රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..!

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..!
    (Part 1)

    සියල්ලෝම ටික කලකටත් ටිකදෙනෙක් සෑම කල් මත් රැවටිය හැකි වුවද සියල්ලෝම සදාකල් රැවටිය නොහැකි බව පොදු පිළිගැනීමයි. එහෙත් රාජපක්ෂ රෙජීමය මෙම සනාතන ලෝක ධර්මතාවය බොරු කරමින් ඇති තරම් බයියන් පිරිසක් සදාකල් රවටමින් උන්ගේ කරමතින් බලය ලබාගෙන උන්වත්, අනෙකුත් හුදී ජනයාත් ශ්‍රී ලංකාවත් වලපල්ලට රැගෙන යමින් සිටිති. මඳක් අපැහැදිලි කරුණ වන්නේ මෙය රාජපක්ෂලා සතු අසාමාන්‍ය හැකියාවක්ද? නොඑසේනම් අපේ සාඩින් පරිප්පු බයියන් ලොවෙත් නැති ලොවි ගසේත් නැති ඇඳ ගන්නටම උපන් ගොන් හැත්තක්ද? යන්නය .
    අප සමහරෙකුට මතක ඇති පරිදි 2005 දී රාජපක්ෂ පළමු වරට බලයට පැමිණියේ යුද වැදී දෙමළ කොටි පරදවා රට එක්සේසත් කරන බවට වූ මහා දේශප්‍රේමී ප්‍රතිපත්තියක් සමග නොවේ. ඔහුගේ පොරෝන්දුව වුයේ එතෙක් පැවති නොර්වේ ප්‍රමුඛ බටහිර ජාතීන් විසින් අටවන ලද අපකීර්තිමත් සටන් විරාමය සහ විසඳුමක් සඳහා වන දේශපාලන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යන බවටත් එය සාර්ථක කරගැනීම සඳහා ප්‍රභාකරන් මහතා පුද්ගලිකව හමුවන බවත්ය. කුප්‍රකට RADA ආයතනය හරහා කොටි සංවිධානය වෙත රුපියල් මිලියණ 500 ක් ලබාදීම මගින් තම ජය තහවුරු කරගැනීමත් ඉන්පසු තම පැවැත්ම සඳහා උන් සමග සහවාසයකට යාමත් රාජපක්ෂ සැලසුම වූ බව සාඩින් බයියන් හැර මුළු ලොවම දනිති. එසේ තිබියදී සජිත්ගේ පියා ඊට බොහෝ කලකට පෙර කොටි සංවිධානයට අවි ලබාදුන් බව රාජපක්ෂ මුත්තා මැතිවරණ වේදිකාවේ මොරගායි. මේ දෙකම වැරදි වුවත් සජිත් නොදරුවකු කාලේ ඔහුගේ පියා කළ දේට ඔහුට ඇති වගකීමට වඩා වැඩි වගකීමක් එවකට අගමැතිව සිටි තමාම සිදුකළ මෙම අලුගුත්තේරු ක්‍රියාව සම්බන්ධයෙන් තමාට ඇති බව තේරුම් ගැනීමට පරිප්පු බයියන්ට සම්මජ්ජාතියේ නොහැකි බව මෙම කුඨ බුබ්බඩයා හොඳින් දනී.
    ගලේ කෙටුවා සේ බයි හැත්ත හැදූ හැටි..
    ---------------------------
    ජනවාර්ගික ප්‍රශ්නය සඳහා යුදමය විසඳුමක් නොමැත යන මතය සමාජය තුල තදින් මුල් බැස සිටි එම යුගයේ අද මෙන් සෑම පඳුරක් යටම කකියන ලේ ඇති දේශප්‍රේමීන් නොසිටි අතර එක පසුපස එක පැමිණි මහා පරාජයන් හමුවේ සමස්ථ සමාජයම අධික යුධ විඩාවකින් පෙළෙමින් සිටියහ. සීල් තබන ලද පෙට්ටි තුල බහා මියගිය සෙබළුන්ගේ සිරුරු දිනපතා ගම් දනව් වෙත ඇදී ආ අතර ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය අවම භට පිරිස් පවා බඳවා ගැනීම අසීරු විය. ඊලාම් සිහිනය පෙනෙන නොපෙනෙන මානයේ සිටි ප්‍රභාකරන්ගේ අරමුණ වුයේ මුන්ගේ සල්ලි ටිකද පිල්ලි ගසාගෙන නිසි කල පැමිණිවිට අන්තිම ගේම දී මෙම දුර්වල රජය පරාජය කොට සිය සිහින ඊලාම් රාජ්ජය පිහිටුවීමයි. යුද හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල වූ ප්‍රහාරය හා මාවිල් ආරු සොරොව්ව වසා දැමීම වැනි ඍජු යුදමය ප්‍රහාර හමුවේ සහ තම ජයග්‍රහණය සඳහා උපරිම කැප කිරීමක් සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික හෙළ උරුමයේ යුද වාදී තෙරපුම හමුවේ ෂේප් න්‍යාය තවදුරටත් පවත්වාගෙන යාම රාජපක්ෂ ජනාධිපති වරයාට අසීරු විය. බල්ලා නෑවීමට ගෙන යන්නාක් මෙන් රාජපක්ෂ යුද්ධය වෙත ඇදගෙන යාමට මෙම පිරිස් වලට සිදුවූ අතර, එක් අවස්ථාවක එවකට ජවිපෙ නායකව සිටි සෝමවංශ අමරසිංහගේ යුද වාදී පෙළඹවීම හමුවේ යකා වැසුණු රාජපක්ෂ තම සරම ඔසවා දෙපා අතර සඟවා සිටි ‘භාණ්ඩය’ පෙන්වා ‘කොටින්ට ගහන්නේ මේකෙන්ද?’යි ඇසූ බව ප්‍රසිද්ධ රහසකි.
    කතාවේ ඉතිරි කොටස කවුරුත් දන්නා අතර යුද්ධය දිනා ගැනීමෙන් පසු බයියන් අන්දවා එහි සම්පුර්ණ දේශපාලන ගෞරවයම තමන් වෙත ලබාගැනීමට රාජපක්ෂ සමත්වූ අතර ජවිපෙ ජාහෙඋ අත තිබූ දේශප්‍රේමය ද රාජපක්ෂ සතු කර ගත්තේය. මුල සිට අගට යුද්ධය සැලසුම්කොට අවසාන ජයග්‍රහණය දක්වාම දිනෙන් දින පැයෙන් පැය යුද්ධය මෙහෙය වූ සෙන්පතියා සිර ගත කොට, අවුරුදු 15 ක් ඇමරිකාවේ පැට්‍රල් ගසමින් සිට පැමිණ කොළඹ සීත කාමරයකට වී යුද්ධය නැරඹූ රාජපක්ෂ බාල මලයා අසහාය යුද වීරයා ලෙස අභිෂේක කරවීය. එතැන් පටන් රට, ජාතිය, ආගම පිලිබඳ තනි අයිතියත්, යුධ ජයග්‍රහණයේ ගෞරවයත්, අතීත උරුමයන් රැකගැනීමත් යනාදී සියලු කුදු මහත් වටිනා දේ පවත්වා ගැනීම සඳහා රාජපක්ෂවරු නැතිව බැරිය යන මතය ගලේ කෙටුවා සේ බහුතර බයි මනස මත සනිටුහන් කිරීමට රාජපක්ෂලා සමත් වූහ. අවුරුදු දහයකට පසුත් මෙම සත්‍යය තේරුම් නොගත් හැටනම ලක්ෂයක් බයියෝ එවකටත් ඇමරිකානු පුරවසියෙකුව සිටි රාජපක්ෂ බාල මලයා රටේ ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්හ.
    බයි වහන්දැලා..

    (ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00)

    -ඉන්දික ලියයි
    (ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00)
    ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
    https://www.lankaenews.com/category/67
     
    Last edited:

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    (Part 2)
    රාජපක්ෂලා ලේසියෙන්ම අන්දවා ඇත්තේ අපේ සම්මුති මහා සංඝරත්නයයි. ඕනෑම තැනක ‘අපේ හාමුදුරුවනේ’ නමින් රාජපක්ෂ අමතන විට මෙම සුපේශල ශික්ෂාකාමී සංඝයා වහන්දෑලා දැපනේ වැටෙන්නේ අහිකුන්ඨිකයා ළඟ ඇඹරෙන නයින් මෙනි. මුන් වහන්දෑලා රාජපක්ෂලාට කොතරම් දාස වන්නේදැයි කිවහොත් කැළණි ගඟ දෙපළු කොට නයි රජුන් වැඩම කරනවා වැනි මන්ද බුද්ධිකයකුගේ බුද්ධියට වුවද නිගාදෙන මරි මෝඩ නාටක පවා රඟ දක්වමින් රාජපක්ෂලා රජ කරවීම සඳහා කැපවීමට මැලි කමක් නොදැක්වූහ. මින් නිගාවට පත්වන්නේ සම්බුද්ධ චීවරය බවට මේ වහන්දෑලාට වගේ වගක් නැත. එක උන්නාන්සේ කෙනෙකු රාජපක්ෂ මලයාට ආරාධනා කළේ ‘හිට්ලර් කෙනෙකු වී හෝ රට ජාතිය බේරා ගන්නා’ ලෙසය. හිට්ලර් යනු බොහෝ දෙනෙකුට හෙන පථය කැට අවසානයේ තම රට ජාතියටත් තමාටත් කෙලවාගත් පට්ට වසලයකු බව මේ මෝල්වහන්සේ නොදන්නවා විය හැක. මන්ද යත් සමන්තභද්‍ර මහා රහතන් වහන්සේ පවසන පරිදි මවු කිරි වැරූ වහාම සසුන් ගත කළ මේ බොහෝ අණුවනයන්ට කුඩා කල සිට උගන්වා ඇත්තේ වාඩි වී බත් අඹරන ක්‍රමය පමණි. කටපාඩම් කළ පන්සල් පොත් කිහිපයෙන් ඔබ්බේ වූ වෙනත් කිසිදු ප්‍රයෝගික දැනීමක් මුන් වහන්දැලා සතුව නැත. එසේ වුවද රාජ්‍ය පරිපාලනයේදී සංඝ රත්නයේ අනුශාසනා වලින් පිට කිසිවක් නොකරන බවට වූ මිත්‍යාවක් මේ බයි වහන්දැලාගේ හිස් මත තැන්පත්කොට ඒ හරහා තමාවෙත නොවෙනස් පක්ෂපාතීත්වයක් රඳවා ගැනීමට රාජපක්ෂ සමත් වී ඇත. රාජපක්ෂ කොල්ලන්ට දළදා මාලිගාව වටා කාර් රේස් පදින්නට අවශ්‍ය වූ විට ඒ නැවත්වීමට හැකි වූ මහනායක වහන්සේ කවුද?
    අතලොස්සක් වූ විචක්ෂණ, බුද්ධිමත්, බහුශ්‍රැත ස්වාධීන බුද්ධ පුත්‍රයන් වහන්සේලා අප වෙත කමත්වා..!
    රණ විරුවන්, රට විරුවන්, සුව විරුවන්; ඇන්දවීම සහ කෙළවීම..
    ---------------------------
    සිය ඇස්, ඉස්, මස්, ලේ, දහදිය මතුනොව ජීවිත පවා පුදකොට රට ජාතිය බෙදුම්වාදී යුද රකුසාගෙන් බේරාගත් ශ්‍රේෂ්ඨ සොල්දාදුවන් රණ විරුවන් සේ ලේබල් කොට රණ විරුවන් වෙනුවෙන් ඕනෑම මොහොතක විදුලි පුටුවට නැගීමට තමන් සූදානම් බවට දෑතින් පපුවට නෙලා ගනිමින් කුඨ රංගනයක යෙදුන රාජපක්ෂ මෙම ශ්‍රේෂ්ඨ විරුවන්ගේ අයිතිය නිතරඟයෙන් තමා සතු කොට ගත්තේය. රණ විරුවන් ගැන කැක්කුමක් ඇති මොකෙක් හෝ වේ නම් උන් චන්දය දිය යුත්තේ රාජපක්ෂ හොරුන්ටම පමණි. මින් නොනැවතුන මොවුහු විදේශ රැකියා වල නියුතු අසරණයන් ‘රට විරුවන්’ කළහ. කොරෝනා මැඩ පැවැත්වීමට අප්‍රතිහත සේවයක් කළ සෞඛ්‍ය සේවකයන් ‘සුව විරුවන්’ කළහ. මෙම අවභාවිත පදය මොකෙකුගේ හෝ නම පිටුපස එල්ලීම මගින් එම අසරණයන් අන්දවා උන්ගේ පක්ෂපාතීත්වයත් උන් හරහා සිදුවන මොනයම්ම හෝ සේවාවක ගෞරවයත් රාජපක්ෂලා මහා දවල් සොරකම් කළහ. මෙසේ තදින් ඇඳගත් ‘රට බයියන්’ පසුගිය මැතිවරණ සමයේ රාජපක්ෂ මලයාට චන්දය දීම සඳහා අතින් ගෙවාගෙන වැල නොකැඩී ලංකාවට ආහ. උන් එන තෙක් ගුවන් තොටුපලේ කැමරා අටවාගෙන සිටි කුඩු නාළිකාව හා චීත්ත නාලිකාව (උපුටා ගැනීම හිරුනිකාගෙන්) උදේ හවා මුන් පෙන්වමින් තව තවත් ගම් බයියන් ඇන්දවූහ. මාස තුනකට පසු කොරෝනා වසංගතය හමුවේ මර බිය ගැනී ලංකාවට දුවගෙන ආ රට විරුවන්ට රාජපක්ෂ පරයෝ සැලකූ හැටි කවුරුත් දුටුහ. පාව්ච්චි කොට අවසන්වූ කොන්ඩෝම නැවත පිසදා සාක්කුවේ දමා ගන්න සිරිතක් නැත. අදටත් මැද පෙරදිග රැකියා අහිමිවූ දහස් ගණනක් රට විරුවන් ඉන්න හිඳින්නට කන්න අඳින්නට නැතිව තමන් තම මවු රටට ගෙන්වා ගන්නා තෙක් බලා හිඳිති. වඩාත් කණගාටුදායක කරුණ වුයේ නොරටුන් හමුවේ සිය ශ්‍රමය වැය කරමින් අපේ රටට කන්න අඳින්නට විදේශ විනිමය උපයාදුන් මෙම අසරණයන්ට සිදු කරන ලද අසාධාරණය හමුවේ, රාජපක්ෂලා විසින් අන්දවා දෑස් අඳ කොට ඇති අපේ සාඩින් බයියෝ තව දුරටත් රාජපක්ෂලා වෙනුවෙන්ම පෙනී සිටීමයි. මුන් ඇඳගෙන සිටින තරම කොපමනදැයි කිවහොත් යම් දවසක රාජපක්ෂලාටම අවශ්‍ය වුවද මුන්ගේ ජංගිනම් ගලවනවා බොරුය.
    සුව විරුවන් වශයෙන් අන්දවන ලද සෞඛ්‍ය සේවකයන්ටද අවසානයේ සිය පඩිපත බේරා ගැනීම සඳහා මහ මගට බැසීමට සිදු විය. එහෙත් බලවත්ම අසාධාරණය සිදුකරන ලද්දේ රාජපක්ෂලා කෝකටත් තෛලය වශයෙන් භාවිතා කරන රණවිරුවන් වශයෙන් අන්දවා අවභාවිත කරනු ලබන ආරක්ෂක අංශ සාමාජිකයින් හටය. කොටින්ට ගහපු අපිට කොරෝනා කජ්ජක්දැයි උදාන වාක්‍ය පවසමින්, වසංගත රෝග පරිපාලනය පිලිබඳ මෙලෝ හසරක් නොදත් අහිංසක සොල්දාදුවන් වසංගත රකුසාගේ මුව විටට තල්ලු කළහ. ඉතාමත්ම අවම පුද්ගලික ආරක්ෂණ උපකරණ හෝ නොමැතිව සහ කිසිදු විද්‍යාත්මක පුහුණුවකින් තොරව වසංගතය මැඩ පැවැත්වීම සඳහා ඔවුන් කරන ලද මහා සේවාව දෙවෙනි වනු ඇත්තේ යුද්ධය ජයගැනීම සඳහා කළ කැපකිරීමටම පමණි. සුපුරුදු පරිදිම මෙම මහා පරිත්‍යාගයේ ගෞරවය අමු අමුවේ පික්පොකට් ගැසූ රාජපක්ෂ හැත්ත ඒ සිය බල ව්‍යාපෘතිය වර්ධනය සඳහාම යොදවාගත්හ. බොහෝ රටවල ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට සිදුවූ පරිදි මෙම අසරණයන් මැසි මදුරුවන් සේ මැරී නොවැටීම පෙර පිණකි. එහෙත් යම් මොහොතක විය හැකිව තිබු පරිදිම ඉදිරිපෙළ නාවික සෙබළුන් තුල කොරෝනා ආසාදනය පැතිර යද්දී ඔවුන් තනි කොට අත පිසදා ගැනීමට මුන් මැලි නොවූහ. නාවික රණවිරුවන් වශයෙන් වෙනම කුලකයකට කොටුකොට ඔවුන් තනි කරන ලද අතර මේ අසරණයන් වීදි ගණිකාවන්ට පාවා දෙමින් අමු අමුවේ චරිත ඝාතනය කළේ අවලමේ ගොස් කුණු ලෙඩ සාදා ගත් උන් ලෙසය. රාජපක්ෂලා හමුවේ මෙය අරුමයක් නොවන්නේ සිය පැවැත්ම වෙනුවෙන් ඕනෑ එකෙක් පාවා දීමට මැලි නොවන නිසාය. එහෙත් මෙහි ඛෙදවාචකය වන්නේ මෙම අසාධාරණය හමුවේත් බයියන් සිටගත්තේ රාජපක්ෂලා සමග වීමයි.
    ඇන්දවීම් අතර ගිනස් පොතට යන ඇන්දවීම..
    ---------------------------
    මුන්ගේ ඇන්දවීම් අතරින් ගිනස් වාර්තා පොතට යා යුතුව ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු බයියන් ඇන්ද වූ විශ්මිත ආකාරයයි. ප්‍රහාරය අධ්‍යයනය කරන විට ඒ නොවැරදීම ගමරාලගේ සහ රනිල්ගේ නොහැකියාවත්, නොසැලකිල්ලත්, උද්දච්ච කමත් නිසාම සිදුවූ බවට කිසි සැකයක් නැතත්, ප්‍රහාරය පුරාම රාජපක්ෂලාගේ ඇඟිලි සලකුණු දක්නට ඇත. සහරාන්ලා කවා පොවා ඇතිදැඩි කොට ත්‍රස්තවාදීන් වන තුරු රැක බලාගෙන ඇත්තේ ගෝඨාභය යටතේ වූ බුද්ධි අංශයන්ය. නැගෙනහිර පොලිස් නිලධාරීන් ඝාතනය කොට අවි පැහැරගත් ප්‍රහාරය මනඃකල්පිත දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත යොමු කොට සහරාන් කල්ලිය වෙත අවධානය යොමු වීම වලක්වන ලද්දේ ද ගෝඨාභය ආරක්ෂක ලේකම් තුමා යටතේය. සහරාන්ට ආධාර කරන ලද බවට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් හට විල්පත්තුව හෙළි පෙහෙළි කොට ජනාවාස ඉදිකිරීම සඳහා අවසර සහ අනුග්‍රහය සලසන ලද්දේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒ එසේ වෙද්දීත් දඩයම කර තබාගෙන යන එකා හට උගුල ඇටවීම සඳහා කිසිදු වගකීමක් නොපැවරූ බයියෝ ඇස් පියාගෙන ගෝඨා ට කතිරය ගැසූහ.
    කදිරගාමර් ද කොටියෙක් නොකළොත්..
    ---------------------------
    මුන්ගේ කුප්ප වැඩ ගැන කතා කරනවා නම් පොතක් ලිවිය හැකිය. ඉතිහාසය පුරාම කොටින්ට විරුද්ධව මතවාදීව නැගී සිටි, ඒ නිසාම උන්ගේ තුවක්කුවෙන් ගැලවීම සඳහා ජීවිතයේ වැඩි කලක් සැඟවී ජීවත්වීමට සිදු වූ, ලෝ පතළ ප්‍රාමාණික දෙමළ විද්වතෙක් වන මහාචාර්ය රත්නජීවන් හූල් මුන්ට අභියෝගයක් වූ වහාම එක රැයෙන් කොටියකු බවට බවට පත්කිරීමට රාජපක්ෂලා පැකිලුනේ නැත. කොටින් ලොවේ තහනම් කරවා එමගින්ම උන්ගේ අවසානයේ ආරම්භය සනිටුහන් කොට ඒ නිසාම කොටින් අතින් ඝාතනය වූ ශ්‍රී ලංකාව බිහිකළ අති විශිෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ගරු ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රීමතුන් අද ජීවත්ව නැත්තේ එතුමන්ගේ වාසනාවකට විය හැකි ය. එතුමන් ජීවත් වී නම් මොවුන්ගේ පාදඩ දේශපාලනයට අනිවාර්යයෙන්ම එරෙහි වනු ඇති අතර අවශ්‍ය වී නම් කොටින් මකබෑ වී වසර දහයකට පසුත් එතුමන් ද කොටියකු ලෙස හංවඩු ගැසීමට මුන් මඳක් හෝ නොපැකිලෙනු ඇත. ඉරාජ් වැනි පාදඩයකු වෙතින් මග අසන නූතන කජුකිරි දේශප්‍රේමී කොල්ලන් සහ කහකඩ පොරවාගත් තට්ට මදාවියන් එතුමන්ට විරුද්ධව පෙළපාලි යනු ඇත. බෞද්ධ භික්ෂූන්ගේ, සිංහල සොල්දාදුවන්ගේ, පොලිස් නිලධාරීන්ගේ සහ සිංහල, මුස්ලිම් සාමාන්‍ය වැසියන්ගේ ලේ ගංගා මත පිහිනා ඇති කරුණා අම්මාන් වැනි පාපතරයෙක් එක රැයෙන් දේශප්‍රේමියකු කරන්නට ද රාජපක්ෂ පරයන්ට හැකි අතර උන් දෙන ඕනෑම වහන්තරාවක් ධාතු කරඬුවක් සේ හිස තබාගෙන, නොකා නොබී ඕනෑම දුරක් යන්නට පරිප්පු සාඩින් බයි වහල්ලු සැදී පැහැදී සිටිති.
    රාජපක්ෂලා මෙතරම්වත් සංයමයක් දැක්වීම පුදුමය..
    ---------------------------
    බුවනෙකබා රාජ මන්දිරයේ කතාව ද මීට දෙවෙනි නැත. වහල් බයියන්ට දේශීය උරුමය වටින්නේ රාජපක්ෂලා නොවන වෙන මොකෙක් හරි රට කරන විට පමණි. යහපාලන සමයේ මෙවැනි සාහසික අපරාධයක් වී නම් වියයුතු පරිදිම රට ගිනිගනු ඇති මුත් රාජපක්ෂලා එසේ කළ විට හීන් කෙඳිරියක් වත් නැගෙන්නේ නැත. කෙසේවත් මේ ගැන කරදර විය යුතු නැත්තේ බුවනෙකබා යනු සල්ලාල රජෙකු නිසාවෙනි. ඒ නැතත් එතුමන්ට මුස්ලිම් බිසවක්ද සිට ඇත. මොන අපරාධයක්ද? මෙතුමන්ට ගෑවුණු තවත් යමක් ඉතිරිව ඇත්නම් ඒ ද ඩෝසර් කරණු සඳහා දැන් දැන් මුස්ලිම් විරෝධී බයියෝ සොයමින් සිටිනවා විය හැකිය.
