට, බෙදී වෙන්වී යාමට හේතුවනවා නම් එය බරපතල, බොහෝ දුරදිග යන ඉතාම බියකරු, ලේ වැගිරීම් සහිත ප‍්‍රතිවිපාක ඇති කරන දෙයක්.

    2014 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය නිර්මාණය කරන භූමි ප‍්‍රදේශවලින් එකක් වන ස්කොට්ලන්තයේ වෙන්වී යාම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වුණා. ඔබ දන්නවා බි‍්‍රතාන්‍යය කියන රටේ නිල නම තමයි United Kingdom of Great Britain and Northern Ireland. Great Britain හැදෙන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය එකතු වෙලා. ස්කොට්ලන්තය, එක්සත් රාජධානියේ සාමාජිකයකු වන්නේ, මීට අවුරුදු 350කට කලින් අත්සන් තබපු ගිවිසුමක් යටතේ. ඒ ස්කොට්ලන්තය වෙන්වී යාම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වෙන විට වත්මන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ස්කොට්ලන්තයට ගිහිල්ලා ඉල්ලා සිටියා, ‘බෙදෙන්න එපා! වෙන් වෙන්න එපා! වෙන් වුණොත් ඔබට අවාසියි. ඔබේ තෙල් විකුණාගන්න බැරි වෙනවා. යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ලබාගත හැකි ප‍්‍රතිලාභ නැති වෙනවා.’ කියලා. ඬේවිඞ් කැමරන් ඉදිරිපත් කළ තර්ක බොරු හෝ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එක දෙයක් පැහැදිලියි, ඔවුන් එසේ බෙදී වෙන් වී යාමට කැමති නැහැ. ඒ වගේම බෙදී වෙන්වී යාමට ඉඩ දෙන්නෙත් නැහැ.

    බෙදුම්වාදයේ බියකරු අත්දැකීම්

    අපි වගේ රාජ්‍යයක එවැනි බෙදුම්වාදයක් හටගතහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවුරුදු 30ක ත‍්‍රස්තවාදයෙන් අප ලැබූ බියකරු අත්දැකීම මෙන් කිහිපගුණයක බියකරු අත්දැකීමකට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. අවසානයක් නැති මරාගැනිල්ලක් බවට එය පත්වන එක නැවැත්විය නොහැකියි. යම් කෙනෙකු තර්ක කරන්න පුළුවන් මෙය පුහු අනාවැකියක් කියලා. අනාවැකියක් නොවෙයි, ඒ බව සනාථ කරන්න ප‍්‍රත්‍යක්‍ෂ මූලික සාධක ලෝකයෙන් ඕනෑ තරම් සොයා ගන්න පුළුවන්. ඒකට එක නිදර්ශනයක් අපේ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව 1947දී දෙකඩ වීමට පෙර සුවිශාල රාජ්‍යයක්, වර්ග කිලෝමීටර් ලක්‍ෂ 40ක පමණ. 1947දී ඉන්දියාවෙන් කොටසක් පාකිස්ථානය ලෙස වෙන්ව ගියා. අද ඉන්දියාව වර්ග කිලෝමීටර් ලක්‍ෂ 32ක් පමණ විශාල රාජ්‍යයක්. එය ශ‍්‍රී ලංකාව වගේ 68ගුණයක් විශාලයි. එවැනි සුවිශාල රාජ්‍යයකට බෙදී වෙන්වී ගියත් ඇති වන පීඩාව විඳදරා ගැනීම, අප වැනි කුඩා රටකට වඩා පහසුයි. එසේ වුවත් ඉන්දියාවට සහ පාකිස්ථානයට බෙදී වෙන්වී යාම නිසා සිදුව ඇති යහපතට වඩා වැඩියි, බෙදී වෙන්වී යාම නිසා සිදුව ඇති අයහපත. එකම නිදර්ශනය මේ දෙරටේම අතිවිශාල දුප්පත් ජනගහනයක් සිටීම. ඉන්දියාවේ නාගරික ප‍්‍රදේශවලින් ඔබ්බට ගියවිට බොහෝ ජනයා ගත කරන්නේ ප‍්‍රාථමික ජීවිතයක්. පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයට ආසන්න දේශසීමාවල අරාජිකභාවයක් තිබෙන්නේ. ඉන්දියාව සහ පාකිස්ථානය න්‍යෂ්ටික ආයුධ නිපදවීම සඳහා ඩොලර් කෝටි ගණනින් වියදම් කරනවා. එසේ වී තිබෙන්නේ වෙනම රාජ්‍යයන් දෙකක් බිහිවී තිබීම නිසා. ඉන්දියාව සහ පාකිස්ථානය බෙදා වෙන්කරන දේශසීමාව තමයි ලෝකයේ තිබෙන දිගම දේශසීමාව. මේ දේශසීමාවේ දවසේ පැය 24 පුරා දෙපාර්ශ්වයේ සෙබළු එකිනෙකාට තුවක්කු මානාගෙන ඉන්නවා. විටින් විට ඔවුන් මරා ගන්නවා. 1947දී බෙදී වෙන්වී යාමෙන් පසුව මේ දෙරට අතර යුද්ධ තුනක් ඇති වුණා.

