රාවණාගේ භූගත උමග 'නිල් දිය පොකුණ' නැරඹීම වයස 10 ට අඩු දරුවන්ට තහනම්

dbug

Well-known member
  • Sep 7, 2008
    1,848
    2,503
    113
    images


    බදුල්ල, ඇල්ල රාවණා ඇල්ල රක්ෂිත අභයභූමියට අයත් කරඳගොල්ල කඳුවැටිය අභ්‍යන්තරයේ පිහිටි විශ්මයජනක නිල්දිය පොකුණ නැරඹීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව නීති රීති හා රෙගුලාසි මාලාවක් පනවා තිබේ. පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති අතර, ඉදිරියේදී නියාමන ක්‍රමවේදයකට යටත්ව දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම භූගත ගුහා සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.

    නව රෙගුලාසිවලට අනුව වයස අවුරුදු 10ට අඩු දරුවන්ට නිල්දිය පොකුණ පරිශ්‍රයට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර, වයස අවුරුදු 10ත් 18ත් අතර පසුවන්නන්ට නැරඹීමේ අවස්ථාව හිමිවන්නේ භාරකරුවකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණි. එමෙන්ම සංචාරයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල මාර්ගෝපදේශකයන්ගේ සහාය ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර ජලයට බැසීම, පරිසරය අපිරිසිදු කිරීම, ඝෝෂා කිරීම, ගීත වාදනය, ගිනි මෙලවීම මෙන්ම දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය ද තදින්ම තහනම් කර ඇත.

    පොළොව මතුපිට සිට මීටර් 80ක් පමණ ගැඹුරින් පිහිටි මෙම අතිශය දුෂ්කර ගුහා පරිශ්‍රයට ළඟාවීම සඳහා සංචාරකයන්ට පටු උමං ඔස්සේ බඩගාමින් සහ ලිස්සන සුළු පර්වත දිගේ ගමන් කිරීමට සිදුවේ. හිරු එළිය නොවැටෙන ඝන අන්ධකාරයෙන් සහ අඩු ඔක්සිජන් මට්ටමකින් යුත් මෙම පරිසරයේ ජීවිත අවදානමක් ද පවතින බැවින් මහත් පරිශ්‍රමයක් දරා පහළට ගමන් කළ පසු දීප්තිමත් නිල් පැහැයෙන් බැබළෙන මෙම අද්භූත පොකුණ හමුවේ.

    ජනප්‍රවාදයට අනුව රාමායණ යුගයේදී රාවණ රජු විසින් ආරක්ෂිත ගමන් බිමන් උදෙසා නිර්මාණය කළ භූගත උමං ජාලයේ එක් නැවතුම්පොළක් ලෙස සැලකෙන මෙම ස්ථානය රාවණා ඇල්ල ගුහාව හා සම්බන්ධ වන බවත්, සීතා දේවිය දිය නෑමට මෙය භාවිත කළ බවත් විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, ටෝච් එළිය වැටෙන විට විනිවිද පෙනෙන අතිශය පිරිසිදු ජලයෙහි ඇති විශේෂ පාෂාණ ලවණ මඟින් ආලෝකය පරාවර්තනය වීම මෙම නිල් පැහැති දසුන පිටුපස ඇති විද්‍යාත්මක පදනමයි.



     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,603
    5,999
    113
    හෝම් ස්වීට් හෝම්
    එක හොඳයි. නැත්නම් මෝඩ හුත්තල විනාසයක් කරගන්නවා.
    ස්පීකර් තහනම් කරන එකට නං ඉතාම කැමතියි

    බ්ලූටූත් ස්පීකර් පකයලා හරි කරදරයි දැන්
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,665
    1,984
    113
    Here and there
    ස්පීකර් තහනම් කරන එකට නං ඉතාම කැමතියි

    බ්ලූටූත් ස්පීකර් පකයලා හරි කරදරයි දැන්
    රෙන්න ගියත් ඔය ලබ්බ උස්සගෙන යන්නේ. සිංදු කියන්න පුලුවන් එකයි බැරි එකයි හැම එකාම බෙරිහන් දෙනවා බල්ලො උඩුබුරනවා වගේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,603
    5,999
    113
    හෝම් ස්වීට් හෝම්
    රෙන්න ගියත් ඔය ලබ්බ උස්සගෙන යන්නේ. සිංදු කියන්න පුලුවන් එකයි බැරි එකයි හැම එකාම බෙරිහන් දෙනවා බල්ලො උඩුබුරනවා වගේ
    esp32 එකෙන් ජෑමර් එකක් හදන්න පුලුවන් වගේ දැක්කා

    ට්‍රයි කරන්න ඕනේ පොඩි පවර් බෑන්ක් එකකින් පවර් කරලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,030
    113
    කලුවරේ ටෝච් ගහගෙන බඩගානවට වඩා ඕක ඇතුලේ ෆ්ලෑෂ් ලයිට් හයි කරලා ආලෝකමත් කරලා ගත්තොත් නරකද?
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,422
    241
    63
    අපෝ හොඳයි..
    නැත්නම් අපේ එවුන් ගිහිල්ලා ඔතන රීලා පුකත් හෝදගෙන එන්නෙ ඕකෙන්
    ඇවිත් කයිය ගහන්න..