රාජ්‍ය අංශය සතු උසම ගොඩනැගිල්ල ”

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රාජ්‍ය අංශය සතු උසම ගොඩනැගිල්ල ”



    රාජ්‍ය අංශය සතු උසම ගොඩනැගිල්ල ”මෙහෙවර පියස” ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 10.00ට විවෘත කෙරින.

    මහල් 32කින් යුත් මෙම ගොඩනැගිල්ල නාරාහේන්පිට පිහිටි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය යටතේ පවතින කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට යාබදව ඉදිකර ඇත.

    මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු සේවක භාරකාර අරමුදලේ අවට තිබූ ශාඛා මෙම ස්ථානයට ගෙන ඒමට නියමිතය.

    මෙතෙක් කල් සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමට මහා බැංකුව වෙත යෑමට සිදු වූ අතර නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු මහා බැංකුවේ පැවති එම ශාඛාව ද මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමට නියමිතය.

    2009 වර්ෂයේ දී ඉදිකිරීම් ඇරඹු මෙම කාර්යයාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 8500 කි (එනම් බිලියන 8.5 වේ). දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මෙම නව ගොඩනැගිල්ල මහල් 32 කින් සහ නවීන පහසුකම් වලින් සමන්විත වේ

    වර්ෂ 1923 දී වතු කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය විධිමත් කිරීම අරමුණු කරගනිමින්, ඉන්දියානු ආගමනික කම්කරු ආඥාපනත ක්‍රියාත්මක කරවීම සඳහා කම්කරු පාලකවරයෙක් පත්කරන ලද අතර, මෙම කම්කරු පාලකවරයාගේ සහයට සංචාරක පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ ලිපිකරුවන් කිහිපදෙනෙකු බඳවාගෙන ඇත. මුල්ම කාර්යාලය කොළඹ ඝෆූර් ගොඩනැගිල්ලෙහි පිහිටුවා ඇත. 1925 දී ලංකාව තුලට රැගෙන එන ඉන්දීය වතු කම්කරුවන් බෙදා හරින ඩිපෝව පොල්ගහවෙල පිහිටුවා ඇති අතර 1929 දී පළමු කම්කරු පරීක්ෂකවරයා මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන ගත කරමින් දෙපාර්තමේන්තුවේ ආරම්භය සනිටුහන් කරයි. ලාංකීය ශ්‍රම වෙළඳපලෙහි අවශ්‍යතා පුළුල් වීමත් සමඟ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ප්‍රථම නියෝජ්‍ය කම්කරු පාලක කාර්යාලය 1940 දී නුවරඑළියේදී පිහිටුවන ලදි. ඒ ආකාරයට ආරම්භ වී ව්‍යාප්ත වෙමින් ක්‍රියාත්මක වූ කම්කරු ‍දෙපාර්තමේන්තුව, 1996 වන විට දිස්ත්‍රික් කම්කරු කාර්යාල ජාලයකින් සමන්විතව කම්කරු කොමසාරිස් ජනරාල්වරයකු මගින් පාලනය වන රජයේ ප්‍රමුඛ දෙපාර්තමේන්තුවක් බවට පත්ව ඇත.

    1935 දී වෘත්තීය සමිති ආඥා පනත, 1939 දී සූතිකාධාර ආඥා පනත, 1958 දී සේවක අර්ථසාධක අරමුදල, 1942 දී කර්මාන්ත ශාලා ආඥාපනත, 1941 දී පඩිපාලක සභා ආඥාපනත ආදී වශයෙන් මේ වන විට කම්කරු අනපනත් 50 කට අධික සංඛ්‍යාවක් මගින්, වැඩබිමේ සේවක සේවකයන්ගේ සේවා කොන්දේසි හා තත්වය, සේවක වරප්‍රසාද, ආරක්ෂාව, වෘත්තීය සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා වැඩපළ සහයෝගීත්වය තහවුරු කිරීමට, නියාමනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව නිබඳව කටයුතු කරමින් සිටී.

    මෙලෙස ශක්තිමත් නීතිමය පසුබිමක් සැකසුවද සීඝ්‍රයෙන් ප්‍රමාණාත්මකව ඉහළ යන ශ්‍රම බලකායේත්, ශ්‍රම වෙළඳපල අවශ්‍යතාවයටත් අනුකූලව නවීන තාක්ෂණය හා පහසුකම් භාවිතා කරමින් සේවාලාභීන්ට වඩා පහසු කාර්යක්ෂම සේවයක් ලබාදීමත්, ප්‍රශස්ත සේව්‍යයෙකු වෙමින් අපගේ අභ්‍යන්තර සේවාලාභීන්ගේ වැඩ පරිසරය යහපත් කරමින් ඵලදායී සේවා ස්ථානයක් ඇති කිරීමටත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය මතුවනුයේ 1970 දී ඉදිකරන ලද කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඉඩකඩ සහ පහසුකම් නව අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙනි. එබැවින් කම්කරු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කාර්මික සාමය තහවුරු කෙරෙන සුනිස වැඩ පරිසරයක් ශ්‍රී ලංකා ශ්‍රම වෙළඳපලෙහි ඇති කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සක්‍රීයව දායක වීම මෙහෙවර කරගත්, කම්කරු දෙපාර්තමේන්තුව 2009 වර්ෂයේදි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කරන ලදී.