    ඉන්දියාව වැනි සුවිශාල රාජ්‍යයකට බෙදී වෙන්වී යාම නිසා ඇති වූ තත්වය එබඳුයි. අපේ රට යම් හෙයකින් දෙකඩ වුවහොත් එය ඉතා බියකරු ඛේදවාචකයක් වන බවට ඉහත තත්වය හොඳ සාක්ෂියක්. කොසෝවෝ, දකුණු සුඩානය, එරිත‍්‍රියාව වැනි රටවල් ගත් විට මේ අයහපත් ප‍්‍රතිඵල අපට දකින්නට පුළුවන්. ශ‍්‍රී ලංකාවේදී මෙය වඩාත් බරපතලයි කියන එකයි මගේ විශ්වාසය. භූමියෙන් 1/3ක සහ මුහුදු තීරයෙන් 2/3ක බලය, එක් ජන වර්ගයකට සීමා වූ රාජ්‍යයකට උරුම වුවහොත් සෙසු පළාත්වල ජීවත් වන ජනයාට කුමක් සිදුවේද? ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනගහනයෙන් උතුරු නැගෙනහිරින් මෙපිට ජීවත් වන ජන සංඛ්‍යාව, මුළු ජනගහනයෙන් 51%ක් පමණ වෙනවා. ඒ පිරිස සමග දකුණේ වෙසෙන සිංහල සහ මුස්ලිම් ජනයාට තමන් සතු සම්පත් බෙදා ගන්න සිදු වෙනවා, ඉඩම්, උසස් අධ්‍යාපනය, බැංකු, රැකියා ආදී වශයෙන්. මේක එක අතකින් සාධාරණද? අනෙක් පැත්තෙන් බහුතර ජනතාව මෙය සන්තෝෂයෙන් භාර ගනීද? මෙතැනදී මරාගැනිල්ලක් ආරම්භ නොවනු ඇත්ද? මේ මරාගැනිල්ල ඉතාමත් බියකරු ප‍්‍රතිඵල ලබා දේවි.

    රුවන්ඩා ඛේදවාචකය

    1994දී මේ අපේ රටේ වගේ ප‍්‍රශ්නයක් තිබුණු අප‍්‍රිකාවේ මැද කොටසේ පිහිටි රුවන්ඩාව කියන රටේ මාස 05කදී අටලක්‍ෂයක් ඝාතනය වුණා. රුවන්ඩාවේ ජනගහනයෙන් දහයෙන් එකක් මාස 05කදී ඝාතනය වුණා. කපලා, කොටලා, වෙඩි තියලා, කුඩා දරුවෝ, මහල්ලො, කාන්තාවන් ඇතුළු මිනිසුන් ඝාතනය කළා. එවැනි ව්‍යසනයක් වුවත් මෙවැනි තත්වයකදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසයි අපි බෙදුම්වාදය තේරුම් ගැනීම සහ එය වළක්වාගැනීම සඳහා ක‍්‍රියා කළ යුතු වන්නේ.

    ‘අන්තර්ජාතික ප‍්‍රජාව අපිත් එක්ක දැන් තරහ නැහැ. විදේශීය නායකයන් දැන් අපේ රටට එන්න පොර කනවා’ කියලා එක්තරා ඇමතිවරයකු පවසා තිබුණා. ඒ වගේ එක් පිරිසක් ඉන්නවා, ‘අද මේ රටේ බෙදුම්වාදයක් නැහැ’ කියලා කියන. නමුත් සාක්‍ෂි පෙන්නුම් කළ හැකියි එවැන්නක් තිබෙන බවට. ‘බෙදුම්වාදයක් නැහැ. අපට ඩයස්පෝරාව සමග යාළු වෙන්න පුළුවන්’ කියලා විශ්වාස කරන පිරිස් මතු කරන තර්කයක් තමයි, බෙදුම්වාදය ඇති වුණේ නිදහසින් පස්සේ අපේ ආණ්ඩු කළ අනුවණකම්, වැරදි අඩුපාඩුකම් නිසා කියන එක. ඒ අය උපුටා දක්වන සාධක අතුරින් පළමුවැන්න, ඞී.එස් සේනානායක අගමැතිවරයාගේ පාලන සමයේ ඉදිරිපත් කළ රටවැසිභාවය පිළිබඳ පනතකින් ඉන්දීය සම්භවයක් සහිත ජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම. දෙවැන්න තමයි, බණ්ඩාරනායක මහතාගේ පාලන සමය ආරම්භයේදීම, ඒ කියන්නේ 1956දීම සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම. ඒ වගේම බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී විශ්වවිද්‍යාල ප‍්‍රවේශ ප‍්‍රමිතිකරණ වැඩපිළිවෙළ නිසා දෙමළ ජනයාට සිදුවූ අසාධාරණය, ඊට අමතරව විටින් විට ඇති වූ ජාතිවාදී කෝලාහල, දෙමළ ජනයාගේ සත්‍යග‍්‍රහවලට පහරදීම ආදිය. මේ සියලූ සාධක නිසා තමයි ලංකාවේ බෙදුම්වාදය ඇති වුණේ කියන තර්කය තමයි ඔවුන් මතු කරන්නේ.

    පොන්නම්බලම්ගේ යෝජනාවට සෝල්බරි කොමිසමේ නිගමනය

    නමුත් ඕනෑකමින් අධ්‍යයනය කළහොත් එය එසේ නොවන බවට සාක්‍ෂි තිබෙනවා. 1945දී ශ‍්‍රී ලංකාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා සෝල්බරි කොමිසම ස්ථාපනය කෙරෙනවා. ඒ කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නු All Ceylon Tamil Congress(සමස්ත ලංකා ද්‍රවිඩ කොංග‍්‍රසය -ACTC) නායකයා මෙන්ම සුප‍්‍රකට නීතිඥවරයකු වූ ජී.ජී. පොන්නම්බලම් මහතා යෝජනාවක් කළා. ඒ යෝජනාවේදී ඔහු කියනවා, ‘මන්ත‍්‍රීවරුන් 100ක් සහිත මන්ත‍්‍රණ සභාවක්, පාර්ලිමේන්තුවක්, ව්‍යාවස්ථාදායකයක් හදන්න. ඒ ව්‍යවස්ථාදායකයේ ආසනවලින් 50%කට සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම කෙනෙකුට තරග කරලා තේරී පත් වෙන්න පුළුවන්. ඉතිරි 50% සුළු ජාතිකයන්ට, ශ‍්‍රී ලාංකීය දෙමළ ජනයාට 25%ක් ආදී වශයෙන්’ කියලා. කොමිසමේ සාමාජිකයන් කියනවා, ‘මෙහෙම ක‍්‍රමයක් ඇති කළොත් අතීතයේ සිට මේ දක්වාම බහුතරය වන සිංහලයන්ට අසාධාරණයක් වෙනවා නේද?’ කියලා. එවිට පොන්නම්බලම් මහත්තයා තමන්ගේ ස්ථාවරය මදක් වෙනස් කරනවා. වෙනස් කරලා කියනවා, ‘අපි අර පොදුවේ තරග කළ හැකි ආසන 50 සිංහලයන්ට වෙන් කරමු. ඉතිරි ආසන 50 සුළු ජනයාට වෙන් කරමු’ කියලා. රටේ ජන අනුපාතය සලකන විට මෙහි සාධාරණත්වය පිළිබඳව ඔබට අදහසක් ඇති කර ගන්න පුළුවන්. අන්තිමේදී ඔහුගේ යෝජනාව පිළිබඳව සෝල්බරි කොමිසම මේ විදියටයි නිගමනය කළේ. මට ඒ කියමන සෝල්බරි කොමිසමේ වාර්තාවෙන් ඒ විදියටම උපුටා දක්වන්න ඉඩ දෙන්න.

    ‘We think that any attempt by artificial means to convert a majority in to a minority is not only inequitable doomed to failuer.’(කෘත‍්‍රිම ලෙස බහුතරයක් සුළුතරයක් බවට පත් කිරීමට ගන්නා කවර හෝ උත්සාහයක් අසාධාරණ වෙනවා පමණක් නොව අසාර්ථක වන බව නියතය.’) ලංකාවේ දෙමළ සමාජයේ ප‍්‍රභූ පන්තිය ඉංග‍්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් පසු තමන් සුළුතරයක් ලෙස පවතින්නට අකැමති වීම, එය භාර ගැනීමට සූදානම් නොවීම නිසා තමයි ඔවුන්ට මේ අදහස එන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අධිරාජ්‍යවාදීන් යටත්කර ගත් සෑම රටකම ඔවුන් අනුගමනය කළ උපක‍්‍රමයක් තමයි බෙදා පාලනය කිරීම(Divide and Rule). එක්සත් ජාතින්ගේ සංවිධානය ලෝකයේ අභ්‍යන්තර අවි ගැටුම් ගැන කළ සමීක්‍ෂණයක සඳහන් කරනවා, 1992-94 කාලයේ ලෝකයේ අවි ගැටුම් 82ක් තිබුණු බව. මේ 82න් රාජ්‍යයන් අතර අවි ගැටුම් තිබුණේ 03ක් බවත් එහි සඳහන් වෙනවා. තව 79ක් ඉතිරි වෙනවා. ඉන් 09ක් පමණ සමාජ ක‍්‍රමය වෙනස් කිරීම අරමුණුකර ගත් සන්නද්ධ අරගල. එනම් මා ඕවාදී ව්‍යාපාර, පිලිපීනයේ NPO වැනි සංවිධාන සිදු කළ සන්නද්ධ අරගල. 70ක් පමණ වන ඉතිරිය වාර්ගික ස්වරූපයක්ගත්, බෙදී වෙන් වී යාම අරමුණුකරගත්, නිශ්චිත ප‍්‍රදේශයකට ස්වයංපාලන බලතල ඉල්ලා සිටින අරගල බව මෙම සමීක්‍ෂණය පෙන්වා දෙනවා. මේ වාර්ගික ස්වරූපයගත් අරගල හටගෙන තිබූ රටවල් සියල්ලම පාහේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට යටත්ව තිබූ ඒවා. ඒ සෑම රටකම අධිරාජ්‍යවාදී පාලකයෝ බහුතර ජනතාව සහ සුළුතර ජනතාව කෙටවීම සඳහා, එකිනෙකා අතර වෛරය ඇති කිරීම සඳහා සිදු කළ උපක‍්‍රමයක් තමයි, සුළුතර කොටස්වලට වැඩි වරප‍්‍රසාද, පහසුකම් සැලසීම. මම ඉහත සඳහන් කළ රුවන්ඩාවේ ජනගහනයෙන් 90%ක්ම හුටූ නැමැති ගෝත‍්‍රයට අයත් වෙන්නෙ. 9%ක් ටුට්සි නැමැති ගෝත‍්‍රයටත් ඉතිරි 1% පිග්මි නැමැති ගෝත‍්‍රයටත් අයත්. රුවන්ඩාව පාලනය කරපු ලැබුවේ බෙල්ජියම. බෙල්ජියම ඉතාමත් කෲර අධිරාජ්‍යවාදී පාලකයෙක්. බෙල්ජියමේ ලියෝ පෝල් රජතුමා කරපු අපරාධවලට, මම දන්නේ නැහැ ආගම් තියෙනවා නම් මොන විදියටද පල දෙන්න ඕනෙ කියලා. මා මෙහිදී ඉස්මතු කරන්නේ 9%ක් වූ ටුට්සි ජනයාට ලබාදුන් අතිරේක ප‍්‍රතිලාභ නිසා බෙල්ජියම් පාලකයන් රටින් ඉවත්ව ගිය වහාම හුටූ-ටුට්සි ජන කොටස් දෙක අතර සටනක් ඇති වුණා. ඒ සටනේ එක අවස්ථාවක් තමයි 1994 අපේ‍්‍රල් – අගෝස්තු දක්වා මාස 05ක කාලය තුළ අටලක්‍ෂයක මිනිස්සු ඝාතනය වීම.

    එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ කතා

    මේ රටෙත් දෙමළ ප‍්‍රභූ පන්තිය, මම කියන්නේ නැහැ ඔවුන්ට ධනපති පන්තිය කියලා, ඉංග‍්‍රීසි කතා කරන, හොඳම පාසල්වලට ගිය, පිටරට හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තු ඒ පිරිස් කැමති වුණේ නැහැ තමන් සුළුතරය ලෙස ජීවත් වන්නට. මට ඊට නිදර්ශන කිහිපයක් කියන්නට ඉඩ දෙන්න. සමස්ත ලංකා ද්‍රවිඩ කොංග‍්‍රසයේ (ACTC) හිටපු එස්.ජේ.වී. චෙල්වනායගම් කියන පුද්ගලයා 1949දී වෙනම පක්‍ෂයක් හදනවා. ඉලංකෙයි තමිල් අරසු කච්චි(Lanka State Tamil Party) කියන පක්‍ෂයයි ඔහු හැදුවේ. මේකට ඉංග‍්‍රීසියෙන් කියුවේ Federal Party කියලයි. ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයට Federal Party කියලා කියුවේ කවර පදනමකින්ද කියලා අදත් පැහැදිලි නැහැ. ඇතැම් දේශපාලන විචාරකයන් ඒ ගැන මවිතය පළකර තිබෙනවා. මෙම පක්‍ෂය පිහිටුවීම සඳහා සම්මත කරපු යෝජනාවේදී බුද්ධිමත්, පණ්ඩිත හොඳින් ඉංග‍්‍රීසි කතා කරන උගත් මහතකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා කියනවා, ‘We believe that the only means ensuring that the Tamils are guaranteed their freedom and self-respect by law and of solving their problems in a just and democratic manner is to permit them to have their own autonomous state guaranteeing self government and self determination for the Tamil Nation in the country and to work to indefatigably the attainment of this objective.’ කියලා. ‘අපට වෙනම රාජ්‍යයක් තිබිය යුතුයි’ කියන මේ අදහස බොහොම කලින් එන්නේ. නමුත් එදා ඔවුන් ආයුධවලින් නොවෙයි ඒ අරමුණට ළගා වූයේ. නැවත 1954දී කොළඹ කොටුව තරුණ මුස්ලිම් සංගමයේ රැස්වීමකදී එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා මේ විදිහට කියනවා, ‘It is better to have our own territory, our own culture and self-respect than be a minority in the Island living on the good fortunes of the majority community.’ ‘බහුතර ජන ප‍්‍රජාවේ අනුකම්පාව මත ජිවත් වනවාට වඩා අපට අපේ දේශයක් තිබීම සුදුසුයි’ කියලයි ඔහු කල්පනා කළේ.

