රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වෙයි. දැනට සොයාගෙන ඇති මෙම ස්ථාන 25 සම්බන්ධයෙන් තොරතුරු රැසක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම ගුවන් යානා රාවණා රජු විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බවත්
එම යානා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන ගුවන් ගත කර ඇති බවත් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි එම අංශය කියයි. මෙම ගුවන් යානා එකල කුරුණෑගල, වාරියපොල, සීගිරිය, දඹුල්ල, බදුල්ල, මහියංගනය, හම්බන්තොට යන පළාත්වල ගල්ගුහා තුළ සහ පොළොව අභ්‍යන්තරයේ සගවා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මෙම පරීක්‍ෂණ අංශය සමත් වී ඇත.
ඒ සඳහා එවකට පැවති රජය අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොදීම නිසා එම ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදු වී තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබූ අතර ඒ සඳහා ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක්ද සහභාගී වී ඇත. ඉන්දියාවේ මැදිහත්වීම මාලිමවට අත්‍යවශ්‍යම කටයුත්තක් වී තිබේ .
එම කමිටුවට මහාචාර්ය රාජ් සෝමදේව මහතාද ඇතුළත් කර සිටි නමුත් පසුව එම කමිටුවෙන් ඔහු ඉවත්විය. එම ව්‍යාපෘතිය සඳහා මෙරට විශේෂඥ පුද්ගලයන් පිරිසක් එක්ව සිටී. නමුත් පසුව ඔවුන්ගේ පසුබෑම නිසා ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදුවී ඇත. වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන සහ සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ ලබන වසර තුළදී මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට සූදානම් බවයි. ඒ අනුව රාවණා රජුගේ ගුවන් යානා ගොඩ ගැනීමේ මෙහෙයුම් ව්‍යාපෘතිය යළිත් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව ඔහු කීවේය.