රැකියා_ලක්ෂ_10

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Ranil-Wickremesinghe.jpg



චීනය සමග ගිවිසුමක් - රැකියා ලක්ෂ 10 දෙන හැටි මෙන්න.




චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළබීමට සාකච්ඡා කරන බව අගමැති කියයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන උත්සවයකට එක් වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ තරුණ තරුණියන් ලක්ෂ 10 කට රැකියා ලබාදීමේ වැඩසටහන ඉදිරි මාස 02 ක තුළ ආරම්භ කරන බව දඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

වර්තමාන ආණ්ඩුවේ වැඩ පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කරන බවත්, වර්තමාන ආණ්ඩුව කළ දේවල් සහ ඉදිරියට කරන දේවල් පිළිබඳවද ඉදිරි මාස දෙක තුළ රටට හෙළිකරන බවත් ඔහු පවසා සිටියේය.

වර්තමාන ආණ්ඩුව හංගා ගැහිලි නොමැති බවත්, කුමන දේ කළත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රටට දැනගැනීමට සලස්වන බවත් හෙතෙම සඳහන් කළේය.