ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Lankacnews

    වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර හතරක හෝ පහක කාලයක් කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට පත් කළ හැකි වනු ඇතැයි රාජ්‍ය නිලධාරියෙකු තමන් සමඟ ප්‍රකාශ කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ 'දෙරණ' නාලිකාවේ පැවැති Big Focus වැඩසටහනට එක්වෙමිනි.

    පසුගියදා ඇති වූ සුළි කුණාටු තත්ත්වයෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ හානියට පත් ප්‍රදේශ පිරිසකර කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටි උසස් නිලධාරියෙකු, රජයේ ක්‍රියාකලාපය පිළිබඳ පැහැදීමකින් යුතුව මෙම අදහස් පළ කළ බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පමණක් ස්වේච්ඡා මිනිස් ශ්‍රමය රුපියල් මිලියන 86ක් පමණ අගයකින් ලැබී තිබෙන බවත්‍ එය ඉතා ඉහළ අගයක් බවත් පැවසූ ඔහු ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මේ වන විට රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ලොකු විශ්වාසයකින් පසුවන බව මෙයින් පැහැදිලි වන බවත් කියා සිටියේය
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සුද්දෝ ලංකාවට පදිංචියට එන සීන් එකක් තියෙන්නේ
     

    Similar threads