රාජ්‍ය ආයතන සියල්ලේ ආරක්ෂාව ගෝඨාගේ පෞද්ග

k.s.a

Member
Aug 8, 2010
513
13
0
රාජ්‍ය ආයතන සියල්ලේ ආරක්ෂාව ගෝඨාගේ පෞද්ග

2010 ඔක්තෝබර් 27 වෙනි බදාදා, 10:47
gotabaya01.jpg
ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමට රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකු සහ රජයේ සමාගම්, රාජ්‍ය සංස්ථා වල ආරක්ෂක සේවාව ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මෙම චක්‍රලේඛයට අනුව ඉහත රජයේ ආයතන සියල්ල ආරක්ෂක ‍සේවාව ලබා ගැනීමේදී සහ එම ගිවිසුම් නැවත අළුත් කිරීමට ප්‍රථම "රජය සතු" රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් හෝ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවා (පුද්) සමාමෙන් (L.R.D.C Services (Pvt) Ltd ) විමසිය යුතුය. කෙසේවෙතත් රක්නා ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් L.R.D.C Services සමාගමේද අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය උසුලයි.

රක්නා ලංකා ආරක්ෂක සමාගම පිහිටවනු ලැබූවේ 2006 ඔක්තෝබර් 23 වැනිදාය. එය පිහිටුවා තිබෙන්නේ රාජය ආයතනවලට ආරක්ෂාව දීමේ අරමුණෙන් යැයි කියවේ. නමුත් අප රටේ ත‍්‍රිවිධ හමුදාවක් සහ පොලීසියක් මෙන්ම සිවිල් ආරක්ෂක බලකායක්ද සිටින අතර තවත් පෞද්ගලික ආරක්ෂක සේවයක් අවශ්‍ය වී ඇත්තේ මන්ද?
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහි එක් අධ්‍යක්ෂකවරයෙකි. ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක මොහාන් පීරිස් තවත් අධ්‍යක්ෂකවරයෙකි. හිටපු ටෙලිකොම් සභාපතිනිය වන ලෙයිෂා චන්ද්‍රසේනද අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටී. ආණ්ඩුවේ ගජ මිතුරෙකුවන පී.බී. ජයසුන්දර මහතාද කලින් අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කළ අතර දැන් ඔහු ඉවත්වී ඇත. රාජපක්ෂ පවුලේ තවත් හිතෛෂීවන්තයෙකුවන විශ‍්‍රාමික හමුදා නිලධාරී එගොඩවෙල නැමැත්තා මෙහි සාමාන්‍යාධිකාරීවරයායි. කෙටියෙන් කියන්නේ නම් මෙය පවුලේ සමාගමකි.

මේවන විටත් රාජ්‍ය ආයතන ගණනාවක ආරක්ෂක කටයුතු භාරදී ඇත්තේ මෙම පවුලේ සමාගමටය. බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලාව, භාණ්ඩාගාරය, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ඛනිජ තෙල් සංස්ථාව, රජයේ කර්මාන්ත ශාලාව, සෙත්සිරිපාය, ශ‍්‍රී ලංකා ටෙලිකොම්, හම්බන්තොට වරාය යන ස්ථානවලට ආරක්ෂක සේවා සපයන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමයි. මෙය කිසිදු අමාත්‍යංශයකට අනුයුක්තකර නැති පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයකි. නමුත් මෙම සමාගමට බොහෝ රාජ්‍ය ආයතනවල ආරක්ෂක සේවය ලබා දෙමින් සිටී. ඒ වෙනුවෙන් රජය විශාල අලාභයක්ද විද දරා ගනී. උදාහරණයක් ලෙස ටෙලිකොම් ආයතනයට කලින් සේවා සැපයූ සී.පී. ලංකා ආරක්ෂක සේවයේ නිලධාරීන් 400කගේ පමණ රැුකියා අහිමිවීමට හේතුවූයේ මෙම රක්නා ලංකා සමාගමයි. සේවයෙන් ඉවත්කළ නිලධාරීන්ට වන්දිගෙවීම සදහා ටෙලිකොම් ආයතනය රුපියල් ලක්ෂ 153ක් වැයකොට ඇත. 2007 මැයි 06 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවී ඇති වාර්තාවකට අනුව රක්නා ලංකා සමාගම සදහා කැබිනට් අනුමැතිය මත රුපියල් ලක්ෂ 50 ක මුදලක් මුදල් අමාත්‍යංශය මගින් ලබාදී ඇත. තවද, රක්නා ලංකා සමාගම කිසිදු අමාත්‍යංශයකට අනුයුක්තකර නැති පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක්ව තිබියදී මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය චක්‍රලේඛය මගින් එය "රජය සතු" සමාගමක් ලෙසද හදුන්වාදී තිබේ.

මින් පැහැදිලිවන්නේ රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සියල්ලද පවුලේ බූදලයක් කරගෙන ඇති බව නොවේද?
cbc1.jpg
 

Similar threads