රාජ්‍ය ඇමතිකමින් අයින් වෙන්න අරුන්දික හැදුවත් අගමැති එපා කිව්වද?

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    පොල් සංවර්ධන අධිකාරියේ වාහනයකින් ගොස් රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය පුත්‍රයා ප්‍රධාන සැකකාරයෙකුවී ඇති පසුබිමක ඇමැති ධුරයෙන් ඉවත් වන ලෙස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) දැනුම් දී තිබුණත් ඔහු තවම ඉවත් වීමට තීරණය කර නැති අතර නිල නොවන දේශපාලන ආරංචි හෙළිකරන්නේ ඔහුට ඉවත්වීමට අවශ්‍ය නැතැයි අගමැති මහින්ද දන්වා සිටි කතාවකි.
    රාජ්‍ය අමාත්‍යවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවන්නට ඊයේ සවස ගොස් ඇති අතර එසේ හමුවී කරුණු පැහැදිලි කර තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය මෙතෙක් හෙළිවී නොමැත.



    අරුන්දිකගේ පුත් 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු BMW වර්ගයේ මෝටර් රථයකින් සිද්ධිය වූ ස්ථානයට යාබදව නවතාගෙන සියල්ල මෙහෙයවා ඇතැයි දැන් වාර්තාවේ.රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම මෙලෙස හෙළිවූයේ වෛද්‍ය සිසු කණ්ඩායමක් ඔවුන් පැමිණි අනෙක් වාහනය හා පුද්ගලයෙකු අඩස්සියේ තබාගෙන අනෙක් අයට පහරදී පළවා හැරීම නිසාය.
    සිද්ධියට ඇමතිවරයාගේ පුතා සම්බන්ධ බව දැන සිටියත් පොලිසිය දේශපාලන අධිකාරියට ඇති සුපුරුදු කීකරු කම හේතුවෙන් ඊයේ අත්අඩංගුවට ගන්නට උනන්දු නොවූ අතර රාජ්‍ය ඇමතිවරයා අගමැති සමග දීර්ඝ සාකච්ඡාවෙන් පසු සිය පුත්‍රයා ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ රාගම පොලිසිය වෙත භාර කර කරනතුරු පොලිසිය කරබාගෙන සිටියේය.

    රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට ‘තමා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා‘ යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මාධ්‍ය ඉදිරියේ වහසි බස් දෙඩූ නමුත් පුතා හසුවී ඇති බවක් සවස් වනතුරු මාධ්‍ය වෙතින් සැඟවූයේය.



    තමන්ගේ විෂය භාර ‘පොල් සංවර්ධන අධිකාරිය‘ ට අයත් වාහන හා සේවකයින් රාජකාරීයට අදාළ නොවන පුද්ගලික රණ්ඩු සරුවල් සඳහා උපයෝගී කිරීමෙන්ද ඇමතිවරයා සිදු කර ඇත්තේ වරදකි. මෙම හේතු මත ජනපති නියෝග කර තිබුනේ ඔහුට වහා ඉල්ලා අස්වන ලෙසයි. නමුත් ඔහු අගමැති හමුවී බැලුවේ සිද්ධියේ ‘සාන්ද්‍රණය‘ අඩු කර ‘තනුක‘ කරගන්නටය. තීරණය කුමක් වෙදැයි අපැහැදිලිය.

    රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය. පහරදීම සඳහා ඔහු පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇත.
    ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍.



    ඊයේ අලුයම රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එම පහරදීම සිදුකර තිබූ අතර එහිදි තුවාල ලැබු සිසුන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

    රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මේක මහ කාලකන්නි රටක් ඕයි ... මෙලෝ අද්යාපනයක් නැති අවුරුදු 23 වේසිගෙ පුතාල BMW පදිනව ... අවුරුදු ගානක් අමාරුවෙන් ඉගෙන ගත්ත ඩිග්‍රී ගත්ත උන් රස්සා කරල යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න දගලනව ... ව්යාපාරයක් කරල සාදාරනව හම්බ කරල නම් කමක් නෑ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,048
    113
    මේක මහ කාලකන්නි රටක් ඕයි ... මෙලෝ අද්යාපනයක් නැති අවුරුදු 23 වේසිගෙ පුතාල BMW පදිනව ... අවුරුදු ගානක් අමාරුවෙන් ඉගෙන ගත්ත ඩිග්‍රී ගත්ත උන් රස්සා කරල යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න දගලනව ... ව්යාපාරයක් කරල සාදාරනව හම්බ කරල නම් කමක් නෑ...
    Itin lamai haduwe ai
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මේක මහ කාලකන්නි රටක් ඕයි ... මෙලෝ අද්යාපනයක් නැති අවුරුදු 23 වේසිගෙ පුතාල BMW පදිනව ... අවුරුදු ගානක් අමාරුවෙන් ඉගෙන ගත්ත ඩිග්‍රී ගත්ත උන් රස්සා කරල යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න දගලනව ... ව්යාපාරයක් කරල සාදාරනව හම්බ කරල නම් කමක් නෑ...

    @erozan wage un tawat oya sakkiliyange fuka lewakanawa rs.250ta..