රාජාසන කථාව

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
රාජාසන කථාව
අටවන මැතිසබය අද පළවෙනි වරට
රැස්වෙනු නැරඹුවෙමි රට වැසියෙකු ලෙසට
පෙරලා රජෙකු සේවකයෙකු වූ දැයට
ඔහු පත් වුණේ ලක් මෑණිගෙ හොඳ කලට

නොදිටිමි අනවශ්‍ය සැරසිලි තොරණ් බොරන්
හිරු දෙවි නැටී දියවන්නා තුරුළු කරන්
චාමෙට නමුදු අභිමානයෙ කිරුළු දරන්
ජනපති ආය සෙන්පතියන් දෙපසෙ අරන්

අද සිට අළුත් හා එකමුතු දියුණු රටක්
බිහිවෙන බවට ඉගි කෙරුවා නිහඬ බවක්
වෙනදා අතප‍යේ හිරි ඇරි නරක තැනක්
අද නම් උත්තරීතරමය නොමැත දෙකක්

වට්ටක්කයා සිටියා මුල්ලකට වැටී
රජිදෙකු ඇවිත් ඉදගත්තා අසුනෙ මිටී
නිතරම මුව තුළින් හලනා වසුරු බෙටී
මැතිදා නම් අනේ අහලකවත් නොදිටී

හරබර දෙසුමකිය ජනපතිගෙන් කෙරුනු
එය ඉදිරියෙදි ඇත රට මත පල ද‍රනු
දුක මට එකම දසුනකි දකිනට ලැබුණු
දුටුවෙමි කතාවෙදි මැතිදෙකු නිදි කිරනු

ජනපති දුන්නේය තව ඉගියක් නවමු
එයමය දැයට හොඳ අපි නොබියව කියමු
දුරැරා බේද දුරුකර මෙය රට හදමු
අද සිට පක්ෂ හා පාටට තිත තබමු

පාවහනකට නොතකා නුඹෙ පයෙලාන
මතක‍යි තවම ඔහු හට කළ අවමාන
ඇසිපිල්ලකින් වෙති සුදොවුන් අසමාන
කොහොමද ? "විමලෙ" අද "අයියෝ සිරිසේන "