රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_0d2d84e758.jpg

    කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති.
    රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.
    කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ දෙරවල් විවෘත කිරීමට පවා තැත් කරන බව එම පදිංචිකරුවෝ සඳහන් කරති.
    ආගරපතන නව කොළණිය ගම්මානයේ නිවසක සවි කර තිබු ආරක්ෂක කැමරාවක විශාලප්‍රමාණයේ කඳුකර කොටියෙකු නිවසට පැමිණ නිවසේ පිටුපස දොර විවෘත කිරීමට තැත් කරන අයුරු සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ කදකර කොටි බිය ඉහළ ගොස් ඇතැයි එම වැසියෝ කියති.
    මේ පිළිබදව එම නිවසියන් ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති අතර, තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් එම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.
    (ශන්ත චන්ද්‍රසිරි සහ ගනේෂන් ක්‍රිෂාන්තන්)
    image_bd6d312f78.jpg

    image_dea5268ba3.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    එහෙන් අලි ගහනවා මෙහෙන් කොටි ගහනවා. මොන රටක් ද බං මේ? සත්තුන්ටම ගිය රටක් මේක. සත්තුන්ට රට භාර දිලා දැන් අපිට තමිල්නාඩුවට හරි පැනගන්නයි වෙන්නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙන් අලි ගහනවා මෙහෙන් කොටි ගහනවා. මොන රටක් ද බං මේ? සත්තුන්ටම ගිය රටක් මේක. සත්තුන්ට රට භාර දිලා දැන් අපිට තමිල්නාඩුවට හරි පැනගන්නයි වෙන්නේ.

    saththunta rata bara denna deyak neha ban. awurudu 72 me rata keweth saththu thamai
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පව් බන් ඔය සත්තු. මිනිස්සුත් පව්. සත්තුන්ට ඉන්න තැනකුත් නැහැ මිනිස්සුන්ට ඉන්න තැනකුත් නැහැ. අපිට හරි හමන් පාලකයෝ හිටිය නම් නැත්තම් අපි හරි එවුන් පත්කරගෙන තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ.
    මම දන්න තරමින් මේ ඉන්නේ panthera paradus kotiya කියන ලංකාවට ආවේනික වඳවී යන තර්ජනයට පත්වෙලා ඉන්න සතෙක්.
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard