රාජ පක්ෂ මාධ්‍යවේදියෙක් නම්
රාජ පක්ෂ මාධ්‍යවේදියෙක් නම්
කළු ගල් තලනු බැරිව
තලමු අපි සක්ක ගල්
මහා විරුවන් ලෙසින
කළු ගල් සිනාසෙන විට වුව
රූප පෙට්ටියේ පෙනී සිටිමු
පත්තරවල රැඩිකල් වෙමු
රේඩියෝවේ පොර ටෝක් දෙමු
සක්ක ගල් තලමින
කළුගලට ඕනෑ විදිහට
දැන දැන බොරළු තුළ
මැණික් කැට නැති බැව්
මැණික් කැට නොගත්තවුන්ම
නිරතුරුව තලමින
ගයා ගුණ හඬ නගා
කළුගලෙහි තොසිනා
ගෙවන්නට සුසුමක්
අවැසි බැවින මාසේ අන්තිමට
ඉනික්බිත්
මාලන් විදානපතිරණ
රාජ පක්ෂ මාධ්‍යවේදියෙක් නම්
කළු ගල් තලනු බැරිව
තලමු අපි සක්ක ගල්
මහා විරුවන් ලෙසින
කළු ගල් සිනාසෙන විට වුව
රූප පෙට්ටියේ පෙනී සිටිමු
පත්තරවල රැඩිකල් වෙමු
රේඩියෝවේ පොර ටෝක් දෙමු
සක්ක ගල් තලමින
කළුගලට ඕනෑ විදිහට
දැන දැන බොරළු තුළ
මැණික් කැට නැති බැව්
මැණික් කැට නොගත්තවුන්ම
නිරතුරුව තලමින
ගයා ගුණ හඬ නගා
කළුගලෙහි තොසිනා
ගෙවන්නට සුසුමක්
අවැසි බැවින මාසේ අන්තිමට
ඉනික්බිත්
මාලන් විදානපතිරණ