රැස්වෙහර

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    4004205692_e5af508e62_o.jpg


    රැස්වෙහෙර හෙවත් සස්සේරුව කුරුණෑගළ දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.
    මෙහි විහාර සංකීර්ණයට හිමිවන්නේ විශේෂිත වු ස්ථානයකි. මෙම ස්ථානය බෞද්ධාගමික ස්ථානයක් බවට පත් වුයේ ලක්දිවට බුදුදහම හදුන්වාදීමත් සමඟ බව නිගමනය වේ. මෙම ස්ථානයේ ඵෙතිහාසික වැදගත් කමකින් යුතු ස්ථාන රාශියක් පවතී. එමෙන්ම මෙම ස්ථානයේ ඉතිහාසය බෙහෙවින් පැරැණි බව පුරාවිද්‍යාත්මක සාධකවලින් සනාථ වී ඇත. මෙම ස්ථානයේ ආරමිභකයා දෙවනපෑතිස් රජු බව විශ්වාස කෙරේ.


     
    • Like
    Reactions: Kasem and Rana Rala

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    පිහිටීම

    වයඹ පළාතේ වන්නි හත්පත්තුවේ නැගෙනහිර හතළිස් පහ කෝරළයේ සුප්‍රසිද්ධ අවුකන ප්‍රතිමාවට තරමක් සමීපයෙන් පිහිටා ඇත.
    රැස්වෙහර බුද්ධ ප්‍රතිමාව

    මෙහි පිහිටි ස්වභාවික පර්වතයක නෙළා ඇති අඩි 40 පමණ උසින් යුත් හිටි ඉරියවුවෙන් නිරූපිත බුද්ධ ප්‍රතිමාව පැරැණි ලක්දිව මුර්ති ශිල්පියාගේ විශිෂ්ට නිර්මානයකි.ඒකාංශ පාරුපණයත් දකුණු අත අභය මුද්‍රාවත් වමි අත කටක මුද්‍රාවත් නිරූපනය වෙන මෙම පිළිමය ස්වාභාවික පර්වතය ඇතුළතින් පිහිටන ආකාරයෙන් නෙළා ඇත. මේ හේතු කොට ගෙන කිසියමි ආරක්ෂාවක් පිළිමයට ලැබෙන බව පෙනේ. අනුරපුර යුගයේ මැද භාගයට අයත් ලෙස පිළිගැනෙන මෙම බුදු පිළිමය ධාතුසේන රජු විසින් කරවන ලද්දක් බව ද ජනශ්‍රැතියේ කියවෙන අතර මෙම විහාර සංකීර්ණයට සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටි ධාතුසේන රජු ගේ නිර්මානයක් ලෙස පිළිගන්නා අවුකන පිළිමය හා සසඳන විට එක්තරා අසම්පුර්ණ ස්වභාවයක් මෙමගින් පෙන්නුමි කෙරේ.දැනට දක්නට ලැබෙන මෙම අසමිපුර්ණ ස්වභාවය නිසා මෙම පිළිමයේ නිර්මාණ කටයුතු කිසියමි හේතුවක් නිසා අතහැර දමන ලද බවත් විශ්වා‍ස කෙරේ. අවුකන පිළිමය ගුරැවරයාගේ නිර්මාණයක් ලෙසත් රැස්වෙහර පිළිමය ගෝලයාගේ නිර්මාණයක් ලෙසත් ජනශ්‍රැතියේ කියවේ. කෙසේ වුවද මෙම බුදු පිළිමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන්නේ නිර්මාණ කටයුතු අවසන් නොකර අතහැර දමන ලද්දක් නොවන බවයි. මෙහි අවසාන නිමාව හුණු බදාමයෙන් සිදුකර ඇති අතර එය පසුකාලීනව කාලයත් සමඟ බදාම ගැලවී යාම හේතු කොට ගෙන මේ අසම්පුර්ණ ස්වරූපය විද්‍යමාන වේ.
    පැරැණි ලෙන්

    අනුරපුර යුගයේ මුල්ම කාලයට (ක්‍රි.ව. 2-1 සියවස්වලට) අයත් ලෙස සැලකෙන කටාරම් කෙටු ලෙන් මෙහි දක්නට ඇත. මේ කටාරමි වලට පහළින් බ්‍රාහ්මීය අක්ෂර වලින් කොටන ලද කෙටි ලිපි තුළින් ඒවා භික්ෂුණ් වහණ්සේලා උදෙසා නිර්මාණය කළ බව කියවේ.මේ ලෙන් ලිපි අභිලේඛනාත්මක වශයෙනුත් අගය කළ හැකිය.
    5279612785_40bb17fcf4.jpg

     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    දුර්ලභ සඳකඩ පහණ

    අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් දුර්ලභ සඳකඩ පහණක් ලැබී ඇත.සඳකඩ පහණ විකාශනයේ ආරමිභක අවස්ථාවක් පෙන්නුමි කරන මෙහි නෙලුමි මල් හා සත්ව පෙළ පමණක් දක්නට ලැබේ.
    බෝධිය හා බෝධි ප්‍රාකාරය

    ෙමම විහාර සංකීර්ණයේ ලෙන් විහාරයට නුදුරින් පැරැණි බෝධියනක හා ශිලාමය ආකාරයක නටබුන් හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් දෙතිස් ඵලරූහ බෝධින් ගෙන් එක් නමක් මෙහි ස්ථාපිත කරවු බවටද විශ්වාසයක් පවතී.
    ලෙන් විහාර

    සිතුවමි

    රැස්වෙහර විහාර සංකීර්ණයේ ඇති ලෙන් විහාර දෙකේ දක්නට ඇති සිතුවමි.මහනුවර යුගයට අයත් වේ.බිත්ති හා උඩුවියන්වල ඇති සිතුවමි මහනුවර චිත්‍ර ‍ශෛලියට නෑකමි කියයි.මහනුවර සිතුවමිවල දක්නට ඇති පොදු ලක්ෂණ මේවායේද දක්නට ඇත.
    සියලු සිතුවමි ශෛලිගත සම්ප්‍රදායට අනුව සකස් කර ඇත.
    ස්වභාවික ලක්ෂණ වලට වඩා කාල්පනික ලක්ෂණ ඇත.
    පරිමාණ සංකල්පය නොසැලකීම.
    සියලු සිතුවම් එකම තලයක සමීපස්ථව දක්වා ඇත.
    පසුබිම දර්ශන නොදක්වා පසුබිම රතු හෝ කළු වර්ණයෙන් දක්වා තිබීම.
    බුද්ධි ගෝචර රීතියට වඩා අක්ෂි ගෝචර රීතියට මුල්තැන දීඇත.
    මුර්ති

    ලෙන් විහාර දෙකේ දක්නට ඇති මුර්ති නිර්මාණ අතර බුදුන්ගේ සුවිසල් ඔත් පිළිමයක් හා සමාධි පිළිම රාශියක් දක්න‍ට ලැබේ.මේ සියලු බුද්ධ ප්‍රතිමා වල දක්නට ඇති ප්‍රතිමා විද්‍යාත්මක ලක්ෂණ මහනුවර යුගයට අයත් වේ.:):)