රිලව් ගැන බුකියේ මහ වාදයක් ....පැතුම්නුත් එක් වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රිලව්, මොණරුන් සහ ඌරන්...

    අපි පොඩි කාළේ මොණරු දැකලා තිබුනේ වියළි කලාපේ විතරයි. ට්‍රිප් එකක් යන කොට මොණරෙක් දැක්කත් නැවතිලා බලන්න හිතෙනවා. පිල් විදහා ගත්ත මොණරෙක් දැක්කොත් ඉතිං දුලබ දසුනක් තමයි.

    ඒත් මේ වෙන කොට සපුගස්කන්ද කිට්ටුව තියෙන අපේ ගෙදරටත් මොණරු එනවා. ඒ විතරක් නෙවෙයි, නුවරඑළියෙ අබේවෙල පැත්තට ගියත් මොණරු ඉන්නවා. මොණරු දැන් දීපව්‍යාප්ත සතෙක්. ඌටත් විලෝපිකයෝ නෑ. කතරගම දෙවියන්ගේ වාහනේ යැයි විශ්වාස කරන නිසා කවුරුත් ලේසියෙන් මොණරු මරන්න යන්නේ නෑ. පාරිසරික තත්ත්වය වෙනස් වෙන කොට උන්ගේ බෝවීමේ රටා වෙනස් වෙනවා. දේශගුණික විපර්යාස එක්ක ඒ තත්ත්වය තවත් වැඩි වෙන්න බොහෝ ඉඩ තියෙනවා.

    අපි ගම් වල ඇවිදින්න ගියහම තියෙන ලොකුම කන්නලව්වක් තමයි මේ වන සතුන්ගෙන් වගාවන්ට කරදරයි කියන චෝදනාව. විශේෂයෙන් මේ රිලව් කියන්නේ ගම් වල බෝග වලට ලොකු හානියක් කරන සතෙක්. පූජා නගර වල කෑම උස්සන් දුවන උන් වගාවට හානි නොකළට ගම් වල ඉන්න රිලව් රෑන් ගණන් වගාවට ලොකු හානියක් කරනවා. ඒකේ අමාරුව තියෙන්නේ ගමේ මිනිහට. ඒ නිසාම ඒ මිනිස්සු මේක විසඳලා දෙන්න ඉල්ලීමක් කරනවා.

    උදාහරණයක් ගත්තොත්, නුවර දළදා මාලිගාව ලඟ හිටපු රිලව් රෑනක් අල්ලගෙන ගිහින් දාලා තියෙනවා තෙල්දෙණියෙන් උඩහ කැලෑ ප්‍රදේශයකට. උන් එහේ වේගයෙන් බෝ වෙලා. ඒ ගම් වල ගහ කොළට ලොකු හානියක් කරනවා කියලා ගම්මු කියනවා. ගමේ අයගේ ඉල්ලීම උනේ රිලව් ටික අල්ලලා අරගෙන යන කෙනෙකුට ඡන්දය දෙනවා කියන එක. අපිට වගේම මේ ඉල්ලීම් අනෙක් අයටත් ලැබෙන්න ඇති.

    ඌරන්ගෙන් වගාවට හානි උනත් දැන් නම් ලොකුවට ඒ ගැන පැමිණිළි නෑ. මම හිතන්නේ ඌරො ටිකනම් ගම් වලම මසට මරා ගන්නවා. ටිකක් පිටටත් විකුණනවා.

    රිලව් සහ මොණරු මරන්න සහ කන්න බැරි නිසා ඉතුරු වෙනවා. පරිසරයේ විලෝපිකයෝ නැති නිසා උන්ගේ ගහණය වේගයෙන් වැඩි වෙනවා. මේ දෙකෙන්ම කියැවෙන්නේ පරිසරය තුල සිදුවන වෙනස් කම්. අසමතුලිතතාවයන්. පරිසරය තුල මෙවන් අසමතුලිතතාවයන් විටෙන් විට හට ගන්න පුළුවන්. මොකද මිනිහා ස්වාභාවික තත්ත්වයෙන් මිදිලා පරිසරය එයාට ඕන විදිහට හසුරුවන්න ගිය දවසේ ඉඳලා එහෙම උනා. ඒත් ඒවා කළමනාකරණය කර ගන්න එක ස්වභාවධර්මයේ රිතී වලට අනුව කර ගන්න වෙනවා.

    මෙවන් අවස්ථාවල වෙනත් රට වල සත්තු මරා දමන්න අවසර දුන්නත්, ලංකාවේ ගම් වල ඉන්න බහුතරයක් බෞද්ධයන් ඒකට අකමැතියි. ඒ නිසා කවුරුත් මරණ්නවත්, ඒකට අනුබල දෙන්නවත් යන්නේ නෑ. ඒ නිසා මේ ගහණයන් පාලනය කරන්න අපිට වෙනත් විද්‍යාත්මක උපක්‍රම ඕන වෙනවා.

    ලොකුම ප්‍රශ්නය මේ දේවල් ගැන ප්‍රමාණවත් අධ්‍යයන කිරීම නොමැති කම. පර්යේෂණ සහ සමීක්ෂණ කෙරෙන්නේ නැති තරම්. කරන කෙනෙකුට සහයෝගයක් වත් , මූල්‍ය ආධාරවත් ලැබෙන්නේ නෑ. එහෙම සංස්කෘතියක් අපේ නෑ. ඒ නිසා නිවැරැදිම ක්‍රම වේදයන් විදිහට ගැනෙන්නේ ගොඩක් වෙලාවට ඔළුවට එන කෙටි විසඳුම්. පරිසර පද්ධතියකින් වඳුරන් ලක්ෂයක් ඉවත් කලා කියලා ප්‍රශ්නය නතර වෙන්නේ නෑ. ගහනයක තරම තීරණය වෙන්නේ පරිසර සාධක මත. පරිසර සාධන වෙනස් නොකොට වඳුරෝ ලක්ෂයක් රට පැටෙව්වට ඒ ලක්ෂය ආයේ බෝ වෙන්න ටික කාලයයි යන්නේ. දිගටම රට පටවන එක බිස්නස් එකක් කර ගන්න බෑ. ඒවා කැකිල්ලේ විසඳුම්.

    පරිසර අමාත්‍යාංශයට තියෙනවා මේ ගැටලුව ගැන දැන්වත් විද්‍යාත්මක පර්යේෂණ කරන්න. හරි විසඳුමක් සොයා ගන්න. මේවා ලෝකයේ මීට කළින් තිබුන ප්‍රශ්න. සමීක්ෂණ කරලා විද්‍යාත්මකව විසඳුමක් සොයා ගන්න පුළුවන්. තව ඔප්ෂන් ගොඩක් තියෙනවා සළකා බලන්න. පරිසර තත්ත්ව පාලනය කරන එක, වද සැත්කම් කරන එක, විලෝපිකයන් හඳුන්වා දෙන එක, මරණ එක, රට පටවන එක වගේ ගොඩක් දේවල් තව තියෙන්න පුළුවන්. නමුත් ඒ ඔප්ෂන් තෝරා ගත යුත්තේ ක්‍රමානුකූල අධ්‍යනය කිරිමකින් පසුවයි. එසේ නොවී කෙටි විසඳුම් වලින් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

    සුපුරුදු පරිදි බුකියේ දෙපිළ බෙදිලා සටනක්. ආණ්ඩු විරොධියෝ සහ ආණ්ඩු සහයකයෝ දෙපැත්තට opinion කියනවා. වඳුරන්ව ලොකු මාතෘකාවක් වෙලා. රිලව් සහ මොණරු ප්‍රශ්නය විසඳන්න ඕන එකක්. හැබැයි මේ රට යැවිල්ලෙන් ඒක විසඳෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසු ඒකත් සළකා බලන්න වෙන option එකක්.

    කිසියම් විසඳුමක් ක්‍රියාවට නැංවීමට පෙර එය විද්‍යාත්මකව තහවුරු කර තිබීම වැදගත්. එසේ නොවී කරන වැඩ බොරු වැඩ, ඒවා ජනතා අප්‍රසාදයට හේතුවක්.

    පැතුම් කර්නර්
    #හරිත
     
    • Dislike
    Reactions: SLK_sri

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,660
    125,260
    113
    දෙහිවල
    කළු කැත රිලවා

    ZO7frU1.jpg