රිදෙන්නට නෑ තවත් ඉතිරිව...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    රිදෙන්නට නෑ තවත් ඉතිරිව

    හදේ සිව්කොන යම් තැනක්

    නාදුනන ලෙස හිදී සුසුමන්

    පවා මහමෙර දුක දරන්



    අන්ධකාරය විඳ පහන් කල

    ඇසක නලියන කඳුලකත්

    බැලුවොතින් නුඹ හිඳී හිනැහී

    සෙනෙහසම දෝතින් අරන්



    මියෙන්නට යම් දිනක් ඒවිද

    නුඹට සමුදී නෙත් පියන්

    එපා ඒ මග ඇවිත් ඉන්නට

    කඳුළු බොඳ වුනු නෙත් දරන්



    ගායනය : සශිකා නිසංසලා

    පද රචනය : රසික ඩී. දුමින්ද

    සංගීතය : දර්ශන වික්‍රමතුංග