    ඉහත කරුණු පැහැදිලිකර දෙනවා, මෙරට බෙදුම්වාදය නිදහස ලැබීමටත් පෙර ඇතිවුණු දෙයක් කියලා. එකී බෙදුම්වාදය තමයි 1970 දශකය මුල් භාගයේදී සන්නද්ධ අරගලයක් ලෙසින් ප‍්‍රකාශයට පත් වෙන්නේ. 2009 මැයි 19 වැනිදා ඒ අරගලයේ ප‍්‍රමුඛයා වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකත්වය විනාශ කිරීමෙන් පසුව එය යුදමය අවසානයකට එළඹුණා. නමුත් මේ මතවාදය එවැනි අවසානයකට පත් වුණේ නැහැ. එම මතවාදය විවිධ මාර්ග ඔස්සේ එදාටත් වඩා ප‍්‍රබල ලෙසින් අද ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා.

    ඒ බවට එකම සාක්‍ෂියක් ඉදිරිපත් කරන්නම්. එල්.ටී.ටී.ඊය විනාශ කිරීමෙන් වසර තුනකට පසු, එනම් 2012 මැයි මාසයේ මඩකලපුවේදී තිබුණා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 14 වැනි වාර්ෂික සමුළුව. එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මෙන්න මේ විදිහට කියනවා, ‘The current practices of the International Community may give us an opportunity to achieve, without the loss of lives, the soaring aspirations, we were unable to achieve by armed force’ කියලා. මෙම කතාව ඔබ සම්පූර්ණයෙන් කියවීමට උනන්දු නම් Colombo Telegraph වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. සම්බන්ධන් මහතා කියූ දේ අදහස මම පැහැදිලි කරන්නම්. ‘ අද තියෙනවා අන්තර්ජාතික ප‍්‍රජාවේ එක ප‍්‍රැක්ටිස් එකක්. ඒක තමයි, සුළුතර ජාතින්ගේ මෙවැනි ඉල්ලීම් දිනා ගැනීම සඳහා උදව් කිරීම.’ ඒක ඇත්ත. ඒකට තිබෙන හොඳම උදාහරණයක් තමයි, සර්බියාවෙන් කොසෝවෝ ප‍්‍රාන්තය වෙන් කිරීම. මේක බරපතල කතාවක්. යුගෝස්ලාවියාව කියලා රටක් තිබුණ. ඒ රට සමන්විත වුණේ සමූහාණ්ඩු 06කින්. විශාලම සමූහාණ්ඩුව තමයි සර්බියාව. සර්බියාවට තිබුණා Autonomous Regions(ස්වයංපාලන ප‍්‍රදේශ)දෙකක්. එකක් තමයි කොසෝවෝ. මා දන්නා විදියට කොසෝවෝ ප‍්‍රාන්තය, සර්බි ජනතාවට ලංකාවේ සිංහල මිනිස්සුන්ට අනුරාධපුරය වගේ. නමුත් එක්තරා වකවානුවකදී කොසෝවෝ ප‍්‍රාන්තයේ ජනගහනයෙන් 74%ක් පමණ නිර්මාණය වුණේ ඇල්බේනියානු සම්භවයක් සහිත මිනිසුන්ගෙන්. යුගෝස්ලාවියාව බිහි වූ දා සිටම ප‍්‍රංශය, ජර්මනිය විශේෂයෙන් යුරෝපා සංගමය වගේම ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ට උදව් කළා, සැලසුම් කළා, ක‍්‍රියා කළා යුගෝස්ලාවියාව බිඳ දමන්න. එසේ කළේ යුගෝස්ලාවියාවට අයත් භූමි ප‍්‍රදේශය ඔවුන්ගේ ප‍්‍රාග්ධනයට විවර නොවුණු නිසා, තමන්ට කැමති විදියට ඒ ප‍්‍රදේශ පාලනය කිරීමට නොහැකි වූ නිසා. 1980දී මාර්ෂල් ටිටෝගේ අභාවයෙන් පසුව යුගෝස්ලාවියාවේ අභ්‍යන්තර අර්බුද හට ගත්තා. ඒ අභ්‍යන්තර අර්බුද ප‍්‍රයෝජනයට ගත්තා, ජර්මනිය, ප‍්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය යුගෝස්ලාවියාව බිඳ දමන්න. 1992දී ඉහත කියපු සමූහාණ්ඩු 06න් 04ක් යුගෝස්ලාවියාවෙන් වෙන් වී යනවා, 2ක් ඉතිරි වෙනවා. ඉතිරි දෙකත් පසුව අහෝසි වෙනවා. එසේ ඉතිරි වුණු රාජ්‍යයන්ගෙන් විශාලතම රාජ්‍යය සර්බියාව. සර්බියාවේ කොසෝවෝ ප‍්‍රාන්තය තුළ ඇති වෙනවා එල්.