රෑ ෆාමසියට ගිය කාන්තාව පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොලිසියෙන් බව පවසා කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගන ගොස් සමූහ දූෂණයකට ලක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති හතර දෙනකුගෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් පෙරේදා (27) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සැප්තැම්බර් 9 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.



    මෙලෙස නියෝග කරනු ලැබුවේ කටාන ප්‍රදේශයේ පදිංචි බව කියන අවුරුදු 25 - 40 අතර වයස් කාණ්ඩයේ තිදෙනෙකි.

    පැමිණිලිකාරිය ද කටාන ප්‍රදේශයේ තැනැත්තියකි. ඇය විසි හතරවෙනි දින රාත්‍රියේ යතුරුපැදියකින් මීගමුව රෝහල ආසන්නයේ පිහිටි ඖෂධ ශාලාවකට බෙහෙත් මිලදී ගැනීම සඳහා නිවෙසින් ආ බව පැමිණිල්ලෙන් පවසා ඇත. බෙහෙත් ලබාගෙන පිටතට පැමිණෙන විට මෙම පිරිස පැමිණ තමන් පොලිස් නිලධාරීන් බව පවසා තිබේ.

    පසුව තමන් වෙත මත්ද්‍රව්‍ය චෝදනා ඇති බවට වාර්තා වී ඇති බැවින් පොලිසියට රැගෙන යාමට අවශ්‍ය බව කියා ඇත. එවිට මෙම පිරිස බලහත්කාරයෙන් ඇයට තර්ජනය කොට එක් අයෙක් ඇගේ යතුරුපැදියට නැඟ කටාන පොලිසියට යතුරුපැදිය ධාවනය කිරීමට අණ කර ඇතැයි ඇය පවසයි.



    ඉතිරි පිරිස ඇයගේ පිටුපසින් ත්‍රීවීලයකින් පැමිණ තිබේ. කටාන ප්‍රදේශයේදී ඇගේ අත් ගැටගසා කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් මෙම අය තමන්ට පහර දීමෙන් අනතුරුව ලිංගික අතවර කළ බව පැමිණිල්ලෙන් පවසා ඇත. ඇගේ ගෙල බැඳි රන්මාලය ද, මුදල් පසුම්බිය ද පැහැර ගත් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. වෛද්‍ය වාර්තා අනුව ඇය දූෂණයට ලක් වී ඇතැයි පොලිසිය සඳහන් කර තිබුණි.

    සිද්ධිය සම්බන්ධව තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට තිබෙන බව පොලිසිය සඳහන් කර සිටියේය. අපරාධ අංශයේ නඩු කටයුතු මෙහෙයවන පොලිස් සැරයන් (82528) මලික් ගමගේ නිලධාරියා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කළේය.

    wesabanduge police kolama