රාජ්‍ය මාධ්‍යවලට නිසි බලධාරියෙකු පත් කරය

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    රාජ්‍ය මාධ්‍යවලට නිසි බලධාරියෙකු පත් කරය

    රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යවලට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිසි බලධරයෙකු පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුරාධපුර හිටපු දිසාපති ජයම්පති හෙට්ටිආරච්චි මහතා රාජ්‍ය මාධයයන්හි නිසි බලධරයා ලෙස පත් කර ඇත. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.

    රාජ්‍ය මාධ්‍ය වත්මන් ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී වන අන්දමේ හා විපක්ෂයට අවාසි සහගත අන්දමේ විකාශයන් සිදු කරන බවට විපක්ෂයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර, මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර අද පැවැති විශේෂ සාකච්ඡාවේදීද වැඩිවශයෙන් අවධානයට පක් කෙරී ඇත. මෙම සිදුවීම් හා පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල පත්වීම සිදු කළ බව මැතිවරණ කාර්යාලය වැඩිදුරටත් පවසයි.


    source - http://www.lankatruth.com/sin/index...-41-56&catid=35:2008-10-13-08-30-14&Itemid=27