ටී.ටී.ඊය බදු සන්නද්ධ ව්‍යාපාරයක්, Kosovo Liberation Army කියලා. ඒ අයත් එල්.ටී.ටී.ඊය වගේම තමයි ක‍්‍රියා කළේ. එවිට එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය KLA එකට උදව් කරනවා. ආයුධ දෙනවා. එසේ කරලා අවසානයේදී කොසෝවෝ ප‍්‍රාන්තයේ විශාල ජන ඝාතනයක් සිදු කරනවා. 800 පමණ මිය යනවා. මානවවාදී මැදිහත්වීම ඒ සිදුවීම ප‍්‍රයෝජනයට අරගන්නවා, ඔවුන් සමාජගත කළ Humanitarian Intervention(මානවවාදී මැදිහත්වීම) කියන එකට. ඒ අයගේ ගෙදර ඉපදුණු ඒ අදහස ලෝකයට ඇතුළු කරන්නේ එක්සත් ජාතින්. ඒ නිසා තමයි අද යුගයේදී එක්සත් ජාතින්ගේ ක‍්‍රියාකලාපය ගැන අපි ඉතාම පරිස්සම් විය යුත්තේ. කොෆී අනන් හිටපු මහ ලේකම්වරයා එහිදී විශාල කාර්යභාරයක් ඉටු කරනවා, Humanitarian Intervention(මානවවාදී මැදිහත්වීම) සඳහා. එක්සත් ජාතින් බිහිවුණේ යුද්ධ කරන්න නොවෙයි. සාමය ඇති කරන්න. එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්තියේ ආරම්භක වාක්‍යයේ තියෙන්නේ මෙහෙමයි. ‘To save Succeeding Generations from the curse of war’(මතු පරම්පරාවන් යුද්ධයේ සාපයෙන් බේරා ගැනීම සඳහා) නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ හමුදා කොසෝවෝ ප‍්‍රශ්නය මුල්කොට ගෙන සර්බියාවට එක දිගට දින 78ක් ගුවනින් පහර දෙන විට ඊට අවශ්‍ය සාධාරණීකරණය සපයා දුන්නේ එක්සත් ජාතින්. ඊට පසුව මේ ප‍්‍රශ්නය මෙහෙයවන්නත් එක්සත් ජාතින් කමිටුවක් පත් කළා. කමිටුවේ නායකයා වුණේ පින්ලන්තයේ හිටපු ජනාධිපති මාටි අටිසාරි. ආචාර්ය දයාන් ජයතිලක අර කලින් කියපු ‘අපේ මෝඩි’ උත්සාහ කළා ලංකාවේ ප‍්‍රශ්නය විසඳීම සඳහා මාටි අටිසාරිව ගෙන්වා ගන්න. නමුත් ඒක හරි ගියේ නැහැ. අද ශ‍්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ආරම්භ කරපු විමර්ශනයේ උපදේශකයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් තමයි මාටි අටිසාරි. සිල්වියා කාට්රයිට්, අස්මත් ජහන්දීර් අනෙක් දෙදෙනායි. කොසෝවෝ ප‍්‍රාන්තය දෙකඩ කිරීම සඳහා අන්තර්ජාතික ප‍්‍රජාව නමින් හඳුන්වන පිරිස උදව් කළා. ආචාර්ය දයාන් ජයතිලක කියපු විදියට අද ඉරාකය කෑලි තුනක්. මේ ළගදී කුර්දිස්ථානය කියන කොටසේ නායකයා කීවා, ‘මේ වෙන්වීම පිළිබඳව යළි කථා කරන්න බැහැ’ කියලා. ඒක සීල් තියලා ඉවරයි. අද නාමික වශයෙන් ලිබියාව කෑලි දෙකක්. යුකේ‍්‍රනයේ කොටසක් රුසියාවට ඈදා ගත්තා, මේ ඇති කරපු බලපෑම නිසා. සම්බන්ධන් මහතා මේ අන්තර්ජාතික වාතාවරණය ඉතා හොඳින් තේරුම් ගෙන තිබෙනවා. බලවත් රටවල් සෙසු රටවල් අස්ථාවර කරන්න, කෑලි කඩන්න උපකාර කරනවා කියන එක.

    1. එතුමා මොකක්ද මඩකලපු සමුළුවේදී කියන්නේ?

    Humanitarian Intervention(මානවවාදී මැදිහත්වීම) අපට ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්’

    2. කොහොමද?

    without loss of lives – ජීවිත නැතිකර ගන්නේ නැතිව

    03. කුමක් සපුරා ගන්නද?

    ‘Soaring aspirations – උතුරා යන අභිලාෂයන් සපුරා ගන්න’

    04. කවර අභිලාෂයන්ද ?

    ‘යුද්ධයෙන් සපුරා ගන්න බැරි වුණු’

    05. යුද්ධයෙන් කුමක්ද සපුරා ගන්න උත්සාහ ගත්තේ?

    ‘රට දෙකඩ කිරීම’

    ඒ අරමුණ ඉටුකර ගන්න දැන් ජීවිත හානියකින් තොරව පුළුවන් කියලයි ඔහු පවසන්නේ. මගේ තර්කය ඉතා පැහැදිලියි අද අපේ රටේ බෙදුම්වාදය තිබෙනවා. අපේ විදේශ ඇමති කතා කරන ඩයස්පෝරාව නමින් හදුන්වන කණ්ඩායම, යහපාලනයට සම්බන්ධ වූ NGO සියල්ලම බෙදුම්වාදයට ‘උඩගෙඩි දීපු’ එය අනුමත කළ අය. ඒ පිරිසගේ අවශ්‍යතාව සපුරා ගැනීම තමයි මෙතැන සිදු වෙමින් තියෙන්නේ. සම්බන්ධන් මහතා මේ ප‍්‍රකාශය සිදුකළේ 2012. ඊට පසුවත් මෙවැනි සාක්‍ෂි තිබෙනවා. ආචාර්ය දයාන් ජයතිලක කීවා, ‘මේ අයගේ කුළුණු 04න් එකක් තමයි අර අන්තර්ජාතික විමර්ශනය’ කියලා. අන්තර්ජාතික විමර්ශනයේ අරමුණ කුමක්ද? බෙදුම්වාදයට විරුද්ධව සටන් කරපු නායකයා සහ ඔහුගේ සමීපතම නිලධාරීන් අන්තර්ජාතික දංගෙඩියට රැගෙන යාම. එමගින් බෙදුම්වාදයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම. සමහර විට ඒ සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහය අද, හෙට ඇති නොවෙන්න පුළුවන්. නමුත් දැන් ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කෙරෙනවා. උදාහරණ ඕනෑ තරම් දකින්න පුළුවන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසු. උදාහරණයක් ලෙස අපි දන්නවා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරනවා, ‘Sri lanka’s genocide against Tamils’(ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද වර්ග සංහාර පිළිවෙත) කියලා. මෙම යෝජනාව ගෙන එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්. ඔහු හොඳට ඉගෙන ගෙන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියකුත් ලබාගෙන පසුව කියනවා, ‘ශ‍්‍රී ලංකාවේ වර්ග සංහාරයක් තිබුණා’ කියලා. මහත්වරුනි මේ සෑම ලියවිල්ලක්ම අන්තිමේදී එකතු වෙනවා. යුගෝස්ලාවියාව බිඳ වැටීම සහ කොසෝවෝ රාජ්‍යය වෙන් කිරීම අධ්‍යයනය කළහොත් ඔබට වටහා ගන්න පුළුවන් මෙහි භයානකකම හා ඊට අදාළ පියවරයන් මොනවාද? කියා. අවාසනාවට අපේ විදේශ අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල මේවා අධ්‍යයනය කරන්නේ නැහැ.

    පොදු අපේක්‍ෂක ජයග‍්‍රහණයට බෙදුම්වාදී දායකත්වය

    මේ අය දැන් ඉල්ලනවා ‘උතුරෙන් හමුදාව ඉවත් කරන්න’ කියා. නමුත් බෙදුම්වාදී ප‍්‍රවණතාව තදින් තිබෙන විට මෙවැනි යෝජනාවක් කිරීමේ සැබෑ උවමනාව වන්නේ අවශ්‍ය අවස්ථාවේදී හමුදාවේ බලපෑමෙන් තොරව තමන්ට අවශ්‍ය අරමුණු කරා ගමන් කිරීම. සෑම රටකම රාජ්‍යය කියලා ආයතනයක් තිබෙනවානෙ. රාජ්‍යයේ අනිවාර්ය අංගයක් තමයි සන්නද්ධ බලය. රාජ්‍යයක් පවතින්න බැහැ, සන්නද්ධ බලය නැතිව, අන් කුමන සාධක තිබුණත්. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ සන්නද්ධ හමුදාවලට ශ‍්‍රී ලංකා භූමියේ ඉන්න පුළුවන්. යම් ප‍්‍රදේශයක අසමානුපාතිකව හෝ අසාධාරණව සිටිනවා නම් එය ඉවත් කළ යුතුයි. නමුත් උතුරේ මහ ඇමතිවරයා කියන්නේ, ‘ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධකාරයෝ, ඒ අය මෙහෙන් යන්න ඕනෙ’ කියලා. හමුදාව ඉවත් වෙනවා කියන්නේ ඒ ප‍්‍රදේශවල ශ‍්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම නතරවීම.

    ‘මේ රට බෙදී වෙන් වී යාමේ බරපතල අන්තරායක පවතිනවා’ යන්න නොබිඳිය හැකි සාක්‍ෂි සහිතව තහවුරු කරමින් පසුගියදා ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදු කළ දේශනය.


