රැස්වීම උණුසුම් වීමෙන් ජනපති නැගිට යයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    රැස්වීම උණුසුම් වීමෙන් ජනපති නැගිට යයි

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් අද(16) පැවැති කැබිනට් රැස්වීමේදී ජනපතිවරයා නැගිට ගොස් ඇතැයි වාර්තා වේ.

    පව් නේ බන් .

    http://www.lankadeepa.lk/top_story/කැබිනට්-රැස්වීම-උණුසුම්-වීමෙන්-ජනපති-නැගිට-යයි/10-523076
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    “ලංකා ඊ නිව්ස් මට ගහනවා; මන්ත්‍රීවරුන් මට පික් පොකට් කාරයා කියනවා; මට තවත් ආණ්ඩු කරන්න බෑ“ - ජනාධිපති සිරිසේන කැබිනට් රැස්වීමෙන් නැගිට යයි-------
    (ලංකා ඊ නිව්ස් - 2018.ජන.16, ප.ව‍‍‍‍‍‍‍‍.1.30) ජනාධිපති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන “මට තවත් ආණ්ඩු කරන්න බැහැ“ යි කියමින් අද(16) මීට මොහොතකට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගියේ ය.
    රාජ්‍ය නායකයෙකු තමන්ට රාජ්‍ය පාලනය කළ නොහැකි යයි කියා අමාත්‍ය මණ්ඩල රැස්වීමකින් නැගිට ගිය ලෝක ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය යි.
    තමාට තවත් ආණ්ඩු කරන්න නොහැකිය යන්නට ආඩාපාලි ලෙස සිරිසේන පැවසුවේ ‘ලංකා ඊ නිව්ස් වෙතින් ඔහුව විවේචනය කිරීමත්, මන්ත්‍රීවරුන් ඔහුට ‘පික් පොකට් කාරයා‘ යැයි කීමත් නිසා බවයි.
    ලොතරැයි මණ්ඩලයේ දැන්වීමක් ලංකා ඊ නිව්ස් එකට නොදීම නිසා ලංකා ඊ නිව්ස් තමන්ට මඩ ගහනවා යැයි කී සිරිසේන ජනාධිපති, මරික්කාර් මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරු තමන්ට ‘පික් පොකට් කාරයා‘ ලෙස අවලාද නගනවා යැයි ආඩාපාලි ලෙස කීවේය.
    මෙසේ කී සිරිසේන ශ්‍රීලනිප ඇමැතිවරුන්ද විමතියට පත් කරමින් කැබිනට් රැස්වීමෙන් නැගිට යන්නට ගියේය.
    පසුව අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, අඛිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, ආදී එජාප ඇමැතිවරුන්ද, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, ආදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ද ගොස් ඔහු සමග පැයක් පමණ සාකච්ඡා කර යලි කැබිනට් රැස්වීමට කැඳවා ගෙන ආවේය.
    දෙවන වරටද කැබිනට් රැස්වීමට සහභාගී වූ සිරිසේන ජනාධිපතිවරයා තමා ජනාධිපතිවරයෙකු නොව හිනාධිපතිවරයෙකු බව තව තවත් තහවුරු කරමින් මඤ්ඤමෙන් සිට කැබිනට් රැස්වීම ඉක්මනින් අවසන් කර යන්නට ගියේය.
    සිද්ධියෙන් පසු ශ්‍රීලනිප ඇමැතිවරු තක්බීර් වී සිටියහ. ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ඇමැතිවරයෙකු කියා සිටියේ “දැන් ඉතින් ආණ්ඩුව සමග ජනාධිපතිවරයාට තිබූ ග්‍රිප් එක ගිලිහී ගියා. ඔහු තමා දුර්වලයෙකු බව සියලු දෙනා ඉදිරියේ ඔප්පු කළා “ කියා ය.
    කර්තෘ සටහන;
    ----------------
    ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් නැගිට යෑමට ලංකා ඊ නිව්ස්හි නම සඳහන් කිරීම සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ එක දෙයකි. ජනාධිපතිවරයාගේ සහ මහාරාජාගේ යුද නැව් ඩීල් එක හෙළි කිරීම හේතුවෙන් ලංකා ඊ නිව්ස් වෙත ජනතාවට පිවිසීම අවහිර කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියා කෙළේ අප නොව ජනාධිපති සිරිසේන බවයි. ‘සෑම ක්‍රියාවකටම ඊට සමාන වූත් විරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තිබෙන බව‘ සාමාන්‍ය සිසුවෙකු උගෙන ගන්නේ 7 වන වසරේ දී ය.
    ජනාධිපති සිරිසේන තමාට ආණ්ඩු කළ නොහැකි නම් කළ යුතු වන්නේ කැබිනට් රැස්වීමෙන් නැගිට යෑම නොව වහා ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම බව ලංකා ඊ නිව්ස් අවධාරණයෙන් පවසමු.
    ...
     
    owa mada ban.a unta paw ban.
     
    Similar threads