රාජ-සේවයට යන නූතන අන්දරේලා (සහ උන්ගේ බිරින&#35

Liril

Member
Oct 21, 2008
557
7
0
38
Sri Lanka
රාජ-සේවයට යන නූතන අන්දරේලා (සහ උන්ගේ බිරින&#35

බිරිඳ-
කේ. එෆ්. සී. නැතත් තුන් වේලට කන්ට
ඩබල් ඛෙඩ් නැතත් සැපසේ ඇලවෙන්ට
ඇහු දුටු එවුන් මූණට කෙළ නොගසන්ට
කඩේ නොයා මගෙ හිමියනි නවතින්ට

අන්දරේ-
දුක තමයි වින්දෙ අපි එක දිගටෝම
උඹ වුනත් මහත් වෙයි සැප ලැබුණාම
නලූකමක් කරේ ගහගෙන හිටියාම
ෆන් එකක් ලබන්නේ කවදද කෝම

බි-
ඉර හඳ අල්ලන්න ඕනෙද පිම්ඛෙන්ට
කලූවර හොඳයි බැහැ ගින්දර අල්ලන්ට
ලද දේ මදිද සතුටින් ජීවත් වෙන්ට
හිමි කඩේ යතොත් බැහැ වාවා ඉන්ට

අ-
අලි කොටි වලස්සුන් ගඟ දිය කළඹාලු
බොරදියේ සිටී අම්බානක මාලු
ඉඳ හිට දොහක තැටි ලිප මත රත්වේලු
උඩ පැන පැනා රොටි පුච්චමු අපි යාලු

බි-
අඬ ඛෙර ගසා කැන්දා බඩ ඉම්බාට
ගොඩ ගොඩ බැරැණ්ඩි ද විස්කි ද පෙව්වාට
යටි ගිරියෙන් අඬා මීටිං තිබ්බාට
කවුරුත් මතක නෑ ඔය නරි දිනු දාට

අ- බඩේ බත් නැතුව අපි මෙතුවක් උන්නේ
කඩේ ගියොත් නැහැ ආයෙත් වරදින්නේ
ලැබේ නම් අණක් මහ රජ්ජුරුවන්නේ
තඹේකට නොසලකා කොහොමද ඉන්නේ?

"අන්දරේලා" වේදිකා නාට්‍යයේ රාජ වාසල සේවයට යන්නට සැරසෙන අන්දරේ සහ ඔහුගේ බිරින්දෑ ගයන "රසබොජුන්" ගීතය ඇසුරෙන් නැවත ලියන ලදී.

REMIXED BY
ඩෝං පුතා


uputa ganna ladi..
 
  • Like
Reactions: guamini