රැග ලිංගික වදයක් සේ | Ragging as a Sexual Harassment
සිංහල බ්ලොග්කරුවන්ගෙන් අති බහුතරය වත්මන් හෝ ආදි සරසවි සිසුන් වෙතත් රැග (නවක වදය) මේ දක්වා ඔවුන් කිසිවෙකුත් ගැඹුරින් නොකතා කළ මැයකි. ඔවුන් එය නොකළ යුතු කතාවක් (taboo subject) හැටියට දකින්නේ මන්ද යන්න මට නම් ගැටළුවක් නොවේ. නවක වදයට භාජනය වූ මාද ඇතුළු 90%කට එය අතිශය අමිහිරි කතා නොකර මඟ හැරීමට තරම් අප්‍රසන්න මාතෘකාවකි. මින් අදහස් කෙරෙන්නේ ඉතිරි 10%ට එය ප්‍රසන්න මාතෘකාවක් බව නොවේ. එහෙත් මේ සුළු පිරිස රැග් කඩතුරාවට මුවා වෙමින් ඊළඟ අවුරුද්දේ තමන්ට ලැබුනාට වඩා ඉතා දරුණු ආකාරයේ වදයක් ඊළඟ බැචයට ලබාදී රැග ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතිය තමන් විසින්ම නැති කරගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ උත්තමයන් මට වසර කිහිපයකට පෙර කියා දුන් ආකාරයට රැග දෙන්නේ වෙනස් වටපිටාවන්ගෙන් සරසවි එන මානවක මානවිකාවන් එකම තලයකට ගෙන ‘අපේ එකෙකු හෝ එකියක’ කිරීම සඳහාය. මෙය නප්පියට ගැසූ බේබද්දකු බීම සදාචාරීකරණය කිරීමට කියන කතාවකට සමානය. රැග මුන් කියන ජාතියේ නම්නීකරණයක් (orientation එකක්) නොවේ. රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.
ඉංගිරිසි වාක්‍යයක් කතා කර ගන්නට බැරි එකාට අනෙකෙකු ඉංගිරිසියෙන් දෙඩීම මහා වදයකි. පාපැදියක් හෝ අහිමි එකකුට සම වයස් මානවක මානවිකාවකට කාර් එකක් හෝ මෝටර් සයිකලයක් තිබීම දරා ගත නොහැකිය. හැමෝටම එකසේ ලැබෙතැයි දේශපාලකයන් නිරතුරු කියන නිදහස් අධ්‍යාපනය කොළඹටත් ගමටත් වෙනස් ලෙස ලැබී ඇතිබව මොවුනට වැටහෙන්නේ විශ්ව විද්‍යාලයේදීය. මේ වෙනස්කම් සමනය වෙතැයි මොවුන් සිතන්නේ ‘අලයන්ට’ අම්බානට රැග දීමෙනි.
එහෙත් මගේ අදහස රැග දීමට මූලික හේතුව ඉරිසියාව නොව ලිංගික අතෘප්තිමත්භාවය යන්නය. සිංහල බෞද්ධ යැයි අප සිතා සිටින, අපේ වික්ටෝරියානු සමාජ ක්‍රමය මල්වර වියට පැමිණියත් ඉතා ප්‍රාථමික මට්ටමේ ලිංගික අභ්‍යාසයක වත් නිරත වීමේ ඉඩ තරුණ තරුණියන්ට අහුරා තිබේ. ගම් මට්ටමේදී තත්ත්වය වඩා බරපතළය. සරසවි එන සමහර මානවකයන් නිරුවත තියා ගැහැනියකගේ පියයුරක්, කලවාවක් වත් දැක නැත. කෙල්ලකගේ අතින් ඇල්ලීම තියා කෙළින් බලාවත් නැත. මෙසේ ගොඩ ගැසෙන ලිංගික අතෘප්තිමත්භාවය අවස්ථාවක් ලැබුනු විගස දෝරේ ගලා යයි. සමාජයේ තව එකකුටද වදයක් වෙමින් රැග බවට පත්වන්නේ ඒකය.
ජ්‍යෙෂ්ඨ උත්තමයෝ රැග දීමෙන් විරුද්ධ ලිංගිකසේම එක්තරා ආකාරයක සමලිංගික තෘප්තියක්ද ලබති. නවක සිසුවියන් ලවා තමා ඇති දැඩි කළ දෙමාපියන්ට අමු කුණුහරුපයෙන් බැන්නීම තුලින් ඔවුන් ලබන්නේ පරපීඩා කාමුකත්ව (sadist)විරුද්ධ ලිංගික තෘප්තියකි. එහෙත් නවක සිසුන් නිරුවත් කිරීම හා ඔවුන් ලවා විවිධ ලිංගික ක්‍රියා කරවීම යොමුව ඇත්තේ සමලිංගික තෘප්තිය ලැබීම කෙරෙහිය. (මෙය සිසුන්ට පමණක් නොව සිසුවියන්ටද අදාළය. ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ නවක වදය ගැන වෙනම සටහනකින් කතා කරමු.)
මොවුන් විසින් මා භාජනය කළ එක් අප්‍රසන්න වදයක් වූයේ විශ්ව විද්‍යාල භාෂවෙන් කිවතොත් ‘බෝංචි කැඩීමය’. මෙහිදී නිරුවත් කළ නවක සිසුවකුගේ ශිශ්නය වැරෙන් බඩේ වදින ලෙස දබර ඇඟිල්ලෙන් ඉහළට ගැසීමට තවත් නවක ශිෂ්‍යයකුට අණ කෙරෙයි. සිය වතාවක් පමණ කෙරෙද්දී (බෝංචි කරල් සීයක් කඩද්දී) මෙය අතිශය වේදනාකාරී අත්දැකීමකි. මගේ ශිශ්නය මේ නිසා මාසයකට වැඩි කාලයක් රිදුම් දුන්නේය. ඒහා බැඳුනු මානසික වේදනාව ඒ හා සිය ගුණයකින් වැඩිය. එය මට පමණක් සීමා වූයේද නොවේ. ඒ වන විට මගේ ලිංගික ජීවිතය හවුල් අත්දැකීමක්ව තිබුණු හෙයින් මේ කිසිවකට සම්බන්ධ නොවූ පිටස්තර කෙනෙකුටද ඒ නිසා මානසික වදයකට ලක් වීමට සිදුවිය. (ඒ කතාව පසුව)
වෙන ඕනෑම තැනකදී සිදුවූයේ නම් මෙය නීතිමය ක්‍රියා මාර්ගයට පිවිසිය හැකි ආකාරයේ ලිංගික බලහත්කාර කමකි. එහෙත් සරසවි කොටු පවුර තුළ මොවුනට ඒ නීති අදාළ නැත. LTTE ය රටේ නීතිය රකීදැයි අසන දේශප්‍රේමියෝ සරසවිය තුළ රටේ නීතිය රැකේදැයි නොඅසති. කාට තිබුණත් නවක සිසුන්ට මානව හිමිකම්ද ඒ ගැන කතා කරන්නට NGOද නැත. උන් තව දුරටත් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ ලිංගික ගොදුරු බවට පත්විය යුතුය.
අපි තව කොතෙක් කල් මේ අමානුෂික ක්‍රියාවලිය ඉවසමුද? අප ලැබූ මේ අමිහිරි අත්දැකීම් කවදා හෝ දවසක අප අපේ දරුවන්ටත් උරුම කළ යුතුද?
LINK