රාජිත කට අරියි!!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    රාජිත කට අරියි!!!

    http://www.bbc.com/sinhala/sri-lanka-43023317?ocid=socialflow_facebook

    ජනවාරි 08 ජනවරම ශක්තිමත් වෙලා - ආණ්ඩුව

    යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ආණ්ඩුව පවසයි.

    එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    තමන්ට දැනගන්නට ලැබී තිබෙන ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා, එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කළේය.

    එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ විග්‍රහය වී තිබේ.

    තවත් කියවන්න:

    පොදු ජන පෙරමුණ ඉදිරියෙන්
    ජනාධිපති සහ ශ්‍රීලනිප ඇමතිවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක්
    ප්‍රතිඵලය පිළිබඳව තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දෙදෙනා සමගම සාකච්ඡා කළ බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා, ආණ්ඩුවේ "අඩු පාඩු නිවැරදි කරගෙන" ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළ බවත් වැඩිදුරටත් පැවසීය.

    මෙතෙක් ප්‍රකාශයට පත්ව තිබෙන ප්‍රතිඵල අනුව, මෙවර ක්‍රියාත්මක වූ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ.

    විශේෂයෙන්ම පළාත් පාලන ආයතන 340න් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු ජන පෙරමුණ විසින් ජයග්‍රහණය කරනු ලැබ ඇති බව නිල නොවන වාර්තාවල දැක්වේ.

    කරු පක්ෂ නායකත්වයට?
    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී කතානායක කරු ජයසූරිය තාවකාලිකව පක්ෂ නායකයා ලෙසින් පත් කළ යුතු යයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කබීර් හෂීම් යෝජනා කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කරයි.

    එම පුවත සත්‍යයක් දැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය කියා සිටියේ වෙබ් අඩවියේ එවැනි වාර්තාවක් පළ වී තිබෙන දුටු නමුත් තමන් එවැන්නක් පිළිබඳව කිසිවක් නොදන්නා බවය.

    කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීමක් තමන්ට පැවරී තිබෙන බැවින් පක්ෂයේ කටයුතු පිළිබඳ කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවූ බව ද කතානායක කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මැතිවරණ ප්‍රතිඵලය හමුවේ මතු වී ඇති තත්වය පිළිබඳව තීරණ ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අතර හමුවක් ඉරිදා (පෙබරවාරි 11) පැවැත්විණ.

    ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද, නැද්ද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණ.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    27750294_1963032740374739_2417188409363718539_n.jpg
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කො කෝ රාජිත??

    එතුමට ටිකක් වහුන් වෙලා ඉන්න කියන්න ගොඩක් අය හොයනවා පැම්පර් අදන්වන්න බේරුවල හන්දියෙ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකා මෙච්චර දෙයක් වෙලත් පඩ ශෝ එක නම් අතඇරලා නෑ වගේ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ෂුවර් ද ඇරියේ කටමයි කියල.ඔලුවේ තිබ්බ එකද , පහල පිටිපස්සේ තිබ්බ එකද දන්නේ නෑ
     

    Similar threads