#....රිදීතිරය තුලට.....#

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    keep it going !
    happy8se.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    චිත‍්‍රපට චිචාරය පිළිබඳව මෙවැනි කතිකාවතක් ආරම්භ කිරිම ගැන ඔබට මගේ ස්තුතිය.

    සිනමාව කියන්නේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් නමුත් මම හිතන්නේ සිනමාවේ ප‍්‍රබලතාවය රැදිලා තියෙන්නේ රූපය මත කියලයි. චිත‍්‍රපටයක කතාව කුමක් වුවත් තිරයේ පෙනෙන රූපයේ ප‍්‍රබලතාවය මත තමා චිත‍්‍රපටක සාර්ථකත්වය රදා පවතින්නේ.

    ස්තුති මචං අදහස්වලට. සරලව විචාරය යනු තමා යම්කිසි කෘතියක් වින්දනයලක ආකාරය ගැන අදහස් දැක්වීමක් !! එමනිසා එය කලින් පනවාගත් පුර්ව කොන්දේසි රාමුවක් තුල සිට කරන කතනයක් නෙවේ. සරලව කිවහොත් එකම කෘතියක් සම්බන්දයෙන් තිදෙනෙකුගේ විචාරයන් තුන් ආකාරයක් වියහැකිය.

    ඔබ කිවාසේම රුප බාවිතය සිනමා කෘතියක සාර්ථකත්වය තීරණය කරන අනිවාර්ය සාදකයක්!! මම ඉහත සිනමපටිය ගැන දැක්වූ උදාහරණයම ඔබගේ අදහස සනාත කරයි. එහිදී එම චරිත දෙක අවිචාරශිලිව පෙමින් බැදුනත් ඔවුන් දෙදෙන සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද මාවත් දෙකක යන චරිත දෙකක් බවත් එමනිසාම අනාගතයේදී අභ්‍යන්තර ගැටුම් ඇතිවිය හැකිබවත් අද්‍යක්ෂක ආරම්බදීම එකම වචනයකුදු පවිච්චිනොකර පවසනවා.

    කැමරාකරණය කියන්නේ රගපාන නලුනිලියන් කැමරාවට හසුකරගැනීමට වඩා වැඩිදෙයක් !!! හැබැයි අද අපේ රුපවහිනී නාලිකාවල යන ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරුනම් කැමරාකරණය ගැන මෙලෝ සසරක් නෙදන්නා බව එම ටෙලිනාට්‍යය විනාඩි 5 බැලුවනම් පෙනේවි. මෙම අධ්‍යක්ෂකයින් සාමාන්‍ය පුද්ගල දෙබසක් පවා රුගතකරන්නේ ඉතාමත් සමීප රුප යොදාගනයි. නමුත් ජාත්‍යන්තර තලයේදී පවා සිනමා අද්‍යක්ෂකවරුන් සමීප රූප යොදාගන්නේ බොහොම පරිස්සමින් ! මොකද සමිපරුප බාවිතයේදී වැරදි සගවාගැනීමට තියන අවස්තාව අල්පවීමයි. රුප කළමනාකරණයේ හිනිපෙත්තටම ගිය අද්යක්ෂකවරුන් වන ඇල්ෆ්‍රඩ් හිච්හොච්, බර්ග්මාන් වැනි ප්‍රවීනයින් සමිපරුප ඉතා හොදින් තම කෘතිවල යොදාගන තියන ආකාරය අපගේ අද්යක්ෂකවරුනුත් සොයා බලනවනම් එක පෙක්ෂකයන්ට කරන සදාරණයක් වේවි. මෑත යුගයේ ඉතාමත් හොදින් රූප සංකලනය කරතිබුනු සිනමා කෘතියක් තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අස්වැසුම මෙහි ඉතාමත් උසස්, සිත් ඇදගන්න රුපරමු කිහිපයක්ම තිබුනා.

    අනිත් කාරණය තමයි තාක්ෂනය . විශේෂයෙන්ම බටහිර සිනමාපට කැමරාකරණයෙදී සමහර රුපරමු වලට ප්‍රධාන කැමරාවට අමතරව කැමරා 5 පමණ යොදාගන්නවා. පසුව සංස්කරනයේදී එම රුපරාමු සියල්ලම සලකාබලනවා. නමුත් මම ඇස්දෙකින්ම දැකඈති ආකාරයට අපේරටේ බොහෝවිට යෙදාගන්නේ එක කැමරාවයි.

    මෙ රුපබාවිතය ගැන මට හිතෙනහැටි බිදක් පමණයි. සමහරවිට අපි අතර ආදුනික සිනමා කරුවොත් ඇති. ඔවුන්ගේ අදහසුත් අපිත් එක්ක බෙදාගත්තොත් ඉතා අගෙයි!!!!

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    පොඩි අතපසුවීමක් ඔබට වෙලා තියෙනවා මිත‍්‍රයා අස්වැසුම චිත‍්‍රපටය බෙනට් රත්නායක මහතාගේ

    එම චිත‍්‍රපටයේ සිත්ගන්නා දර්ශන කිහිපයක් තිබෙනවා. නමුත් මගේ මතකයට එන්නේ නම් නෑ සම්පුර්ණ චිත‍්‍රපටයම සුන්දර රූප රාමු ඔස්සේ ගලා යන සිංහල චිත‍්‍රපටයක්

    ඔබ කියුවා නිවැරදි අපේ චිත‍්‍රපට රූපගත කරන්නේ බොහෝවිට එක කැමරාවකින් තමයි හැබැයි මචෝ අපේ රටේ මේ හැම දෙයකටම ආර්ථිකේ බලපානවා අඩු මුදලින් චිත‍්‍රපටයක් කරන්න යන්නේ ගොඩක් අය