රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර

රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර

Rizana+Nafeek,+Sri+Lanka.jpg

BEHEADED-430x309.jpg

රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර

සවුදි අරාබියට විරෝධය පළකිරීමක් ලෙස රිසානා නෆීක් ඝාතනය සිදුවනබවවත් නොදැන සිටි සවුදි ශ්‍රී ලංකා තානාපතිවරයා ආපසු කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ජාතික විහිළුවකි.

කොන්ද පණ තිබේනම් කළ යුතුව තිබෙන්නේ දින කීපයකට පෙර රිසානා නිදහස් කරනු ඇතැයි ප්‍රකාශ කළ ලංකාවේ සිටින සවුදි තානාපතිවරයා ආපසු යැවීමයි.

එසේම, පාලකයන්ට රජසැප විඳීම සඳහා මැද පෙරදිග වහල් සේවයට යවා තිබෙන කාන්තාවන් ආපසු කැඳවීමටද නැවත එසේ නොයැවීමටද පියවර ගතයුතුය.

රිසානා මරා දමා තිබියදී පවා ඇය නිදහස් කරගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේදී කයිවාරු ගැසූ, විදේශ ශ්‍රමිකයන් රටවිරුවන්ය කියා ගොනාට ඇන්දීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන ඇමති ඩිලාන් පෙරේරාද ඉල්ලා අස්විය යුතුය.

රිසානා නිදහස් කරන්නැයි සවුදි රජුට ලියුම් ලියූ ජනාධිපතිතුමා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්වන්නේනම් එය මේ රටේ දුප්පත් ගැහැනුන්ට වහල් සේවයට පිටරට යාමට සිදුවන දරිද්‍රතාව නිර්මානය කළ දූෂණය හා නාස්තිය නැතිකිරීම සඳහා ගනු ලබන තීරණාත්මක පියවරකි.

දුප්පත්කම නිසා මැදපෙරදිග ගිය රිසානාට එසේ ගොස් දින කීපයක් තුළ ඇය විසින් රැකබලාගන්නා ලද දරුවා මරා දමන්නට කිසිදු හේතුවක් නැත. ඇයට මානසික රෝගී තත්වයක් තිබූ බවට වෛද්‍ය වාර්තාවක්වත් නැත. ඇය වැනි ගෘහ සේවිකාවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව කරන මැදිහත්වීමක් නැති බවට රිසානාට එරෙහි නඩුව දෙස් දෙයි. ඇගේ පාපොච්චරණය පොලිසිය විසින් බලෙන් ලබාගන්නා ලද එකක් බවද, නිසි පරිවර්තකයකුගේ ‍සේවාව ඇයට ලැබී නොමැති බවද, ඇයට නිසි නීතිඥ නියෝජනයක් ලැබී නොමැති බවද, නඩුව සඳහා විද්‍යාත්මක සාක්කි හෝ මරණ පරීක්ෂක වාර්තාවක් හෝ නැති බවද පැහැදිලිවම පෙනේ.

මියගිය දරුවාගේ මව කුරාණයේ දැක්වෙන අන්දමින් දරුවාට කිරිදුන් මවක නොවන්නීය. සිය නොසැලකිල්ල ඔස්සේ ඇය දරුවාගේ මරණය සිදුවන්නට සලස්වා තිබේ.

පළපුරුද්දක් නැතිකම හේතුවෙන් දරුවාට කිරි සිරවීම නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කළහැකි මෙම වරදට රිසානා පැටලෙනවිට ඇය 17වන වියේ පසුවූවාය. ලංකාව මෙන්ම සවුදි අරාබියද ළමයින්ගේ හිමිකම් පිළිබඳ ප්‍රඥප්තියේ (Convention of the Rights of the Child [CRC]) පාර්ශ්වකරුවෝය. එයට අනුව වයස අවුරුදු 18ට අඩු ළමයකුට මරණදඬුවම දෙන්නට බැරිය.

රිසානාගේ මරණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජය නිල මට්ටමින් අවශ්‍ය කටයුතු නොකළ බව ඉතා පැහැදිලිය.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14249309 said:

    රිසානාගේ මරණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජය නිල මට්ටමින් අවශ්‍ය කටයුතු නොකළ බව ඉතා පැහැදිලිය.

    මෙතනදීවත් දේශපාලනය අද ගන්නේ නැතුව අපි ඔක්කොම එක පෙරමුණක එමු!
    ලංකාවේ ගැණු අරාබියේ දුක්විදින එක රටේ ප්‍රශනයක් මිස ආණ්ඩුවේ ප්‍රශනයක් නෙමේ!
     
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ වාදී ජනරජය අපි නමට එහෙම කින්නෙමු
    නමුත් පොතේ ලිය වී ඇති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තබා තුන්වන ලෝකයේ නොදියුණු රටක ඇති අවම ප්‍රජාතන්ත්රවදයව නොමැති ජාතියක ආඩම්බර කාර දරුවෝ වීමට අපි වාසනාවන්ත වීමු
    එවන් තුච්ච, නින්දිත පහත දුෂිත රජයකින් මේ දුප්පත් දරුවට සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද
    මේ පොස්ට් එක මං දාන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මල බෙරය වයන හෝරාවේදී බවත් සතුටින් සිහි කරන්නෙමි
    gossip9+news+pics++(4).jpg

    මෙතනදීවත් දේශපාලනය අද ගන්නේ නැතුව අපි ඔක්කොම එක පෙරමුණක එමු!
    ලංකාවේ ගැණු අරාබියේ දුක්විදින එක රටේ ප්‍රශනයක් මිස ආණ්ඩුවේ ප්‍රශනයක් නෙමේ!

    Highlight කරලා තියෙන එකට විතරක් 200% එකඟයි
     
    තව දුරටත් මතක් කරනවානම් වරෙන්තුකාර යකඩ හොරා තවමත් නිදහසේ සිටින බවත්, ඌ ප්‍රධානත්වය දරන මාධ්‍ය ආයතනයක රිසාන පිලිබඳ වැරදි වීඩියෝවක් විකාශය උන බවත් දන ගත්තෙමි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මෙතනදීවත් දේශපාලනය අද ගන්නේ නැතුව අපි ඔක්කොම එක පෙරමුණක එමු!
    ලංකාවේ ගැණු අරාබියේ දුක්විදින එක රටේ ප්‍රශනයක් මිස ආණ්ඩුවේ ප්‍රශනයක් නෙමේ!

    රටේ ප්‍රශ්නයක් කියල ආණ්ඩුව මුකුත් නොකර හිටියම හරිද මහත්තයෝ? :eek:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතනදීවත් දේශපාලනය අද ගන්නේ නැතුව අපි ඔක්කොම එක පෙරමුණක එමු!
    ලංකාවේ ගැණු අරාබියේ දුක්විදින එක රටේ ප්‍රශනයක් මිස ආණ්ඩුවේ ප්‍රශනයක් නෙමේ!

    එහෙම කියන්න මොකටද බන්. රටේ ප්‍රශ්න විසදන්න තාමයි ආණ්ඩුව ඉන්නේ. ලජ්ජා නැති විදියට ආණ්ඩුවට කඩේ යන්න එපා බන්. හැබැයි මේක මේ ආණ්ඩුවේ විතරික් වරදක් නෙමෙයි. විවුරථ ආර්ථිකයෙන් පස්සේ. බිහිඋන සියලු ආණ්ඩුවල වරදක්. අපේ රටේ තියන සම්පත් නිසි කළමනාකරණයකට ලක්වුනා නම් අපේ ගෑනුන්ට සුද්දන්ට ජංගි මහන්නයි, අරබින්ගේ වලන් හොදන්නයි වෙන්නේ නැහැ බන්. අපේ රට සම්පත් වලින් පිරුණු රටක් බොරතෙල් ඇරෙන්න හැමදේම තියනවා.

    රටකට ආණ්ඩුවක් අවශ්‍ය මොකටද???????? එහෙනම්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    එහෙම කියන්න මොකටද බන්. රටේ ප්‍රශ්න විසදන්න තාමයි ආණ්ඩුව ඉන්නේ. ලජ්ජා නැති විදියට ආණ්ඩුවට කඩේ යන්න එපා බන්. හැබැයි මේක මේ ආණ්ඩුවේ විතරික් වරදක් නෙමෙයි. විවුරථ ආර්ථිකයෙන් පස්සේ. බිහිඋන සියලු ආණ්ඩුවල වරදක්. අපේ රටේ තියන සම්පත් නිසි කළමනාකරණයකට ලක්වුනා නම් අපේ ගෑනුන්ට සුද්දන්ට ජංගි මහන්නයි, අරබින්ගේ වලන් හොදන්නයි වෙන්නේ නැහැ බන්. අපේ රට සම්පත් වලින් පිරුණු රටක් බොරතෙල් ඇරෙන්න හැමදේම තියනවා.

    රටකට ආණ්ඩුවක් අවශ්‍ය මොකටද???????? එහෙනම්

    පුළුවන් තරම් හොයාගන්නේ බන්, පරම්පරා 7කට විතර හොයා ගත්තම ඇති :yes: ;)
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඇයි බන් අර පොඩ්ඩ ඇත්තන් පාරට බහින් අසාද් සාලී ලා. හකීම් ලා , පව්සිලා ඒවා බලාගනී. අර දබුල්ලේ පල්ලි සීන් එකේදි එහෙම කට්ටිය පාරවල් පුරා නැටුවේ. එතකොට අර ඇමරිකාව ෆිල්ම් එකක් ගැහුවා කියලා දවස් ගානක් කොලබ යකා නැටුවේ. ඒ වගෙම පාරට බැහෙලා ඒ අයම ඕක විසදගනී.