කැමරාකරණය කියන්නේ රගපාන නලුනිලියන් කැමරාවට හසුකරගැනීමට වඩා වැඩිදෙයක් !!! හැබැයි අද අපේ රුපවහිනී නාලිකාවල යන ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරුනම් කැමරාකරණය ගැන මෙලෝ සසරක් නෙදන්නා බව එම ටෙලිනාට්‍යය විනාඩි 5 බැලුවනම් පෙනේවි. මෙම අධ්‍යක්ෂකයින් සාමාන්‍ය පුද්ගල දෙබසක් පවා රුගතකරන්නේ ඉතාමත් සමීප රුප යොදාගනයි. නමුත් ජාත්‍යන්තර තලයේදී පවා සිනමා අද්‍යක්ෂකවරුන් සමීප රූප යොදාගන්නේ බොහොම පරිස්සමින් ! මොකද සමිපරුප බාවිතයේදී වැරදි සගවාගැනීමට තියන අවස්තාව අල්පවීමයි. රුප කළමනාකරණයේ හිනිපෙත්තටම ගිය අද්යක්ෂකවරුන් වන ඇල්ෆ්‍රඩ් හිච්හොච්, බර්ග්මාන් වැනි ප්‍රවීනයින් සමිපරුප ඉතා හොදින් තම කෘතිවල යොදාගන තියන ආකාරය අපගේ අද්යක්ෂකවරුනුත් සොයා බලනවනම් එක පෙක්ෂකයන්ට කරන සදාරණයක් වේවි. මෑත යුගයේ ඉතාමත් හොදින් රූප සංකලනය කරතිබුනු සිනමා කෘතියක් තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “අස්වැසුම” මෙහි ඉතාමත් උසස්, සිත් ඇදගන්න රුපරමු කිහිපයක්ම තිබුනා.
අනිත් කාරණය තමයි “තාක්ෂනය” . විශේෂයෙන්ම බටහිර සිනමාපට කැමරාකරණයෙදී සමහර රුපරමු වලට ප්‍රධාන කැමරාවට අමතරව කැමරා 5 පමණ යොදාගන්නවා. පසුව සංස්කරනයේදී එම රුපරාමු සියල්ලම සලකාබලනවා. නමුත් මම ඇස්දෙකින්ම දැකඈති ආකාරයට අපේරටේ බොහෝවිට යෙදාගන්නේ එක කැමරාවයි.
මෙ රුපබාවිතය ගැන මට හිතෙනහැටි බිදක් පමණයි. සමහරවිට අපි අතර ආදුනික සිනමා කරුවොත් ඇති. ඔවුන්ගේ අදහසුත් අපිත් එක්ක බෙදාගත්තොත් ඉතා අගෙයි!!!!