රිකොත ඇතුළෙන්ම අපු නිව්ස් එක

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    Sulutharayenui bahutharayenui dekenma uba kanawane :P Nikan danne nathi uththawal kiyanne nathuwa paradunaanan reddak adan lajjawa wahan pala yako :P Rajapaksayek ithuru wenna epai chande illanna :P Balapanko dena gema JVP eka okunta :P Tho hena waddeknan thoge namath methana daapan. Daanna bayanan loku talks node paththakata wela idapan :P Paradunu un ekka katha oni na ekko :P Hithe amaruwatane owwa kiyanne kohomath :P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    එත් දිනුම්නේ යකෝ.. මහින්ද එත් දින්නා... අපේ රටේ බහුතරයකගේ බහුතරෙන් මහින්ද දින්නා.. ඒවගේම සුළුතරයකගේ බහුතරයෙන් සිරිසේන දින්නා.. ඕකයි ඇත්ත.. රටේ අබහුතරයකගේ නායකයා තවමත් මහින්ද...:P

    හා..!!
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    10931389_10205273759899826_1374563851888790708_n.jpg
     

    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    මේවා දකිනකොට හු ඇන්පී එවුන්ට රිදෙයි...අපේ රටේ බහුතරයකගේ බහුතරෙන් මහින්ද දින්නා.. ඒවගේම සුළුතරයකගේ බහුතරයෙන් සිරිසේන දින්නා.. ඕකයි ඇත්ත.. රටේ අබහුතරයකගේ නායකයා තවමත් මහින්ද...:P

    34rarly.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕකට තමයි බන් කියන්නේ "අස්කින් ඊටින් කියලා"

    උබලා වගේ කැනහිල්ලු නිසා තමයි මහින්ද මහත්තයා පැරදුනේ, අපි මෛත්‍රීට සපොර්ට් කලාට අපි තාමත් මහින්ද මහත්තයට ගරු කරනවා. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, අන්න ඒ ගෞරවය නැතිකරන්නයි උබලා ඔය අර අදින්නේ. එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මහින්ද මහත්තයට එක අවස්ථාවක් ඉතුරු වෙලා තිබුනා ඒ, මෙච්චර ඉක්මනට චන්දයක් තියන්නේ නැතුව ඉතුරු අවුරුදු දෙකත් බලයේ ඉදලා ඔය හොර මැරකම්, දූෂණ වංචා කරන උන්ට දඩුවම් දිලා, පුතාලට ආතල් දෙන එක නවත්තලා, රටේ නීතිය අල්ලේ නටවන එක නවත්තලා, බොරු වියදම් අඩු කරලා, මිනිස්සුන්ට දෙයක් කරලා පෙන්නුවනම් චන්ද ප්‍රථිපල මෙයිට වඩා හාත් පසින්ම වෙනස් වෙන්න තිබුනා.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකු වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .