රාජා භවතු ධම්මිකෝ

amazin

Banned
Apr 9, 2012
622
42
0
රාජා භවතු ධම්මිකෝ

සියඹලාණ්‌ඩුවේ ඊයේ භූචලනයක්‌
* නිවාස 6කට හා පාසල් ගොඩනැඟිලි 6කට හානි


තුෂාරී කළුබෝවිල, කේ. එම්. පී. බණ්‌ඩාර - මඩුල්ල, මාපා තිලකසූරිය - සියඹලාණ්‌ඩුව, නයන ඉපලගෙදර - මොනරාගල

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ ඊයේ (04 දා) පෙරවරු 10.35 ත් 10.40 ත් අතර සිදුවූ භූ චලනයක්‌ හේතුවෙන් පාසල් ගොඩනැඟිලි 6 කට සහ නිවාස 6 කට හානි සිදු වී තිබේ.

සියඹලාණ්‌ඩුව කන්දඋඩ පංගුව මහා විද්‍යාලයේ පන්ති කාමර හයක බිත්ති ඉරිතලා පුපුරා ගොස්‌ ඇත. පන්ති කාමරවල රැඳී සිටීම අවදානම් බැවින් විදුහල්පති සුදත් දර්ශන මහතා වහාම එම දරුවන් සහ ගුරුවරුන් ගොඩනැඟිලිවලින් ඉවත්කර විදුහල් භූමිය වෙතට රැගෙන ගොස්‌ ඉගැන්වීම් කටයුතු සිදු කරවා තිබේ. "අපේ ගුරුතුමා කළුලෑල්ලේ ලියමින් පාඩමක්‌ උගන්වමින් සිටියා. එක පාරටම අහස්‌ යානයක්‌ යන හඬ ඇහුණා. ඒත් එක්‌කම සර සර ගාලා බිත්ති පුපුරලා වැලි වැටෙන්න පටන් ගත්තා. පොළොව හෙළවුණේ නැහැ. ශබ්දයක්‌ ඇහුණා" යෑයි කන්දඋඩ පංගුව මහා විද්‍යාලයේ දරුවෙක්‌ "දිවයින"ට පැවැසීය.

එම පාසල අවට පිහිටි නිවාස 6 ක ද බිත්ති ඉරිතැලී ගොස්‌ තිබිණි.

පාසලේ සිට මීටර් 300 ක්‌ පමණ දුරින් පිහිටි නළ ළිඳකින් වතුර ගනිමින් සිටි බණ්‌ඩාර නමැති අයකු "දිවයින"ට පැවසුවේ "කµSර් යානාවක්‌ යනවා වගේ ශබ්දයක්‌ ඇහුණා. ඒත් එක්‌කම නළේ වතුර වැඩි වුණා. ඒ අසල ගසක වසා සිටි මීමැසි පොදියක්‌ එක්‌වරම අහස දෙසට ඉගිලෙනවා දැක්‌කා." යනුවෙනි.

පසුගිය සෙනසුරාදා (29 වැනිදා) පෙරවරු 5.30 ට පමණ ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 2.6 ක පමණ භූ චලනයක්‌ සිදුවී ඇති අතර ඒ බව හක්‌මන, පල්ලේකැලේ හා මහකනදරාව භූ පර්යේෂණ මධ්‍යස්‌ථානවල සටහන් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයානන්ද මහතා පැවැසුවේ, සියඹලාණ්‌ඩුව ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය සෙනසුරාදා සිට භූ චලන කිහිපයක්‌ සිදුවූ බව නිරීක්‍ෂණ මධ්‍යස්‌ථානවල සටහන් වූ නමුත් ඊයේ සිදුවූ චලනය පිළිබඳ සටහන් වී නැති බවයි.

එබැවින් ඊයේ සිදුවී ඇත්තේ භූ චලනයක්‌ දැයි නිශ්චිතවම මෙතෙක්‌ ප්‍රකාශ කළ නොහැකි බවත්, භූ විද්‍යාඥයකු සහ භූ භෞතික විද්‍යාඥයකු ඇතුළු නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ ඊයේ එම ස්‌ථානයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා යෙදවූ බවත් විජයානන්ද මහතා කීවේය
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
අපේ පාලකයෝ ධාර්මික නිසා මහ පොලව සන්‍තෝසෙට හිනා වෙනවා.
 

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork