රාමුවෙන් පිට හොයමු ජීවිතය

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    රාමුවෙන් පිට හොයමු ජීවිතය

    අද වෙසෙන සමාජය මාරම මාරයි. කෙල්ලෙක් එක්ක දවසක් වත් රූම් ගිය නැති එකා අද නපුංසකයෙක් ගානට හංවඩු ගහනවා.මේක මාරම මාර අවුලක්. එ් අපහසයට ලක් වන්නටත් සමහර යහපත් මිනිස්සුන්ට සිදුවනවා. සිගැරට් උගුරක් අැදපු නැති එකත් මේ නපුංසක ගණයට අයිති වනවා,පර අඹුවන් ස්ත්‍රීන් කරා යොමු නොවුණු පිරිසත් මේ ගණයට අයිති වනවා..මේ සමාජයේ මිනිස්සු එයාලගේ රාමුවක් හදාගන අනිත් මිනිසුන්ව එ් රාමුව අැතුලට සෙට්කරනවා. හැබැයි එ් රාමුව හදන උන්ගේ ජීවිතත් නන්නත්තාර වෙලා. නරකට අැබ්බැහි වෙච්ච මිනිස්සු , යහපත් ලෙසින් කල් ගෙවන මිනිස්සුන්ව හෑල්ලු කරලා කතා කරනවා.අවමන් කරනවා..මම මේ මූන දුන්නු පුද්ගලික අත්දැකීමක් යහලුවනේ...අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු. අැත්තටම පිරිමියෙක් වෙන්න ඔන නම් මේ කියන රාමුව අැතුලේ ඉන්න ඔනද ? නැත්නම් මේ රාමුවෙන් පිට ඉන්න ඔ්නද ?