රැකියාව හා රංගකලාව භාවිතය

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    1000024421.jpg


    ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබට දිනපතා හමුවන විවිද චරිත ගැන අත්දැකීම් ඔබටත් ඇති. පරණ අත්දැකීම් බහුල පුද්ගලයන් මෙන්ම රැකියාවන්ට ආධුනික අත්දැකීම් ලබාගන්න අයද මෙහි සිටී. වසර 7කට වැඩි රැකියා ජීවිතය තුළින් මා විශාල අත්දැකීම් සම්භාරයක් මිනිසුන් පිළිබඳව ලබාගෙන ඇත. මෙහි උඩ සඳහන් පෝස්ටුව දැක එහි ඇති හරය මනා ලෙස උකහාගත් තැනැත්තන් කාර්‍යාලයේ හොඳින්, රැකියා සුරක්ශිත භාවයකින් යුතුව හා අන්‍යන් සමඟ ව්‍යාජව හෝ සතුටින් කාලය ගතකරනු මා, ඔබ දැක ඇත.
    රැකියා ජීවිතය තුළදී ඔබ ලබාඇති මිල කළ නොහැකි අත්දැකීම් සහ ඔබ ජීවිතයේ උගත් පාඩම් ගැන මෙහි සඳහන් කරන්න. අලුතෙන් රැකියාවකට යන, රැකියාවන්හි දැනටමත් කාලයක් නිරතව සිටින හෝ රැකියාවෙහි ගැටලු නිසි ආකාරව අවබෝධකර නොගත් අයට එය විශාල උපකාරයක් ලබාදෙයි. 🖤
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    රුකියාවක් කරනවනම් කවදාවත් අස්වෙන්න කන්ෆර්ම් නැතීව ඒක කට්ටියට කීයනන නරකයී
    ↓↓
    මගේ ජොබ් ජීවිතෙ හම්බෙච්ච මූසලයෙක් ගැන කියන්නම්. එකපාරක් මාස 6විතර වැඩකරපු පොඩි කම්පනි එකක ඉඳලා ඇතිවෙලා මම යන්න හිතන් ඉන්නේ කියලා කට්ටියට කිව්වා. එතකොට එතන හිටපු උන් කිව්වේ (උන් වැඩිමල් මටවඩා) වෙනතැනක් හොයන් මිසක් යන්න එපා නැත්තන් CV එකේ ගැප් හිටිනවා කියලා. ඉතින් මන් vacancies බලන ගමන් එතන දිගටම හිටියා. ඔහොම ඉන්න අතරෙ අර කලින් කියපු මූසලයා ඕක බොසාගෙ කනේ තියාලා (ඌ කිව්වා කියලා කියන්න එපා කියලා බොසාට කියලා) මන් වැඩ ඇරිලා ගෙදර ගියාම බොසා මට කෝල් කරලා ඇහුවා ඔයා යන්නද ඉන්නේ කියලා. බලද්දි බොසාටත් මාව යවන්න විදියක් නැතුව ඉඳලා තියෙන්නේ මගෙන් අහපු විදියෙන් සහ මම හිටපු මානසිකත්වය නිසා මම 'ඔව් යන්න හිතන් ඉන්නේ සර්' කිව්වා. එදා 20 වෙනිදා දවසක් බොසා කිව්වා 'හරි එහෙනම් ඊළඟ මාසෙ 20 ඉඳන් ඔයාමෙහෙ වැඩ නෑනෙ?' කියලා. මන් ඔව් කිව්වා. පහුවෙනිදා වැඩට ගියපු ගමන් මම කට්ටියට කිව්වා මෙතන කවුරුහරි එකෙක් බොසාට මන් යන එක කියලා තියනවා කියලා. එතකොට අනිත් උන් මීක් නෑ අර මූසලයා කියනවා 'අපිවනම් අල්ල ගන්න එපා මල්ලි ඕවට' කියලා
     
    • Love
    Reactions: Ryker