රෑ වැඩිවූ තෙල් මිල උදේ අඩුකළා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රෑ වැඩිවූ තෙල් මිල උදේ අඩුකළා

    ‘‘පසුදා පුවත්පත් බලනකොටයි දැනගත්තේ..මට හිතාගන්න බැරි වුණා‘‘ - රෑ වැඩිවූ තෙල් මිල උදේ අඩු වූයේ ඇයි? ජනපති හේතු කියයි


    නිලධාරීන් තමන්ට පැවසූ මිලට වඩා වැඩි මිලකින් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යැම තමන්ට ප්‍රහේලිකාවක්‌ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට්‌ මණ්‌ඩලයේදී ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කර ඇත.

    රුපියල් හතරත් පහත් අතර ගණනකින් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර රුපියල් අටත් නවයත් අතර මිලකින් ඉහළ ගියේ කෙසේ දැයි තමන්ට හිතා ගත නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

    එතරම් ඉහළ ගණනකින් තෙල් මිල ඉහළ ගොස්‌ ඇති බවට තමන් දැන ගත්තේ පසු දා පුවත්පත් බලන විට බවත් පැවසූ ජනධිපතිවරයා මෙවැනි වැරදි සිදු වන්නේ නිලධාරීන්ගේ වරදින්දැයි ප්‍රශ්න කර ඇත.

    කෙසේ වෙතත් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දුන්නේය. ඒ ඊයේ (10) පැවති කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමිනි.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු7කින්, ඩීසල් ලීටරයක් රු:9කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:10 කින් ඉහල දමා ඇති අතර, ඉන්ධන ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.145, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.155, ඩීසල් ලීටරයක් රු.118 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.129 ක් ලෙසනි..

    Source