රැයේ_හමා_ආ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රැයේ හමා ආ බොල් පින්නෙන් දෝ
    ඔබේ සිලිටි වත තෙත් කරලූයේ
    හදේ ඇවිලි දුක් ගිනි දැල්ලෙන් දෝ
    නුඹේ සුසුම් වැල් සියොලඟ රැඳුනේ...

    හිතක් කයක් නැති පටු මං තලයේ
    පහන්ටැඹේ පඬු පැහැයට පිටු පා
    නුවන් වසන අඩ අඳුරට එක් වී
    සවන් යොමනු මැන ලඳුනි කමා කර

    දහස් දෙනා කී රහස් කතාවක්
    කියන්න මා නැත ඔබ වෙත එන්නේ
    නුවන් විවර කර බලන්න මාවත
    නැවුම් ලොවක් යලි ගොඩ නැඟෙනා තුරු


    එඩ්වඩ් ජයකොඩි | සුගත් වටගෙදර | ඩබ්.ඩී. අමරදේව


    Raye_Hama_A.jpg
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බොල්පිණී වෑහෙන වෙලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ

    ගැලපිට නැගලා ඈත ගම්බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු

    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ
    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවරදාක හෝ
    එකම තැනක උන්නේ