    දුටුගැමුණු කුමාරයා සරණපාවා ගත්තේ ද පිටිසර අවිහිංසක ගැමි කෙල්ලක් වූ රන් එතනා ය. මෙය අලුත් රාජපක්ෂ රාජවංශයට අනුවනම් පොලොව නුහුලන අපරාධයකි. (තරුණ රාජපක්ෂ අතින් බඩ වූ හම්බන්තොට ගැමි කෙල්ලක් මරා හුණු පෝරණුවක පිලිස්සු කතාවක් අසා ඇත.) ඒ පිට දමා බයියන් ලවා රුවන්වැලි මහා සෑයට කෙළෙව්වොත් පුදුම විය යුතු නැත.
    රාජපක්ෂලා වෙත බයියන්ගේ ඇති මෙම අන්ධ, අතාර්කික, ආත්ම ඝාතක පක්ෂපාතීත්වය දකින විට එක අතකට පුදුම විය යුතු කරුණ වන්නේ රාජපක්ෂලා මෙතරම්වත් සංයමයක් දක්වන්නේ මක්නිසාද කියා ය. රටේ මිල කළ නොහැකි මහා පොළොව නොරටුන්ට වික්කාට වගක් නැත. ඩොලර් ප්‍රකෝටි ගණන් ණය කන්දකට රට යට කළාට කමක් නැත. පුරාවස්තු ඩෝසර් කොට බාර් ඇරියාට, පරිසරය විනාශකොට, කැලෑ කපා, පස්ගොඩ දමා, වැලි හාරා රට කාන්තාරයක් කළ ද MCC ගිවිසුම අත්සන් කොට රටම ඇමරිකාවට පාවාදුන්නද එසේ කරන්නේ රාජපක්ෂලා නම් බයියන් දොහොත් මුදුන් දී ‘අනේ සාදු සාදු’ කියා සාදුකාර දෙනු ඇත. මෙවැනි නිවට වහල් කැලක් හමුවේ අගතිගාමී නොවී සිටිය හැකි පාලකයා මොකාද?
    ‘අපායේ ඉන්ටවල්’ සමය..
    ---------------------------
    අප මේ ගත කරමින් සිටිනුයේ ‘අපායේ ඉන්ටවල්’ සමයයි. මෙම ඊනියා සංයමය පවතින්නේ මැතිවරණය අවසන් වන තෙක් පමණි. මැතිවරණය අවසන් වනවාත් සමගම ‘ඉන්ටවල්ද’ අවසන් වනු ඇත. රාජ්‍ය පාලනය පිලිබඳ මෙලෝ හසරක් නොදත් ගෝඨාභය දන්නේ හමුදා ක්‍රමයට අණදීම හා ‘පනිෂ්මන්ට්’ දීම පමණි. තැනකට ගොස් ගිරිය පුප්පා සැල් එක දැමූ සැනින් සියලු දේ හරි යතැයි ඔහු සිතයි. ඒ එසේ නොවන බවට ලයිසන් කන්තෝරුවේ සහ මහා බැංකුවේ නාටක වලින් පසු මනාව පසක් වී ඇත. දක්ෂ පරිපාලකයකු හෝ නිර්මාණශීලී නායකයකු නොවන ඔහු සිය නොහැකියාව වසා ගැනීම සඳහා වඩා වඩාත් අදිපති වාදී වනු ඇත. යුද හමුදාව සහ පැන්ෂන් ගිය ජනරාල් වරු හරහා සිය ආධිපත්‍ය ජනතාව මත බලයෙන් පැටවීමට උත්සුක වනු ඇත. අවසාන ප්‍රතිඵලය වන්නේ රට බිහිසුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමයි. ‘වෙන්ඩ හිට්ලර්ගේ’ ඕනෑම අපරාධයක් රට, ජාතිය සහ ආගම වෙනුවෙන් කියා බයියන් විසින් සාධාරණය කරනු ඇත. මහලු රාජපක්ෂ නැවත අගමැති වනු ඇති අතර නමට අගමැති සේ රැඳී සිටිමින් සියලු බලතල නාමල් මෝලා වෙත පවරනු ඇත. නාමල්ගේ අතවැසියන් වනු ඇත්තේ කසිප්පු ජොනී, පාස්පෝර්ට් විමලේ සහ කළුතර රත්තරන් වැනි නමගිය හොර තක්කඩියන්ය. එවිට ඉන්ටවල් එක කොපමණ හොඳයිදැයි සිතෙනු ඇති නමුත් ඒ වන විට බොහෝ ප්‍රමාද වැඩි විය හැකිය.
    බයි වහලුන් අවසානය තෙක්ම රාජපක්ෂලා සමග වල පල්ල දක්වාම යනු ඇති මුත් යහ පාලනයක් සහ යහපත් රටක් වෙනුවෙන් චන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවක්ද අපේ රටේ වෙසෙති. යහපාලකයන්ගේ නින්දිත පාවාදීම හමුවේ උකටලී වුවද මුහුණ සමග ආරෝවට නහය කපා ගැනීම නුවණට හුරු නොවන බව සාධාරණ බුද්ධිමත් හුදී ජනයා තේරුම් ගත යුතුව ඇත. චන්දය තුලින් පාලනයක් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයාට ලැබෙන අවසාන අවස්ථාව මේ විය ද හැකිය.
    ඉන්දික

    (ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    20200731_213015.jpg
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ලංකා ඊ නිව්ස් :love2: :love2: :love2:




    ඇයි ඉතින් චම්පිකට විරුද්ධව නඩුවක් දාල නීතිය ක්‍රියාත්මක කරන්නකෝ කියව කියවා ඉන්නේ නැතිව
    ඔය නිස්සන්කයා නේද ගෝතයා එක්ක එක්කහු වෙලා අවි ගබඩා පවත්වන්න සහ නාවික ආරක්ෂාව මෙහෙයවන්න රටේ සම්පත් එයාගේ පුද්ගලික සමාගමකට පවරාගෙන රටට හිමිවිය යුතු මුදල් කෝටි ගණන් උන්ගේ සාක්කුවට දා ගත්තේ
    දැන් ඒ ක්‍රියාවලිය නෙව් එකෙන් කරනවා ආණ්ඩුවට සල්ලි ලැබෙනවා
    මූ අනුන්ගේ හොරකම් කතා කලාට මු රටේ සම්පත් හොරකම් කරපු එකෙක් නේද
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි ඉතින් චම්පිකට විරුද්ධව නඩුවක් දාල නීතිය ක්‍රියාත්මක කරන්නකෝ කියව කියවා ඉන්නේ නැතිව
    ඔය නිස්සන්කයා නේද ගෝතයා එක්ක එක්කහු වෙලා අවි ගබඩා පවත්වන්න සහ නාවික ආරක්ෂාව මෙහෙයවන්න රටේ සම්පත් එයාගේ පුද්ගලික සමාගමකට පවරාගෙන රටට හිමිවිය යුතු මුදල් කෝටි ගණන් උන්ගේ සාක්කුවට දා ගත්තේ
    දැන් ඒ ක්‍රියාවලිය නෙව් එකෙන් කරනවා ආණ්ඩුවට සල්ලි ලැබෙනවා
    මූ අනුන්ගේ හොරකම් කතා කලාට මු රටේ සම්පත් හොරකම් කරපු එකෙක් නේද


    හා හා.........lankaenews නෙමෙයි :ROFLMAO:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අවුරුදු 15 පැට්‍රල් ගැහුව කතාව බොරු බව කෝමත් දන්න එක නේ.
    ඒක ඇත්ත වුනත් සමාජවාදියො ඒක උලුප්පලා කියන්නෙ ඒක පහත් කියලද ?