    මෙමගින් සේවක අර්ථසාධක හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට, වැඩබිමේ තමන්ට සිදුවු යම් අසාධාරණයක්, අයුක්තියක් විසඳාගන්නට, තම වෘත්තිය සමිති ලියා පදිංචි කරගන්නට, කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියෙසට එන, වැඩකරන ජනතාවට අප ලබා දෙන සේවය ඵලදායීමත් කාර්යක්ෂමවත් ඉටුකිරීමට අවස්ථාවන් එළඹෙනු ඇත.

    2009 වර්ෂයේදී ඉදිකිරීම් ඇරඹු මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 8557 කි. මහල් 32 කින් සහ නවීන පහසුකම් වලින් සමන්විත ‘මෙහෙවර පියෙස’ කම්කරු දෙපාර්තමේන්තුවේ වත්කම් ලේඛණයට මහඟු වටිනාකමක් එක් කරමින් කම්කරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය ස්ථානගත කරනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක්ද මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම්ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට නියමිතය.

    1948 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජිකත්වය ලබාගන්නා ශ්‍රී ලංකාව, මේ වන විට එහි මූලික ප්‍රඥප්තීන් 8 ද ඇතුළුව කම්කරු සම්මුතීන් 43 ක් ද සංධාන 1 ක් ද අපරාණුමත කර ඇත. එදා මෙදා තුර ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින්, සුනිස රැකියාවන් ජනනයට, වැඩ බිමෙහි කාර්මික සාමය මෙන්ම සේවක සේව්‍ය අයිතිවාසිකම් තහවුරු කරන්නට කටයුතු කරමින් සිටී.

    මිලියන 8.2 ක් පමණ වූ සමස්ථ වැඩකරන ජනතාවගෙන් මිලියන 3.5 ක් පමණ වූ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා අවශ්‍යතා සැපිරීමට බැඳී සිටින කම්කරු දෙපාර්තමේන්තුව මිලියන 2.6 ක් වු සේවක අර්ථ සාධක අරමුදලේ සක්‍රීය සමාජීකයන් වෙනුවෙන් ඔවුන්ගේ සමාජ ආරක්ෂණ කටයුතු වලට අදාලව රුපියල් බිලියන 2300 ක් වූ සමාජ ආරක්ෂණ අරමුදලේ සියලූම පරිපාලන කටයුතු ඉටුකරමින්, ප්‍රතිලාභ ලබා දෙමින් කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා භූමිය තුළ ප්‍රමුඛ කාර්යභාරයන් ඉතා නිහඩව ඉටු කරමින් සිටී. මෙහෙවර පියෙස ගොඩනැගිලි සංකීර්ණය තුළට කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශය, සේවක භාරකාර අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුවේ‍ සේවක අර්ථසාධක අරමුදල් අංශය ස්ථාපිත කිරීමත් සමඟ මෙකී කාර්යයන් වඩාත් සාර්ථකව ඉටුකරමින් වැඩකරන ජනතාවට කාර්යක්ෂම හා සඵලදායී සේවයක් ඉටුකිරීමට හැකිවනු ඇත.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙච්චර තට්‍ටු ගනන් ගහන්නේ මොන මගුලකටද? ලංකාවේ හුගක් තට්‍ටු ගොඩනැගිලිවල තට්‍ටු කීපයයි වැඩ.අනිත් ඒවා වහලා තියෙන්නේ.බැංකුවල උනත් තට්‍ටු දෙකතුනයි ඕන.අනිත් තට්‍ටු ඔක්කොම නිකන්.කොම්පැනි වලත් එහෙමයි.ටවර් එකේ කම්පැනි එක තිබ්බට ටවර් එකෙන් කාලක්වත් කම්පැනි එකට ඕන වෙන්නේ නෑ:lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රජයේ හොරුන්ට සැප විඳින්න මන්දිරයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයයි නිවටයයි ගිහින් විවෘත කරාට ඕකත් මහින්දගෙ කාලෙ හදන්ඩ පටන් ගත්ත එකක්...ගූ ඇන් පී පාන්ඩුව හදපු දෙයක් නෙමේ ඕක..:no::no:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොන්නයයි නිවටයයි ගිහින් විවෘත කරාට ඕකත් මහින්දගෙ කාලෙ හදන්ඩ පටන් ගත්ත එකක්...ගූ ඇන් පී පාන්ඩුව හදපු දෙයක් නෙමේ ඕක..:no::no:

    තොපි තමයි වැඩකට නැති ලබ්බවල් ගහලා රට ණය කරලා ගියේ. පොඩි මැනේජර් කෙනෙක් උනත් දැන් ලොකු ඔ‍ෆිස් රූම් එකක ඉන්නේ.මෙලො වැඩක් නෑ:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි තමයි වැඩකට නැති ලබ්බවල් ගහලා රට ණය කරලා ගියේ. පොඩි මැනේජර් කෙනෙක් උනත් දැන් ලොකු ඔ‍ෆිස් රූම් එකක ඉන්නේ.මෙලො වැඩක් නෑ:lol:

    උබල වගේ මෝඩ මූසලයො ඉන්නකන් රට හදන්ඩ වෙන්නෙ නැ..
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උබල වගේ මෝඩ මූසලයො ඉන්නකන් රට හදන්ඩ වෙන්නෙ නැ..

    රට හදනවා කියන්නේ වැඩකට නැති බිල්ඩින් ගහන එක නෙවෙයි.විශේෂයෙන්ම ආන්ඩුවේ සල්ලි.අනිත් එක මේවා ණයනේ.
    දැන් කෑලෑ පාරවල් වලත් තට්‍ටු දහයෙ පහලොවේ බිල්ඩින් ගහනවා.:lol: