රැයක් ගතකිරීමට කැමති නම් (I.T.N)

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    රැයක් ගතකිරීමට කැමති නම් (I.T.N)

    රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක්...

    tumblr_m3eu4iDRvx1qj91ym.gif

    මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන...
    ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්‍රවෘත්ති නිවේදක තනතුරු...

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු කොට සිටින ස්වාධින රුපවාහිනියේ (අයි.ටී.එන් ) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා , ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්‍රවෘත්ති නිවේදක තනතුරු ලබාදෙන්නෙකු බව ‘ නෙත් FM ‘ගුවන් විදුලියේ ‘බැලුම්ගල’ වැඩසටහනින් පසුගිය (05) අනාවරණය විය.

    අයි.ටී.එන් ආයතනයේම වැඩ කළ එක් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවේ, ඔහුගේ නැගනිය අයි.ටී.එන් ආයතනයට සම්බන්ධවී වී සිටියදී, සුදර්මන් සමඟ රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක් දෙන බව සුදර්මන් පවසා ඇති බවයි.

    මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන මිනිසුන් මුලා කර ඇති බව ද සාක්ෂි සහිතව හෙලිවූයේ එම බැලුම්ගල වැඩසටහන මඟිනි. එසේ මුදල් වංචා කර ඇති ගණන 38 දෙනෙකි. ඇතැම් පුද්ගලයන්ගෙන් ලක්ෂ 7කට අධික මුදලක් සුදර්මන් ලබාගන තිබෙන අතර ඔවුන් එම මුදල් ආපසු ඉල්ලූ පසු ඔවුන් රස්තියාදු කළ බව වංචාවට හසුවූවන් පවසයි.

    ඔහු විසින් තම බලය පාවිච්චි කරමින් මෙසේ බොහෝ වාර ගණනක් මුදල් වංචා කර තිබේ.

    කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.

    පසුව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ‘තුලාව’ දේශපාලන සංවාදය මෙහෙයවීය.

    2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය.
    ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධ වූයේ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසාය.

    ඔහුව අත් අඩංගූවට ගෙන අධිකරණයට ඉදීරිපත් කරන්නැයි දෙවරකදීම අධිකරනය පොලීසියට නියෝග කළද තවමත් පොලීසිය ඒ මග හරිමින් සිටී. නමුත් ඉහළ පෙළේ පොලිස් නිළධාරීන් සමඟ ඔහු කිසිඳු අපහසුවකින් තොරව ගනු දෙනු කළ ආකාරය අවස්ථා ගනනාවකදී මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.

    එහෙත් මෙතෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූයේත්, නොවන්නේත් ස්වාමිවරුන්ගේ බලය හා උවමනාව මත බව පැහැදිලි කරුනකි. ‍රැකියාව උසස් කර දෙන්න තමන් හා නිදි වැදිය යුතු බව තම ආයතනයේම සේවිකාවකට යෝජනා කරන්න තරම් සුදර්මන් නරුමයකු වූයේ ජාතකයේ වැ‍රැද්ද නිසා නොව තම ස්වාමිවරුන්ගේ ගති පැවතුම් නිසාය.

    සුදර්මන් ගේ සුන්දර සිනහව යටින් තිබෙන තක්කඩිකම දැන් හෙළිදරව් වී අවසානය.

    1176177_o.gif

    මේ පිළිබද බැලුම් ගල වැඩසටහන

    source
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    නොදකින්. මේ වගේ හැත්තක්..
    දේශපාලණ බලේ තමා බං..

    ආණ්ඩුවට කඩේ යනකන් ඕන තුප්පහි වැඩක් කරලා හොදින් ඉන්න පුළුවන්... :growl: :growl:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මාද්‍ය පාලනය කරන්නේ ප්‍රාග්දනයේ හිමිකරුවන්,රජයේ මාද්‍යත් අපි චන්දෙන් දේශපලකයෙක්ට හිමිකාරීත්වය බාර දෙනවා.
    ඉතින් උන් උන්ට ඕනි විදිහට පාලනය කරනවා,අතල් ගන්නවා ඇමතිලා රූපවාහිනියේ ටෙලි දාන්න නිලියෝ අල්ලනවා වගේ
    මේ වගේ එවුන් ප්‍රවෘත්ති නිවේදක තනතුරු දීල කෙල්ලෝ අල්ලනවා.රාජ්‍ය මාද්‍ය විතරක් නෙමේ.
    සිරස,ස්වර්ණවාහිනී,දෙරණ,හිරු මේ හැම එකකම ඔය ටික වෙන්නේ.director board ගියා කියන්නේ
    ප.. උල් කරගෙන ඉන්න තියෙන්නේ.

    ඔහුව අත් අඩංගූවට ගෙන අධිකරණයට ඉදීරිපත් කරන්නැයි දෙවරකදීම අධිකරනය පොලීසියට නියෝග කළද තවමත් පොලීසිය ඒ මග හරිමින් සිටී. නමුත් ඉහළ පෙළේ පොලිස් නිළධාරීන් සමඟ ඔහු කිසිඳු අපහසුවකින් තොරව ගනු දෙනු කළ ආකාරය අවස්ථා ගනනාවකදී මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.

    ලංකාවේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියල ජිනීවා යන්නද කියන්නේ
    ඔන්න ඔහේ අපේ කරුමේ කියල හිත හදාගෙන බණක් බාවනාවක් කරගෙන
    මීලගට යන තැනකට සෙත හදාගෙන ඉමු
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නොදකින්. මේ වගේ හැත්තක්..
    දේශපාලණ බලේ තමා බං..

    ආණ්ඩුවට කඩේ යනකන් ඕන තුප්පහි වැඩක් කරලා හොදින් ඉන්න පුළුවන්... :growl: :growl:

    :yes::sorry: