රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයියා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    [B]රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයියා[/B]

    ජාතික ආරක්ෂාව, පා.ම. විමල් විරවංශ හා රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයියා Rear Admiral Trevis Sinniah- A Master and a Commander

    ස්සාවට කරන්නෙත් ආරක්ෂාව ගැන බලන එක උනාට 'ජාතික ආරක්ෂාව' ගැන නම් ඒ හැටි හොයන්න මේ දවස්වල විවේකයක් නෑ.. ඒත් ඒ ගැන තියෙන උනන්දුව ගැන දන්නා නිසා මොකක් හරි විශේෂ දෙයක් සිදුවෙනකොට කොහෙන් හරි පොඩි දැනුම්දීමක් තවමත් වෙනවා.. අදත් ආවනේ එහෙම කෝල් එකක්.. අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක, සංවර්ධන උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයන්හි වැය ශිර්ෂ පිළිබද විවාදයේදී විමල් වීරවංශ මහතා කළ කතාව අහන්නය කියල.. වීරවංශ මන්ත්‍රීවරයා කොහොමත් කතාවට දක්ෂ නිසා ඔහුගේ කතා අහන්න කම්මැලි නම් නෑ. ඒත් දැන් දැන් ඒ කතා අහන්න කියල කෝල් එන්නේ.. අර ඉංග්‍රීසියෙන් කියන්නේ for the wrong reason කියල.. අන්න එහෙම. ඒ කතාවේ මුල් බාගයේ අවසන් හරියේ තමයි ඔය ජාතික ආරක්ෂාව පාට් එක තියෙන්නේ.. එකෙත් ගොඩක්ම පුරුදු මැක්කා ස්ටෝරිය.. ඔය අතරතුර ජාතික ආරක්ෂාවට අදාළ ජෙෂ්ට නිලධාරීන් තුන් දෙනෙක් ගැන කියවෙනවා.. එක් අයෙක් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානි විදියට කටයුතු කල බ්‍රිගේඩියර් සුරේෂ් සැලේ.. ඒ වගේම හිටපු පොලිස් විශේෂ බළකා ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර වත් එහිදී සඳහන් උනා.. තුන්වැනියා වත්මන් නාවික හමුදාවේ නැගෙනහිර නාවික ආඥාපතිවරයා වන රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයියා.. නමුත් විරවංශ මන්ත්‍රීවරයා එහිදී ඔහුගේ නමින් ඔහුව සඳහන් කිරීමක් කරන්නේ නෑ. මේක අහනකොටම මට මතක් උනේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ 'අධිෂ්ඨානය' පොත.. එහි කීප තැනකම කපිතාන් ට්‍රෙවිස්, කොමඩෝර් ට්‍රෙවිස් ලෙස ඔහුගේ නම සඳහන් උනත් කොතැනකවත් 'සින්නයියා' කියන ඔහුගේ වාසගම සඳහන් වෙන්නේ නෑ.. සමහරවිට ඔහුගේ මේ දෙමළ සම්භවය නිසා ඔහුගේ වීරත්වයට අඩු ලංසුවක් ලැබේවියයි මේ මන්ත්‍රීවරයා හා අද්මිරාල්වරයා හිතුවද දන්නේ නෑ.. හැබැයි මටනම් එය ඔහුට වඩා වැඩි වටිනාකමක් එක් කරන සාධකයක්. මේ පෝස්ට් එකේ ඉස්සරහට මම 'රියර් අද්මිරාල් සින්නයියා' නැත්නම් 'සින්නයියා සර්' කියල නිතර කියන්නේ ඒ ගෞරවය පෙරදැරිවමයි..

    රියර්අ ද්මිරාල් සින්නයියා ගැන ලිපියක් ලියන්න හුඟ දවසක ඉඳන් හිතාගෙන හිටියත් වැඩත් එක්ක ඒක අතපසු උනා.. නමුත් විමල් මන්ත්‍රීවරයාගේ මේ කතාව හෙට මාධ්‍ය වල පලවෙනකොට අඩන්න බලන් ඉන්න දේශප්‍රේමීන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ රට වෙනුවෙන් කිඹුල් කඳුලුත් එක්ක මේ විශිෂ්ට නිලධාරියාගේ අම්මා අප්පට පවා බැනුම් අහන්න සිදුවිය හැකි බව දන්නා නිසා යන්තමින් හෝ ඔහු පිළිබඳව සාධාරණයක් ඉටු කිරීමට මේ ලිපිය ලියා පලකිරීමට මීට වඩා සුදුසු වෙලාවක් නෑ..

    ට්‍රෙවිස් සින්නයියා සර් මට මුලින්ම හම්බවෙන්නේ 2000 වසරේ ජනවාරි මාසයේ.. පාස් අවුට් එකෙන් පස්සේ මගේ පලවෙනි ඇපොයින්මන්ට් එක විදියට වේග ප්‍රහාරක මුර යාත්‍රාවක දෙවන අණභාර නිලධාරියා විදියට ගියාම මට පැවරුණු මුල්ම රාජකාරි වලින් එකක් තමයි වර්ෂාවසනයේදී සිදුකලයුතු එහෙත් එතෙක් මගහැරී තිබුණු නැවියන්ගේ සේවා වාර්තා (Service Documents) අණදෙන නිළධාරියා ලවා සහතික කරවා ගැනීම.. මෙලෝ හසරක් නොදන්නා මම සේවා වාර්තා මිටියත් කර තියාගෙන අණදෙන නිලධාරියා මුණ ගැහෙන්න යනවා බලාගෙන හිටපු අනෙක් ජේෂ්ඨ සගයින් මගේ දිහා අවඥාවෙන් වගේ බලාගෙන හිටිය කියල පස්සේ හිතුන.. ඒත් මම ගියා ඉතින්.. එවෙලේ තමයි ඔහුව මුලින්ම දැක්කේ.. නියම නේවිකට් රැවුල.. ඇස දෙක උස්සල බැලුවම හයි බිම් ලයිට් එකක් ගැහුවා වගේ.. ඔක්කොමත් හරි ඒ ඉංග්‍රීසි හා ඇසෙන්ට් එක.. මගේ ඉස්සරහ හිටියේ අපිට ට්‍රේනින් කාලේ උගන්නපු නියම 'නේවි ඔෆිසර්' කෙනෙක්ගේ මොඩල් එකක් කියල මට හිතුනේ.. කොහොමහරි ඒ ටෙස්ට් එකෙන් ගොඩ ගිහින් SD ටික දුන්න සයින් කරන්න.. පළවෙනිම එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ලොක්කා එකපාරටම මගෙන් මෙහෙම ඇහුව..
    "who was your predecessor?'
    "Sub Lieutenant .... sir!"
    මම කියනවත් එක්කම ලොක්ක මේසේ උඩ තිබ්බ බෙල් එකට දෙපාරක් තට්ටු කරා.. එතකොට ආවේ තවත් ඒ වගේම නේවි එකේ 'චරිතයක්'.. ඒ කාලේ ඩෝරා ස්කොඩ්රන් එකේ ට්‍රේනින් ඔෆිසර්.. එයා ගැන වෙනම ලියන්න වෙන්නේ..
    "YN, where is now that bloody sub lieutenant .....? ask that fucker to come and report me tomorrow morning"
    "Aye aye sir!" කියල අපි දෙන්නම සැලියුට් එකක් ගහල එලියට ආව.. ආපු ගමන් YN සර් මගෙන් ඇහුව විස්තරේ.. මං වෙච්චි දේ ඒ විදියටම කියුව.. පස්සේ බැලින්නම් කලින් එකා ලොක්කගේ අස්සන හොරට ගහල තිබිල ඊට උඩින් තැනක.. ලොක්කට දැක්ක ගමන් මාට්ටු.. ඒ ලොක්ක කවදාවත් අත්සන නිල් පෑනකින් ගහන්නේ නැතිලු.. කලුපාට සයිනින් පෙන් එකක් විතරලු පාවිච්චි කරන්නේ.. අර උන්දා ලෙසටම අස්සන ගහල හැබැයි නිල් පෑනකින්..වැඩේ අතේ කෝට්. ඔන්න ඔහොමයි මගේ වෘත්තීය ජිවිතේ පටන් ගන්නකොටම ඒකට 'ට්‍රෙවිස් සින්නයියා' සම්භන්ද උනේ.. ඒ කාලේ ජුනියර් ඔෆිසර්ස් ලා සින්නයියා සර් ලඟට යන්න බය හේතු දෙකකට.. පළවෙනි එක කඩ්ඩට.. මටනං ඒ කතා කරනවා අහං ඉන්න ආසයි.. දෙවෙනි එක ඔහුගේ දැනුම.. ඩෝරා ගැන, ඩෝරා එන්ජින් ගැන, වෙපන් ගැන, එල්ටීටීඊ එක ගැන, ට්‍රින්කෝ හාබර් එක ගැන, seamanship ද navigation ද මොනවගෙන් ප්‍රශ්ණයක් අහයිද දන්නේ නෑනේ.. ඒ හැම එකක් ගැනම ඔහුට තිබ්බේ අප්‍රමාණ දැනුමක්.. ප්‍රශ්ණයක් ඇහුවම ගොළුව කසාය බිව්වා වගේ හිටියොත්නම් 'මළ පනිනවා'. දන්නා විදියට උත්තර දුන්නොත් හිනාවෙලා ඒ සම්භන්දව වැඩිපුර තොරතුරු ඔක්කොම කියල දෙනවා.. මට සර් ව අල්ලලා ගියේ ඒ නිසා.. හැබැයි මම ඩෝරා වලට එකතු වෙලා ටික කාලෙකින් සර් වෙන තැනකට ට්‍රාන්සර් වෙලා ගියා.

    1999-2000 කියන්නේ මුහුදු කොටි ක්‍රියාකාරකම් උපරිම මට්ටමක තිබ්බ කාලයක්.. ඒ කාලේ නාවික හමුදාවේ කොඳු නාරටිය වෙලා තිබ්බ වේග ප්‍රහාරක මුර යාත්‍රා බලගණය සින්නයියා සර් අතට පත්වෙන්නේ අහම්බයකින් නෙවෙයි.. ඔහු ඩෝරා ස්කොඩ්රන් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳල ඒකෙ වැඩ පෙන්නපු 'පොරක්' .. සින්නයියා කියන නම ඉස්සරහින් වීරත්වය මුලින්ම ලියවෙන්නේ 1987 වගේ ඈත කාලෙක.. එතකොට ඔහු ලුතිනන් වරයෙක්.. හරියටම කියුවොත් P 457 ඩෝරා යාත්‍රාවේ දෙවන අණබාර නිලධාරියා..

    එදා දවස 1987 ඔක්තෝබර් 2 වෙනිදා.. ඒ අවුරුද්දේ ජූලි 29 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඒ වෙනකොට යාපනය අර්ධද්වීපය සේවා නූලට ගිනිතිබ්බ බෝම්බයක් වගේ තිබුනේ.. ලංකා හමුදාව, ඉන්දීය සම සාධක හමුදාව හා එල්ටීටීඊ ඇතුළු සන්නද්ධ කල්ලි අතුරින් කවුරු කවුරු එක්ක යුද්ද කරයිද කියල විශ්වාසයක් තිබුනේ නෑ. විශේෂයෙන්ම ඉන්දීය හමුදා හා ලංකා හමුදා අතර හොඳ හිතක් තිබුනෙම නෑ. අඩුම තරමින් උතුරු නැගෙනහිර ආරක්ෂාව සම්භන්දව දෙගොල්ල අතර සාකච්චාවක් වත් තිබුනේ නෑ. ඇත්තටම ඉන්දීය හමුදා වැඩිපුර ගනුදෙනු කරේ ත්‍රස්ත කණ්ඩායම් එක්ක. ඒ විශ්වාසය දඩමීමා කරගෙන එල්ටීටීඊය එදත් මහා පරිමාණයෙන් ආයුද හා පිරිස් බලය රැස් කරා. මේ සියල්ල කණපිට හැරුනේ නාවික හමුදාවෙන් මෙදින අත්අඩංගුවට ගත්ත 'kadalpura' කියන ට්‍රෝලර් එක නිසා.. ඒකෙ ගමන් ගත්තේ ඒ දවස්වල එල්ටීටීඊයේ ප්‍රබලම නායකයින් දෙපොළක් වූ කුමාරප්පා සහ පුලේන්ද්‍රන් ඇතුළු ප්‍රභල කොටි සාමාජිකයින් 18 දෙනෙක්.. අවි ආයුද හා තවත් යුද උපකරණ විශාල ප්‍රමාණයක් එක්ක වැල්වැටිතුරේ ඉඳල තමිල්නාඩුවට යන අතර P 457 ඩෝරා යාත්‍රාවෙන් detect කරලා තිබුන.. කුමරප්පා කියන්නේ ප්‍රභාකරන්ගේ මස්සිනා. පුලේන්ද්‍රන් තමයි කන්තලේ කිතුල්උතුව ප්‍රදේශයේ දී හමුදා හා සිවිල් වැසියන් ගමන් ගත බස් රථයක් නවත්වා ඔවුන් සියලු දෙනාවම අමු අමුවේ ඝාතනය කරේ. අපේ ආරක්ෂක හමුදාවන්ගේ බලය අඩපණ කරලා තිබුණු ඒ කාලේ මහා රෑ දෙකට විතර ගොඩ බිමින් ඉතා ඈත මුහුදේදී නාවික හමුදා යාත්‍රාවක් මෙතරම් සැලකිල්ලකින් ඉඳියි කියල කවුරුවත් හිතන්නේ නැති වෙලාවක මේ detection එක කරේ එදා ඒ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරියා වූ අපේ කතා නායකයා. නාටකය එතනින් නතර උනේ නෑ. නවත්වන්න කියල එන දුන්නට ඔවුන් නතර නොකරම ඉන්දීය මුහුදු සිමාව දෙසට යාත්‍රා කරන්න උනා. ඒ මදිවට බෝට්ටුව වටේටම අවි අමෝරාගෙන නේවි යාත්‍රාවට අභියෝග කරා. තව ටිකක් එහාට ගිහිං ඔවුන් එදා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වුනානම් ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය සම සාධක හමුදා පිලිබඳ ඉතිහාසය අදට වැඩ බොහෝ සෙයින් වෙනස් එකක් වීමට ඉඩ තිබුනා. නමුත්..

    අවස්ථානුකුලව මේ අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම අවබෝධකරගත් එවකට ලුතිනන් සින්නයියා දෙවරක් නොසිතා ඩෝරා යාත්‍රාවේ සිට වේගයෙන් ගමන් කරමින් තිබු සතුරු යාත්‍රාවට අවි අමෝරාගෙන කඩා පැන්නා. ඔහු සමඟ ඔහුගේ සහයට පැමිණි නායක නැවි ප්‍රේමතිලක නම් වූ ඒ වීර නාවිකයින් දෙදෙනාට එල්ටීටීඊ සාමාජිකයින් දහ අට දෙනා ඇතුළු ඒ ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගෙන P 457 යාත්‍රාවේ අධීක්ෂණය යටතේ නැවතත් කන්කසන්තුරය වරාය වෙත යාත්‍රා කරවීමට හැකි වුවා. එහිදී අත් අඩංගුවට ගත් එල්ටීටීඊ ප්‍රබලයින් ප්‍රශ්ණ කිරීම සඳහා කොළඹට ගෙන ඒමට විරුද්ධත්වය පාමින් ඔවුන් සයනයිඩ් කා සියදිවි හානි කර ගැනීමත් සමඟ යාපනය අර්ධද්වීපය පුරා ත්‍රස්ත කැරලි කෝලාහල පටන් ගැනීමත් සමඟ ඉන්දීය සාම සාධක හමුදාව තමන් මෙතෙක් කිරිපොවා හුරතල් කර නාගයාගේ තරම අවබෝධ කරගනිමින් එල්ටීටීඊයට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග වලට එළබුනා.. ඉතිරිය ඉතිහාසගතයි.

    එතැන් පටන් රණවික්‍රම, රණසුර වැනි යුද්ධයේදී දක්වන විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් ලබා දෙනු ලබන වීර පදක්කම් හා පළඳනා රැසකින් පිදුම් ලබමින් යුද්දයේදී මෙන්ම ඉන් පරිබාහිරව නාවික හමුදාවේ ඉතාමත් වැදගත් තනතුරු රැසක වගකීම් දරමින් වෙසෙසින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපයේ වෙනත් නාවික හමුදා අතර ඉහලින් ඔසවා තැබීමට සිය වියත් කථිකත්වය හා අප්‍රමාණ නාවික දැනුම නිසි ලෙස යොදවමින් දවසින් දවස නාවික හමුදාවේ ඉදිරියටම යාමට ට්‍රෙවිස් සින්නයියාට හැකි උනා.. සාමාන්‍යයෙන් හමුදාවල career officers ලා කියා හඳුනා ගන්නා කොටසක් ඉන්නවා.. ඒ සිය දක්ෂතා, හැකියාවන් හා performance (merit) මත නාවික හමුදාවේ ඉදිරිපෙළ නායකත්වය සඳහා සුදුසුකම් පෙන්වන දක්ෂ නිලධාරීන්. පැහැදිලිවම ට්‍රේවිස් සින්නයියා යනු එකල එවන් career officer කෙනෙක්.. ඔහුගේ නායකත්ව ගුණාංග, දක්ෂතා හා 'වැඩ' ගැන දැනගෙන සිටි අපි කවුරුවත් ඒ ගැන අහිතකින් හිටියේ නෑ..

    ට්‍රෙවිස් සින්නයියා ගැන මීළඟ කතාව 1987න් හරියටම අවුරුදු විස්සකට පසේ ඒ කියන්නේ 2007 අවුරුද්දට අරගෙන යනවා.. මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමෙන් ඇරඹි හතරවන ඊලම් යුද්දයේ උච්චතම අවධියේ.. ඉදිරියට ඇදෙන හමුදා සේනාංකවලට තිබුණු ලොකුම බාධකය උනේ නොනවත්වා ත්‍රස්තවාදීන් අතට පත්වන නවීන පන්නයේ බර අවි හා උන්ඩ සැපයුම.. මහා මුහුදේ නොදන්නා ප්‍රදේශයක සිට නොකඩවා මේ අවි ආයුධ ගොඩ බිමට ලැබෙන බවත් එම නැව් ඇති ඉසව්ව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලතරණ හැකියාවෙන් ඔබ්බට ගිය ජාත්‍යන්තර මුහුදු සිමාවේ එකක් බවත් යන්න දැන සිටීම හැර ඊට විසඳුමක් එතෙක් යෝජනා වී තිබුනේ නෑ. ඒ අතර මේ අපේ කතා නායකයා එවකට ලංකාව සතුවූ විශාලම නෞකාව වූ සයුර යාත්‍රාවේ අණදෙන නිලධාරී වරයා ලෙස පත්වී එනවා. එතැන් පටන් මෙතෙක් බොහෝ දෙනෙකුට නොහැකි වූ ජාත්‍යන්තර සහයෝගය හා නවීන තාක්ෂණයේ සහයෝගයද ඒ සියල්ල පරයා නැගී වීරත්වය කැටි කරගත් නාවික සගයන්ගේ සහයද ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ හා වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ එතෙක් මෙතෙක් නාවික හමුදාව සිදුකල දැවැන්තම හා සාර්ථකම මෙහෙයුම් ගණනාවක් සැලසුම් කරමින් ඒ මහා වික්‍රමය එනම් එල්ටීටීඊ ජාත්‍යන්තර ආයුධ ජාවාරම් ජාලය විනාශ කිරීමේ මෙහයුම් ප්‍රධානියා වන්නේ, කරන්නාගොඩ මහතා සිය කෘතියේදී උපුටා දැක්වීමට මැලිවූ, එලෙසම විමල් විරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට නම ඇතුලත් නොකිරීමට ප්‍රවේශම් වූ ද්‍රවිඩ වාසගමක් සහිත මේ අභීත ලංකා පුත්‍රයායි.. ඔහුගේ සේවය කොතරම් උසස් කොට සැළකුවද යත් කරන්නාගොඩ මහතාම සඳහන් කරන පරිදි අවසන් සමයේ උසස්වීමක් ලබා නාවික හා සාගරික විද්‍යා පිඨයේ අඥාපති ව සිටි කොමදෝරු ට්‍රෙවිස් සින්නයියා මෙම මෙහෙයුම් සඳහාම තාවකාලිකව ඒ ඒ අවස්ථාවන්වලදී ඒකාබද්ධ අණදෙන නිලධාරී වරයා ලෙස ප්‍රධාන නෞකාවට අනුයුක්ත කරනු ලැබුවා..

    2009 මැයි 18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා.. ඉතිහාසයේ නාවික හමුදාපති දූරයට පත්වූ අපකිර්තිමත්ම පුද්ගලයෙකු වූ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක සමය එහි කුටප්‍රාප්තියයි. නැගෙනහිර මුහුදේ සිදුවූ 'සිවිල් ඇඳුම් ඇඳගෙන ඩිංගි බෝට්ටුවකින් ගමන් ගත් නැවියන් සිවු දෙනෙකුගේ අතුරුදහන්වීම' යන සිදුවීම අරඹයා සෝමතිලක දිසානායක හා ට්‍රෙවිස් සින්නයියා අතර ඇරඹි මත ගැටුම අවසන් උනේ 2011 වසරේදී ට්‍රේවිස් සින්නයියාට නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට බලකරමින්. ඒ වෙනුවෙන් එවකට පැවති දේශපාලන බල අධිකාරිය බලපෑම් කල බව ප්‍රසිද්ද රහසක්..

    කනස්සලු සිතින් නාවික හමුදාව හැරගියද ඉතා දක්ෂ හා අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ ට්‍රෙවිස් සින්නයියාට තවත් ඉතා භාරදුර දූර වගකීමක් ලැබුනා.. ඒ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස.. එවන් තනතුරකට ඔහු තරම් වෙනත් සුදුස්සෙක් එවකට ඇත්තටම හිටියේ නෑ කියන්න පුළුවන්.. ඔහුගේ තානාපති කාර්යාලයේ භූමිකාව කුමක්ද යන්න හෙළි නොවූ කතාවක් වුවද ඔහු ගැන දන්නා ඕනෑම පුද්ගලයෙකු එම අවස්ථාව දෙරටටම හානියක් නොවන ලෙස ඉතා මැනවින් කළමනාකරණය කර ගැනීමේ සුවිශේෂ හැකියාවක් ඔහු සතු බව පිලිගන්නවා. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ තානාපති කාර්යාලයේ සේවය නිමා කරන ඔහු සිය පවුල සමඟ පදිංචියට යන්නේ ඇමෙරිකාවට නොව වෙනත් යුරෝපිය රටකටයි. විරවංශ මන්ත්‍රීවරයා අමතක කල නමුත් අපි සියලු දෙනා දන්නා සත්‍යයක් නම් ට්‍රේවිස් සින්නයියා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෙකුව සිටියා පමණක් වද්දී, පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකානු පුරවසියෙකුව සිටි බව එමෙන්ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමෙරිකානු ග්‍රීන් කාඩ් හිමියෙක් බව.. එසේම සේවයේ සිටියදීත් හමුදා නිලධාරීන් වෙනත් රටවල තානාපති කාර්යාල සඳහා Defence Advisors ලා විදියට අනුයුක්ත කරන බව..

    යහපාලන රජය (දැන්නම් ඇති යහපාලනයක් නැති වුවත්) පත් වූ අලුත සිදුවූ එක් වැදගත් ක්‍රියාමාර්ගයක් වුයේ පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ නිලධාරීන් නැවත සේවයේ පිහිටුවා ඔවුන්ට හිමි වැටුප්, උසස්වීම් හා අනෙකුත් වරප්‍රසාද නැවත ලබා දීමයි. මාගේ දැනුමේ හැටියට එවන් ත්‍රිවිද හමුදා නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් නැවත සේවයේ පිහිටවූ අතර ඔවුන් වැඩි පිරිසක් නව තනතුරේ වැඩ බාරගත් දිනම නැවත විශ්‍රාම ගන්වනු ලැබූ අතර ඉතාමත් සීමිත පිරිසක් නැවත සේවයේ යොදවනු ලැබුවා. ඒ ඔවුන්ගෙන් ලාබගතයුතුම වූ එහෙත් ලබා ගත නොහැකි වූ සේවය ලබා ගැනීම වෙනුවෙනුයි. ට්‍රේවිස් සින්නයියා යනු එවන් නාවික හමුදාව තුල සිටිය යුතුම නිලධාරියෙකු ලෙස නාවික හමුදාව හඳුනා ගෙන සිටියා.

    දෙවෙනි ආගමනයත් සමගත් රියර් අද්මිරාල් සින්නයියාගේ නාවික ගමන එතරම පහසු එකක් උනේ නෑ.. ඔහුව නැගෙනහිර ආඥාපතිවරයා ලෙස නම් කර සිටියදී සාම්පුර් පාසලක උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර මහා ඇමතිවරයා විසින් ප්‍රොටෝකෝල් ප්‍රශ්නයක් මුල් කරගෙන එහි සිට නාවික කපිතාන්වරයාට බැන වැදීමත්, නැගෙනහිර මහා ඇමතිවරයා මුස්ලිම් ජාතිකයෙකු වීම හරහා ඇතිවුණු කැළඹීමත් එවකට මාරුවී යාමට නියමිතව සිටි නැගෙනහිර නාවික ආඥාපති වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානින් සිංහලයින්ගේ ප්‍රමෝදයට හේතුවූ මහා ඇමතිවරයාට හමුදා කඳවුරු වලට ඇතුළුවීම තහනම් කරමින් දුන් තීන්දුවත් නිසා වැඩ බාර ගන්නා අවස්ථාව වෙද්දීම නව ආඥාපතිවරයාගේ පුටුව රත්වී තිබුනා.. එලෙසෙම නාවික හමුදාවේ මාරුවීම් ක්‍රමවේද පිලිබඳ නොදන්නා බොහෝ දෙනා මේ මාරුවීම සාම්පුර් සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස හුවා දැක්වීමත්, නාවික හමුදා මුලස්ථානයේ තීරණයක් අනුව යමින් නැගෙනහිර මහා ඇමතිවරයාට දිවා ආහාරය සඳහා නාවික තටාකාංගනයට ආරාධනා කිරීම නව ආඥාපතිවරයාගේ කලපරිච්චේදය ආරම්භයේදීම සිදුවීමත් යන ඒවා මේ පෑරෙමින් තිබු තුවාලයට ලුණු වත්කිරීමක් වගේ උනා....

    නමුත් දැන් ත්‍රිකුණාමලය ප්‍රමුක නැගෙනහිර නාවික පෙදෙසේ තත්වය බොහෝ වෙනස්.. යුද්දයෙන් පසු වැටි තිබු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම හා හමුදා සුදානම නැවත ඇති වෙමින් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය යුද උපකරණ මිලදී ගැනීම්, යාත්‍රා අලුත්වැඩියා කටයුතු, පුහුණු කටයුතු මෙන්ම නැවියන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාදන කටයුතුද ඉතා විධිමත්ව හා ඉහල විනිවිද භාවයකින් සිදුවන බව එහි සිටින ජෙෂ්ට කනිෂ්ඨ නිලධාරීන් සියලු දෙනා සාක්ෂි දරනවා.. දැන් ඔවුන්ට නියම මිලිටරි නායකත්වයක් ලැබී ඇති බව එහි අවසන් කියවීමයි.. මේ සියල්ල දක්ෂ අවංක, එඩිතර හා දැනුවත් නිලධාරියෙකුගේ මඟ පෙන්වීමේ ප්‍රතිපලයි.

    Photo credit goes to Sri Lanka Navy official website
    හැම වැරද්දටම ගෙදර තියෙන දේශපාලන මුව හැමට තඩි ගහන කට වාචාල දේශපාලකයින් කුමක් කීවත්.. ඔබ ගැන දන්නා, ඔබ යටතේ වැඩ කර ඇති වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මගෙත් ප්‍රාර්ථනය ට්‍රෙවිස් සින්නයියා ඉදිරි දිනකදී නාවික හමුදාවේම අණ දෙන්නා වනු දැකීමයි..

    BZ Sir! Keep up the good work.. you'll get what you deserve.

    උපුට ගැනීමකි http://kalahitha.blogspot.com/2016/12/rear-admiral-trevis-sinniah-master-and.html
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    some comment

    කමියෝ, අර කමල් ගුණරත්නගේ ලියවිල්ල කොච්චර පුස්සක්ද කියන එක උඹේ මේ වියමනෙන් ඒත්තු ගියා...මොනා හරි දෙයක් කියෙව්වම, අලුතෙන් යමක් ඉගෙනගන්න පුලුවන් විදියට ලියන එක කොච්චර උතුම් දෙයක්ද...?
    කම්මැලි නැතුව ලියන්න පටන් ගන්න, අපව දැනුවත් වෙන්න...!
    සැලූට්...!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු.....රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා කියන්නේ එතෙක් මෙතෙක් නාවික හමුදා ඉතිහාසය තුළ සිටි කීර්තිමත් ම සහ ගෞරවනීයම නිළධාරීන් ගෙන් කෙනෙක්. ඔහු ගේ ජාතිකත්වය අදාළ වන්නේ නෑ. ඔහු රට වෙනුවෙන් කල දේයි අදාළ වන්නේ. අර ඔහු ගැන කියා ඇති කතාව අතිශයින් ම නිවැරදියි. ප්‍රශ්නයක් ඇහුවා ම මූකලං බස්සා වගේ බුකවං හිටියොත් නාවික නිළධාරීන්ට ආවේණික අපහාස භාෂන කෞෂල්‍ය ඉහලින් ම පෙන්වා හත්මුතු වරිගයක අම්මා මුත්තා මතක් කොට බැනීමට එතුමා උපන් හපනෙක්. ඒ වගේ ම, වැරදියට හරි උත්තරයක් දුන්නොත්, තර්කානුකූලව ඒ අත්තරය තුලින් ම හාර හාරා නිවැරදි උත්තරය ගෙන දීමටත් ඔහු රුසියෙක්.
    ඔහුට අපේ ගෞරවය!!!
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මෙන්න මේක තමයි හොදම ටික

    "2009 මැයි 18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා.. ඉතිහාසයේ නාවික හමුදාපති දූරයට පත්වූ අපකිර්තිමත්ම පුද්ගලයෙකු වූ හිටපු නාවික හමුදාපති සෝමතිලක "
     
    මේක නං ඇත්ත බව නොකියා ම බැරිය......:oo:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඔහු.....රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා කියන්නේ එතෙක් මෙතෙක් නාවික හමුදා ඉතිහාසය තුළ සිටි කීර්තිමත් ම සහ ගෞරවනීයම නිළධාරීන් ගෙන් කෙනෙක්. ඔහු ගේ ජාතිකත්වය අදාළ වන්නේ නෑ. ඔහු රට වෙනුවෙන් කල දේයි අදාළ වන්නේ. අර ඔහු ගැන කියා ඇති කතාව අතිශයින් ම නිවැරදියි. ප්‍රශ්නයක් ඇහුවා ම මූකලං බස්සා වගේ බුකවං හිටියොත් නාවික නිළධාරීන්ට ආවේණික අපහාස භාෂන කෞෂල්‍ය ඉහලින් ම පෙන්වා හත්මුතු වරිගයක අම්මා මුත්තා මතක් කොට බැනීමට එතුමා උපන් හපනෙක්. ඒ වගේ ම, වැරදියට හරි උත්තරයක් දුන්නොත්, තර්කානුකූලව ඒ අත්තරය තුලින් ම හාර හාරා නිවැරදි උත්තරය ගෙන දීමටත් ඔහු රුසියෙක්.
    ඔහුට අපේ ගෞරවය!!!
    He's de son of ex navy medic ne? Dath dosthara navy hitiyada ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම හිතන්නෙ ඔය සින්නයියා ගැන කතා කරන්ඩ දෙයක් මෙතනින් එහාට ඉතුරුවෙලා නැ.........
    කනස්සලු සිතින් නාවික හමුදාව හැරගියද ඉතා දක්ෂ හා අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ ට්‍රෙවිස් සින්නයියාට තවත් ඉතා භාරදුර දූර වගකීමක් ලැබුනා.. ඒ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස
    ඇමරිකානු තානාපති කාර්යාලයට ගන්නෙ ඇමරිකාවෙ කුක්කෙක් මිසක් වෙන උන්ව නෙමේ, සින්නයියා හමුදාපති කරන්ඩ පුලුවන් රටම පාවා දෙන නිවට සිරාට ඔක මහ දෙයක් නෙමේ, ඒත් රටට අනතුරු දායකයි, කාලෙකදි ඉල්ලා අස්වෙලා ආයෙ සේවයට ගන්නෙ පාන්ඩුවෙ කුක්කෙක් නිසා වෙන දෙයක් නෙමේ, නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උන එකේ පාවා දෙන සින්නයියා නාවික හමුදාපති වීම අරුමයක් නෙමේ..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නෙ ඔය සින්නයියා ගැන කතා කරන්ඩ දෙයක් මෙතනින් එහාට ඉතුරුවෙලා නැ.........

    ඇමරිකානු තානාපති කාර්යාලයට ගන්නෙ ඇමරිකාවෙ කුක්කෙක් මිසක් වෙන උන්ව නෙමේ, සින්නයියා හමුදාපති කරන්ඩ පුලුවන් රටම පාවා දෙන නිවට සිරාට ඔක මහ දෙයක් නෙමේ, ඒත් රටට අනතුරු දායකයි,
    මචං ඉරෝෂන්....
    ගොං කතා කියන්න එපා බං....
    එහෙනං රියර් අද්මිරාල් සින්නයියාට කොටින්ට සපෝට් කරන්න තිබ්බා ඉන්තේරුවෙං ම.....
    ඔහු රටට ආදරය කරන කෙනෙක්.....

    උඹ නොදැන කෑගහන්න එපා.....
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම හිතන්නෙ ඔය සින්නයියා ගැන කතා කරන්ඩ දෙයක් මෙතනින් එහාට ඉතුරුවෙලා නැ.........
    ඇමරිකානු තානාපති කාර්යාලයට ගන්නෙ ඇමරිකාවෙ කුක්කෙක් මිසක් වෙන උන්ව නෙමේ, සින්නයියා හමුදාපති කරන්ඩ පුලුවන් රටම පාවා දෙන නිවට සිරාට ඔක මහ දෙයක් නෙමේ, ඒත් රටට අනතුරු දායකයි, කාලෙකදි ඉල්ලා අස්වෙලා ආයෙ සේවයට ගන්නෙ පාන්ඩුවෙ කුක්කෙක් නිසා වෙන දෙයක් නෙමේ, නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උන එකේ පාවා දෙන සින්නයියා නාවික හමුදාපති වීම අරුමයක් නෙමේ..

    :yes::yes::yes:

    ehema deyak venna puluwan, mokada americawa eka parak 2011 ehema deyak karanna gihin gota ta mattu vela chora vuna..

    meka kiyavapan;

    http://www.thesundayleader.lk/2012/...major-general-the-us-and-gotabhaya-rajapaksa/

    mj Gen. prasad Samarasinghe gana hoyala kiyavapn

    mathaka tiya ganna USA valata ape trinco harbour eka gana peretha kamak tiyenawa...muwa neganahira lokka kare ekata venna athi....me anduwa digatama tibboth thawa avurudu 2 kata kalin US naval base ekak Trinco vala hadenawamai...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචං ඉරෝෂන්....
    ගොං කතා කියන්න එපා බං....
    එහෙනං රියර් අද්මිරාල් සින්නයියාට කොටින්ට සපෝට් කරන්න තිබ්බා ඉන්තේරුවෙං ම.....
    ඔහු රටට ආදරය කරන කෙනෙක්.....

    උඹ නොදැන කෑගහන්න එපා.....

    oya godak adare kiyala kiyana unva americawa dollar valata gannawa mahattayo, hoyala balanna...ape rate vitarak neme, pitarata vunath oya vage "ratata adare" karapu unva salli valata aran tiyenawa.....salli valata sahenna deyak karanna puluwan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචං ඉරෝෂන්....
    ගොං කතා කියන්න එපා බං....
    එහෙනං රියර් අද්මිරාල් සින්නයියාට කොටින්ට සපෝට් කරන්න තිබ්බා ඉන්තේරුවෙං ම.....
    ඔහු රටට ආදරය කරන කෙනෙක්.....

    උඹ නොදැන කෑගහන්න එපා.....
    නොදැන කෑගනව නෙමේ මාමෙ හමුදාවෙන් අයින් වෙලා ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩටත් ගිහින් අවුරුදු 4කට විතර පස්සෙ ආණ්ඩු පෙරලියත් එක්ක ආයෙ හමුදාවට අරගෙන.... මොන විකාරයක්ද මේ???? අපි කතා කරන්නෙ හමුදාවක් ගැන නැතුව රජයේ දෙපාර්තමේන්තුවක් ගැන නෙමේ, ඔයා හිතන්නෙ නාවික හමුදාව කැමති වෙයි කියලද, හමුදාවෙන් විශාම අරගෙන ආපහු ගත්ත උන්ට හමුදාපති කම් දෙන්ඩ???? මේව යුගයේ කේදවාචක. .....

    එතකොට මාමෙ හමුදාවෙම හිටපු ප්‍රසන්න ද සිල්වට, කමල් ගුනරත්න
    ට,ජගත් ඩයස්ට හමුදාපතිකමට ඔයිටත් වඩා සුදුසුකම් තිබ්බනෙ එයාලනෙ වීරයො.එයාලට හමුදාපති කම නොදෙන්ඩයි, ඇමරිකානු තානාපති කාර්යාලෙ මුර කරපු සින්නයියට හමුදාපති කම ලැබෙන්ඩයි හේතුව මොකක්ද ???? පාවාදීම මාමේ පාවා දීම වෙන මොකක්වත් නෙමේ, පොඩ්ඩක් මොලේ කල්පනා කරල බලන්ඩ...... ඔයත් අනේ මම දන්නෙ නැ.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes::yes:

    ehema deyak venna puluwan, mokada americawa eka parak 2011 ehema deyak karanna gihin gota ta mattu vela chora vuna..
    meka kiyavapan;
    http://www.thesundayleader.lk/2012/...major-general-the-us-and-gotabhaya-rajapaksa/

    mj Gen. prasad Samarasinghe gana hoyala kiyavapn
    mathaka tiya ganna USA valata ape trinco harbour eka gana peretha kamak tiyenawa...muwa neganahira lokka kare ekata venna athi....me anduwa digatama tibboth thawa avurudu 2 kata kalin US naval base ekak Trinco vala hadenawamai...
    :yes::yes: අනිත් එක සින්නයියව අයින් කරේ ගොඨා... ගොඨ කියන්නෙ සුපිරි මොලයක් ඒක අද ඔනම එකෙක් පිලි ගනි... සින්නයිය අයින් කරන්ඩ ඇත්ත හේතුව එලියට ආවෙ නැ, ඒව හමුදාවෙ රහස්....ගොඨ අයින් කරන්නෙ ද්‍රොහියො එහෙම ද්‍රොහියෙක් කවදාවත් හමුදාපතිකමට සුදුසු නැ.....:no::no:
    ඇමරිකානු තානාපති කාර්යාලෙ මුර බල්ලව රටේ නාවික හමුදාපති කරන්ඩ ලොල් තමා, එහෙනම් හත්දෙයියනේ හමුදාපතිකම නැතුව විශාම ගිය කමල් ගුනරත්නලට, ජගත් ඩයස්ලට,ප්‍රසන්නද සිල්වලට හමුදාපතිකම ගන්ඩ කොච්චර සුදුසු කම් තිබ්බද???? එහෙම වීරයන්ට හමුදාපතිකම නැ, කොහෙවත් නැති මොන්ගලයෙක් ප්‍රමොට් කරනව, කොරන්ඩ දෙයක් නැ ජාතියේ අවාසනාව....
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නොදැන කෑගනව නෙමේ මාමෙ හමුදාවෙන් අයින් වෙලා ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩටත් ගිහින් අවුරුදු 4කට විතර පස්සෙ ආණ්ඩු පෙරලියත් එක්ක ආයෙ හමුදාවට අරගෙන.... මොන විකාරයක්ද මේ???? අපි කතා කරන්නෙ හමුදාවක් ගැන නැතුව රජයේ දෙපාර්තමේන්තුවක් ගැන නෙමේ, ඔයා හිතන්නෙ නාවික හමුදාව කැමති වෙයි කියලද, හමුදාවෙන් විශාම අරගෙන ආපහු ගත්ත උන්ට හමුදාපති කම් දෙන්ඩ???? මේව යුගයේ කේදවාචක. .....

    එතකොට මාමෙ හමුදාවෙම හිටපු ප්‍රසන්න ද සිල්වට, කමල් ගුනරත්න
    ට,ජගත් ඩයස්ට හමුදාපතිකමට ඔයිටත් වඩා සුදුසුකම් තිබ්බනෙ එයාලනෙ වීරයො.එයාලට හමුදාපති කම නොදෙන්ඩයි, ඇමරිකානු තානාපති කාර්යාලෙ මුර කරපු සින්නයියට හමුදාපති කම ලැබෙන්ඩයි හේතුව මොකක්ද ???? පාවාදීම මාමේ පාවා දීම වෙන මොකක්වත් නෙමේ, පොඩ්ඩක් මොලේ කල්පනා කරල බලන්ඩ...... ඔයත් අනේ මම දන්නෙ නැ.....

    :yes::yes:

    americawa kiyana pahara terrorist nation eka gana danne nathi nisa thama ape minissu hoda kiyanne...oya ballo loke rataval vinasa karanne me vage game valin...rataval vala loku positions valata unge agents la danawa..

    american ballo ape rata vinasa karanne uddekin neve, athulenma rata kadala...balapnko vena de, me anduwa peralune nattam ape rata vinasa venawa....
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: අනිත් එක සින්නයියව අයින් කරේ ගොඨා... ගොඨ කියන්නෙ සුපිරි මොලයක් ඒක අද ඔනම එකෙක් පිලි ගනි... සින්නයිය අයින් කරන්ඩ ඇත්ත හේතුව එලියට ආවෙ නැ, ඒව හමුදාවෙ රහස්....ගොඨ අයින් කරන්නෙ ද්‍රොහියො එහෙම ද්‍රොහියෙක් කවදාවත් හමුදාපතිකමට සුදුසු නැ.....:no::no:
    ඇමරිකානු තානාපති කාර්යාලෙ මුර බල්ලව රටේ නාවික හමුදාපති කරන්ඩ ලොල් තමා, එහෙනම් හත්දෙයියනේ හමුදාපතිකම නැතුව විශාම ගිය කමල් ගුනරත්නලට, ජගත් ඩයස්ලට,ප්‍රසන්නද සිල්වලට හමුදාපතිකම ගන්ඩ කොච්චර සුදුසු කම් තිබ්බද???? එහෙම වීරයන්ට හමුදාපතිකම නැ, කොහෙවත් නැති මොන්ගලයෙක් ප්‍රමොට් කරනව, කොරන්ඩ දෙයක් නැ ජාහියේ අවාසනාව....

    රටේ ආරක්ෂාව බල්ලට දානවා ඇරෙන්න මුන් අද වෙනකන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කරපු ඇති දෙයක් නෑ. :angry::angry::angry::angry:
     
    muta navika hamudapathi venna ba bn, mu desha drohiyek nisa thama muwa elevve, ekai mu american ponnayo gava higamane giye,american embassy eken muwa recruit kare aniwa mu ape rata gana boru sakshi geneva valadi kiyannam kiyala deal ekak gahala athi, oya uda mama kiyapu major general tath venna giye eka thama....mu aniwa CIA ekata vada karana desha drohiyek....me rate mokak hari pin balayak tiyenawanam me deshadrohi anduwa ikmanata peralanne one, nattam ape rata ekko indiawe pranthayak venawa, nattam USA vala colony ekak venawa niyathai...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රටේ ආරක්ෂාව බල්ලට දානවා ඇරෙන්න මුන් අද වෙනකන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කරපු ඇති දෙයක් නෑ. :angry::angry::angry::angry:

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes:

    americawa kiyana pahara terrorist nation eka gana danne nathi nisa thama ape minissu hoda kiyanne...oya ballo loke rataval vinasa karanne me vage game valin...rataval vala loku positions valata unge agents la danawa..

    american ballo ape rata vinasa karanne uddekin neve, athulenma rata kadala...balapnko vena de, me anduwa peralune nattam ape rata vinasa venawa....
    :yes::yes::yes: ඔව අපේ ගොඩක් මීහරක්ට තේරෙන් නැ බන් උන් හිතාගෙන ඉන්න, ඉක්මනට වෙනස උදාවෙයි කියල.... අච්චර යුද්දෙ කරපු යුද වීරයො කියල හදුන්නන කමල් ගුනරත්නලට ප්‍රස්න්න ද සිල්වට ජගත් ඩයස්ලට හමුදාපති කම නැ,හමුදාවෙ අවුරුදු ගානක් නොහිටපු පාවා දෙන්නෙක් නාවික හමුදාපති කරන්ඩ යනව, නිවට සිරාට හෙන ගහන්ඩ ඔනෙ බන් කරන බලු වැඩ වලට,, ඉටත වඩා ලක්ශ 62කේ මීහරක් රැලට, ඔකුන් වෙනසක් හෙවුව එකෙන් රට බලන් ඉද්දි විනාශ වෙනව ඔකුනුත් පාරටම වැටියන්..