    2015-07-09 14:39:12 Unwritten Truth Lanka ඇත්ත
    mohan samaranayake- ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මිනිස්සුන්ට තියෙන්නෙ තමන්ගෙ දිස්ත්‍රික්ක වල ඉන්න හොර මැර වංචාවලට සම්බන්ධ නැති/ සාපේක්ෂව හරි අඩු කට්ටියක් තෝරල යවන්න. පක්ෂ බදාගෙන පිස්සු කෙලින එක මහ මෝඩ වැඩක්. පක්ෂ වලට ප්‍රතිපත්ති තියෙනව කියන්න පුළුවන්. ඒව නාමිකව (misleading commercial advertiesment එකක් වගේ) තිබ්බට හැම පක්ෂෙකින්ම එන බහුතරය කරන්නෙ තමන් ගොඩදාගන්න එක. තමන් කරන business එක බදු වලට අහු නොවී මහජනයාට එන්න තියෙන මුදල් (රජයේ අදායම්) ගිල ගන්න එක. ඒ ලබන අධික ලාභයෙන් 0.5% වගේ හැම ඡන්දෙදිම බෙදල දෙනව තමන්ගෙ බල ප්‍රදේශයේ මිනිස්සුන්ට. අපේ මී හරක් ඒව අරං උන්ටම කතිරෙ ගහනව.[eg: එතනෝල්/ කුඩු(කුඩු නම් නීති විරෝදීත් එක්ක)]මුන් එන්නෙ බලය ගන්න නැත්නම් මහජන මුදල් ගසා කන්න/නීති විරෝධී business කරන්න ලැබෙන් නෑ. මේ චක්‍රයයි නවත්තන්න ඕන. රටක් විදිහට ඉදිරියට යන්න, මේ විදිහට පක්ෂගැතිකම් වැඩක් නෑ. පේනවනෙ මුන්ට තියෙන බලේ, මුන්ගෙ බලේ නැති කරන්න බලේ තියෙන්නෙ අපේ අතේ. මෙදා පාර හරි මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බෙදුම්වාදී න්‍යායපත්‍ර, විජාතික බලවේග, NGO සල්ලි, Dollar කාක්කෝ සමග මහා බයි හටන දැං තිරගත වේ.

    රංගනය: මොහාන් සමරණායක, විමල් වීරවංශ, නලින්ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග :)

    lol_vladimir_putin.gif
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පැටියා;18674802 said:
    බෙදුම්වාදී න්‍යායපත්‍ර, විජාතික බලවේග, NGO සල්ලි, Dollar කාක්කෝ සමග මහා බයි හටන දැං තිරගත වේ.

    රංගනය: මොහාන් සමරණායක, විමල් වීරවංශ, නලින්ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග :)

    lol_vladimir_putin.gif

    ha ha ha. onna kathawa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොඳ ලිපියක් ....බම්ප් එකක්...නෙ
    යු එන් පි කාරයින් ට තර්කනයෙන් පිළිතුරු දෙන්න බැරි බව ‍පේනවා නේද

    මොන තර්ක්ද යකො........මෙකත සාහසික ප්‍රශන අහලා සභාව ඉච කරන්න පුලුවන්ද:lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොන තර්ක්ද යකො........මෙකත සාහසික ප්‍රශන අහලා සභාව ඉච කරන්න පුලුවන්ද:lol:

    සාහසික ප්‍රශ්න
    කැත කට් එක
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සාහසික ප්‍රශ්න
    කැත කට් එක

    ඔව් මට මතක් වෙනවා මොහාන් සමරනායක මරාට කඩේ යද්දී සිදු උන සිදුවීම..:D:D
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මිනිස්සුන්ට තියෙන්නෙ තමන්ගෙ දිස්ත්‍රික්ක වල ඉන්න හොර මැර වංචාවලට සම්බන්ධ නැති/ සාපේක්ෂව හරි අඩු කට්ටියක් තෝරල යවන්න. පක්ෂ බදාගෙන පිස්සු කෙලින එක මහ මෝඩ වැඩක්. පක්ෂ වලට ප්‍රතිපත්ති තියෙනව කියන්න පුළුවන්. ඒව නාමිකව (misleading commercial advertiesment එකක් වගේ) තිබ්බට හැම පක්ෂෙකින්ම එන බහුතරය කරන්නෙ තමන් ගොඩදාගන්න එක. තමන් කරන business එක බදු වලට අහු නොවී මහජනයාට එන්න තියෙන මුදල් (රජයේ අදායම්) ගිල ගන්න එක. ඒ ලබන අධික ලාභයෙන් 0.5% වගේ හැම ඡන්දෙදිම බෙදල දෙනව තමන්ගෙ බල ප්‍රදේශයේ මිනිස්සුන්ට. අපේ මී හරක් ඒව අරං උන්ටම කතිරෙ ගහනව.[eg: එතනෝල්/ කුඩු(කුඩු නම් නීති විරෝදීත් එක්ක)]මුන් එන්නෙ බලය ගන්න නැත්නම් මහජන මුදල් ගසා කන්න/නීති විරෝධී business කරන්න ලැබෙන් නෑ. මේ චක්‍රයයි නවත්තන්න ඕන. රටක් විදිහට ඉදිරියට යන්න, මේ විදිහට පක්ෂගැතිකම් වැඩක් නෑ. පේනවනෙ මුන්ට තියෙන බලේ, මුන්ගෙ බලේ නැති කරන්න බලේ තියෙන්නෙ අපේ අතේ. මෙදා පාර හරි මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න.


    Agreed
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    rata bedanna akamathi un okkoma JVP ekata chande diyaw.. rata bedanne naa kiyala 100% sure karanna puluwan JVP eka inna rajayakin witharai.. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads