රාජ්‍ය බැංකු වල අශිෂ්ඨ බැංකු සේවාව..

egura

Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    naya gaththa nam gewapan.. covid iwara wela dan maasa ganak gihin.. crib ekata dana eka bank eke waradda nemei..
    sinhalu hadanne 2021th naya nogewa, gewal kuli nodi, light bill, telephone bill nogewa inna..

    government eke waradda lankawa wage hama deema free government eken dei kiyala balan inna rataka unta naya nogewa inna chance deepu eka..
    ekanam aththa machan.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඔවු. හැබැයි ප්‍රයිවට් ඒවගෙන් නේෂන්ස් ට්‍රස්ට් එකනං අජූතයි. ඒකෙ සර්විස් එපාම වෙලා අකවුන්ට් එකත් මම අයින් කරගත්තා.
    සෑහෙන වෙලා යනවා වැඩ කරගන්න සහ හුඟක් උන් කරන වැඩේ හරියට දන්නේ නැහැ. කස්ටමර් බල්ල ගානට දාල ඉන්නෙ.

    Ow sinhalu inna kohet ekai ape pette LB finance ekak tynawa eke muslim un innawa unnam fatta
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේකට නම් කියන්න ධෙයක් නේ ඉතින් අපේ අවුන්ට අමුතු ගායක් තියෙනවා උන්ට සලකන්න ඕන කියලා
    මොන දේ තිබ්බත් උන්ගේ මෝඩ චුන් බලන්න ඕන

    හොදට සල්ලි තියෙන අවුන් තැනකට ආවම හැසිරෙන්නේ හරිම වැදගත් විදිහට,වැඩේ කරගත්තා පාඩුවේ ගියා, ඉතින් අ වගේ මිනිස්සුන්ට ඕන කෙනෙක් සලකනවා ගරු කරනවා.
    ලගදී සල්ලි අතගාන්න අවුන්අතේ පිච්චිය නැති අවුන් තමා ගොඩක්ම දගලන්නේ.උන්ගේ මෝඩ හැසීරීම නිසා ඔක්කොම දිහා බලන්නේ එක විදිහට.
    එතන හිටපු කොල්ලට බැන්න එක ලොකු දෙයක් කියලා හිතුවට බනින එකා නිකම් joke එකක වෙනවා,

    අනිත් දේ ඔහොම එළියේ උන නම් බනිද්දි කන පැලෙන්න ගහයි job එක නිසා, වැදගත් කම නිසා සද්ද නැතුව ඉන්න ඇති :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මේ අතර රටේ බැංකු සහ මුල්‍ය ආයතන පද්ධතිය දෙස බැලිමේදි, වසංගතයෙන් ඊට විවිධ බලපෑම් ඇති විය, රටේ මුදල් සංසරණය කඩා වැටි එය අස්ථාවර විය. ජනතාව උකස් කඩ ලඟ පෝලිම් ගැසුනේ උකස් කරන්න පුලවන් හැම දේම අත මිටි මොලවාගෙනය. එහෙත්, රජය ඊට සාධනීයව වර්ධනාත්මකව මුහුණ දෙන බවක් දක්නට නොලැබිණි. සෑම මුල්‍ය ආයතනයක්ම උත්සාහ ගන්නේ තමන් දුන් ණය කෙසේ හෝ ලබාගැනීමටයි. එසේ නොමැති නම් ණය ගත් ගනු-දෙනු කරුවා වංචාකාරයෙක් කිරීමයි. මෙය විශේෂයෙන්ම දැකිය හැක්කේ රාජ්‍ය බැංකු පද්ධතිය තුලයි. ඉකුත් මාස 5 තුල රාජ්‍ය බැංකු කිසිදු වග විභාගයකින් තොරව ඉතාම අමානුෂික ලෙස තම ගනුදෙනු කරුවන්ට සලකා ඇති බව පැහැදිලි දැන් පැහැදිලි වේ.

    රාජ්‍ය බැංකු කිසිදු වගකීමකින් තොරව සිය ණය ගත් අයගේ නම සහ ඊට ඇපයට අත්සන් කළ අයගේ නම් “ක්‍රිබ්” එකට දමා ඇත. බොහෝ දෙනෙක් මෙය දන්නේ ද නැත, ලංකා බැංකුව මේ අතර ඉදිරියෙන්ම ඇත. මේ ගැන තොරතුරු විමසීමකදි පැහැදිලි වුයේ, මෙසේ තම නම “ක්‍රිබ්” එකට ගිය බොහෝ දෙනෙකුට ණය ගෙවා ගැනීමට නොහැකි වුයේ රැකියාව හෝ ආදායම් මාර්ග අහිමි වීම නිසාය. බොහෝ අය ණය ගෙවීම් පැහැර හැර නැත, සිදු වි ඇත්තේ ප්‍රමාදයන්ය. ඇතැමෙකුට සම්පුර්ණ වැටුප ලැබි නැත, වැටුපෙන් ලැබුන කොටස ණය ගෙවීමට ප්‍රමාණවත් වි නැත. ඇතැමෙකුට, රැකියාව හෝ ආදායම් මාර්ග අහිමි වී ඇත. ගමනා-ගමන අපහසුකම්, රෝගි බිය නිසා ඇතැම් අයට ණය ගෙවීමට ගොස් නැත. ඇතැම් බැංකුවලින් නිසි උපදෙස් නොලැබීම නිසා ණය ගෙවීම් ප්‍රමාද විය. බැංකු වලට අනුව මේ කාරණා කිසිවක් බැංකුවට අදාලම නැත, කොරෙනා නිසා ණය ප්‍රමාද කිරීමට අදාල නීතියක් “බැංකු නීති-පොතේ නැත” - "ගත්තනං ගෙවපියවු", ඒ බැංකුවේ නීතියයි.

    මෙහිදි මතක් කළ යුතු මූූලික කාරණාවක් ඇත. වසංගතය උච්ඡතම අවස්ථාවේ, සියලුම මුල්‍ය ආයතන වලින් ණය ගෙවීම් සඳහා මාස 6 ක සහන කාලයක් දෙන්නැයි ආණ්ඩුවෙන් නිවේදන නිකුත් කෙරිනි. මේ උපදෙස් නිසා ණය ගෙවිම ප්‍රමාද කළ අය ද ඇත. ආණ්ඩුවේ, මෙම ඉල්ලීමට කිසිම මුල්‍ය ආයතනයක් සවන් දුන්නේ නැත. අවම වශයෙන් සාමාන්‍ය ලිසිං කාරයෙක්වත් මේ ඉල්ලීම ගණන් ගත්තේ නැත. ත්‍රිරෝද රථයක ලිසිං ප්‍රශ්නයක් කථා කිරීමට ගිය, මනුස්සයෙකු පහර දි මහ දවාලේ ඝාතනය කළේය. අවම වශයෙන්, රජයේ බැංකු හෝ ආණ්ඩුවේ මේ ප්‍රකාශය ගණන් ගත්තේ නැත, ණය ප්‍රමාද කළ අයගේ නම් “ක්‍රිබ්” එකට දැමුවේය.

    වසංගතය උච්ඡතම අවස්ථාවේ, ඇතැම් අය බැංකු වලට කථා කර තත්වය පැහැදිලි කර තම නම “ක්‍රිබ්” නොදමන ලෙස ඉල්ලීම් කිරිමට උත්සාහ කළ විට, බැංකු කීවේ 'දැන් බැංකු වැඩ කරන්නේ නෑ පසුව කථා කරන්න' කියා ය. මෙහිදි, ඇතැම් පුද්ගලික බැංකු ඉතාම මානුෂීය පදනමක සිට තම ගනු-දෙනු කරුවන්ව ඇමැතීම ඉතාම අගය කළ යුතුය. ඔවුන් සිය ගනු-දෙනු කරු අමතා ඉතා මිත්‍රශීලිව ගැටලු විසඳන බවක් දක්නට තිබේ. එක් බැංකුවක් උපදෙස් දුන්නේ, “සර්ගේ ණය වාරිකයට මේච්චර ගෙවන්න තියෙනවා, ඒත් සර්ට පුලුවන් ප්‍රමාණයක් ගෙවාගෙන යන්න" කියා ය.
    BoC worst bank