රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ද්විත්ව පුරවැසිභාවය නිසා CID ස්ථානාධිපතිට නොතාසි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි​


    COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි, දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නොතිසි නිකුත් කළේ ය.

    ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්නැයි, දන්වමිනි.

    ලක්මාල් හේරත් නමැත්තා ගොනු කළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේ අධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, රාජ්‍ය අමාත්‍යවරියගේ ජාතික හැඳුණුම්පත සහ උප්පැන්න සහතිකය ව්‍යාජ බවට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සාක්ෂි ලබා දී ඇති අවස්ථාවක ඒ පිළිබඳ විමර්ශන ඉදිරියට කරගෙන නොයෑම බරපතළ රාජකාරි පැහැර හැරීමක් බවයි.

    https://www.newsfirst.lk/sinhala/2022/10/27/අපරාධ-පරීක්ෂණ-දෙපාර්/
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඩයනාට ද්විත්ව පුරවැසි බාවයක් නැ. මුන් නිකන් දගලනවා..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගම්මපිලට කෙළවෙන කෙලවෙනවා වගේ පෙනුන හින්ද 2025 මන්නාරමෙන් තෙල් ගන්න හැදුව වගේ තමයි මෙයා දිස්නිලන්තේ හදන්න හැදුවෙත්.